ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයන්ගේ 109 වැනි ක්‍රිකට් තරඟයේ දී ඇතිවූ කලබලයට මැදිවූ පොලීසියේ දෙදෙනකු ද මහින්ද විදුහලේ ආදි සිසුන් බව කියන සිව් දෙනකු ද තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කරනු ලැබ සිටිති.
ගාල්ල පොලිස් අධිකාරී කේ.ජී.කිර්තිරත්න මහතා ද පොලිස් කොස්තාපල් වරයකු ද තුවාල ලබා ඇත. අනෙක් සිව්දෙනා කඳුළු ගෑස් ප්‍රහාර හමුවේ දුවද්දී වැටීමෙන් තුවාල ලබන්නට ඇතැයි පොලිසිය සැක කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රථිචාරය රිචමන්ඩ් විදුහල්පති තුමාටයි. ඔබ පාසැලේ ක්‍රීඩකයෙක් නොහික්මුනු ක්‍රියාවක් කළා. එවැනි ක්‍රීඩකයන් ගැන සොයා බලන්න. එවැන්නන් ඔබ පාසැලෙහි රඳවා ගැනීම පාසැලටද කැළලකි.(නදී)
ඔය වාඩි වෙලා ඉන්නේ තුවාල ලබපු පි සි ද (දී)
සමහර ඉගෙන නොගත් ආදි ශිෂ්‍යයින් යැයි කියාගන්නා පිරිසක් තමයි මේ වගේ වැඩ කරන්නේ.(නදී)
මෙතන මේ ගැටුම ගොඩක් අය අර්ථ දක්වල තියෙන්නේ රිචිමන්ඩ් මහින්ද ගහගත්තයි කියලා. නමුත් ඇත්තටම වුනේ පරාජය භාරගන්න බැරි මහින්දෙ ආදි ශිෂ්‍ය කණ්ඩායමක් පිටිය මැදට ඇවිත් තරඟයට බාධා කිරීමයි, රිච්මන්ඩ් ක්‍රීඩකයින්ටත් හිරිහැර කළා. අන්තිමේදි පොලීසියෙන් ගෙන්නෙව්වා. පොලීසියටත් මහින්ද ආදිසිසුන් පහර දුන් නිසා කඳුලු ගෑස් ගැහුවා.(නදී)
චන්ද්‍ර නංගී ඔයා හිතුවද වක්වැල්ල පාරේ කිකට් ගහනවා කියලා ඔය පාර කොහොමත් අපේ.(නදී)
මේවගේ තමයි ඉන්දියාව ක්‍රිකට් මැච් එකක් පැරදුනහම, ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ගේ හැසිරීමත්. (නදී)
අපේ රටේ එන්න එන්න එන්නම කල බල වැඩි වෙනවා. ඒක පුරුද්දකට අරගෙන. තිරිසන් සතුන් ගානට ගහ මරා ගන්නවා. ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ. මම දකින්නේ රටේ නීතිය නැති කම. විසාල හමුදා පිරිසක් ඉන්න රටේ මේවගේ වැඩ වෙන එක පුදුමයි.(නදී)
මහත්වරුන්ගේ ක්‍රීඩාව යන නමටත් අගෞරව කරනවා. කවුරු කලත් වරදට නිසි දඩුවම් ලබා දිය යුතුය.(නදී)
එක අතකට දැනෙන්න ආදරේ කරනවා කියන්නේ ඕකට වෙන්න ඇති මයේ හිතේ .(නදී)
