IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ආදර සටනේදී එස්.පී.ටත් තුවාලයි

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයන්ගේ 109 වැනි ක්‍රිකට් තරඟයේ දී ඇතිවූ කලබලයට මැදිවූ පොලීසියේ දෙදෙනකු ද මහින්ද විදුහලේ ආදි සිසුන් බව කියන සිව් දෙනකු ද තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කරනු ලැබ සිටිති.

ගාල්ල පොලිස් අධිකාරී කේ.ජී.කිර්තිරත්න මහතා ද පොලිස් කොස්තාපල් වරයකු ද තුවාල ලබා ඇත. අනෙක් සිව්දෙනා කඳුළු ගෑස් ප්‍රහාර හමුවේ දුවද්දී  වැටීමෙන් තුවාල ලබන්නට ඇතැයි පොලිසිය සැක කරයි.



අදහස් (0)

ආදර සටනේදී එස්.පී.ටත් තුවාලයි

නිමන්ත Sunday, 23 March 2014 07:38 AM

මෙතන මේ ගැටුම ගොඩක් අය අර්ථ දක්වල තියෙන්නේ රිචිමන්ඩ් මහින්ද ගහගත්තයි කියලා. නමුත් ඇත්තටම වුනේ පරාජය භාරගන්න බැරි මහින්දෙ ආදි ශිෂ්‍ය කණ්ඩායමක් පිටිය මැදට ඇවිත් තරඟයට බාධා කිරීමයි, රිච්මන්ඩ් ක්‍රීඩකයින්ටත් හිරිහැර කළා. අන්තිමේදි පොලීසියෙන් ගෙන්නෙව්වා. පොලීසියටත් මහින්ද ආදිසිසුන් පහර දුන් නිසා කඳුලු ගෑස් ගැහුවා.(නදී)

:       0       0

ගිම්හාන් Sunday, 23 March 2014 08:10 AM

චන්ද්‍ර නංගී ඔයා හිතුවද වක්වැල්ල පාරේ කිකට් ගහනවා කියලා ඔය පාර කොහොමත් අපේ.(නදී)

:       0       0

රණතුංග Sunday, 23 March 2014 08:17 AM

මේවගේ තමයි ඉන්දියාව ක්‍රිකට් මැච් එකක් පැරදුනහම, ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ගේ හැසිරීමත්. (නදී)

:       0       0

ලාල් කළුතර Sunday, 23 March 2014 08:18 AM

අපේ රටේ එන්න එන්න එන්නම කල බල වැඩි වෙනවා. ඒක පුරුද්දකට අරගෙන. තිරිසන් සතුන් ගානට ගහ මරා ගන්නවා. ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ. මම දකින්නේ රටේ නීතිය නැති කම. විසාල හමුදා පිරිසක් ඉන්න රටේ මේවගේ වැඩ වෙන එක පුදුමයි.(නදී)

:       0       0

පාද්මසිරි Sunday, 23 March 2014 08:20 AM

මහත්වරුන්ගේ ක්‍රීඩාව යන නමටත් අගෞරව කරනවා. කවුරු කලත් වරදට නිසි දඩුවම් ලබා දිය යුතුය.(නදී)

:       0       0

හංසිකා Sunday, 23 March 2014 08:33 AM

එක අතකට දැනෙන්න ආදරේ කරනවා කියන්නේ ඕකට වෙන්න ඇති මයේ හිතේ .(නදී)

:       0       0

මංජුල අබුඩාබි සිට Sunday, 23 March 2014 08:55 AM

රිච්මන්ඩ් මහත්වරුන්ට මතක නැද්ද ගිය අවුරුද්දේ මහින්ද දිනන්න යනකොට රිච්මන්ඩ් උදවිය ඔයවගේ කලබලයක් ඇතිකරා. රිච්මන්ඩ් ආදිශිෂ්‍යයෙක් වන පොලිස් නිලධාරියෙක් පාසල් වර්ණ/ ලාංඡන සහිත ටි ෂර්ට් එකක් ඇඳගෙන ඇවිත් කඳුළු ගෑස් ගැහුවා ප්‍රසිද්ද මාධ්‍ය වල ෆොටෝ පවා වැටුනා. අනෙක් පළාත් වල මහත්වරුන්ට කියන්න තියෙන්නේ, මේක එක සිදුවීමක් පමණයි.(නදී)

