(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර පුණ්‍යායතනයේ (Latter-day Saint Charities) නියෝජිතයින් පිරිසක් අතර විශේෂ හමුවක් අද (24) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
පිළිකා ඖෂධ පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඇමරිකා ඩොලර් මිලියනයකට වඩා අධික වටිනාකමකින් යුත් ඖෂධ එම ආයතනය දැනටමත් මෙරට ට පරිත්‍යාග කර ඇති බව ද මෙහි දී අනාවරණය විය.
එම පූණ්‍යායතනය විසින් පසුගිය කාලසීමාවේ ක්‍රියාත්මක කරන ලද රෝද පුටු සංචලන ආධාර ව්‍යාපෘතිය සහ පිළිකා ඖෂධ පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘති අඛණ්ඩ ව සිදු කරගෙන යාමට එම ආයතනයේ එකඟතාවය ද අමාත්‍යවරයාට මෙහිදී පළ කළේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීවෙි රජය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු සඳහා පවතින සම්පත් උපයෝගී කරගනිමින් සහ සැලසුම් සහගත ව විසඳුම් ලබාදෙමින් මනා කළමනාකරණයකින් යුතු ව කටයුතු කරන බවයි.
මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.
සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින
යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල
මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථ
ලක්ෂ 26ක් වංචා කළ වරදට අවුරුදු 16ක සිර දඬුවමක් ලැබුණා නම් සමහරුන්ට ඉදිරියේදී නියම වන දඬුවම් මේ ආත්මයේ ගෙවා නිම කරන්නට බැරි වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමෙරිකා පුණ්‍යායතනය සුව ඇමති හමු වෙයි
ඩිනේශ් පෙරෙරා Monday, 24 March 2025 04:36 PM
Latter-day Saint Charities කියන්නේ බෝන් අගේන් පල්ලියේ ප්‍රචාරක අංශය.. මොනවද මේ ඇමරිකන් පල්ලියට ලන්කාවෙන් දෙන්නේ…? අපේ බුද්ධාගම් කාරයින්ව හරවාගන්න තනිකර නිදහස... ජෙප්පන්ගේ බලාපොරොත්තුව වන බුද්ධාගම ලන්කාවෙන් තුරන් කරන එකේ එක එක අදියර තමා මේ…. ද්‍රෝහීන්…!
බකල ජයාMonday, 24 March 2025 07:06 PM
දිනේෂ්, බමුණු සිරිත් පිළිපදින බුදුන් බැහැර කරන්න කියපු දේවල්ම කරන ශාසනේ ඉන්න අය ඉන්නකොට බුද්ධාගම විනාශ කරන්න තව අලුතෙන් අය මොකටද?
gamunu Monday, 24 March 2025 05:55 PM
පිළිකා රෝගීන් හෝ වෙනත් රෝගීන් සඳහා ලබෙන්නා වූ පරිත්‍යාග කරන්නා වූ ඖෂධ රෝගීන් වෙත ලබාදීමෙන් පසු එම ඖෂධ අවසන් වීමෙන් පසු නැවත එම ඖෂධ රෝගීන් වෙත ලබාදීමට හැකියාවක් රජයට තිබේද? එසේ නොමැතිනම් එම ඖෂධ පරිත්‍යාග නොනවත්වා ලංකාවට ලැබෙනවාද? කෙටි කල සඳහා රෝගීන්ට අමෙරිකාවෙන් පරිත්‍යාග මත ලැබෙන්නා වූ ඖෂධ ලබාදී එම ඖෂධ අවසන් වීමෙන් පසු වෙනත් රටක් නිෂ්පාදිත වෙනත් වර්ගයක ඖෂධ ලබාදීම සුදුසුද යන්න සොයාබැලිය යුතුවේ.
Ahmed (Gulf) Tuesday, 25 March 2025 01:25 AM
"පසුකාලීන සාන්තුවරයන්" නැවත ඉපදුණු කිතුනුවන් නොවේ, එය සාතන්ගේ නිකායකි.