අලුත්ගම හා ධර්ගා නගරයේ පසුගිය 15 වැනිදා ඇති වු ජනවාර්ගික ගැටුම්වලට එරෙහිව එරෙහිව ප‍්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව පැරීසියේ අයිෆල් කුළුන අසල විරෝධතාවයක් පැවැත් වුහ.
සියලූම ජාතීන් සාමයෙන් ජීවත්වූ රටක මෙම මැර ක‍්‍රියාවන් කරන පිරිස් නීතියේ ඉදිරියට කැඳවන මෙන් බලධාරීන් ගෙන් ඉල්ලා සිටින බව උද්ඝෝෂණයේ සංවිධායකයෝ කීහ.
ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද මේ උද්ඝෝෂණයට එක් වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් මේවා හොඳටම ඇති වෙලා (නි)
ප්‍රශ්න සමථයකට පත්කිරීම වෙනුවට මොනවද මේ කරන්නේ? (නි)
අපි සියල්ලන්ම එකම රටේ මිනිසුන් නේද? (නි)
මේ දේවල් වලින් මොනවාද බලාපොරොත්තු වෙන්නේ? (නි)
අනවශ්‍ය ගැටුම් ඇතිකරගන්න නම් එපා. ජාත්‍යන්තරය අපි දෙස බලාගෙනයි සිටින්නේ (නි)
මේ වෙලාවේ අපි සියල්ලන්ම එක්ව සිටීම නොවේද වැදගත් වෙන්නේ? (නි)
අදහසක් දක්වන්න අමාරුයි. මට නම් මොකුත්ම හිතාගන්න බැහැ (නි)
මොන දේ කළත් කමක් නැහැ, ගැටුම් නම් ඇතිකරගන්න එපා (නි)
මිනිසුන්ගේ ඇත්ත ඇති සැටියෙන් හඳුනා ගන්න මෙන්න හොඳ අවස්ථාවක්.!!! (නි)
ඡන්දය දුන් අපිට දැන්මම කළගුණ සළකන විදිය දැක්කහම හරිම දුකයි (නි)
අපේ රට අනෙක් රටවල් ඉදිරියේ විහිලුවක් කරන්න එපා (නි)
මින් අපකීර්තියට පත්වන්නේ තම මාතෘ භූමිය නොවේද? (නි)
අපි හැමෝම සමගියෙන් සිටිමු. ඇයි සමහරුන්ට එහෙම ඉන්න බැරි? (නි)
එංගලන්තය, ප්‍රංශය වගේ ගොඩක් බටහිර රටවල් දැන් ඇත්ත තේරුම් අරගෙනයි ඉන්නේ (නි)
තවත් ප්‍රශ්න ඇතිකරගන්න එපා (නි)
කලබල ඇතිකර ගන්න එපා (නි)
රටට ආදරේ ඇති මෝඩ මිනිස්සු....දන්නා දෙයකුත් නැහැ ෆ්රන්චේ ඉදන් බොරුවට දගලනවා (අ)
අපි වහගන්න හදන දේ මේගොල්ල ලෝකෙට හිතාමතාම පෙන්වනවා වගේ. (අ)
මේ ගැටුමට මුල සිදුවූ දෙය පිලිබඳ ජනතාව දැනුමත් කරන්න . (අ)
බුද්ධිමත්ව, කල්පනාවෙන් වැඩ කරන්න (නි)
උඩ බලාගෙන කෙළ ගහගන්න එපා (නි)
මේවා තේරුමක් නැති වැඩ. සාකච්ඡා මාර්ගයෙන් ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් සෙවිය හැකියි (නි)
පළමුව දෙගොල්ලන්ගේම වැරදි හදාගන්න, අනුන්ට ඇඟිල්ල දිගුකරන්නේ නැතුව (නි)
මුලික අරමුණ අපට සිතාගන්න පුලුවන් (නි)
