(අංජුල මහික වීරරත්න)

ඇස් කණ්ණාඩි අවශ්‍යතාව ඇති සියලු විශ්වවිද්‍යාල සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහනට යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් තෝරා ගැනීම එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී සිදු විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ජනාධිපති අරමුදලේ නව වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මකය.

මෙහිදී සිසු සිසුවියන් 800කට අධික පිරිසක් ඇස් පරීක්ෂාව සඳහා සහභාගී වූ අතර, ඇස් කණ්ණාඩි අවශ්‍ය බවට හඳුනාගත් සිසු සිසුවියන් 526 දෙනෙකුට මාසයක් ඇතුළත නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමට නියමිතය.

මෙම වැඩසටහන සඳහා එක්සත් රාජධානියේ Stroud Rotary Club සහ Wish පදනම අනුග්‍රාහකත්වය සපයන අතර, එහි පළමු අදියර රජරට විශ්වවිද්‍යාලයේදී සහ දෙවෙනි අදියර රුහුණ විශ්වවිද්‍යාලයේදී ක්‍රියාත්මක කෙරිණි.