IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඇඟිල්ලේ පාට නැතිලු

අම්බලන්ගොඩ කන්දේගොඩ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය ප්‍රකාශ කළ  එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු වන අශෝක  සිල්වා  මාධ්‍ය සමග පැවසුවේ ඡන්ද මධ්‍යස්ථානයේ ඇඟිල්ලේ නොමැකෙන තීන්ත ගෑ බවක් නොපෙනෙන බවයි.

ඡන්දය දුන් කිහිප දෙනෙක් ද ඔහුගේ කතාව අනුමත කළහ.

එම ඡන්ද මධ්‍යස්ථානයේ දිග පෝලිම් දක්නට නොලැබුන මුත් ඡන්ද දායකයින්ගේ පැමිණීම යහපත් බව වාර්ථා වෙයි.

හිටපු මහ ඇමති සහ සන්දාන අපේක්ෂක ශාන් ප්‍රිය ලාල් ද සිල්වා පොල්වත්ත බුද්ධගත්ත ආදර්ශ විදුහලේදී ඡන්දය දුන්නේය.

 

 



අදහස් (0)

ඇඟිල්ලේ පාට නැතිලු

චන්න Saturday, 29 March 2014 09:24 AM

අපේ නම් පාට කළා. හැබැයි ඇඟිල්ල වටේට විතරයි.(නියපොත්ත නෙමෙයි, ඇඟිල්ල වටේ) කොහොම වුණත් මෙය ලොකු අවශ්‍යතාවයක් නොවේ. මොකද හැඳුනුම්පත අනිවාර්ය නිසා (නි)

:       0       0

කේ.කේ. Saturday, 29 March 2014 09:31 AM

ඔවු ඇත්ත. අපේ පැත්තෙ ඡන්ද මධ්‍යස්ථාන වලත් ඇඟිල්ල පාට කළේ නැහැ. මෙය හොර ඡන්ද දැමීමට හොඳ උපකාරයක් (නි)

:       0       0

පිටිගල Saturday, 29 March 2014 09:43 AM

මොන සංවිධාන තිබුනත් හොර ඡන්ද දාන කෙනා දානවාමයි.හොර ඡන්ද දැමීම දැන් අපේ රටේ සංස්කෘතික ලක්ෂණයක් වෙලා. (නි)

:       0       0

සමීර Saturday, 29 March 2014 09:45 AM

මමත් මීට එකඟයි. (නි)

:       0       0

චන්න Saturday, 29 March 2014 09:47 AM

හොර ඡන්ද දාන්න කිසිම ඉඩක් නැහැ. මේ කටයුතු ගැන අවුරුදු ගානක් තිස්සේ දන්නා කෙනෙක් විදියට දැන් හොර ඡන්ද දාන්න කොහොමත් බැහැ. ඡන්ද වැඩ කරන අය දන්නවා. (නි)

:       0       0

ජෙරාඩ් Saturday, 29 March 2014 09:56 AM

ඔය තීන්ත ගෑවේ නැතත් නිලධාරින් හා ඡන්ද පොළ නියෝජිතයන් හරියට රාජකාරි කරනවා නම් ඡන්ද මධ්‍යස්ථාන වලදී හොර ඡන්ද දැමීම අපහසුයි. දැන් හැඳුනුම්පත් අත්‍යවශ්‍ය නිසා ඡන්ද මධ්‍යස්ථාන තුල පෙර මෙන් හොර ඡන්ද දැමිය නොහැකියි. මා ඡන්ද රාජකාරි කළ නිලධාරියකු ලෙස මෙය වගකීමෙන් කියන්නේ (නි)

:       0       0

අරුන්දික Saturday, 29 March 2014 10:23 AM

හොර බොරු කරලා ලබන ජයග්‍රහණයෙන් ඵලක් වේද? (නි)

