ගාල්ල සාන්ත ඇලෝසියස් විදුහලට තවත් ආදී ශිෂ්‍ය සංගමයක් පිහිටුවා ගැනීම වළක්වමින් ගාල්ල අතිරේක දිසා විනිසුරු සිවන්ත මංචනායක මහතා අද (23) අතුරුවාරණයක් නියෝග කළේය.
විදුහල්පති ඩී පී එල් ගුණසේකර මහතා වග උත්තකරු කරමින් විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති සම්පත් කුකුලේවිතාන හා ලේකම් පී එල් දේශප්‍රිය මහත්වරු පෙත්සම ඉදිරිපත් කළහ.
ඔවුන් කියා සිටියේ දැනට සාමාජිකයින් 2400 කට වැඩි පිරිසක් සංගමයේ සිටින බවයි.සැප්තැම්බර් 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස විදුහල්පතිට නියෝග කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසලකට ආදී ශිෂ්‍ය සංගම් අවශ්‍යයි. ඒ තමා පාසල් ප්‍රජාව. ඔවුන් පාසල් සංවර්ධනයට දක්වන දායකත්වය අති විශාලයි. (නි)
පත්වෙලා ඉන්න විදුහල්පති තුමාගේ හැසිරීම වගේම ,ඔහු සතු දැනුම ගැන හරිම දුකයි. ඇතුලේ ඉන්න කට්ටිය තමයි දන්නේ තරම.. ! (දී)
පාසලේ 6/11 වසර අධ්‍යාපනය ගැනත් මීට වඩා හිතුවොත් හොදයි. එන්න එන්නම විභාග ප්‍රතිඵලත් අඩුවෙනවා. දැන්වත් පාසලේ සියලු දෙය ගැන සිතන විදුහල්පති වරයෙක් ආවොත් හොදයි.(නදී)
.අපේ පාසැල රැකගනිමු. (අ)
පාසල්වලට මොනවා වෙලාද? (දී)
පාසලකට ආදී ශිෂ්‍ය සංගමයක් අතිශය වැදගත්.. ආදී සිසුවන් එක් රැස් කිරීම, පාසල් සංවර්ධන කටයුතු සඳහා යම් යම් වැඩ සටහන් ක්‍රියාත්මක කරීම වැනි කටයුතු වලදී ආදී ශිෂ්‍ය සංගම් අතිශය වැදගත්..එහෙම දෙයක අවශ්‍යතාවය නොදැනෙන්නේ පාසල් කටයුතු සම්බනධව නොදන්නා කෙනෙක්. පහුගිය වසර කිහිපය අප විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමය කල මෙහෙය දන්නෝ දනිති..ඒවා මහා සභා රැස්වීම හිදී පවා දැනුවත් කෙරුණු අතර මෙම කටයුතු අඩපන කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරන බව ප්‍රකාශ කරනු කැමැත්තෙමි. මා ක්‍රියාකාරී ආදී සිසුවෙකු මිස කමිටු සාමාජිකයකු නොවන්නෙමි. කමිටු සාමාජිකයන්, විශේෂයෙන් දේශප්‍රිය අය්යා සහ අනෙකුත් අය කරන සේවය අති විශිෂ්ටයි.. පාසලට ළමුන් ඇතුලත් කිරීමේදී ආදී ශිෂ්‍ය සංගම මගින් මුදල් එකතු කිරීම සාධාරණයි.. මන්ද පාසලේ ඇතැම් ගුරු වරුන්, පුහුණු කරුවන්ට වේතන පවා ගෙවනු ලබන්නේ මෙම සංගමය මගින්ය.සියලුම ක්‍රීඩා සහ අතීරේක කටයුතු සියල්ලක්ම සදහා මුදල් ලබාදෙනුයේ මෙම සංගමය මගිනි.. ප්‍රධාන ශාලාව ඉදිකිරීම, ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීම වැනි අතිශය සංකීර්ණ ව්‍යාපෘති වලට පවා ආදී ශිෂ්‍ය සංගමය දක්වන අනුග්‍රහයට මුදල්, රජයෙන් ලබා නොදෙන බව සිහි තබා ගතයුතු වෙ.. පහුගිය කාලේ ඇතිවුණු දැඩි සුළගින් පාසලේ වහලවල් සදහා සිදුවූ හානියට රජයෙන් සත පහක උපකාරයක් නොවුවත් ආදී ශිෂ්‍ය සංගමය ඒ සදහාද විශාල පිරිවැයක් දරන ලදී.. ඕනෑම සංගමයක අඩුපාඩුකම් තිබෙන බව සත්‍යවේ.. විදුහල්පතිට