:       0       0

සෂික Sunday, 23 March 2014 09:02 AM

සම්පත් කල්පගේ, බෙන්තර ගගෙන් එහා කවුරු හරි මොනව හරි කරාද? නැත්නම් මොකක් හරි අකරතැබ්බයක්වත් වුනාද ? (නදී)

:       0       0

මහරුෆ් Monday, 24 March 2014 01:51 AM

ඔය කෙහෙම්මල පොහොය දවසක තිබ්බනං හොදයි මොකද තැබෑරුම් වහල තියන නිසා.(නදී)

:       0       0

මහරුෆ් Monday, 24 March 2014 01:56 AM

වයසක පොලිස් මහත්තුරු ටිකක්නේ එවලා තියෙන්නේ.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 23 March 2014 10:36 AM

ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව. අද ක්‍රීඩා පිටියට තරග නරඹන්න ප්‍රේක්ෂකයින් ඇතුළු වන්නේ මත්පැන් පානය කරමින්. ක්‍රීඩකයින් දිරිගන්වන්න තමා අපි ක්‍රීඩා පිටියට යන්නේ තරගයට බාධා කරන්න නොවේ. අපි එසේ කරන්නේ නම් එය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අයතිවාසිකම් කඩකිරීමක්. ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ ටෙස්ට් තරග නරබන්න පැමිණෙන ප්‍රේක්ෂකයින් දක්ෂතාවය අනුව කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින්ට සුභ පතනවා. ප්‍රතිවාදී පිල අපේ සතුරන් ලෙස නොසලකා දස්කම් අනුව ප්‍රසංශා කිරීම තමා වැදගත් වන්නේ. මේ වැනි නොමනා ක්‍රියා කලාපයන් අපේ රටේ ලක්ෂ සංඛායත ක්‍රිකට් උණෙන් වැළලී සිටින ප්‍රේක්ෂකයින් අනුමත නොකරන බව විශ්වාසකරමි. මෙය ක්‍රිකට් ක්‍රීඩාවට මෙන් තරුණ දක්ෂ ක්‍රීඩකයින්ටත් කරන ලද අපහාසයක්. එනිසා මෙවැනි ප්‍රේක්ෂකයින්ට විරුද්ධව දැඩි නීතිය ක්‍රියාත්මක කලයුතුය යන්න මාගේ අදහසයි.(නදී)

:       0       0

අතිල් ගුණසේකර Sunday, 23 March 2014 10:38 AM

මේ ප්‍රථිචාරය රිචමන්ඩ් විදුහල්පති තුමාටයි. ඔබ පාසැලේ ක්‍රීඩකයෙක් නොහික්මුනු ක්‍රියාවක් කළා. එවැනි ක්‍රීඩකයන් ගැන සොයා බලන්න. එවැන්නන් ඔබ පාසැලෙහි රඳවා ගැනීම පාසැලටද කැළලකි.(නදී)

:       0       0

හිමාෂා Monday, 24 March 2014 07:37 PM

අනේ පව් අනේ.(නදී)

:       0       0

නිශාන් Monday, 24 March 2014 03:40 AM

දෙමුපියොත් මේවට අනුබල දුන්නානේ (දී)

:       0       0

පසිත Sunday, 23 March 2014 12:31 PM

මහින්ද සිසුන්ගේ අශිෂ්ට හැසිරීම ගැන කම්පා වන අතර රිච්මන්ඩ් සිසුන්ගේ ඉවසීම ගැන සතුටු වෙමි. මහින්ද විදුහල සහ පොලිසිය අතර ඇතිවුන ගැටුමට හේතුව මහින්ද සිසුන්ගේ නොහික්මුණු හැසිරීමයි.(නදී)

