IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


අවුරුදු සහන මල්ල ගැන ඇමති කියයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අවුරුදු සමයේ බඩු මල්ල ලබාදීම සඳහා වෙන් කළ රුපියල්  මිලියන 1000 ක මුදල රුපියල් මිලියන 1500 දක්වා වැඩි කරන්නට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය  වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"අපි  පන්දාහක බඩු මල්ලක් 2500 ට දෙනවා.අස්වැසුම නැති නමුත් අස්වැසුම  අපේක්ෂාවෙන් ඉන්න අට ලක්ෂයක් පමණ වන අයැදුම්කරුවන්ට මේ  සහනය දෙනවා.ඒ සඳහා ලංකා සතොස  ආයතනය සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවා කටයුතු කරනවා. 

නාඩු සහල්, ලොකු ලූනු, අල, පරිප්පු,සැමන්,රතු සීනි, පාං පිටි, සමපෝෂ ,සෝයා ඇතුළත්ව කිලෝ ග්‍රෑම් 15-17 අතර බඩු මල්ලක් අප ලබා දෙනවා යැයි අමාත්‍යවරයා කීය.



අදහස් (5)

අවුරුදු සහන මල්ල ගැන ඇමති කියයි

PATTA hora Wednesday, 19 March 2025 03:56 PM

ටැක්ස් ගෙවන මධ්‍යම පාන්තිකයා කපෝති. මේ කඩප්පුලි අස්වැසුම්, සහන මලු තමයි රට විනාශ කරන්නේ. පරණ අයගේ පාරේ ගිහින් මධ්‍යම පාන්තිකයා අමාරුවේ දානවා.

:       2       16

යෝගා Wednesday, 19 March 2025 04:01 PM

දැන් මිනිස්සු දන්නවා ඕවා ඡන්ද අල්ලස් කියලා. කවුරු කවුරුත් බඩුමල්ල ගන්න. වැඩ බැරි පචයො ටිකකට ඡන්දය දෙනවද කියලා ඡන්දෙ දවසට තීරණය කරන්න.

:       3       15

රම්බොඩ Wednesday, 19 March 2025 10:59 PM

හැම ආණ්ඩුවම කළෙත්, මේ පචමෝරු ටික කරන්නෙත් එකම දේයි. සහන මලූ දී රටක් දියුණු කළ හැකි නම් අපි දැන් දියුණු වී අවසන්ය. ඔළුවෙන් හිටගෙන ආණ්ඩුව ගැන අතිශයෝක්ති ගායනා කරන උණ රෝගීන්ට නම් මේවා මරු වැඩයි.

:       0       0

Amila Wednesday, 19 March 2025 11:00 PM

කාටහරි කමක් නෑ. නැති මිනිහා අමාරුවෙන් ගේම ගහන්නේ.

:       0       0

ගුණරත්න Wednesday, 19 March 2025 11:51 PM

රුපියල් කෝටි 400ක වියදමක් කරලා නිකන් කන්න දෙනවා, මේක ඡන්ද ගුන්ඩුවක් නෙවෙයිද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 118 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 66 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 187 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 384 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 202 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 610 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 496 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site