ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයයේ විශේෂ අධ්‍යාපන ඒකකයේ ඉසුරු මහේෂ් පණ්ඩිත අපොස (සා.පෙ) විභාගයෙන් ඒ අටක් හා බී එකක් ලබාගෙන සිටී.
ඇස් දෙකකම නොපෙනෙන මේ සිසුවා බ්‍රේල් ක්‍රමයට පිළිතුරු ලීවේය.ඔහු තෙලිකඩ ගිනිමැල්ලගහ පදිංචිව සිටී.
ඔහු උසස් පෙළට ප්‍රංශ භාෂාව,ඉංග්‍රීසි සාහිත්‍ය හා ඉතිහාසය හදාරා නීතීවේදීයකු වීමට අදහස් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර නම් වාසනාවන්ත දරුවෙක්ද? අපේ සුබ පැතුම්. (ස)
බොහොම සන්තෝසයි. අපේ පාසලේ ළමයෙක්. (ස)
ඔබ ශා/ ඇලවිෂියෂ් විදුහල් මෑණියන්ට ආඩම්බරයක් . සන්තෝසයි පුතේ උණුසුම් සුභ පැතුම්!!! මා ඉගෙන ගත් පාසලේම විශේෂ අධ්‍යාපන ඒකකයේ ළමයින්ගේ නැණ නුවණ පාදන ආදරණිය ගුරු භවතුන්ට පින්. (ස)
දෑසට වඩා මනසින් ලෝකය දකින්න නුඹ පින්කර තියෙනවා! පුතේ නුබට සුවබර අනාගතයක් උදාවේවා! (දිල්)
මේ දරුවාට කාගෙවත් සම්මාන නැහැ. ප්‍රශංසාත් නැහැ. ඔයාව දෙවියෝ බලාගනිවී පුතේ. (ස)
දිනේවා අැලෝසියානු මෑණියනි! නැණ පාදන අපේ ගුරු දෙවියන්ට පින්. සුබ අනාගතයක් රත්තර පුතේ! (නි)
අනේ! මගේ පාසල ගැන මට හරිම ආඩම්බරයක් දැනෙනවා.පුතේ, ඔබට සුබ අනාගතයක්! (නි)
මට මගේ පාසැල ගැන ආඩම්බරයි . ඔබට ජය පතමි . (දී)
සුභ පැතුම් මල්ලි. ඔයා ඇස් පෙනෙන හැමෝටම හොඳ ආදර්ශයක්. (ස)
පුතේ ඔයාට සුබ පතනවා.ඔයාගේ බලාපොරොත්තුව ඉටු වී රටට හොඳ සේවයක් කරන්න ලැබෙන්න කියලා. (ස)