IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ඇමති බංගලා ඉල්ලා තානාපති කාර්යාලත් පෝලිමේ

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවේ විදේශීය තානාපති කාර්යාල හතරක් ඔවුන්ගේ කාර්යාල පවත්වාගෙන යෑම සඳහා ඇමැති බංගලා දෙන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.

එසේම විශ්ව විද්‍යාල නේවාසිකාගාර සඳහාද ඇමැති බංගලා ඉල්ලා ඇතැයි එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

දැනට ඇමැති බංගලා ඉල්ලීම් කර අැති ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව 20කට අසන්නය.

මේ සම්බන්ධයෙන් අප අමාත්‍යාංශයේ ලේකම් සුමන ආලෝක බණ්ඩාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම ඇමැති බංගලා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට පසුගියදා ඉදිරිපත් කළ බවයි.

මේ අනුව අමාත්‍ය මණ්ඩලයේ තීරණය තව නොබෝ දිනකින් දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

 



අදහස් (8)

ඇමති බංගලා ඉල්ලා තානාපති කාර්යාලත් පෝලිමේ

de silva berlin Friday, 14 March 2025 06:48 AM

ඔය ඇමති බංගලා ජනාධිපති මන්දිර වැනි දේවල් තිබුන කියල රජයට බොහෝවිට වටිනාකමට සරීලන ආදායමක් නොමැති අතර ඇත්තේ වියදම් පමණි , ඔය මන්දිර තුල රජයේ මැදි හත්විමෙන් සංචාරක වියපර කරගෙන ගියොත් අවසානේ සිදු වෙන්නේ ඊට වැඩිය වියදමක් සහ නාස්තියකි, රජයට සංචාරක හෝ වෙනත් වියපර කල නොහැක , එහෙම පුළුවන්කමක් තිබෙනවා නම් ලංකාව පුර තිබෙන රෙස්ට් හවුස් වලට මේ ඉරණම අත්වෙන්නේ නැත , හැකි හොඳම දෙය ඔවා නිසි ක්‍රියාපටිපාටියක අනුව ලන්සු කැඳවා ප්‍රසිද්ධ වෙනේදෙසියේ විකුණා දමන එක එහෙම නැතිනම් වසර 5-10 වැනි දිර්ගකාලින බදු දෙන එක , එහෙම කර ලැබෙන මුදල් රජයේ අදායම් වියදම් පරතරය අඩු කිරීමට යොදා ගන්න එක , රජයේ අද දිනක වියදම් රුපියල් බිලියන 7 කි අදායම බිලියන 5 කි , පාඩුව බිලියන 2කි ,

:       2       8

සෙනෙවිරත්න Friday, 14 March 2025 08:57 AM

ඉහළම කුලියක් ලැබෙන විදියට දීල රජයට ආදායමක් ලබාගන්න. හරිනම් මෙතන වැලපෙන පරාජිතයො මේවටවත් හොඳක් කියන්න ඕන.

:       2       9

බකල ජයා Friday, 14 March 2025 09:25 AM

විශ්ව විද්‍යාල නේවාසිකාගාර වලට මේ බංගලා දුන්නොත් ඊළඟ ආත්මෙ ඒව ජනාධිපති බංගලා වෙලා ඉපදෙනවා - පව් ගෙවල ඉවරවෙන හින්දා.

:       2       13

ravin Friday, 14 March 2025 10:50 AM

තානාපති බංගලා ලෙස දීමනම් වඩාත් හොඳ වැඩක් .

:       1       10

රුවන් Friday, 14 March 2025 11:29 AM

තනාපති බංගලා විදියට දෙන එක වඩාත් හොදයි. එක රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවය වැඩි වෙනවා වගේම රටට ඩොලර් ටිකක් හරි එනවා. ඒවා නඩත්තුවත් ඒ රටවල්මයි කරන්නේ. රජයට බරක් නෑ. විශ්වවිද්‍යාල නේවාසිකාගාර සඳහා වෙනත් ස්ථානයක් දුන්නට කමක් නෑ. හැබැයි හෙට අනිද්දා කැම්පස් දේශපාලන කරන අයත් පාරට බහයි අපිට කොළඹ 7 බංගලා දුන්නේ නෑ සුද්දට වැඩි කුලියකට දෙනවා අරවා මේක කියලා.

:       1       7

geethsam Friday, 14 March 2025 02:40 PM

ඔක්කොම ඇමැති බංගලා විදේශ තානාපති කාර්යාල වගේ රාජ්‍ය ආයතන හෝ වැදගත් වටිනාකමක් ඇති ආයතන වලට බදු දුන්නනම් හරි. ඒ ගොඩනැගිලිවල ආරක්ෂාවක් තහවුරු වෙනවා අයිතියත් තහවුරු වෙනවා. ඒවායේ ආදායම රජයට එනකොට නාකි මයිනට ඉබේටම එයාගෙ බංගලාවෙනුත් කියන්න හිතේවි.

:       0       4

ගමේ එකාලා Friday, 14 March 2025 02:43 PM

ජනතාවගේ රීරී මාන්ස හූරගෙන කාපු දූෂිත දේශපාලුවෝ කොහොම සැපක් වින්දින්ඩ ඇද්ද?

:       0       4

R.T.sarath Friday, 14 March 2025 09:35 PM

ඕවා අනිවාර්යයෙන් ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවලා විකුණලා දමන්න. බදු දෙන්න එපා. එම මුදලින් අපේ ණය ටිකක් ගෙවලා දමන්න. එහෙම නැතිනම් ලංගමට බස් ටිකක්, රෝහල් වල බෙහෙත් නැතුව ජීවිතයත් මරණයත් අතර සටනක් දෙන පුරවැසියන්ගේ ජීවිත බේරා ගැනීම වැනි දෙයක් කරන්න. ඔය මන්දිර අනවශ්‍ය දේවල් ආණ්ඩුව මාරු වුනොත් අලුත් ආණ්ඩු කිසිම හිරිකිතයක් නැතුව මේවා ඇමැති නිවාස, ජනාධිපති මන්දිර ලෙස නැවත භාවිත කරනවා අනිවාර්යයෙන්, ඉන්පස්සේ ඕවාගේ නඩත්තු වියදම් දරන්න වෙන්නේ ජනතාවට, ඕවා ජාතික වස්තු නොවේ. අපේ කරට වැටුන උර චක්‍ර මාල...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 141 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 102 0

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 89 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
2025 අප්‍රේල් මස 22 246 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්


හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි
2025 අප්‍රේල් මස 22 460 0

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත


නිවාඩු නිකේතන භූමියක මළ සිරුරක්
2025 අප්‍රේල් මස 22 354 0

කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 554 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 300 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 453 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site