:       0       0

රවීන් Sunday, 23 March 2014 12:41 PM

මංජුල ඔබට වැරදිල, රිච්මන්ඩ් විද්‍යාලය 2013 වසරෙත් කඩුලු 9 ක් අතැතිව ලකුනු 10 ක් පමනක් ලබා ගැනීමට තිබියදී, මහින්ද ආදි සිසුන් මෙවර මෙන් පිටියට පැන, තරගය නතර කරා. එනිසා මෙවර මෙන් ගියවරත් ඔවුන් පොලිසියෙන් ගුටි කැවා. මහින්ද සිසුන් පරාජය දරාගැනීමට හුරු විය යුතුයි.(නදී)

:       0       0

සම්පත් ප්‍රියංකර Sunday, 23 March 2014 01:29 PM

මෙම රණ්ඩුවට හේතු දෙකක් තියනවා. ජය පරාජය දරාගැනීමේ නොහැකියාව සහ අනිවාර්යෙන්ම අයියල මල්ලිලා වැඩි හරියක් හොඳ පදමට අරගෙන ඉන්නේ. (නදී)

:       0       0

ඇනස්ලි Sunday, 23 March 2014 02:15 PM

මංජුල, මෝඩයෙක් වගේ ලියන්න එපා. ගිය පාරත් දිනන්න ආවේ රිච්මන්ඩ් ක්‍රීඩකයන්. (නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 23 March 2014 02:27 PM

මේවා දකුණේ බෞද්ධ පාසල් අපි ආනන්දේ කොල්ලෝ අපි නම් මෙහෙම ගහ ගන්නේ නෑ මොකද අවසානේ ලංකාව දිනවන්නේ අපි. මෙයට හොඳම පිළිතුර තමා ආදී ශිෂයෝ එකතුවෙලා හොඳට මේක සංවිදානය කරන්න ඕනේ. මෙතනින් තමා අපි පාසැල මර්කෙට් කරන්න ඕනේ. මෙතනින් අපි පාසල් පිලිබඳ හොඳ අවබෝධයක් ව්‍යාපාරික ප්‍රජාවට දෙන්න ඕනේ. හිතන්න සැලසුම් කරන්න.(නදී)

:       0       0

සමන්ත Sunday, 23 March 2014 04:05 PM

අනේ නිකා ඉන්න මෙයා... ආදරේටනේ ගහ ගත්තේ...! (නදී)

:       0       0

කපිල Saturday, 22 March 2014 10:31 PM

අදරවන්තෛන්ගේ සටනට මහින්දෙ නමක් තිව්ව්ව මහින්දෙ තමා ඉස්කෝලේ.. ගියපරත් තිව්ව කවුරුත් දන්නේ නැති උනාට මේ පර නම් හොඳටම තිව්ව (අ)

:       0       0

කපිල Saturday, 22 March 2014 10:33 PM

අදරවන්තයින්ගේ සටන ඔපවත් කල මහින්ද ආදී සිසුන්ට ඉස්තුති (අ)

:       0       0

දර්ශන Saturday, 22 March 2014 10:49 PM

ගුටිකෙලි කරන්නේ තෙලේ වැඩිවෙලා,ශ්‍රමදානයක් කරන්න දුප්පත් අසරණ පාසලකට ගිහින්. (අ)

:       0       0

හේවගේ චන්දන Saturday, 22 March 2014 10:51 PM

සමගිය යනු කුමක්ද කියා නොදන්නා මෝඩ රල? නීතිය අතට ගනී (අ)

:       0       0

රවිජ් Saturday, 22 March 2014 10:57 PM

මේක ජීනීවා කුමන්ත්‍රනයක් (අ)