:       0       0

ඉන්දික Saturday, 29 March 2014 10:27 AM

ජෙරාඩ්, ඇත්තටම හොර ඡන්ද කතා කියන්නේ ලැජ්ජාවෙන් බේරෙන්න. 80 ගණන් වල ඡන්දෙ කළ හැටි එක්ක බැලුවම දැන් කොච්චර අලුත් දේවල් හඳුන්වලා තියෙනවද? ඡන්ද පෙට්ටි වලට පක්ෂ වලට වෙන වෙනම ස්ටිකර් අලවන එක වගේ. අනිත් එක ඒ දවස් වල හැඳුනුම්පත් වුණත් බැලුවේ නැහැනේ.ඇත්තටම ඡන්ද රාජකාරි වලට යන අය දන්නවා හොර ඡන්ද කතාව බොරුවක් කියලා. (නි)

:       0       0

රොහාන් Saturday, 29 March 2014 10:29 AM

මේ අපේ අයට කලබලයිනේ. ටිකක් වෙලා බලාගෙන ඉන්න, පාට තිබෙනවද නැද්ද කියලා පෙනෙයි. (නි)

:       0       0

දිනා Saturday, 29 March 2014 11:42 AM

පාට පක්ෂ දේශපාලනයනේ කොහොමත් (දී)

:       0       0

චමින්ද Saturday, 29 March 2014 11:53 AM

ටිකක් වෙලා ඉන්න. එතකොට ඇගිල්ල පා වෙනවා. කලබල වෙන්න එපා. මටත් එහෙම වුණා(දී)

:       0       0

විමුක්ති Saturday, 29 March 2014 12:11 PM

දැන් ඡන්ද පෙට්ටියට කාටවත් හොර ඡන්ද දාන්න බැහැ. දැන් හොර ඡන්ද දාන්නේ ඡන්දෙ ගැනලා ප්‍රථිපලේ කියන්න කලිනුයි. (දී)

:       0       0

හේෂාන් Saturday, 29 March 2014 12:19 PM

ඇගිල්ලේ පාට කොහොම උනත් හොර චන්ද දාන්න ඕන කෙනා කොහොමහරි දානවා (දී)

:       0       0

සුජිත් Saturday, 29 March 2014 01:13 PM

හොර චන්ද දාන වැඩේ දැන් යල් පැන ගිය ක්‍රමයක්නේ. දැන් කරන්නේ තේරීම් කරන කොට ගොඩවල් මාරු කරලා අනුන්ගේ චන්ද සමහර බලවත් අයගේ ගොඩට දාන එක. ඒකට සමහර නිල ධාරීන් සහය දෙනවා. එම නිලධාරීන්ට පසුව හොඳින් සලකනවා. 50 හේ මිටි පිටින් මාරු කරන්නේ. නැත්නම් අනිත් පැත්තේ මිටි කිහිපයක් හංගනවා. එතකොට අනුපාතය වෙනස් වෙනවා. (දී)

:       0       0

එස්. පී.ගුණසේකර Saturday, 29 March 2014 01:24 PM

මමත් මුලින් හිතුව මොකද පාට නැත්තේ කියල, එත් ටික වෙලාවක් යනකොට පාට මතු වෙනවා හොදට. (දී)

:       0       0

පිටිගල Saturday, 29 March 2014 01:49 PM

ජෙරාඩ්, චන්න, හොර චන්ද දාන දැන් බැරි බව මම දන්නේ නැහැ. අවුරුදු 7ක් විතර මම ලංකාවේ හිටියේ නැති නිසා. හැබැටම හොර චන්ද දමන්න දැන් බැරි නම් මම එය ඉතා අගය කොට සලකනවා. දැනුවත් කිරීම ගැන ස්තුතියි! (දී)

:       0       0

රංග Saturday, 29 March 2014 02:31 PM

කට්ටිය එහෙම හිතා හිටියට පැයකට විතර පස්සෙ බලන්නකො පාට වැටෙන අපූරුව. වතුර හෙම ගෑවොත් පාට ඉක්මනටම ලැබෙයි.(නදී)

:       0       0

ඇසළ Saturday, 29 March 2014 03:41 PM

පලා බබ්බුන්ට පාට පෙන්නේ පැරදුනාට පස්සේ. දිනන්න කියල වියදම් කරපු සල්ලි මතක් වෙනකොට (දී).

:       0       0

රොෂාන් Saturday, 29 March 2014 08:58 AM

මෙය සත්‍යයක්. අපේ පැත්තෙත් පාට කළේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 64 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 338 1

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 419 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3333 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 1231 1

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 1197 3

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23039 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22882 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site