ඒ ගමන පැරිසියෙත් පටන් අරගෙනද? (නි)
ජේ වී පි එකල රට තුල ඉදගෙනත් රට කනවා. රටින් පිටත් රට කනවා. ජේ වී පි එක රටට පිළිලයක් (මුදී)
මේ ප්‍රංශයේ අගුපිල් අතු ගාන කුලී වැඩකරන පිරිසක්. මුන්ට රට ගැන දැනුමක් නෑ (මුදී)
ඒ ගොල්ල සාමකාමී බව මුළු ලෝකයම හොඳින් දන්නවා නෙව ආයිබෝවන්.(මුදී)
තක්ෂිලා ඒ ගොල්ලෝ ප‍්‍රංශයේ දගලද්දී මෙහෙ ඉන්න ඔයාගේ බඩ දගලනවා නේද? (මුදී)
මිනිසුනේ, රැවටෙන්න එපා. (නි)
හෙට්ටිඅරචිගේ ජාතිආලේ රෙද්ද පල්ලෙන් බේරෙනවා . පව් අනේ (මුදී)
වහාබ් ත්‍රස්තවාදීන් හා අන්තවාදී මද්‍රාසා පාසල් මේ රටින් ඉවත් කරන්න දැන්වත් රජය පියවර ගන්න ඕනා. නැත්නම් තව අවුරුදු 10ක් යන්න කලින් මේ රට ලේවිලක් වෙනවා සිකුරුයි. (මුදී)
මොන රටේ සිටියත්, කුලී වැඩ කළත් පිටරටවල මිනිසුන් බුද්ධිමත් කියලා මට හිතෙනවා. (නි)
පළමුව ප්‍රශ්නය හොඳින් තේරුම් ගන්න (නි)
බොහෝ දෙනා අද සිදුවන දේ ගැන හරි තොරතුරක් නොසොයා එක කණ්ඩායමකට දොස්පැවරීම මේ කාර්යයන් සංවිධානය කරන අයට ලොකු රුකුලක්. (නි)
දැන් මේ ප්‍රශ්නය අවසන්නේ. මොකටද තවත් මේවා? (නි)
අනේ! එහේ ඕනෑ දෙයක් කරගන්න. අපිට කමක් නැහැ (නි)
දැන්නම් මුලු ලෝකයම වගේ මේ ගැන දන්නවා ඇති (නි)
මොන රස්සාවක් කළද නිදහස,සහෝදරත්වය මේ රටවල තිබේ (නි)
මෙතන හැම පක්ෂයකම අය ඉන්නත් පුලුවන් (නි)
හෙට්ටිආරච්චි මහතා හොඳට දන්නවා වගෙයි ඉන්න කට්ටිය ගැන (නි)
හෙට්ටිආරච්චි, අදහස් දක්වන්නට පෙර ටිකක් හිතුවොත් නේද හොඳ? (නි)
අනිත් මිනිසුන් ගැන පහත් විදියට කතා කරන හෙට්ටිඅාරච්චිගේ ගතිගුණ, උගත්කම ගැන හිතාගන්න පුළුවන්. (නි)
මම නම් මේ දේවල් වලට විරුද්ධයි (නි)
මෙතන සිටිනා අයගෙන් ගොඩක් දෙනා මම හොඳට දන්නා අයයි (නි)
හෙට්ටිඅාරච්චි , ඔබ හරියට හරි. (නි)
කවුරුවත් මේ ප්‍රශ්නයේ මූලාරම්භය ගැන කතා කරන්නේ නැහැ (නි)
මිනිසුනි, බුද්ධිමත්ව සිතන්න (නි)
ඇයි ඔයාලත් මෙහෙම දේකට සම්මාදම් වුණේ? (නි)
කමක් නැහැ. මෙය සාමකාමී උද්ඝෝෂණයක්නේ (නි)
සාමකාමී ජනයා තමන්ගේ අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණයක් කරද්දී ඒකත් ද්‍රෝහිකමක් විදියට දකින අය ඉන්නවනේ? (නි)
හෙට්ටිආරච්චි මහත්තයෝ, මිනිසුන්ට අපහාස කරන්න එපා. (නි)
විකුම්, මහින්ද, මෝඩ කතා නොකියා අලුත්ගම ඇත්තටම සිදුවූ දේ ගැන සොයා බලා කතා කළොත් හොඳයි. (නි)
හෙට්ටිආරච්චි, මට ආසයි ඔබ හමුවන්න... (නි)
අපි අවුරුදු 30ක් දුක් වින්ඳා. සියලු ශ්‍රී ලාංකිකයිනි , දැන්වත් සන්සුන් වෙන්න, සාමකාමී වෙන්න, සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර්, ජා, මැලේ....මේ ඔක්කොම අප රටවැසියෝ. විනාශ වෙන්නේ ලාංකික ජිවිත හා දේපලයි. (නි)
රට තුළ සිද්ධ වෙන ප්‍රශ්න මුලු ලෝකෙටම පෙන්වලා මොනවාද බලාපොරොත්තු වෙන්නේ කියලා හිතාගන්න බැහැ. (නි)
එහෙම තමයි රටට ආදරයක් ඇති අය (නි)
පළමුව සිද්ධිය හොඳින් සොයාබලන්න (නි)
මෙහෙම කෑගහනකොට ඒකෙන් අපේ රටටම නේද නරක? (නි)
විරෝධතා, උද්ඝෝෂණ, වර්ජන දැන් මෝස්තරයක් වගේ වෙලා (නි)
මේ දේශප්‍රේමී ජනතාවට ලංකාව ගැන මතක්වීම ගැන සතුටුයි (නි)
හරකා පසුපස එන කරත්ත රෝදය වගේ කළ කළ දේ පළ පළ දෙයි (නි)
උඩ පැන්නොත් බිම වැටෙයි, බලාගෙනයි හොඳේ (නි)
විරෝධතා දැක්වීමේ අයිතිය කාටත් තිබෙනවා (නි)
මොනවගේ අදහසක් දක්වනවාද කියා සිතාගන්න අපහසුයි (නි)
රට ගැන කැක්කුමක් ඇති මිනිසුන් ඇත්තෙන්ම රටට ආදරෙයි (නි)
දැන් රට රටවලත් මේ ගැන හොඳින් දන්නවා. අලුත්ගම සිද්ධියෙන් රටට වුණේ ලොකු අවමානයක් (නි)
මෙතන අදහස් පළකරද්දී නුවණින් සිතා බලා පළකරන්න. (නි)
අපි දැන් සාමකාමීව වෙසෙමු (නි)
දැන්නම් මේ විරෝධතා හොඳටම ඇති (නි)
මොනවා කළත් කමක් නැහැ, රටේ නමට හානියක් නොකර (නි)
ඇත්ත. මේ දේවල් වලින් වෙන්නේ රටේ ප්‍රශ්න තව තවත් පිටට යන එකයි (නි)
මේ සිද්ධියෙන් දේශපාලන වාසි ගැනීම නම් බොහොම වැරදියි (නි)
ප්‍රශ්නයේ එක පැත්තක් විතරක් බලලා හරියන්නෙ නැහැ (නි)
මේවාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන්න (දී)
මේවා අනුමත කරන්න බැහැ (දී)
අතීතය සිහිනයක් පමණයි (දී)
සමගියෙන් ඉන්න (දී)
දැන් ඉවරයි නැවත අවශ්‍ය නැහැ (දී)
කාට කියන්නද මේ දුක (දී)
පිල්ලේට හොද පුවතක් (දී)
විරෝධ පාඨ ගොඩක් බිම හැලිලානේ. (දී)
අනුමත කරන්න බැහැ ලංකාව ගැන මිනිස්සුන්ට යන්නේ වැරදි ආකල්පයක් (දී)
කිසිම විදිහකින් අනුමත කරන්න බැහැ (දී)
උත්ගෝෂණය කරන්න එපා (දී)
සමගිය වෙනුවෙන් කතා කරන්න (දී)
රට ඉඳන් හු කියන්නතුව මෙහෙ ඇවිත් සමගිය,සමාදානය ඇති කරන්න (දී)
නිකන් ප්‍රශ්න ඇති කරන්න එපා (දී)