:       0       0

සනත් කටාර් Saturday, 22 March 2014 10:58 PM

මේකට අදර වන්තයින්ගේ සටන කියන එක වෙනුවට මේ සැරේ ඉඳල මීහරකුන්ගේ සටන කියල දැම්මොත් නරකද .මොකද මේවා සමාජය හිනස්සන වැඩ .ලජ්ජා බය නැතිව ළමයෙක්වත් යවන්න පුලුවන්ද. (අ)

:       0       0

සිසිර Saturday, 22 March 2014 11:22 PM

ආදරේ වැඩි කමටනේ...............(දී)

:       0       0

කරු Saturday, 22 March 2014 11:26 PM

ඇත්තටම නියම ආදරයක් මේවගේ ආදරක් දැක්කයි දැක්කේ නැහැ (දී)

:       0       0

සම්පත් කල්පගේ Saturday, 22 March 2014 11:33 PM

බෙන්තර ගගෙන් එහා ඔහොම තමයි (දී)

:       0       0

ධම්ම Sunday, 23 March 2014 12:40 AM

යකාගේ ආදරයක්නේ මේක. මෙහෙම ආදරය කරනවා මං ජීවිතේට අහලා නෑ. එක්කෝ මේකේ නම වෙනස් කරන්න ඕන නැත්නම් මේ අයට ආදරය කරන හැටි කියලා දෙන්න ඕනෑ. (දී)

:       0       0

තුසිත Sunday, 23 March 2014 12:51 AM

ලයනල් ඔයාගේ කතාව හරි ඕනෑම දෙයක් ඔනවට වඩා ඕනෙම නැහැනේ (දී)

:       0       0

ලයනල් Sunday, 23 March 2014 12:51 AM

මම ගිය පාරත් කියුවා ඔය පාසල් ක්‍රිකට් කලාව නවත්වන්න කාලේ හරි (දී)

:       0       0

කොඩිතුවක්කු-කොක්මාදුව Sunday, 23 March 2014 12:57 AM

දර්ශන හා ධම්ම ගේ කොමෙන්ට් වලට අපිත් එකගයි. පාසල් සිසුන් කුලප්පු කරලා තින්නේ ආදි සිසුන් යැයි කියන පිරිසක්. වැඩිහිටි ආදි සිසුන් ආදර්ශමත් විය යුතුයි. (දී)

:       0       0

ජයශාන් Sunday, 23 March 2014 01:08 AM

2008 වර්ශයේ රිච්මන්ඩ් වරු පරදිද්දි රිච්මන්ඩ් වරු කල දේ මහින්දවරුන්ට බලල ඉගෙනගන්න තිබුන. ජය පරාජය විඳ ගන්න තෙරෙන්නෙ නැති ඔවුන් අද මුලු සමජය ඉස්සරහම විහිලුවට පත් වෙනවා . (දී)

:       0       0

ඩික්මන් Sunday, 23 March 2014 01:28 AM

ආදර සටනේ කිසිම ආදරයක් තිබිලා නැහැ වගේ (දී)

:       0       0

සංජීව Sunday, 23 March 2014 02:14 AM

සියවසකට අධික අපේ ආදර සටනට මොනවද අද වෙලාතියෙන්නේ ආදී මිහිදුවෙක් ලෙස මෙය ඇත්තටම මගේ ඇසට කදුලක් එක්කලා. ජය පරාජය බාර ගන්න අපි හැමෝම පුරුදු විම අනිවාර්ය කරුණක්. 2008 අපි දිනුවම හැමෝම එය සතුටෙන් බරගත් බව අමතකද ? දරුවනේ මහින්දයට ඉස්සර කියන්නේ පන්සල කියලා මොකද එපමණ සංවරකමක් මහින්දීයන්ගේ තිබුනා. සමාජයට වැඩදායක පුරවැසියන් දහස්ගනනක් බිහිකරපු මහින්දය කිලිටි කරන්න එපා දරුවනේ. ඔබේ දෙමුපියන්ට වගේම මහින්දයට ආදරේ කරන්න. ඔබ සැමදා දිනේවා මහින්ද මෑණියනි.(නදී)

