IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ඉන්දීය සරණාගතයන්ගේ ගැටළු විසඳන්න යයි

(විමුක්ති එස් රොද්‍රිගු)

ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකීකයන්ගේ ගැටළු විසදීම අරමුණු කර ගනිමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද විශේෂ ජංගම සේවය ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද (31) පෙරවරුවේ ආරම්භ විණි.

ජනතාවට පවතින ගැටළු විසදීම සදහා අධිකරණ අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන විසින් ස්ථාපිත කර ඇති ජංගම සේවා කුටි නිරීක්ෂණය කිරීමට ද අධිකරණ අමාත්‍යතුමා ඇතුළු නිලධාරීන් එක් වු අතර ජංගම සේවය ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවය අමතමින් අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය...

උතුරු පළාතේ ජනතාවට පවතින ගැටළු විසදීම සදහා රජය ප්‍රමුඛත්වය දී කටයුතු කර ඇති අතර මෙම වසරේ ජනවාරි  හා ජුනී මාසවල ජංගම සේවා දෙකක් පැවැත්වීමට කටයුතු කර  ඇති බවත්, විශේෂයෙන් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ජනතාවට පවතින ගැටළුවලට විසදුම් ලබාදීම සදහා මේ වන විටත් විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් අදාළ රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් ඒ් සදහා පත් කර ඇති බවත්, එම කමිටුව විසින් උතුරු පළාතේ සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් ඒ් සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවත්, අධිකරණ අමාත්‍යතුමා පැවසීය.

උතුරු පළාතේ ජනතාවට ඉඩම් සම්බන්ධව පවතින ගැටළු විසදීම සදහා විශේෂ සමථ මණ්ඩල ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති අතර, යුද්ධයෙන් හානි වු පුද්ගලයින් හා දේපළ වෙනුවෙන් වන්දි ලබාදීමට හානි පුර්ණය සදහා වු කාර්යාලයත්, අතුරුදහන් වු තැනැත්තන් සම්බන්ධව පැමිණිලි විමර්ශනය සදහා අතුරුදහන් වු තැනැත්තන් පිළිබදව වු කාර්යාලයත් කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යතුමා සදහන් කළේය.

අතුරුදහන් වුවන් සම්බන්ධව ලැබී ඇති පැමිණිලි පිළිබදව වු විමර්ශන සිදු කිරීම කඩිනම් කර ඇති අතර එම කාර්යාලය සදහා පත් කර ඇති නව නිලධාරීන් ඒ් වෙනුවෙන් ආරම්භ කර ඇති විශේෂයෙන් වැඩ පිළිවෙල හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ අදාළ විමර්ශන අවසන් කිරීමට හැකිවන බව ද අධිකරණ අමාත්‍යතුමා පැවසීය.

සමස්ත රටටම වෙලාගෙන ඇති මත් ද්‍රව්‍ය සම්බන්ධව වු ගැටළුව උතුරු පළාත තුළද විශාල වශයෙන් ව්‍යාප්තව පවතින බැවින් තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් එය මර්දනය කිරීම සදහා කටයුතු කිරීම ආරක්ෂක අංශ ඇතුළු සියලු දෙනාගේ වගකීමක් වන අතර ඒ් වෙනුවෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින බව ද අධිකරණ අමාත්‍යතුමා වැඩිදුරටත් පවසන ලදී.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය හා  යාපනය දිස්ත්‍රික් ලේකම් කේ.මහේෂන් මහතා මෙහිදී අදහස් පළ කළ අතර, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.පී.එස්.සමන් කුමාරී, හානි පූර්ණ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එල්.එම්.හසීම් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි විය.

යුද්ධයෙන් හා වෙනත් විපත්වලින් හානි සිදු වු පුද්ගලයින් කිහිප දෙනෙකු වෙනුවෙන්  වන්දි ලබාදීම ද මෙහිදී අධිකරණ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.



අදහස් (0)

ඉන්දීය සරණාගතයන්ගේ ගැටළු විසඳන්න යයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි
2024 නොවැම්බර් මස 19 1 0

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත


මුහුදට වැටී ධීවරයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 36 0

ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.


එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය වහා රැස් කරන්නැයි ඉල්ලයි
2024 නොවැම්බර් මස 19 402 0

වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ


ගල් බෝර සවි කිරීමට ගිය අයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 143 0

බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 1582 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 3426 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27487 38

‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 20130 13


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 392 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1881 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site