(අංජුල මහික වීරරත්න)
ඉඩම් අත්කර ගැනීමේ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දැනට බල පැවැත්වෙන 1950 අංක 09 දරන ඉඩම් අත්කර ගැනීමේ පනතේ විධිවිධාන අනුගමනය කිරීමේදී විශාල කාලයක් ගත වීම හේතුවෙන්, ඉඩම් අක් කර ගැනීමේ ක්‍රියාවලිය සඳහා ගත වන කාලය අවම කර, සරළ ක්‍රමවේදයක් යටතේ ඉඩම් අත්පත් කර ගැනීමටත්, ඒකීය ක්‍රමවේදයක් යටතේ වන්දි ගෙවීමටත් හැකි වන පරිදි, එම පනත වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් සංශෝධනය කිරීමට 2021-01-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ සඳහා වන මුලික පනත් කෙටුම්පත සකස් කර ඇති අතර එකී පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු අවසන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා ගත යුතු බව නීති කෙටුම්පත් සම්පාදක විසින් දැනුම් දී තිබේ.
ඒ අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, එකී පනත් කෙටුම්පත කඩිනමින් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත.
ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉඩම් අත් කර ගැනීමේ පනත සංශෝධනයට
ගුණරත්න Wednesday, 26 March 2025 01:32 PM
ඔය කියන ඊනියා සරල ක්‍රමවේදය තමයි නායකතුමාගේ අභිමතය පරිදි ඕනෑම රජයේ දේපලක් අවශ්‍ය පරිදි අවශ්‍ය අයෙකුට දෙන්න අවශ්‍ය නීති කියන එක. එහෙම නැතිව සොයාබලා අවංක වශයෙන් ඉඩමක් නැති අසරණයාට ඉඩම් දීමේ චේතනාවක් නොවෙයි. මොකද පරණ නීති තිබ්බා කියලා මෙතෙක් කල් ඉඩම් පැවරීම් නොවුණා නොවේනේ. අපේ ගමේ අල්ලපු ගම උදාගමක්, එක සම්පූර්ණයෙන්ම රජයේ ඉඩමක් නිවසක් නැති අයට පවරා දීලා නිවාස හදා දුන්නු තැනක්. පරණ නීති තිබ්බා කියලා ඒ වැඩ නැවතුනේ නැහැ. ඉතින් මොකක්ද මේ අමුතු හදිසිය?
Colombo Godaya Wednesday, 26 March 2025 02:44 PM
මගේ හම්බන්තොට ඉඩම මත්තල පාර පළල් කරන්න අවුරුදු 4කට විතර කලින් අත්පත් කර ගත්තා. මම තවමත් වන්දි බලාපොරොත්තුවෙන් ඉන්නවා. පවතින නීතියේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එකම ප්‍රශ්නය රජයේ නිලධාරීන්ගේ නොසැලකිල්ල සහ අලසකමයි.
Chinthaka Thursday, 27 March 2025 10:59 AM
මාර්ග සංවර්ධනයට ඉඩම් අත්පත් කරගෙන මාර්ග පුළුල් කලාට පස්සේ ත්‍රීවීලර් කාරයෝ පුළුල්කල කොටස පාර්ක් හැටියට ගන්නවා ඉඩමේ අයිතිය තිබූ කනාට හදිසියේවත් වාහනය නවතන්න තුන් පූට්ටුවො ඉඩක් දෙන්නෙ නැහැ මේක වෙන්නේ නගරයේ පාරවල්වල තමයි ඔවැනි දේවල් නිසා අපේ ප්‍රදේශයේ ලොකු හාඩ්වෙයාර් එකක් වැහිලා ගියා මේ ගැනත් අවධානයට යොමුවෙනවා නම් හොදයි