රිච්මන්ඩ් මහත්වරුන්ට මතක නැද්ද ගිය අවුරුද්දේ මහින්ද දිනන්න යනකොට රිච්මන්ඩ් උදවිය ඔයවගේ කලබලයක් ඇතිකරා. රිච්මන්ඩ් ආදිශිෂ්‍යයෙක් වන පොලිස් නිලධාරියෙක් පාසල් වර්ණ/ ලාංඡන සහිත ටි ෂර්ට් එකක් ඇඳගෙන ඇවිත් කඳුළු ගෑස් ගැහුවා ප්‍රසිද්ද මාධ්‍ය වල ෆොටෝ පවා වැටුනා. අනෙක් පළාත් වල මහත්වරුන්ට කියන්න තියෙන්නේ, මේක එක සිදුවීමක් පමණයි.(නදී)
සම්පත් කල්පගේ, බෙන්තර ගගෙන් එහා කවුරු හරි මොනව හරි කරාද? නැත්නම් මොකක් හරි අකරතැබ්බයක්වත් වුනාද ? (නදී)
ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව. අද ක්‍රීඩා පිටියට තරග නරඹන්න ප්‍රේක්ෂකයින් ඇතුළු වන්නේ මත්පැන් පානය කරමින්. ක්‍රීඩකයින් දිරිගන්වන්න තමා අපි ක්‍රීඩා පිටියට යන්නේ තරගයට බාධා කරන්න නොවේ. අපි එසේ කරන්නේ නම් එය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අයතිවාසිකම් කඩකිරීමක්. ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ ටෙස්ට් තරග නරබන්න පැමිණෙන ප්‍රේක්ෂකයින් දක්ෂතාවය අනුව කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින්ට සුභ පතනවා. ප්‍රතිවාදී පිල අපේ සතුරන් ලෙස නොසලකා දස්කම් අනුව ප්‍රසංශා කිරීම තමා වැදගත් වන්නේ. මේ වැනි නොමනා ක්‍රියා කලාපයන් අපේ රටේ ලක්ෂ සංඛායත ක්‍රිකට් උණෙන් වැළලී සිටින ප්‍රේක්ෂකයින් අනුමත නොකරන බව විශ්වාසකරමි. මෙය ක්‍රිකට් ක්‍රීඩාවට මෙන් තරුණ දක්ෂ ක්‍රීඩකයින්ටත් කරන ලද අපහාසයක්. එනිසා මෙවැනි ප්‍රේක්ෂකයින්ට විරුද්ධව දැඩි නීතිය ක්‍රියාත්මක කලයුතුය යන්න මාගේ අදහසයි.(නදී)
දැන් රටේ ආදර සටන් වැඩි වෙලා ද කොහෙද . ඇයි මේ තරමට නීතියක් චාරයක් නැත්තේ. වැඩිහිටියෝ, තරුණ තරුණියෝ කවුරු කවුරුත් කොතැනට ගියත් හැසිරෙන්නේ අවසිහියෙන් වගේ (දී)
මහින්ද සිසුන්ගේ අශිෂ්ට හැසිරීම ගැන කම්පා වන අතර රිච්මන්ඩ් සිසුන්ගේ ඉවසීම ගැන සතුටු වෙමි. මහින්ද විදුහල සහ පොලිසිය අතර ඇතිවුන ගැටුමට හේතුව මහින්ද සිසුන්ගේ නොහික්මුණු හැසිරීමයි.(නදී)
මංජුල ඔබට වැරදිල, රිච්මන්ඩ් විද්‍යාලය 2013 වසරෙත් කඩුලු 9 ක් අතැතිව ලකුනු 10 ක් පමනක් ලබා ගැනීමට තිබියදී, මහින්ද ආදි සිසුන් මෙවර මෙන් පිටියට පැන, තරගය නතර කරා. එනිසා මෙවර මෙන් ගියවරත් ඔවුන් පොලිසියෙන් ගුටි කැවා. මහින්ද සිසුන් පරාජය දරාගැනීමට හුරු විය යුතුයි.(නදී)