නැති ප්‍රශ්නයක්නේ ඇති කලේ බොරුවට (දී)
මේකත් ජිනීවා යයිද (දී)
අපිට මොකුත් කියන්න බැහැ (දී)
පැරීසියේ ඉන්න මිනිස්සු ලෝකේ ගැන දන්නවා . (දී)
අනේ මට පිඉසු වගේ (දී)
අපේ රටේ නම කැත වෙන එක අවුල් උද්ගෝෂණ ඇති දැන් (දී)
සියලු දෙනාට සමගියන් එකට සිටීමට අවශ්‍ය පරිසරය සැකසීමේ වගකීම රජය පැහර හැරීම, අන්තවාදී සංවිධාන වලට හිතු මතයට ක්‍රියාකිරීමට ඉඩ දීම මත ඇතිවූ ප්‍රශ්නයක්. (ස)
අලුත්ගම සිදුවීම් කිසිවක් අනුමත නොකරමි. හැබැයි, පැරිසියේ සිටින අපේ මුස්ලිම් සහෝදරවරුන්ට ප්‍රශ්නයක් වුනේ නැද්ද? මුස්ලිම් කාන්තාවන් මුහුණ ආවරණය කිරීමට විරුද්ධව ඒ රටේ නීති සම්පාදනය කරන කොට. එතකොටත්, මේ වගේ විරෝධතා පැවැත්වුවාද? තවමත්, මව් රටේ එවැනි තහනම් පනවා නැත. (ස)
රකිත්, හරියට හරි, කෝ උත්තර? (ස)
මෙතැන බොර දියේ අයත් ඉන්නවාවගෙයි (දී)
සල්ලි තියන අය හැමදාම දුප්පත්, බලේ ඉන්න උදවිය හැමදාම උම්මත්. පන්සිල් පද පහ සල්ලි වලට ගන්න බැහැ, ණයට නිවන් යන්න බැහැ. (ස)
මෙයාල හිතාගෙන ඉන්නේ මෙයාල සුද්දවන්තයෝ කියල. (ස)
විනීත, ඇයි ඔයාගෙත් බඩ දඟලනවද? හුලන් පාරෙන් නම් දැනෙන්නේ බෙන්තර ගඟෙන් එහා පැත්තේ කෙනෙක් කියලයි. (ස)
ජීවිත හානි දේපොළ හානි ඒගැන හිතන්න. අවුරුදු ගානක් දුක්විදල හදා ගත් දේවල් නුගත් මිනිස්සු විනාස කලා. ඒ දුක ඒ අයට තියේවි. (ස)
ප්‍රණාමය (ස)
මේ 21 වෙනි සියවස අප සිතිය යුත්තේ ජාතීන් අනුව නොව මිනිසුන් වශයනි. බුදුන් කාලාම දේශනාවේ දෙසු පරිදි අපි කාගෙවත් අතකොලු නොවිය යුතුය. වැරදී දෙය හා නිවැරදි දෙය තමාට අනුව සිතිය යුතුය. අන්තවාදීන් අප රටේ ඇති බව සැබෑය. නමුත් එයට ගහ මරාගෙන විසඳුම් සෙවිය යුත්තේ මිනිසුන්ගේ මනසට කතා කිරිමෙන්ය. දෙවියන් වහන්සේ කිව්වත් අල්ලාහ් දෙවියන් කිව්වත් 21 වන සියවසේ සිටින අපි නිවැරදි දේ තේරුම් ගතු යුතු වේ. දෙවියන්ගේ නාමයෙන් හෝ ජාතියේ නාමයෙන් මිනිසෙකුට තවත් ඝාතනයක් කල නොහැකි වෙයි. සිතන්න මිනිසුනේ අප හැමෝගෙම ඇගේ දුවන්නේ රතුපාට ලේ. එ්කේ මුස්ලිම් සිංහල, හින්දු, ක්‍රිස්තියානි කියා බේදයක් නැහැ. අද බලන්න ඉරාකේ තියෙන යුද්ධය එකම ආගමක අය දෙපැත්තේ ගහ මරා ගන්නවා. දෙවියන් වෙනුවෙන් ඇයි නොපෙනෙන දෙවියෙකුට මේ ලෝක පාලනය දීල තමන්ගේම සහෝදරයන්ව