:       0       0

සුසන්ත Sunday, 23 March 2014 02:33 AM

ලංකාවේ පාසල් පද්දතිය දැක්කාම අනේ කියවෙනවා (දී)

:       0       0

ප්‍රියන්ත Sunday, 23 March 2014 02:34 AM

බිග් මැච් කියන්නේ දැන් ගහ ගන්න එකට (දී)

:       0       0

පාලිත Sunday, 23 March 2014 02:34 AM

අපේ රටේ මොන දේද මේ ලෙස ඉවර නොවන්නේ .....බිග් මැච් වෙනත් ක්‍රීඩා දේශපාලන මීටින් මගුල් ගෙවල් මල ගෙවල් ....නොදන්නා බොහෝ දේවල් .....ඔය දවසට පුරන් වෙච්ච කුඹුරක් අරන් කරන්නකෝ ,,,.. (දී)

:       0       0

මනෝජ්-සාජා Sunday, 23 March 2014 09:20 PM

මේ මැච් එකට මේ නම දාපු කෙනාට ආචාර්ය උපාදියක් දෙන්න වටිනවා .(නදී)

:       0       0

මතීෂ චාමර අමරසේකර Sunday, 23 March 2014 03:48 AM

මේ කට්ටය වැරදියට හිතන්න දෙයක් නැහැ. මෙතන රිච්මන්ඩ් මහින්දේ කව්ර්වත් ගහ ගත්තේ නැහැ. කාටවත් තුවාලයක් වත් නැත්තේ ඒකයි. මහින්දේ අය පිට්ටනියට ආපු වෙලාවේ පොලිසිය කඳුළු ගෑස් ගැහුවා. (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 23 March 2014 04:46 AM

ලජ්ජා සහගත සිද්දියක්. ආදරවන්තයන්ගේ සටනට වක්වැල්ල පාර එහෙම ගන්න එපා. දෙනවා දුවන්ට දෙගොල්ලටම. සංඝමිත්තා කෙල්ලෝ.(නදී)

:       0       0

එඩී දයාරත්න ඕස්ට්‍රේලියාව Sunday, 23 March 2014 05:02 AM

ඇයි මෙහෙම ක්‍රිකට් ඔලුවට අරන් දගලන්නේ.(නදී)

:       0       0

විරාජ් Sunday, 23 March 2014 05:32 AM

ආදරය අනාදරය වෙන්න වැඩිවෙලාවක් ගිහිල්ලා නැහැ (දී)

:       0       0

වින්ද්‍යා Sunday, 23 March 2014 05:45 AM

මේ පාසල් වලින් රටේ ප්‍රසිද්ද වැදගත් මිනිස්සු බිහිවෙනවා , ඒ දේ නිසා තමන්ට සමාජයේ ඇති සිවිල් බලය පෙන්නන්න මෙවන් අවස්ථා ප්‍රයෝජනයට ගන්නවා (දී)

:       0       0

භානු Sunday, 23 March 2014 05:59 AM

දැන් රටේ ආදර සටන් වැඩි වෙලා ද කොහෙද . ඇයි මේ තරමට නීතියක් චාරයක් නැත්තේ. වැඩිහිටියෝ, තරුණ තරුණියෝ කවුරු කවුරුත් කොතැනට ගියත් හැසිරෙන්නේ අවසිහියෙන් වගේ (දී)

:       0       0

රණතුංග Sunday, 23 March 2014 07:12 AM

ඔය වාඩි වෙලා ඉන්නේ තුවාල ලබපු පි සි ද (දී)

:       0       0

මිහිර Sunday, 23 March 2014 07:20 AM

සමහර ඉගෙන නොගත් ආදි ශිෂ්‍යයින් යැයි කියාගන්නා පිරිසක් තමයි මේ වගේ වැඩ කරන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 851 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 129 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 314 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 461 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 2148 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 4186 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1381 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site