මෙම රණ්ඩුවට හේතු දෙකක් තියනවා. ජය පරාජය දරාගැනීමේ නොහැකියාව සහ අනිවාර්යෙන්ම අයියල මල්ලිලා වැඩි හරියක් හොඳ පදමට අරගෙන ඉන්නේ. (නදී)
මංජුල, මෝඩයෙක් වගේ ලියන්න එපා. ගිය පාරත් දිනන්න ආවේ රිච්මන්ඩ් ක්‍රීඩකයන්. (නදී)
මේවා දකුණේ බෞද්ධ පාසල් අපි ආනන්දේ කොල්ලෝ අපි නම් මෙහෙම ගහ ගන්නේ නෑ මොකද අවසානේ ලංකාව දිනවන්නේ අපි. මෙයට හොඳම පිළිතුර තමා ආදී ශිෂයෝ එකතුවෙලා හොඳට මේක සංවිදානය කරන්න ඕනේ. මෙතනින් තමා අපි පාසැල මර්කෙට් කරන්න ඕනේ. මෙතනින් අපි පාසල් පිලිබඳ හොඳ අවබෝධයක් ව්‍යාපාරික ප්‍රජාවට දෙන්න ඕනේ. හිතන්න සැලසුම් කරන්න.(නදී)
අනේ නිකා ඉන්න මෙයා... ආදරේටනේ ගහ ගත්තේ...! (නදී)
මේ මැච් එකට මේ නම දාපු කෙනාට ආචාර්ය උපාදියක් දෙන්න වටිනවා .(නදී)
ඔය කෙහෙම්මල පොහොය දවසක තිබ්බනං හොදයි මොකද තැබෑරුම් වහල තියන නිසා.(නදී)
වයසක පොලිස් මහත්තුරු ටිකක්නේ එවලා තියෙන්නේ.(නදී)
දෙමුපියොත් මේවට අනුබල දුන්නානේ (දී)
අනේ පව් අනේ.(නදී)
දර්ශන හා ධම්ම ගේ කොමෙන්ට් වලට අපිත් එකගයි. පාසල් සිසුන් කුලප්පු කරලා තින්නේ ආදි සිසුන් යැයි කියන පිරිසක්. වැඩිහිටි ආදි සිසුන් ආදර්ශමත් විය යුතුයි. (දී)
අදරවන්තයින්ගේ සටන ඔපවත් කල මහින්ද ආදී සිසුන්ට ඉස්තුති (අ)
ගුටිකෙලි කරන්නේ තෙලේ වැඩිවෙලා,ශ්‍රමදානයක් කරන්න දුප්පත් අසරණ පාසලකට ගිහින්. (අ)
සමගිය යනු කුමක්ද කියා නොදන්නා මෝඩ රල? නීතිය අතට ගනී (අ)
මේක ජීනීවා කුමන්ත්‍රනයක් (අ)
මේකට අදර වන්තයින්ගේ සටන කියන එක වෙනුවට මේ සැරේ ඉඳල මීහරකුන්ගේ සටන කියල දැම්මොත් නරකද .මොකද මේවා සමාජය හිනස්සන වැඩ .ලජ්ජා බය නැතිව ළමයෙක්වත් යවන්න පුලුවන්ද. (අ)
ආදරේ වැඩි කමටනේ...............(දී)
ඇත්තටම නියම ආදරයක් මේවගේ ආදරක් දැක්කයි දැක්කේ නැහැ (දී)
බෙන්තර ගගෙන් එහා ඔහොම තමයි (දී)
යකාගේ ආදරයක්නේ මේක. මෙහෙම ආදරය කරනවා මං ජීවිතේට අහලා නෑ. එක්කෝ මේකේ නම වෙනස් කරන්න ඕන නැත්නම් මේ අයට ආදරය කරන හැටි කියලා දෙන්න ඕනෑ. (දී)