අවැසි පරිදි ඔහුගේ විය හියදම් අනුමත කලානම් අද මෙවැනි ප්‍රශනයක් නොවෙනු ඇත.. තව කරුණු බොහෝමය.. ඒවා ඉදිරීයේදී අප දැනුවත් කරනු ඇති බව විශ්වාස කරමි,, ආදී ශිෂ්‍ය සංගමයේ විශාල වරදක් ඇත.. එනම මේ සමබන්දව පිරිස් දැනුවත් කිරීම් නොවන බවය.. මා මේ විස්තර ලබා ගත ආකාරය වැදගත් නොවනු ඇත.. ආදී ශිෂ්‍ය සංගමය ඉතා ඉකමනින් සාමාජිකයින් දැනුවත් කරනු ඇතැයි විශ්වාස කරමි.. ලිවීමට බොහෝ දේ ඇත,, නමුත් දැනට ප්‍රමාණවත්ය.. (දී)
මීට පෙර ක්‍රියාත්මක වූවා නම් මීටත් වඩා කලින් විදුහල නිසි මගට ගත හැකිව තිබුනා. (නි)
හැම දේයකම් අතරල දල ඉස්කෝලේ අද්‍යාපනය හදල ඉන්න.මොකද ඉස්කෝලේ දැන් කුකුල් කූඩුවක් වෙලා.(නදී)
අපේ පාසල ගැන අපිට දුකයි . මේ විදුහල් පතිව එලවල දන්නා ඕනේ...මෙයා මෙලෝ දෙයක් දන්නේ නැහැ
විදුහල්පතිවරුන්ට වෙලා තියෙන්නේ මේ ආදී ශිෂ්‍ය සංගම් නිසා ගාන කපා ගන්න බැරි වීමයි. ඒකයිi මේවට විරුද්ධ . පව් වැඩේ.(නදී)
ඔය පාසල ගැන හුගක් කතාන්දර මීට කලින් ඉදලම තිබුණා (නි)
විදුහල්පතිතුමාගේ වත්කම් ඇතුළු සියළුම කරුණු පරීක්ෂා කරන්නත් ඕනෑ. (නි)
අපේ රටේ සේරම සමිති ,සමාගම්,පක්ෂ, සංවිධාන,ගම්,නගර, පවුල්, මේ හැම දෙයක්ම බෙදිලා වෙන්වෙලා එකිනෙකා කුලල් කා ගන්න තත්වයට පත්වෙලා. රටට මොකක් හරි ව්‍යයසනයක් ආවොත් අපට දෙවියන්ගේම පිහිටයි. (නි)
අද සමහර පාසල් වල ආදී ශිෂ්‍ය සංගම් ,පාසල් සංවර්ධන සංගම් වල මාෆියාවක් තියනවා.ඒවායේ නිලධාරීන් පාසැල ගැන සියලු තීන්දු ගන්න තත්වයක් උදාවෙලා තියෙනවා. බලහත්කාරයෙන් දෙමාපියන්ගෙන් සල්ලි එකතු කරනවා (නි)
මමත් ආදී සිසුවෙකි.(නදී)
ඇලෝය්සියස් ගාල්ලේ ජීවිතේම ලෑල්ලේ .(නදී)
ළමුන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලකයන්ට ඇගිලි ගසන්න අවස්ථාවක් දෙන්න ඕනේ කියල අර හීනෙන් දොරවල් අරින්න ගිය කොල්ලෙක්ගේ පියෙක් පසු ගිය දවසක පතරේකට කියල තිබුනා. මට තෙරන විදියට පියත් මේ පාර සැරසෙන්නේ බාලන්ශයට යන ළමෛක්ට දොරක් දෙකක් ඇරලා දීල ගානක් කපාගන්න වගේ , දොරවල් ඇරීම පවුලේ සම්ප්‍රදායක් වෙළාද? එහෙම නැත්නම් පියත් හීනෙන් දොඩවනවද ?(නදී)
බන්දුල පෙරේරා කැමති නැද්ද පාර්ලිමේන්තු ඡන්දෙකට ඉදිරිපත් වෙන්න? නියම සුදුස්සෙක් ඔබ ලංකාවේ පාර්ලිමේන්තුවට. (නදී)
මම නම් කියන්නේ විදුහල් වලට ආදී ශිෂ්‍ය සංගම් අනවශ්‍යයි. අවංකවම තමා ඉගෙන ගත් පාසලේ දියුනුවට ආදාරයක් දෙන්න දියුනුවට අත හිත දෙන්න සංගම් අවශ්‍ය නැහැනේ. මේ සංගම් කියන්නේ මාපියාවක්. මෙයාලා තමයි ඉස්කෝලේ අයිති කාරයෝ.විදුහල්පතිත් මෙයාලට නැමිලා ඉන්න ඕනා. මම නම් කියන්නේ රජයෙන්ම නීතියක් ගෙනල්ල මේ සංගම් විසුරුවා හරින්න ඕනා.(නදී)
විදුහල්පතිට මොනවා වෙලාද? අපේ පාසැල කන්න හදන්නේ (දී)
අපේ පාසැල රැකගනිමු. (නි)
අනේ මගේ විදුහලට මොනවාද මේ වෙන්නේ? (නි)
පාසැල ගැන දුකයි. (නි)