මහරගම රෙදිපිළි සාප්පුවක රෙදි ගන්නට ආ කතකගේ අත් බෑගය සොරකම් කළ තවත් කතක සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි.
එම බෑගයේ රුපියල් ලක්ෂ හතරක මුදල් තුබූ බව ඇය පොලිසියට හා සාප්පුවට පැමිණිලි කර ඇත.
එම බෑගය සොරා ගත් බව කියන තකගේ ඡායාරූප සාප්පුවේ ආරක්ෂක කැමරාවල සටහන් වී ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මෙයාලා නම් කටට ආපු පලියට ඔහේ කියවනවා.ඒ ගෑනු මනුස්සයා තමන්ගේ වෙනත් උවමනාවකට ගෙනාපු සල්ලි වෙන්න ඇති.ඊටත් ලක්ෂ හතරකට ඇදුම් ගන්න ආවා නම් ඒක එයා ජිවත් වෙන්න කරන රස්සාව වෙන්න ඇති .ඒ කොහොම වුනත් තමන් මහන්සියෙන් හම්බකරපු දේ රැකගන්න එක තමන්ගේ වැඩක්. (ස)
දෙපාර්ශවයම කාන්තාවෝ. තුන් වැනි පාර්ශවයක් හිටියා නම් මොනවා හරි කියන්න තිබුනා.අපේ අම්මා බනියි, එනිසා මට බැහැ. (නි)
අද ලංකාවේ ආර්ථිකේ හැටියට ලක්ෂ 4 ට සාරි 2යි, සාය කෑලි 2යි, සෙරෙප්පු කූට්ටමයි ගත්තහම ඉවරයි. ඉස්සර අපි ඇල්පිටියේ ඉඳන් කොළඹ ගිහින් එනවා රුපියල් 2 න්.අතේ ශත 60ක් ඉතුරුත් වෙනවා. ගෙදරට පාන් ගෙඩියකුත් අරගෙන.. (නි)
ඕක ඔය ගැහැණු කෙනාගේ බොරුවක් වෙන්න බැරිද? (නි)
මමත් කරලා තියනවා. මහරගම රෙදිපිළි අරන් කඩයක් දාලා ලාබෙට හොද රෙදිපිළි ගන්න පුළුවන්. කාන්තා පාර්ශවය මේ ව්‍යාපාරය කරනවා. ඉතින් ඔය වගේ ගානක් කොහොමත් අරගෙන තමා යන්නේ. ඉතින් ආදායම් බදු දෙපාර්තමේන්තු දැනගත්තට කමක් නැහැ. මොකද අපේ ව්‍යාපාරයට අපි බදු ගෙවනවා නගර සබාවට (නි)
අයියෝ අපේ කට්ටිය කලබල වෙන හැටි. මේ පුවතේ කොහෙද තියෙන්නේ ලක්ෂ 4 ක 'රෙදිපිළි ගන්නම' ගෙනාවා කියලා. මොක වුනත් එවැනි මුදලක් අත් බෑගයේ ගෙනියන එකේ බරපතලකම දන්නේ නැත්නම්, මිනිපේ කියනවා වගේ පරිස්සම් කරගන්න දන්නෙත් නැත්නම්, එයාගේ මොලේ හොඳ නැහැ කියන එක නම් හරි. (නි)
මෙහි අදහස් ප්‍රකාශ කරන අයගේ තරම! තමන්ට අදින්න ලක්ෂ ගණන් රෙදි ගන්න අය මහරගම රෙදි කඩවලට පය ගහන්නේවත් නැත. ළිං මැඩියෝ නොවී ලංකාව ගැනවත් දැනුවත් වෙන්න. සංජු වගේ අය සාප්පු වලට මහරගම පමුනුවෙන් රෙදි ගෙනියනවා. ඔයාලට වුනත් අඩුමිලට සිල්ලරට රෙදි පමුනුවෙන් ගන්න පුළුවන්. මදක් සොයාබලා කතා කරන්න. ස්තුතියි (නි)
මේකේ තියෙන අදහස් දැක්කම අපේ රටේ මිනිස්සු ගැන බොහොම දුක හිතෙනවා! මහරගම පමුනුව මේ වගේ තොග රෙදි වෙළදපොලක් තියෙන බවත් දන්නේ නෙති මිනුස්සු! මේ අදහස් දාන අය වගේ සීතල කාමරයකට වෙලා පරිගණකයක් ළඟ ඉන්න කෙනෙක් හෝ පිටරටකට වෙලා ඉන්න කාන්තාවක් නොව දාඩිය පිසදමමින් තම දරුවන් ජීවත් කරන්න තම රැකියාවට අවශ්‍ය රෙදි ගන්න ආ දිරිය උතුම් කාන්තා රත්නයක්! (දී)
දිරිය කතගේ මුදල් ඉක්මනින් ලැබේවා. (නි)
ශ්‍රී ලංකා ජනගහනයෙන් 98% අංක එකේ හොරු.... (නි)
මේ අදහස් බැලුවම මට ලියන්නම හිතුනා මාමා කෙසෙල් !!ඔයා කව්රු උනත් මට කමක් නැහැ. මෝඩ අදහස් දාල කෙසෙල් කැන සවුත්තු කර ගන්න එපා. ලංකාවේ සමහරක්;' පිරිමින්ට වඩා තමන්ගේ උත්සාහයෙන් දියුණු වෙන රත්තරන් ගැහැණු අපේ රටේ ඉන්නවා. ඔයාල වගේ පිරිමි දන්නේ ගැහැනුන්ට අපහාස කරන්න විතරයි මේ කාන්තාව ලක්ෂ 4 කට රෙදි ගේනවා ඇත්තේ වෙළදාමට!! එවැනි දිරිමත් .,එඩිතර කතුන්ව සමච්චලයට ලක් කිරීමෙන් වලකින්න.(නදී)
