(බිමල් ශයාමන් ජයසිංහ)

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ මත්ද්‍රව‍ය ජාවාරම මෙරට මෙහෙයවන සහ කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ බව කියන බන්ඩාරගම අසේල නමැත්තා විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ රයිගම ඔහුගේ නිවසේදීය.

පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පි. එල්. ඩි. ටි. ආර්. තිලකරත්න මහතාට ලද තොරතුරකට අනුව නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීමේදී ප්ලාස්ටික් බටයක බහා සඟවා තිබූ මෙම ගිනි අවිය සොයා ගැනීමට හැකිවූ බව පොලිසියය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතය.