කොළඹ කුරුදුවත්තේ පෞද්ගලික බැංකුවක රුපියල් විසි ලක්ෂයක පන්දහසේ හොර නෝට්ටු තැන්පත් කළ බව කියන දුලාංජලි ජයකොඩි මහත්මිය පැය අටක් ප්‍රශ්න කිරීමෙන් පසු මුදාහළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.
ඇගේ දීර්ඝ ප්‍රකාශයක් ද ලියා ගැනිණි.
ඇයට මෙම හොර නෝට්ටු දුන් බව කියන ඇතුළුකෝ්ට්ටේ ඇඟළුම් විධායකයාගේ නිවසේ තිබී රුපියල් පන්දහසේ තවත් හොර නෝට්ටු 424 ක් සොයා ගත් බව ද ඔහු කියයි.
ඔහු අත්අඩංගුවේ පසු වේ.තවත් කිහිප දෙනකු ගැන පරීක්ෂණ පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාරි කියන කතාව ඇත්ත. ඉතාලියේ ඉන්න මමත් එය පිළිගන්නවා. (නි)
ශ්‍රී ලංකා මහා බැංකුව වසා දැමීමට කාලය ඇවිත් වගේ, (දී)
මුදල් නෝට්ටු වල චිත්‍ර සහ වර්ණ වැඩි වීමත් මෙයට රුකුලක් වෙනවා. ජනතාවට මතක තබා ගැනීමට අපහසුය, ඉස්සර නෝට්ටු වල මෙහෙම විකාර තිබුනේ නැත, ඕනෑම පොඩි එකෙකුට පවා පහසුවෙන් හදුනා ගැනීමේ පහසුව තිබුනා, විකාර වැඩි වනතරමට හොරකමත් වැඩිය , (දී)
අයියෝ බල්ලොත් නොකන සල්ලි (දී)
ලොකු ලොකු කට්ටිය තම අද පොඩි මිනිස්සුන්ට වඩා අපරාද කරන්නේ. ඒගොල්ලෝ අපරාද කරලා ලොකු උදවියගේ සපෝර්ට් එක ඇතුව නිදහසේ කල් ගත කරනවා. ඔය බිස්නේස් කාරයා ඔය හොර සල්ලි ඉස්සෙල්ලම පාවිච්චි කරන්න ඇත්තේ දුලන්ජලිට දෙන්න නෙවි නේ. එයා ඕනි තරම් ඔය හොර සල්ලි වියදම් කරන්න ඇති. එදිනෙදා වෙල හොයාගන්න දගලන අහිංසකයෙකුට මෙහෙම නෝට්ටුවක් ලැබිල ඒ මිනිහා නිරපරාදේ අහුවෙන්න පුළුවන් නේද? එදාට නීතිය අකුරටම ඒ අහිංසකයට විරුද්දව ක්‍රියාත්මක වේවි !! (අ)
අනේ ඇත්තට රටට ගිය කලක් (දී)
මෙයාගේ අයියා 50,000 ඒවා බෙදන්නේ මේ විදියට වගේ... (දී)
මෙච්චර ලොකුවට තිබුණු ගනු දෙනුව මොකක්ද කියලා හොයලා බලන්න ඕනේ (දී)
මට පේන්නෙ දැං රටේම තියෙන්නෙ හොර සල්ලි ! බැංකුවට මාරු කරන්න ගියොත් විතරයිනෙ කොටු වෙන්නෙ. (ස)
සමහර අය නිධන් හාරනවා. තව සමහර අය හොර සල්ලි ගහනවා. අපේ රටට ගීය කලක්? (නි)
ඇඟලුම් කම්හලේ ළමයින්ට දෙන්න ඇත්තෙත් මේ සල්ලිද එතකොට? (නි)
මේ ගැන නොදැනම හිටියා කියලා හිතන්නත් අමාරුයි. සාමාන්‍යයෙන් ඔය වගේ මුදලක් චෙක් එකකින් දෙනවා මිසක් නෝට්ටු වලින් බාරගත් එකත් පොඩි ගැටළුවක්. (නි)
