ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති රිච්මන්ඩ් මහින්ද ක්‍රිකට් තරඟයේ කලහකාරී ලෙස හැසිරුණු පිරිසක් ක්‍රීඩාංගනයේ රුපියල් හත් ලක්ෂ පනස් දහසක පමණ දේපොළවලට අලාබ හානි කර ඇතැයි ක්‍රීඩාංගනයේ බාරකරු ගාල්ල පොලිසියට පැමිණිලි කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මහින්ද විද්‍යාලයයේ ආදි සිසුන් බව කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කියන පොලිසිය සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රූපවාහිනී නාළිකාවල විකාශය වූ දර්ශන උපයෝගී කර ගන්නා බව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර එක්කෙනෙක් "මහින්දෙ තමයි ඉස්කෝලෙ" කියල පොතකුත් ලියල තිබුණෙ නිකමට නෙමෙයි. (ස)
ජය පරාජය දෙකම එක සේ බාර ගන්න බැරි කීප දෙනෙක් නිසා එක විදුහලකටත්, ඒ මහා තරඟයටත් ලොකු අපහාසයක් වෙලා තියෙන්නේ. (ස)
ගාලු ක්‍රීඩා පිටියේ පැවැත්වුණ එක්තරා රගර් තරගයක් නිසාත් විශාල අලාභහානියක් සිදු වුණා නේද? (නි)
එක්කෙනෙක් දෙන්නෙක් කරපුවට මුළු ස්කෝලෙම පලි නෑ (දී)
ලංකාවේ මෙහෙම දෙයක් වුන 1 වෙනි පාරද මේ? අර කොළඹ තියන පාසල් දෙකකත් මේ වගේ දේවල් කොච්චර වෙලා තියෙනවද? (අ)
මිහිර නිකම් අමිහිරි කතා කියන්න එපා. කොළඹ පාසල් වල මේ තරම් දරුණු පුද්ගලයෝ නෑ. මේ වගේ හානි කලෙත් නෑ. (ස)