ඉතාලියේ ජිවත්වන ශ්‍රි ලාංකිකයින් එරට රැදී සිටිමේ බලපත්‍රය අලුත් කිරිමේදිත් ලංකාවේ සිටින පවුලේ උදවිය ගෙන්වා ගැනිමේදිත් රෝමයේ පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයෙන් ඉටුකරගත යුතු කාර්යයන් සදහා ලියෑවිලි සකසා දීම හා නිතිමය උපදෙස් ලබා දිමට නව කාර්යාලයක් වෙරෝනා නගරයේදි විවෘත කළ බව වෙරෝනා නගරයේ වෙන්නප්පු මිත්‍රත්ව සුබසාධක සංගමය කියයි.
වෙන්නප්පු මිත්‍රත්ව සුබසාධක සංගමයේ සභාපති ඩික්සන් ප්‍රනාන්දු මහතා කියනුයේ මෙම කාර්යාලයය ආරම්භ කළේ හුදෙක් ශ්‍රි ලාංකිකයින්ට උදව් කිරීම බවයි.
උඩවලවේ ඥානානන්ද හිමියන් ඈන්ටන් රංජිත් පියතුමන් නිතිඥ ඔනාතා කර්නවාලි මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාව එක් වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉහලින් සදහන් කරන ලද අදහස් අනුව පෙනීගෙන යන්නේ ශ්‍රී ලංකාවේ මෝඩ මිනිස්සු වැඩි වී ගෙන යනවා වගේ. රටකට යන කලක් .(දී)
දුරු රටක ජීවත් වන අයට මෙවන් දේ ලොකු සවියක්. (නි)
මීට තැරැව්කරුවන්ගෙන් යම් බලපෑමක් තිබේද? (නි)
අපගේ සුභ පැතුම්! (නි)
මෙම කටයුත්ත සංවිධානය කළ සියල්ලන්ටම අපගේ ප්‍රණාමය! (නි)
මෙවැනි දේවල් කීයක් මහා ලොකුවට පත්තර වල දැන්වීම් දාල ආරම්භ කලාද? කට්ටියම පැනල ෆොටෝ අරගෙන එයින්ම එක ඉවර වෙනවා. (දී)
රණතුංග, මට හිත ගන්නා පුළුවන් ඔයාගේ රට. මොනවා උනත් ටිකක් මොලය කල්පනා කරොත් හොද වැඩ තියනවා. ,මම සුබපතනවා ඔයාට ඔයාගේ ගෙදර කට්ටිය ඉක්මනට ගෙන්න ගන්න ලැබේවා කියා.(නදී)
මෙහෙ ඉන්න අය හරියට ලංකාවේ ඉන්න අයට උදව් කරනවා. කියල වැඩක් නැහැ. උදව් කරන මුවාවෙන් මේ දේවල් ඇරලා අහිංසකයන්ගේ ඔලුවත් උගස් තියා ගන්නවා.(නදී)
සුජානි මහත්මිය, ඔබතුමිය වගේ නුවණැත්තියෝ වගේම අපි වගේ මෝඩ මිනිස්සුත් ඉන්න ඕනෑ.එහෙම නැත්නම් මෙතන සමබරතාවය නැතුව යනවා. (නි)
මම ඉන්න රටට බැහැනේ පවුලේ උදවිය ලේසියකට ගෙන්න ගන්න.වීසා දෙන්නෙම නැහැ. (අ)
මේ මිතුරු සංගමේ අය උදවු කරන්නේ නොමිලයේද? (නි)
සංවිධායක මහත්තය හරිම නිර්ලෝබියෙක් වගේ. (ස)
සිරියලතා කෙන්යාව,මම ඉන්න රටේ, ලංකාව කියන රට තියෙන්නේ "බ්ලැක් ලිස්ට්" එකේ. ඒක හන්දා මොන බෙහෙතක් දුන්නත් ලෙඩේ සුවවෙන්නේ නැහැ. වෙලා තියෙන්නේ අපේ කට්ටිය නිවාඩුවට කියලා ඇවිල්ලා එහෙම්මම නතර වෙන්න හදනවනේ. ඒකයි හේතුව.(නදී)
යන අයව ඉක්මනින් යවන්නම්.(නදී)
යන්න කැමති අය ඉන්නව නම් කියන්න. (නදී)
කියන්න පුලුවන්ද ඉතාලි යන්න පුලුවන් කොහොමද කියලා(දිල්)
රණතුංග, කියන්න ඔයාගේ රට. ඕන ලෙඩකට බෙහෙත් තියනවා. (ස)
හොඳ වැඩක්. (ස)