මේ රටේ ඉන්නේ පුදුම මිනිස්සු ජාතියක්.හැම විටම තමන් කැමති කෙනා මොනවා කළත් හරි. තමන් අකමැති කෙනා මොනවා කළත් වැරදියි. ස්වාධීන, අපක්ෂපාති තීරණ ගන්න බැරි ජාතියක්.මෙවැනි රටක නීතිය, සාධාරණත්වය වල් වදිනවා.වරද කවුරු කළත් වැරදියි. ඒක දුලංජලි කළත්, ගමේ හරමානිස් මාමා කළත්,ඥානවතී නැන්දා කළත් එකම විදිහට ප්‍රශ්න කිරීම, අත්අඩංගුවට ගැනීම හෝ නොගැනීම,නඩුව අවසන් වනතුරු බන්ධනාගාරගතව ඉන්න කාලය,නඩු තීන්දුවට යන කාලය සහ දෙන දඩුවම එකම වන සමාජයක් ඉල්ලන මිනිස්සු බිහිවෙනතුරු තව බොහෝ කල් සිටිය යුතු බව සිතන විට මහත් වේදනාවක් දැනේ. (නි)
මෙච්චර සාක්ෂි ඇතත් තවමත් පරීක්ෂණ? උසාවියට ඉදිරිපත් කරන්නේ කවදාද? (නි)
අපි කොහොමද සල්ලි ඇත්ත ඒවාද කියලා දැනගන්නේ? (නි)
කුමාරි, යුරෝපයේ කොහේ සිටියත් මම ඒ කතාව පිළිගන්නවා. (නි)
බැංකුවක තැන්පත් කරන්න ගිය නිසා අහුවුනා කියමුකෝ?වෙනත් ආකාරයකින් ඒ මුදල් හුවමාරුවක් වුනානම් කොහොමට හිටීවිද? මුල අහුවෙන්නේ නෑ. අහුවෙන්නේ අහිංසකයින් නේද කමල්? අනෙක් කාරණේ හිටපු ජනපතිගේ දුවෙක් දෙන සල්ලි ගැන සැක හිතනවා තියා එහෙම අතකින් සල්ලි ගත්තා කියා අහිංසක මිනිසුන්ට හිතෙන්න බැරි නෑ නේද මගේ යාලූ ගුරුගේ ? (නදී)
මේක වැරදිලා සිදු වූ දෙයක් වෙන්න පුලුවන්ද? විසි ලක්ෂය කියන්නේ රජයේ රස්සාවක් කරන නීතිගරුක පුද්ගලයෙකුට නම් හීනෙන්වත් පෙනෙන්නේ නැති ලොකු මුදලක්.අසරණ ගොවියෙකුට කම්කරුවෙකුට, මේ මුදල ගැන කුමන කතාද? ලොකුවට ව්‍යාපාර කරන සමහර කට්ටිය ලක්ෂ 400 වාහනයක් එහෙම පාවිච්චි කරන්නේ මොන විදියකට උපයා ගත් මුදලින්ද කියලා අපි දන්නවා.අපායේදී සියළුම දෙනාට හොඳ නරක වැටහේවි. (නි)
තාම කවුරුත් කිවුවේ නැත්තේ මොකද මේක දේශපාලන කුමන්ත්‍රණයක් කියලා? (නි)
දැන් බලනකොට සල්ලි අතට ගන්නත් බයයි. (නි)
කරුණාකරලා මේ ව්‍යාපාරිකයාගේ ඡායාරූපයක් දමන්න. නැත්නම් නම සඳහන් කරන්න. එතකොට ඔහුගේ තවත් හොර වැඩ තිබෙනවා නම් දැනගන්න පුළුවන්. මේ විදියට ඔහුගෙන් මුදල් ලැබුණු තවත් උදවිය තොරතුරු සමඟම ඉදිරිපත් වේවි. මහා පරිමාණ ව්‍යාපාර හිමියකු නම් ඔහු සමග මුදල් ගනු දෙනු කළ උදවිය තවත් ඇති. (නි)
සත්‍යපාල, අද පවතින දේශපාලන ක්‍රමය නිසා මෙතරම් දියුණු ලෝකයේ අපේ ඇත්තෝ ඉන්නේ බොහෝ පසුපසින්. (නි)
මිනිස්සු මේ වගේ දේවල් වලට පෙළඹෙන්නේ ඇයි කියන එකයි වගකිව යුත්තන් සිතිය යුත්තේ. (ස)
