ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාව විවේචනයට ලක් කළ ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
ඉදිරිපත් කර ඇති යෝජනාව ප්‍රායෝගික නොවන බවත්, නොගැළපෙන බවත් ඉන්දියාව කීවේය.
ශ්‍රී ලංකාව පසුගිය වසරේ අංශ කිහිපයකින් ප්‍රගතියක් දක්වා ඇති බවත්, සිය කැපවීම අන්තර් ජාතික ප්‍රජාවට දන්වා ඇති බවත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවට ස්තූතියි! (නි)
ගිය සැසිවාරයේදී එයාල අපට කරන්න ඕනෑ හානිය කර අවසානයි. ඒ නිසා ඡන්දය නොදීමත් පක්ෂව දීමත් අතර ලොකු වෙනසක් මම නම් දකින්නේ නැහැ. (නි)
පසුවී හෝ යතාර්ථය තේරුම් ගත් එක ලොකු දෙයක්. (නි)
ඉන්දියාව නැවත හරි මඟට ආ එක ගැන සතුටුයි. (නි)
ඇත්තටම ඒක හරියට එකම කාසියේ දෙපැත්ත වගෙයි. (නි)
මේක අපේ රට දෙකට කරනවට වඩා ඉන්දියාව කෑලි වලට කැඩිමේ මහා කුමන්ත්‍රණයක මුල කියලයි මට නම් හිතෙන්නේ. ඇමරිකානුවෝ ගිය කොතැනද සාමය ඇති කළේ ? ඉරාකය, ලිබියා, ඇෆ්ඝනිස්ථානය... ඔය හැමතැනම එකිනෙකා මරාගන්න තරමේ ජාතීන් අතර වෛරයක් වපුරලා රටවල් විනාශ කරලා යන්න ගියා. (නි)
අවසාන මොහොතේ හෝ මෙවන් තීරණයක් ගැනීම ගැන සතුටුයි. (නි)
ලංකාවට එරෙහිව ඡන්දය දුන් අයට ඔවුන් ගත් මේ පියවර පසුව පාරා වළල්ලක් වේවි (නි)
සංජය, ඔබගේ අදහස් මා සිතන අයුරින් නිවැරදියි. (නි)
කාට කාටත් කළ කළ දේ පල පල දේ තමයි. (නි)
මේ අපි වගේ පුංචි රටක් අල්ලාගන්න ඇමරිකාව දඟලන්නේ මොකටද? ඉන්දියාවටත් දැන් ටික ටික මොළය පෑදෙනවා වගේ. (නි)
දැන් ඉතින් රැවුලයි කැඳයි දෙකම බේරිලා නේද මන්මෝහන් සින් මහත්තයෝ ? (දී)
දැන් මොකද අර නෝනයි මහත්තයයි කියන්නේ ? (ස)
ඉන්දියාව මේ පෙන්නලා තියෙන්නේ හතේ කොලේද ? නැත්නම් ස්කෝප්ප ආසියාද? (අ)