ඉතාලියේ සලැර්නෝ නගරයේ වාසයකරන ලාංකිකයෙක් පසුගිය දිනෙක නගර මධ්‍යයයේ සවස තුනට පමණ ඇවිදිමින් සිටියදීනන්නාඳුනන පුද්ගලයෙකු මුහුනට වේගවත් පහරක් එල්ලකර පලාගොස් ඇතැයි ද, බිම වැටුණු ලාංකිකයාගේ මුහුණ ඉදිමී ඇති බව ද, රතුකුරුස සහන සේවකයන් පැමිණ ප්‍රථමාධාර දී ඔහු රෝහල් ගත කර ඇති බව ද දැනගන්නට ඇත.
වෛද්‍යවරු පවසනුයේ ලාංකිකයා දින හතක් පමණ ප්‍රතිකාර ගතයුතු බවයි.
ලාංකිකයාට පහරදුන් පුද්ගලයා සොයා පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දැන් හරියට ලංකාවේ මිනිස්සු පිටරට වලදී තාඩන පීඩන වලට ගොදුරු වෙනවා (දී)
පහර කන්න තරම් මොනවා හරි මෙම පුද්ගලයාත් කරලා ඇති (දී)
මෙහෙ කෙනෙක්ට ගහන්න ඉන්නේ ඉතින් මෙහෙ කෙනෙක්ම වෙන්න ඇති (දී)
ඒ මිනිහා නිකම්ම ඇවිත් කිසිම හේතුවක් නැතිව ගහලාද? පිස්සෙක් වෙන්න ඇති. අපේ මිනිස්සු කාටවත් කිසි වරදක් කරන්නේ නැහැනේ.පිස්සෙක් වෙන්න ඇති.නෝනා
අපෝ මේ වගේ වැඩ හරියට වෙනවා මහා ලොකුවට මානව හිමිකම් ගැන කතා කෙරුවට ඉතාලියේ සමහර නගර වල ඉන්න අපේ අයට හරියට කරදර සිද්ද වෙනවා විශේෂයෙන් නාපොලි නගරේ ගැහැණු පිරිමි බේදයක් නැතුව හරියට පහර කෑම්වලට ලක්වෙනවා මේවා ගැන කතාකරන්න කිසිම කෙනෙක් නැහැ දැන් දැන් ශ්‍රී ලාංකිකයන් ගැන මෙයාල බලන්නේ වැරදි කොනෙන් .කාලයක් එක්තරා පළාතක යන්න බැරි තරමට කරදර තිබ්බ වැඩට ගිහින් එන වෙලාවට රැකගෙන ඉදලම පහර දෙන තත්වයක් එහෙම අපේ මානව හිමිකම් උල්ලංගනය කරන ඉතාලිය අපිට එරෙහිව චන්දෙත් දුන්න . (දී)
ගහපු කෙනා එක්කෝ ඊළාම්කාරයෙක් හරි ජාතිවාදී, වර්ගවාදී කෙනෙක්. නැත්නම් ඔලුව හොඳ නැති ලෝකයේ වෙන සිදුවීම් සහ ජාතීන් හැසිරෙන විදිහ නොදන්නා කෙනෙක්.මම 1996 සිට මේ දක්වා මැදපෙරදිග,ඇමෙරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ රැකියාව කරනවා."කැත්තට පොල්ල වගේ" තදින් ඉන්නට හුරු වුණ නිසා කරදර නැතුව ඉන්නවා. නමුත් එහෙම රළු නැති අයට මොන ඉහළ රැකියාවක්, උගත් හෝ නුගත් වුවත් වෙනස්කම් කෙනෙහිලිකම් අපහාස එමටයි. මේවා නොදන්නා ඩෙන්සිල් වගේ අය කියන කතා ඔවුන්ගේ නොදන්නා බව සහ නිවට බව එළිකරනවා. (නි)
වන් ෂොට් නොකවුට් කියලා කරන ක්‍රීඩාවකුත් මේ දිනවල සමහර රටවල තිබෙනවා. නන්නාඳුනන කෙනෙකුට හදිසියේ එක පහරක් දීලා බිම දානවා. එහෙම දෙයක් වෙන්න ඇති. නැත්නම් සත්‍යපාල කියපු දේ 100% හරි. මමත් රට ඉන්න නිසා දන්නේ. (නි)
නිකන් ගන්නේ නෑ කවුරුවත් . මානව හිමිකම් අතින් ඉතාලියේ ඉහල ස්ථානයක ඉන්නෙ.ඉතාලියේ පියා දුවව දුෂණය කරන්නේ නෑ. සිය දිවි නසා ගැනීම් නැති තරම්.මිනිස්සුන්ව සත්තු වගේ පාර මැද්දේ කපලා දන්නේ නෑ. අඩුම තරමේ දෙමාපියන්ට දරුවෙකුටවත් ගහන්න බෑ. (ස)
අපෝ! මේ සමහර අය නොදන්නවා වුණාට මේ කියන රටවල කළු මිනිසුන්ට තාමත් සළකන්නේ බොහොම පහත් විදියට. හැබැයි ඉතින් හුඟාක් රටවල නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා (නි)
ඉතාලියේ වුණා නම් ඕක කරලා තියෙන්නේ ලංකාවේ පාතාලයෙන් පැනල ආපු අය වෙන්න ඕනේ. (ස)