මාතර කොළඹ අධිවේගී මාර්ගය විවෘත කළ දින 17 ක් ගත වී ඇතැත් බස් සේවාවක් අරඹා නැතැයි මගිහු කියති.
අවුරුදු සමයේ ඉක්මනින් කොළඹ සිට ගම් බිම් බලා යාමට දහස් ගණනක බලාපොරොත්තු සුන් වී ඇතැයි ද ඔවුහු පවසති
මෙම මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව දවසක් පමණ ලංගම බස් ධාවනය විය.ලංගම බස් පනහක් ධාවනයට යෙදවීමට යෝජනා කැර තිබිණි.පෞද්ගලික බස් හිමියන් ඊට විරෝධය පෑම නිසා බස් ධාවනය නතර විය.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංගම බස් දුවන්න දෙන්නේ නැත්තේ අර ඇමතිතුමා මිසක් වෙන කව්රුවත් නෙමෙයි. අපරාදේ හදපු අධිවේගී පාර.(නධී)
දකුණේ අපිට ඊර්ෂ්‍යා කරන්න එපා (නි)
නිදහසේ තමන්ගේ වෘත්තිය කරන්නවත් දෙන්නෙ නැති හැටි? (නි)
ඉක්මනට විවෘත කළාට හරිහමන් ප්‍රයෝජනයක් නැහැනේ (නි)
ඉහළ මනාපයෙන් තරු දේශපාලනයට පැමිණෙන ඇතැමුන්ගේ මෙවැනි තීරණ වලින් ජනතාවට බැට කන්න වෙනවා (නි)
ඇයි දකුණේ ඉන්නේ ඔටුවො ද?? (ස)
අයියෝ අපේ බලාපොරොත්තු! (නි)
දකුණේ ඉන්න අයට ඔය සුඛෝපභෝගී බස් හොද වැඩියි (නි)
මදැයි කට ඇරගෙන බලාගෙන හිටියා (නි)
දැන් මාතර අධිවේගී මාර්ගය බස් මුදලාලිලා සහ ඇමති පෞද්ගලික ලේකම්ලා ප්‍රාණ ඇපයට අරගෙන , මාර්ගය හැදුවට මධ්‍යම පාන්තික අපිට ප්‍රයෝජනයක් නැත. පෞද්ගලික වාහන තිබෙන සල්ලිකරයන්ට පමණක් භාවිත කළහැක , ජනාධිපති තුමා ලංගමට දුන්න බස් මොවුන් මෙහි ධාවනය කරන්න ඉඩ නොදේ , ජනාධිපති තුමනි , ආරක්ෂක ලේකම් තුමනි අපිට පිහිට වන්න.(නදී)
අාරම්භ කළ බස් සේවයත් නවත්වලා දමන්න නියෝග කරන්න තොතරම් ඉහළ බලවතෙක් වෙන්න අවශ්‍යද? (නදී)
මෙපමණ කලක් අධිවේගෙන්ද ගියේ තව ටිකක් ඉවසන්න බැරිද ? (නදී)
ඡන්දය අවසන් වූ බවත් නැවත මැතිවරණයක් දක්වාවූ කාලය තුල ජනතාවට බෙදා දුන් කැරට් අල කමින් බලා සිටින්නට සිදුවන බව අමතක කරන්න එපා.(නදී)
දෙපාර්ශවයටම සාධාරණයක් වෙන විදියට කරන්න තිබ්බා. පුද්ගලික බස් හිමියාත් රකින්න ඕන ලංගමයත් රකින්න ඕන. (ස)
දකුණේ මිනිස්සුන්ව රැවැට්ටුවාවද්ද? (නි)
දවස් ගානක් තිස්සේ අලුත්ම බස් නවයක්ම පේලියට නවත්තලා තියෙනවා මාතර ලංගම ඩිපෝ එකේ.(දී)
අපේ රටේ මගී ප්‍රවාහනය ගැන කතා කරන කොට නොවදගත්ම දේ මගියා (දී)
ලංගම දිව්වනම් හරිනේ.(දී)
ඉක්මන් කොටයි කියන්නේ ඕක තමා (දී)
ඔතන තියෙන්නේ බලපත්‍ර ප්‍රශ්නයක් කියලයි මට නම් හිතෙන්නේ. (නි)
මේක නවත්වන්න මැදිහත් වුණේ නම් මාතර-කොළඹ සුඛෝපභෝගී බස් සේවාවක් තිබෙන කෙනෙක් කියලයි ආරංචි (නි)
ඔතන තිබෙන ප්‍රශ්නය මට නම් තේරුම් ගන්න පුළුවන් (නි)
පිං සිද්ධ වෙයි. ලංගම බස් පමණක් යොදා හැකි ඉක්මනින් සේවා පටන්ගන්න! (නි)
මෙතන පුද්ගලික බස් පිළිබඳ ප්‍රශ්නයකට වඩා බල අධිකාරියේ කාගේ හරි අතිශය පුද්ගලික කටයුත්තක් නිසා ප්‍රමාද වෙන බවකුයි පෙනෙන්නේ. කරුණාකර ප්‍රවාහන බලධාරීන් මැදිහත් වෙලා මේ ප්‍රශ්නෙට විසඳුමක් දුන්නේ නැත්නම් ජනතාව අවුරුදු සමයේ අපහසුතාවයට පත්වේවි. අනිත් එක මේ අධිවේගී මාර්ගයේ යන බස් නිසා ජනතාවගෙන් ඈත් වෙලා තිබුණු ලංගමයට ජනතාව නැවතත් ඇලුම් කරන්න පටන් ගත්තා. ඒ වගේම ගොඩක් ඩිපෝ තමන්ගේ අාදායම් තත්ත්වය ඉහළ දාගන්නත් සමත්වෙලා තිබෙනවා. (නි)
අනේ අපිට අපේ ගමට යන්න බස් දාන්නකෝ....දැන් අපේ මාතරත් සිදාදියක් වෙලා. (ස)
පෞද්ගලික මපියාවට යටවෙන්න නරකයි (දිල්)