රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට, ඇමෙරිකාව මැදිහත් වී යෝජනා කළ දින 30 ක සටන් විරාමයට යුක්රේනය කැමැත්ත පළ කළේය.
යුක්රේන රජය නියෝජනය කරමින් නියෝජිත කණ්ඩායමක් සහ ඇමෙරිකන් රජයේ නියෝජිතයන් අතරේ හමුවක්, සෞදියේ ජෙඩා නුවරදී පැවැත්විණි. සෞදි රජයේ නියෝජිතයෝ සාකච්ඡා සඳහා මැදිහත්කරුවන් ලෙස පෙනී සිටියහ.
යුක්රේන රජයේ නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන්නේ, ඔන්ද්‍රි යාමැක්ය. මොහු යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී වෙනුවෙන් යුක්රේන ජනාධිපති කාර්යාලයේ නියෝජිතයාය.
දීර්ඝ වශයෙන් පැවැති සාකච්ඡාවලින් අනතුරුව, ඇමෙරිකාව යෝජනා කළ දින 30 ක සටන් විරාමයට කැමැත්ත පළ කිරීමට යුක්රේන නියෝජිතයෝ එකඟ වූහ.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය නියෝජනය කරමින්, සෞදියේ පැවැති සාකච්ඡා සඳහා සහභාගී වුණු ඇමෙරිකන් නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන්නේ ඇමෙරින් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝය.
මීට සති දෙකකට පෙර, පසුගිය 28 වැනිදා යුක්රේන ජනාධිපති සෙලන්ස්කී, යුක්රේනයේ ඛනිජ සම්පත් සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන ගණනක ගනුදෙනුවකට අත්සන් තැබීමට ධවල මන්දිරයට ගියේය. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් එක් වී යුක්රේන ජනාධිපතිවරයාට දෙහි කැපුවේ එම අවස්ථාවේදීය.
එම සිද්ධියෙන් පසු ඇමෙරිකාවත් යුක්රේනයත් අතර හොඳහිත පළුදු වුණු අතර, කෝපයට පත්ව සිටි ට්‍රම්ප්, සෙලෙන්ස්කීට පරිභව කරමින්, ඇමෙරිකාව යුක්රේනයට ලබා දුන් සියලුම යුද ආධාර නැවැත්වීමට අණ දුන්නේය.
ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය ඇතුළුබටහිර යුරෝපා රටවල් යුක්රේනයේ සහායට ඉදිරිපත් වුණු අතර, එම රටවල් සහ යුක්රේනය එක් වී රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සටන් විරාම වැඩපිළිවෙළක් ද සකස් කෙරුණි.
සෞදියේ රතු මුහුද ආශ්‍රිත ජෙඩා නුවරදී, ඇමෙරිකන් නියෝජිතයන් හමුවුණු අවස්ථාවේදී, එම සටන් විරාම වැඩපිළිවෙළ ද යුක්රේන නියෝජිත කණ්ඩායම ඇමෙරිකන් නියෝජිතයන්ට ඉදිරිපත් කළ බව වාර්තා වේ.
ඇමෙරිකාව මැදිහත් වී යෝජනා කළ දින 30 ක සටන් විරාමයට යුක්රේනය කැමැත්ත පළ කිරීමත් සමඟ, යුක්රේනය සමඟ බුද්ධි තොරතුරු යළි ස්ථාපිත කිරීමටත්, යුක්රේනයට අවශ්‍ය ආරක්ෂක සහාය යළි ලබා දීමටත් ට්‍රම්ප් පරිපාලනය එසැණින් කටයුතු කළේය.
‘අප මැදිහත් වී සකස් කළ සටන් විරාමයට සහ සාම සැලැස්මට යුක්රේනය කැමැත්ත පළ කිරීම සතුටක්. දැන් අප එය රුසියාවට යොමු කරනවා. රුසියාවෙන් ඊට කැමැත්ත පළ වුණොත් සටන් විරාමය ආරම්භ වනු ඇත. එය සාර්ථක වුවහොත් අපට යුද්ධය සම්පූර්ණයෙයන් නැවැත්වීමට පූර්ණ සටන් විරාමයකට යන්න පුළුවන් වේවි’ යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ අවධාරණය කළේය.
(ඒ.එෆ්.පී.)
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කර ප්‍රතික්ෂේප වූ නාමයෝජනා පත්‍ර අධිකරණ තීන්දුවට අනුව නැවත මැතිවරණයට ඇතුළත් කිරීමෙන් තැපැල් සහ නිල ඡන්ද පත්‍රිකා නැව ම
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සම්බන්ධ කොට ගනිමින් බොරු පුවතක් නිර්මාණය කිරීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස එම අමාත්‍යංශ
පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස මෙම මස 27 වැනි ඉරිදා යොදාගෙන ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය.
ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල්-ධලයි මහතා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (18) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමා
පළාත් පාලන ආයතන වලට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයෙන් ඡන්ද දායකයාට අනියමින් බලපෑමක් එල්ල වන බව ෆැෆරල් සංවිධානයේ විධායක අධ්
මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමෙරිකන් සටන් විරාමයට යුක්රේනය කැමතියි
fairoos Wednesday, 12 March 2025 12:22 PM
එතකොට ඇමෙරිකාව ආයුධ ටික කොහොමද විකුණගන්නේ?