ලයනල් ඔයාගේ කතාව හරි ඕනෑම දෙයක් ඔනවට වඩා ඕනෙම නැහැනේ (දී)
මම ගිය පාරත් කියුවා ඔය පාසල් ක්‍රිකට් කලාව නවත්වන්න කාලේ හරි (දී)
අදරවන්තෛන්ගේ සටනට මහින්දෙ නමක් තිව්ව්ව මහින්දෙ තමා ඉස්කෝලේ.. ගියපරත් තිව්ව කවුරුත් දන්නේ නැති උනාට මේ පර නම් හොඳටම තිව්ව (අ)
2008 වර්ශයේ රිච්මන්ඩ් වරු පරදිද්දි රිච්මන්ඩ් වරු කල දේ මහින්දවරුන්ට බලල ඉගෙනගන්න තිබුන. ජය පරාජය විඳ ගන්න තෙරෙන්නෙ නැති ඔවුන් අද මුලු සමජය ඉස්සරහම විහිලුවට පත් වෙනවා . (දී)
ආදර සටනේ කිසිම ආදරයක් තිබිලා නැහැ වගේ (දී)
සියවසකට අධික අපේ ආදර සටනට මොනවද අද වෙලාතියෙන්නේ ආදී මිහිදුවෙක් ලෙස මෙය ඇත්තටම මගේ ඇසට කදුලක් එක්කලා. ජය පරාජය බාර ගන්න අපි හැමෝම පුරුදු විම අනිවාර්ය කරුණක්. 2008 අපි දිනුවම හැමෝම එය සතුටෙන් බරගත් බව අමතකද ? දරුවනේ මහින්දයට ඉස්සර කියන්නේ පන්සල කියලා මොකද එපමණ සංවරකමක් මහින්දීයන්ගේ තිබුනා. සමාජයට වැඩදායක පුරවැසියන් දහස්ගනනක් බිහිකරපු මහින්දය කිලිටි කරන්න එපා දරුවනේ. ඔබේ දෙමුපියන්ට වගේම මහින්දයට ආදරේ කරන්න. ඔබ සැමදා දිනේවා මහින්ද මෑණියනි.(නදී)
ලංකාවේ පාසල් පද්දතිය දැක්කාම අනේ කියවෙනවා (දී)
බිග් මැච් කියන්නේ දැන් ගහ ගන්න එකට (දී)
අපේ රටේ මොන දේද මේ ලෙස ඉවර නොවන්නේ .....බිග් මැච් වෙනත් ක්‍රීඩා දේශපාලන මීටින් මගුල් ගෙවල් මල ගෙවල් ....නොදන්නා බොහෝ දේවල් .....ඔය දවසට පුරන් වෙච්ච කුඹුරක් අරන් කරන්නකෝ ,,,.. (දී)
මේ කට්ටය වැරදියට හිතන්න දෙයක් නැහැ. මෙතන රිච්මන්ඩ් මහින්දේ කව්ර්වත් ගහ ගත්තේ නැහැ. කාටවත් තුවාලයක් වත් නැත්තේ ඒකයි. මහින්දේ අය පිට්ටනියට ආපු වෙලාවේ පොලිසිය කඳුළු ගෑස් ගැහුවා. (නදී)
ලජ්ජා සහගත සිද්දියක්. ආදරවන්තයන්ගේ සටනට වක්වැල්ල පාර එහෙම ගන්න එපා. දෙනවා දුවන්ට දෙගොල්ලටම. සංඝමිත්තා කෙල්ලෝ.(නදී)
ඇයි මෙහෙම ක්‍රිකට් ඔලුවට අරන් දගලන්නේ.(නදී)
ආදරය අනාදරය වෙන්න වැඩිවෙලාවක් ගිහිල්ලා නැහැ (දී)
මේ පාසල් වලින් රටේ ප්‍රසිද්ද වැදගත් මිනිස්සු බිහිවෙනවා , ඒ දේ නිසා තමන්ට සමාජයේ ඇති සිවිල් බලය පෙන්නන්න මෙවන් අවස්ථා ප්‍රයෝජනයට ගන්නවා (දී)