කුමුදු, ඔයා බැංකුවකට ගිහින් නැද්ද? ගියා නම් ඔයාට බලාගන්න පුළුවන් මුදල් පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ දැන්වීම් කිහිපයක්ම. (ස)
සත්‍යපාල, අන්න ඒක තමයි අපේ රටට ඕනෑ කරන්නේ. ස්වාධීනත්වය, සමානාත්මතාවය සහ අපක්ෂපාතිත්වය. අපේ රටේ මිනිස්ස්සු දැන් සමාජ අසාධාරණයට හුරුවෙලා. ඒක නැතුව බැහැ වගේ. (නි)
බලනකොට අපි අතේ තිබෙන 5000 හැම නෝට්ටුවම හොර සල්ලිද දන්නෙ නැහැ. (නි)
දැන්නම් රුපියල් 5000 නෝට්ටුවක් අතට ගන්නත් බයයි වගේ. (නි)
සමහර ලොකු ලොක්කෝ මීටත් වඩා මහා පරිමාණ හොර වැඩ කරනවා (නි)
හොර මුදල් නෝට්ටු අරෙගන අාව අයට නිදහස් කරලා තියන්නේ අැයි? එයා ගැන හොයලා බලන්ෙන් නැතිද! මේක සැලසුම් සහගත වැඩක් වෙන්න බැරිද! ජනප්‍රියතාවය උපයෝගී කරෙගන කරන්න හදපු වැඩක්ද? (නදී)
මගේ පඩිය 7500යි. මට 1ක් ආවොත් මම ඉවරයි. (ස)
අපි කොහොමද දැන ගන්නේ මේ මුදල් හොර නෝට්ටු කියා (දිල්)
බලනකොට දැන් මේක මහා පරිමාණ වංචාවක් වෙලානේ (නි)
මේවා විතරක් නොවෙයි, මෙයාල ලග තියෙන අනිත් සල්ලිත් කොහෙන්ද ආවේ කියලා හරියට දන්නේ නැහැ. (අ)
ලංකාවට මොකද වෙන්නේ.? (ස)
තරාතිරම නොබලා දඩුවම් කරන්න. (ස)
හොර සල්ලි මාරු කරන්න පහසුම ක්‍රමයක් හොයාගෙන තියෙන්නේ. (අ)
ව්‍යාජ නෝට්ටු එකක් තිබුනත් ඇති ඇතුලට යන්න. (ස)
මුදා හැරියට වැඩක් නෑ දැන් ඉතින් දේශපාලන වාසි ගනිවී (දිල්)
මුදල් තැන්පත් කරද්දී අනිවාර්යෙන්ම බැංකුවේ පරිගණක යන්ත්‍රයට සැනින්ම එය හසු වෙනවා. මෙවැනි දේවල් ගැන පාරිභෝගික ජනතාව දැනුවත් කරන්ට වගකිව යුත්තන් කටයුතු කරන්න ඕන. ධම්ම, එකම කණ්නාඩිය තාමත් දාගෙන නේද? (ස)
බැරි වෙලාවත් මේ පන්දාහේ නෝට්ටුවක් අපි ගාව තිබුනනම් (දිල්)
සමහරවිට මේකත් ඇති මානව හිමිකම් කොමිසමට යන්න. තරා තිරම නොබලා දඬුවම් කල යුතුය. (ස)
පින්තුරේ සල්ලි කපන එක්කෙනාමද අච්චු ගහලත් තියන්නේ ? (නදී)
සාමාන්‍ය කෙනෙක් මෙහෙම අහු උනා නම් මොකද වෙන්නේ (දිල්)
ඇඟලුම් කම්හලක් විතරක් නෙවේ හොර සල්ලි වැඩපොලකුත් තියනවනේ. ඔය හුඟක් උඩින් යන අය මේ වගේ තමා. (නදී)
අවස්තාවදියෝ දැන් මේකත් දඩ මීමා කරගෙන මඩ ගහන්ට බලයි. ඡන්දෙත් ලග නිසා.(නදී)
ඇයි මිනිස්සු හොර සල්ලි ගහන්න හේතුවෙන්නේ. මොකද මුදලේ වටිනාකමට අඩුවෙන් සල්ලි කොලේ මුද්‍රණය කරන්න පුළුවන් නිසාද? ඒ කියන්නේ රුපියල් 100 ක් ගහන්න යන්නේ රුපියල් 15 ක් 20ක් වගේ අඩු මුදලක් 100ක් ගහන්න 100ක් යනවනම් 1000ක් ගහන්න 1000ක් යනවනම් හොරසල්ලි ගහන වැඩේ ඉබේම නවතිනවා. (නදී)
