අම්බලන්ගොඩ කන්දේගොඩ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය ප්‍රකාශ කළ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු වන අශෝක සිල්වා මාධ්‍ය සමග පැවසුවේ ඡන්ද මධ්‍යස්ථානයේ ඇඟිල්ලේ නොමැකෙන තීන්ත ගෑ බවක් නොපෙනෙන බවයි.
ඡන්දය දුන් කිහිප දෙනෙක් ද ඔහුගේ කතාව අනුමත කළහ.
එම ඡන්ද මධ්‍යස්ථානයේ දිග පෝලිම් දක්නට නොලැබුන මුත් ඡන්ද දායකයින්ගේ පැමිණීම යහපත් බව වාර්ථා වෙයි.
හිටපු මහ ඇමති සහ සන්දාන අපේක්ෂක ශාන් ප්‍රිය ලාල් ද සිල්වා පොල්වත්ත බුද්ධගත්ත ආදර්ශ විදුහලේදී ඡන්දය දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපේ අයට කලබලයිනේ. ටිකක් වෙලා බලාගෙන ඉන්න, පාට තිබෙනවද නැද්ද කියලා පෙනෙයි. (නි)
පලා බබ්බුන්ට පාට පෙන්නේ පැරදුනාට පස්සේ. දිනන්න කියල වියදම් කරපු සල්ලි මතක් වෙනකොට (දී).
කට්ටිය එහෙම හිතා හිටියට පැයකට විතර පස්සෙ බලන්නකො පාට වැටෙන අපූරුව. වතුර හෙම ගෑවොත් පාට ඉක්මනටම ලැබෙයි.(නදී)
ජෙරාඩ්, චන්න, හොර චන්ද දාන දැන් බැරි බව මම දන්නේ නැහැ. අවුරුදු 7ක් විතර මම ලංකාවේ හිටියේ නැති නිසා. හැබැටම හොර චන්ද දමන්න දැන් බැරි නම් මම එය ඉතා අගය කොට සලකනවා. දැනුවත් කිරීම ගැන ස්තුතියි! (දී)
මමත් මුලින් හිතුව මොකද පාට නැත්තේ කියල, එත් ටික වෙලාවක් යනකොට පාට මතු වෙනවා හොදට. (දී)
හොර චන්ද දාන වැඩේ දැන් යල් පැන ගිය ක්‍රමයක්නේ. දැන් කරන්නේ තේරීම් කරන කොට ගොඩවල් මාරු කරලා අනුන්ගේ චන්ද සමහර බලවත් අයගේ ගොඩට දාන එක. ඒකට සමහර නිල ධාරීන් සහය දෙනවා. එම නිලධාරීන්ට පසුව හොඳින් සලකනවා. 50 හේ මිටි පිටින් මාරු කරන්නේ. නැත්නම් අනිත් පැත්තේ මිටි කිහිපයක් හංගනවා. එතකොට අනුපාතය වෙනස් වෙනවා. (දී)
ඇගිල්ලේ පාට කොහොම උනත් හොර චන්ද දාන්න ඕන කෙනා කොහොමහරි දානවා (දී)
දැන් ඡන්ද පෙට්ටියට කාටවත් හොර ඡන්ද දාන්න බැහැ. දැන් හොර ඡන්ද දාන්නේ ඡන්දෙ ගැනලා ප්‍රථිපලේ කියන්න කලිනුයි. (දී)
ටිකක් වෙලා ඉන්න. එතකොට ඇගිල්ල පා වෙනවා. කලබල වෙන්න එපා. මටත් එහෙම වුණා(දී)
පාට පක්ෂ දේශපාලනයනේ කොහොමත් (දී)
මෙය සත්‍යයක්. අපේ පැත්තෙත් පාට කළේ නැහැ. (නි)
ජෙරාඩ්, ඇත්තටම හොර ඡන්ද කතා කියන්නේ ලැජ්ජාවෙන් බේරෙන්න. 80 ගණන් වල ඡන්දෙ කළ හැටි එක්ක බැලුවම දැන් කොච්චර අලුත් දේවල් හඳුන්වලා තියෙනවද? ඡන්ද පෙට්ටි වලට පක්ෂ වලට වෙන වෙනම ස්ටිකර් අලවන එක වගේ. අනිත් එක ඒ දවස් වල හැඳුනුම්පත් වුණත් බැලුවේ නැහැනේ.ඇත්තටම ඡන්ද රාජකාරි වලට යන අය දන්නවා හොර ඡන්ද කතාව බොරුවක් කියලා. (නි)
හොර බොරු කරලා ලබන ජයග්‍රහණයෙන් ඵලක් වේද? (නි)
ඔය තීන්ත ගෑවේ නැතත් නිලධාරින් හා ඡන්ද පොළ නියෝජිතයන් හරියට රාජකාරි කරනවා නම් ඡන්ද මධ්‍යස්ථාන වලදී හොර ඡන්ද දැමීම අපහසුයි. දැන් හැඳුනුම්පත් අත්‍යවශ්‍ය නිසා ඡන්ද මධ්‍යස්ථාන තුල පෙර මෙන් හොර ඡන්ද දැමිය නොහැකියි. මා ඡන්ද රාජකාරි කළ නිලධාරියකු ලෙස මෙය වගකීමෙන් කියන්නේ (නි)
හොර ඡන්ද දාන්න කිසිම ඉඩක් නැහැ. මේ කටයුතු ගැන අවුරුදු ගානක් තිස්සේ දන්නා කෙනෙක් විදියට දැන් හොර ඡන්ද දාන්න කොහොමත් බැහැ. ඡන්ද වැඩ කරන අය දන්නවා. (නි)
මමත් මීට එකඟයි. (නි)
මොන සංවිධාන තිබුනත් හොර ඡන්ද දාන කෙනා දානවාමයි.හොර ඡන්ද දැමීම දැන් අපේ රටේ සංස්කෘතික ලක්ෂණයක් වෙලා. (නි)
ඔවු ඇත්ත. අපේ පැත්තෙ ඡන්ද මධ්‍යස්ථාන වලත් ඇඟිල්ල පාට කළේ නැහැ. මෙය හොර ඡන්ද දැමීමට හොඳ උපකාරයක් (නි)
අපේ නම් පාට කළා. හැබැයි ඇඟිල්ල වටේට විතරයි.(නියපොත්ත නෙමෙයි, ඇඟිල්ල වටේ) කොහොම වුණත් මෙය ලොකු අවශ්‍යතාවයක් නොවේ. මොකද හැඳුනුම්පත අනිවාර්ය නිසා (නි)