අනේ ඒ කතකගේ මුදල් නැවත ලැබෙන්න පොලීසිය මැදිහත් වී ඉක්මනින්ම ඒ සොරා ඇල්ලීමට අවශ්‍ය පියවර ගන්න, මම ප්‍රයෝගිකව දන්නවා මෙම සුළු වශයෙන් කරන මේ ව්‍යාපාර කෙතරම් කටුකද කියා. (ස)
මහින්ද, මම අහලා කියන්නම්. (ස)
තබුක් සිල්වා සමඟ අනිත් අයට - ඔතන ඇදුම් ගන්න ආවා කියලා නැහැ.රෙදිපිළි ගන්න සාප්පු ඇවිත් තියන්නේ. එම කාන්තාව රෙදි ගෙන ගොස් ඇදුම් මසන ව්‍යාපාරයක් කරනවා වෙන්න බැරිද ? (ස)
සරත් මල්ලි, ඔයා කිවුව ටිකමයි මටත් කියන්න තියෙන්නේ ..? ලක්ෂ 4ක් කීවම මිනිසුන් මෝඩයෝ වගේ බුරනවා. හිතන් නැහැ.මේ මනුස්සයා මෙතැන්ට ආවේ ව්‍යාපාරයක බඩුගන්නද., අඳින්න රෙදිගන්නද ?කියලා ...?නොදියුණු මනසත් ,සිතීමේ නොහැකියාවත්, නිසා තමයි මිනිසුන් අද වැරදි කරන්නේ...?වැරදි සිදුවෙන්නේ ...? මෙවැනි අයගෙන් පිරුණු අපේ රටත් පිරිහිලා ....? (ස)
රුපියල් ලක්ෂ 4ක් මෙහෙම අරන් ගියේ පුජා කරන්නද? නැතිනම් නැති වුන නිසා ගණන වැඩි කර කිව්වද ? ගත්ත එකා අද බුරියානි, ප්‍රයිඩ් රයිස්, චීස් කොත්තු කනවා ඇති යාලුවෝ එක්ක . හවසට කුඩු පාරක් ගැහුවම මේ සල්ලි ඉවර වෙයි. (ස)
මෙසේ සල්ලි ගෙනියනවාට හොද පාඩම් (දී)
ඇදුම් ගන්න ලක්ෂ හතරක් මොනාට ගෙනියනවද මන්දා?? (දී)
මට මෙවැනි උදවිය ගැන අනුකම්පාවකට වඩා ඇතිවෙන්නේ කේන්තියක්. තමන්ගේ දේවල් හරියට පරිස්සම් කරගන්න දැනගත යුතුයි. සල්ලි තමා ළග තිබුනත් නැතත්,තමා අවට ගැවසෙන පුද්ගලයන් ගැන විමසිල්ලෙන් සිට්ය යුතුයි.(නදී)
මොනවද දන්නේ නැහැ ගන්ඩ ආවේ, මොකක් හරි වටින එකක් ද ? 400,000/= ක්? (නදී)
මහරගමින් රෙදිපිළි ගන්න යන ගොඩක් අය යන්නේ බිස්නස්වලට (තොග මිලට)...පවු මිනිස්සු මහන්සියෙන් හම්බ කරන සල්ලි. (නදී)
මහරගම පමුණුව, ස්වයං රැකියා සඳහා අවශ්‍ය රෙදිපිළි මිලදීගන්නා ලංකාවේ තියන ප්‍රධාන මධ්‍යස්ථානයක්. එතනට හුඟක් මිනිසුන් එන්නේ තම රැකියාවට අවශ්‍ය රෙදි ගන්න. එවන් මිනිසුන්ට අපහාස කරන්න එපා. (නදී)
හෙටට නියමිත මංකොල්ලය කොහෙද? (නදී)
මගේ අම්මෝ ඇදුම්වලට ලක්ෂ හතරක් මෙයට කෑමට කොච්චර යනවද මන්දා ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අවදානයට යොමුවේවා.(නදී)
ලක්ෂ හතරක රෙදි ගන්න ආවේ විකුනන්නද?(නදී)
ලක්ෂ 4 ක ඇදුම් ගන්න මෙයාගේ ආදායම් මාර්ගය ගැන සොයා බලන්න.(නදී)
සල්ලි ගෙනියන්නේ මොකටද දැන් තාක්ෂනය දියුණුයිනේ (දී)
දැන් සාප්පු යන්න වෙන්නේ සේප්පුවකුත් අරගෙන.(දී)
ලංකාව කොච්චර දියුණුද කියනවනම් දැන් ගැනු ලක්ෂ හතරක් අරගෙන සාප්පු යන්නේ. (දී)
මොකද දැන් ලංකාවේ හොරු මංකොල්ල කරෝයෝ ළමා අපචාරයේ යෙදෙන්නේ ස්ත්‍රී දුෂකයෝ ලෝකේ තියන ජරාම රටක් වෙලා කව්ද මේවට වගකියනේ ???????? (දී)
හොරුන්ටනම් ඉඩක් තියන්න එපා. නිසි දඬුවම් දෙන්න.(දී)
රුපියල් ලක්ෂ හතරක් තියෙන අත් බැග් එක පිලිබඳ හිමිකාර කාන්තාවගේ තිබිය යුතු අවධානය හොරාගත්තේ කවුද කියලයි පළමුවෙන් හොයන්න ඕනේ.(දී)
අල්ලලා නම ගම ලිපිනය සමග විස්තරය පත්තරේ පල කරන්න (දී)