සමහර අයගේ ප්‍රතිචාර නිකන් විහිළු වගේ.මේවා ගැන ටිකක් ගැඹුරින් හිතන්නකෝ..(දිල්)
දඬුවම් කරන්න (අ)
මේ හොර නෝට්ටු පිළිබඳව සහ මේවා හඳුනා ගැනීම පිළබඳව ජනතාව දැනුවත් කරවනම්, මේ ජාවාරම් කාරයින්ට වැඩේ කරගෙන යාම අපහසු වෙනවා. අහිංසක ජනතාව මේ දේවල් වලින් තලා පෙලනවට වඩා ඔවුන්ව දැනුවත් කළා නම් කාලෝචිතයි. (ස)
මොන උනත් රටේ නීති වලින් ප්‍රභූ අය කරන මේවා නවත්වන්න බැහැ.(ස)
කොහොමද සාමාන්‍ය මනුස්සයෙක් මේක හොර නෝට්ටුවක්ද නීත්‍යනුකුල නෝට්ටුවක්ද කියල අඳුනගන්නෙ (දිල්)
ඇත්තටම මේ දේවල් වලින් තැලෙන්නේ පොඩි මිනිහ.හැබැයි මේ දේවල් කරන්නේ ලොකු මිනිස්සු.යුරෝපයේ සාමාන්‍ය කඩවල් වල පවා මුදල් පරික්ෂා කරන යන්ත්‍ර කැෂියර් මේසේ ම තියෙනවා.ලංකාවෙත් ඒ දේ ඇති කළ යුතු කාලය ඇවිත්. (ස)
දැන් මුදල් ගැන විශ්වාසයක් නෑ. පේනවනෙ. (ස)
මුදල් වැඩියෙන් පරිහරණය කරන සෑම ආයතනයකටම හොර නෝට්ටු හඳුනාගත හැකි ක්‍රමවේදයක් හදලා දෙනවා නම් හොඳයි. (නි)
කුමාරි ගේ අදහස මමත් අනුමත කරනවා, මුදල් පරික්ෂා කරන යන්ත්‍ර පහසු මිලකට ලබා දීමෙන් සුළු කඩ මුදලාලිලාට පවා මුදල් හදුනා ගැනීම පහසු වේවි (දී)
මේ කෙනා ගාමන්ට් එකේ වැඩකරන අයටත් පඩි දෙන්න ඇත්තේ මේ සල්ලි.අනේ අම්මපා මෙයාට දෙන්න ඕනේ එලොව පොල් පෙනෙන්න.(දී)
ඇත්ත තමයි,ලක්ෂ්මන් ජයවර්ධන. පව් අහිංසක ළමයි නොදැන ගන්නවා ඇති. ඒ අය දැනුවත් කරන්න කෙනෙක් ඇත්නම් හොදයි නේද? (නි)
කරුණාකරලා වෙලා තියෙන දේ තේරුම් අරගෙන අදහස් පළ කරන්න. (නි)
ඒ වුණාට තවම නීතියේ රැහැනට හසුනොවූ අය ඉන්නවා. (නි)
දැන් මේවා ඇල්ලුවා කියලත් සමහරු ජිනීවා ගිහින් පැමිණිලි කරලා, අර ලොකු රටවල ලොකු උදවිය වහාම මේ අයත් නිදහස් කරන්න කියාවිද දන්නෙ නැහැ. (නි)
මේක මම නම් දකින්නේ දරුණු අපරාධයක් විදියට. චීනයේ නම් වෙඩි තියලා මරනවා. හැබැයි අපේ ලංකාවේ අහිංසකයෙක් බඩගින්නට කොස් ගෙඩියක් කඩාගෙන කෑවොත් මැරෙනකම් ගහලා හිරේ දානවා. (නි)
මේ ප්‍රශ්නයේදි දුලාංජලී ප්‍රේමදාස කොයිතරම් දුරට, නිර්දෝශීද කියන එක තීරණය කිරීම නීතියට බාරයි. (නි)
නියම නෝට්ටු හා සැසඳීමට පහසු තව විස්තර ලබා දෙන්න. දිය සළකුණු වල ස්වභාවය, සංකේත ආදී දෑ...... මගින් ජනතාව දැනුවත් කරන්න. (නි)