මරාගන්නේ. ආතර් සී ක්ලාර්ක් මහතා කිව්වා 2050 වෙද්දී ඔය දැනට ලෝකේ තියෙන ඔක්කොම ආගම් නැතිවෙනවා කියා. බලන්න මේ දේවල් වෙනකොට නිවැරදිව ආගම අදහන අයටත් එපා වෙන්නේ නැද්ද කියා. මම හැදුනොත් අපි හැදෙනවා. අපි හැදුනොත් රට හැදෙනවා. රට හැදුනොත් ලෝකේත් හැදේවී. අපි පටන්ගමු සාමකාමී දේශය සැමටම සමස සේ නිදහසේ ජීවත් විය හැකියි.(නදී)
මෙරට සිටින සාමාන්‍ය මුස්ලිම් ජනතාවට අවශ්‍ය දෙයක් නම් නොවෙයි මේ. කාගේ හෝ උවමනාවකට කඩේ යන පිරිසක් නිසා සාමයෙන් සතුටින් සමගියෙන් ඉන්න මිනිස්සුන්ටත් ඉන්න විදිහක් නැති කරන අනවශ්‍ය වැඩක් මේක. එල් ටී ටී සංවිධානයට අවශ්‍ය පරිසරයක් ලංකාවේ නිර්මාණය කරන්න දඟලන බව නම් පේනවා. ජීවත්වෙන සුළු කාලේ නොමැරෙන මිනිසුන් වගේ හැසිරෙන්නේ නැතිව සියලු දෙනාම සමගිව ජීවත් උනොත් හොඳයි නේද ? (ස)
ප්‍රංශ භාෂාවෙන් ලියල තියෙන බැනර් එකේ තියෙන්නෙ එහෙ ජනාධිපතිගෙන් ඉල්ලවා ලංකාවේ මානව හිමිකම් රකින්න උදව් කරන්න කියලා. අනේ මන්ද මට පේන හැටියට නම් මේ මිනිස්සුන්ටත් ඕන වෙලා තියෙන්නෙ ජිනිවා පරීක්ෂණ වලට උදව්වක් දෙන්න. මෙයාලත් දෙමළ ඩයස්පෝරාවේ වැඩේ පටන් අරන් වගේ (නදී)
රකිත් ජගත් ඒ උනත් ඒවාට එයාල තාම සටන් කරනවා. එත් මෙහෙ වගේ එයාලගේ ජීවිත දේපල වලට හානි කලේ නැහැ. ඒ නිසා මිනිස්සු රජයට හිස නමනවා. උගත් බුද්ධියක් ඇති මිනිස්සු. මේ වගේ නැහැදිච්ච වැඩ කරන්නෙ නැහැ. සාමකාමීව ප්‍රශ්න විසඳා ගන්නවා. (ස)
රකිත් ඔබ නම් සැබෑම බුද්ධිමතෙක් ඔබ කොහේ ගියත් නියම ශ්‍රි ලාංකිකයෙකු ලෙස ජිවත් වේවි. (ස)
ඔබලා සැමගේ පින්තුර අපි ඉතා ආරක්ෂාව ඇතුව තබා තියෙන්නේ. ලංකාවේ ද්විත්ව පුරවැසි බාවයේදී මේවා බොහෝ වැදගත් . ගෙදර ගින්දර පිට ගිනියන අය ගෙදරත් ගිනි තබා පිටත් ගිනි තියනවා (නදී)
මොනවාද මේ වෙන්නේ ? අපේ රටේ බහුතරයක් ජාතිවාදීන් නෙවෙයි යන පණිවිඩය සැමටම දෙන්නයි අපි උත්සහ කරන්නේ. රටේ නම කැත වෙන්න ඉඩ තියන්න බැහැනේ. මේ උදවිය කිලිටි රෙදි ප්‍රසිද්ධියේ සෝදනවා. දැන් මේකම ඇති සමහර උදවියට පිටරට වලින් සරණාගත තත්ත්වය මත රැකවරණ ඉල්ලාගන්න හේතුවක් කර ගන්න. (නදී)
ප්‍රන්සයේ බටහිර ජාතින් මේ අය දිහා බලන්නේ නිතරම ත්‍රස්තවාදීන් හැටියටයි (නදී)
රතික් ඔබ හරි, පැරිසියේ සිටින අපේ සහෝදරවරුන්ට ලංකාව විතරද ප්‍රස්නේ එහෙ ඕනිම දෙයක් කරන්න පුලුවන්ද? (නදී)
ඇත්තටටම උනේ මොකද්ද කියල දැන ගත්තට පස්සෙත් ලජ්ජා නැතුව මෙයාල උද්ඝෝෂණ කරනවනේ. ජවිපෙ හිතාගෙන ඇති මේවට ගියාම එයාලට මුස්ලිම් අය ඡන්දෙ දෙයි කියලා. පව් නේද එයාල කොහොමත් එයාල ඉස්සර ඉඳන්ම හවුල් උනේ රට විනාස කරන වැඩ වලටමනේ (නදී)
සාමකාමී ජනයා තමන්ගේ අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණයක් කරද්දී ඒකත් ද්‍රෝහිකමක් විදියට දකින අය ඉන්නවනේ? (අ)
මෙම ප්‍රංශයේ ඇති කල උද්ගෝෂණ මුස්ලිම් අය කරා නම් එය ඔවුන්ගේ පැත්තෙන් සාදාරන කියා සිතන්නට පුළුවන්. මොකද ජිවත් වන්නේ ප්‍රංශයේ නිසා. සැබෑ සිදුවීම් ඔවුන් නොදන්නවා විය හැක. එහෙත් මට පුදුමයක් දනවන්නේ අපේම සිංහල කොටසක් ජේ වී පි සහ ඔවුන්ගෙන් කඩාගෙන ගිය පිරිසක් වන පෙරටුගාමින් තමන්ගේ රට ජාතිය පිටරටකට ගොස් තමන්ගේ රට ජාතියට කරන අවමානය ගැනයි.(නදී)
මට නම් මුස්ලිම් දෙමල සිංහල හෝ බෞද්ද හින්දු ඉස්ලාම් කියල බේදයක් නෙහෙ . හෙමෝම යාළුවො සහෝදර සහෝදරියෝ (අ)
විරෝධය පල කරන්න එපා. අපි හැමෝම එක මවකගේ දරුවෝ (දී)
මෙතන අපේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමාත්ඉන්නවා නේද (පින්තුරේ හරි) (දී)
මිනිසුන්ට හිතන්න දෙයක් තියෙනවා මෙහි (දී)
මෙම සිද්ධිය ඉතා යහපත් ප්‍රතිපලයක් ප්‍රන්සයේ සිටිනා විසා නොමැති ශ්‍රී ලාංකික මුස්ලිම් වරුන්ට . ලංකාවේ මුස්ලිම් වරුන්ට විරුද්ධව සිංහල ජාතිය සටන් වැදිලා , ගෙවල් ගිනි තියනවා මරනවා කියලා . සරණාගත විසා ගැනීමට . මෙතන සිටින බොහොමයක් මගේ මිතුරන් වුවත් මම මෙය අනුමත නොකරමි . ලාංකිකයෙක් ලෙසට. (ස)
ලංකාව දිහා ලෝකෙම බලා ඉන්නවා කියලා දැන්වත් තේරෙනවද (දී)
උත්තරා බණ්ඩාර මහත්මිය කිව්වා වාගේ . අතිතෙයේ සිටම අපේම රට පවා දෙන්නෙත් රට අස්ථාවර කරන්නෙත් මේ ජේ වී පි කාරයන් සහ කඩන ගිය පෙරටුගාමින් බලමුකෝ ලබන වර ඡන්දෙ ඔවුන්ට ලැබෙන්නේ කෙසේද කියා ? (අ)
මෙපමණ කලක් ප්‍රංශයේ අපි ලාංකික මුස්ලිම් සහ සිංහල අය සිටියේ එකම පවුලක සහෝදරයන් මෙනි. ලංකාවේ සිද්ධීන් අපි ප්‍රංශයට ගාවාගත්තේ නැහැ. එහෙත් මෙම සිද්ධිය නිසා එයට කළු පැල්ලමක් එක්වුණා. (නි)
ලෝකේ මිනිස්සු ඇස් කන් අරගෙන මේවා දිහා බලාගෙන ඉන්නේ (දී)
දෙයියනේ (දී)