IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඉන්දියාව පරදී : ගම්පහ මුදලාලි මැරේ

විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාව දිනන බවට ඔට්ටු ඇල්ලූ ගම්පහ ව්‍යාපාරිකයකු රේස් බුකියට වී ක්‍රිකට් තරඟය නරඹද්දී ඉන්දියාව පැරදුණු බව ඇසීමත් සමග සිහි නැති වී ගම්පහ රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගිය බව ගම්පහ නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය පී පී ආර් පී රාජපක්ෂ මහතා ඉදිරියේ පැවැති මරණ පරීක්ෂණයේ දී කියැවිණි.  

ඔහුගේ බිරිය සාක්කි දෙමින් පැවසුවේ මීට පෙර ඔහුට   රෝගයක් නොතිබුණු බවයි.

හදිසි හෘදයාබාධයකින් ව්‍යාපාරිකයා මිය ගොස් ඇතැයි මරණ පරීක්ෂණයේ දී නිගමනය විය.



අදහස් (0)

ඉන්දියාව පරදී : ගම්පහ මුදලාලි මැරේ

රන්ජනී ලන්ඩන් Monday, 07 April 2014 08:33 PM

අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු ලංකාවේ ඉන්නවනේ. පැරදුනත් ලංකාව දිනනවා කියලා ඔට්ටු අල්ලන්නනේ තිබුනේ. මිනියේ වැඩ ටික ඉන්දියාව බාරගනීවිද? නැහැනේ. අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්... (නි)

:       0       0

චන්දික Monday, 07 April 2014 08:51 PM

අපේ රටට ගරහන අයට ඔහොම තමයි වෙන්නේ. අපේ සිංහලයෝ තවත් ඉන්නවා වෙනත් අයට ආවඩන (නි)

:       0       0

නශාඩ් Monday, 07 April 2014 09:12 PM

අනේ පවු අනේ! (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 07 April 2014 01:49 PM

ලෝක කුසලානය පසුපස මෙතරම් සිදුවීම් තිබෙනවාද? මෙතුමා දිවිපිදුවේ රට වෙනුවෙන්ද? නැත්නම් ඉන්දියාවේ පරාජය වෙනුවෙන්ද? (දිල්)

:       0       0

රොමේෂ් ෆ්රෑන්ක්ලීන් Monday, 07 April 2014 02:14 PM

හොඳ වැඩේ මෙයාට. (ස)

:       0       0

ගන්දර සයිමොන් Monday, 07 April 2014 02:26 PM

දිනුම පැරදුම දරා ගන්න බැරි වින්ද ගන්නට බේරී මෝඩ මිනිසු්සු නේ කවුරුත් කිකට් ගහන්නේ මැරෙන්නේ තවත් කවුරුත් (දිල්)

:       0       0

ප්‍රදීපා Monday, 07 April 2014 02:33 PM

කෙනෙක් මැරුනහම ඒ ගැන සතුටු වෙන්න හොඳ නැහැ. ඒත් ලංකාව පැරදෙනවා දකින්නට කැමති වූ ඔහුට සිද්ධ වුණු දේ ලාංකිකයෙක් විදිහට අනුමත කරන්න වෙනවා. (ස)

:       0       0

කමල් Monday, 07 April 2014 02:39 PM

හොඳ වැඩේ මෙයාට. (ස)

:       0       0

චමල් Monday, 07 April 2014 02:44 PM

මම දන්නේ නැති හින්දයි අහන්නේ. මෙයත් දේශ ද්‍රෝහී බටහිර ගැත්තෙක්ද?මෙහෙම වුණේ ? (දිල්)

:       0       0

මේඝා ලියනගේ Monday, 07 April 2014 02:53 PM

හොඳ වැඩේ කියලත් බෑ. නොකියත් බෑ... සද්ද නැතුව ඉන්නම් කෝ.. (ස)

:       0       0

ආනන්ද Monday, 07 April 2014 02:54 PM

මෙයාගේ මරණ කටයුතු ඉන්දියාවෙන් බාරගනී. (ස)

:       0       0

අසෝකා Monday, 07 April 2014 03:00 PM

මටනම් හිතෙන්නේ ඉන්දියාව පැරදුණා කියන්නේ ලංකාව දිනුව කියන එකම තමයි. සමහරවිට ඒ සතුට දරාගන්න බැරිවෙන්න ඇති. එහෙමත් නැත්නම් ඔය ප්‍රවුර්තිය ඇහුවත් නැතත් හදිසියේ ඇතිවුන හර්දයබාදයක් වෙන්නත් පුළුවන්. (දිල්)

:       0       0

sena Monday, 07 April 2014 03:04 PM

මැරිච්ච එකමයි හොඳ කියල කියන්න බැරි නිසා නිකම් ඉන්නවා. (ස)

:       0       0

කසුන් Tuesday, 08 April 2014 11:42 AM

මෙයා මැරෙන්න ඇත්තේ ඔට්ටුව පැරදුන නිසා. කලින් පාරත් ලංකාවට ඔට්ටු අල්ලලා පැරදුන නිසා මෙදා පාර ඉන්දියාව දිනාවි කියලා හිතන්න ඇති. අපි හැමදාමත් පරදින්නෙ නෑ කියලා මෙයාට තේරිලා නෑ. එහෙම වුණා නම් මෙයා අදටත් ජීවතුන් අතරනෙ. (ස)

:       0       0

විදානගේ මාතර. Monday, 07 April 2014 03:10 PM

ශ්‍රී ලාංකිකයෙකු විදියට කොහොම කීව්වද ලංකාව පරදිනවා කියලා. (ස)

:       0       0

ධම්ම Monday, 07 April 2014 03:13 PM

ඔට්ටුවක් අල්ලන කොට දෙපැත්තක් තියෙන්න ඕන කියලා මේ එක මෝඩයෙකුටවත් තේරෙන්නේ නැති හැටි. (ස)

:       0       0

රුවන් Monday, 07 April 2014 03:33 PM

මුදලාලි ක්‍රීඩාවට ආස වුණාට ක්‍රීඩා කරල නැහැ වගේ. මොකද ජය පරාජය දරාගන්න ක්‍රීඩාවෙන් ඉගෙන ගන්න පුළුවන් නිසා. (ස)

:       0       0

සහශ්‍රි Monday, 07 April 2014 03:36 PM

ලංකාවේ කීදෙනෙක් ඊයෙ මේ වගේ ඔට්ටු අල්ලන්න ඇද්ද ! (දිල්)

:       0       0

රණතුංග Monday, 07 April 2014 03:38 PM

මම නම් හිතන්නේ මේ මනුස්සයට පපුවේ අමාරුව හැදුනේ පැරදිච්ච සල්ලි ගැන හිතලා. ඔට්ටුව ඇල්ලුවේ නැත්නම් මිනිහට පපුවේ අමාරුවක් හැදෙන්නේ නැහැ.ව්‍යාපාරිකයෙක්නේ හොඳ ගානක් අල්ලන්න ඇති. (ස)

:       0       0

පද්මේ Monday, 07 April 2014 03:43 PM

ධම්ම හරි.ඒ මනුස්සය දිනයි කියල හිතපු රටට ඒ මනුස්සය ඔට්ටු ඇල්ලුවා. ඔට්ටු ඇල්ලීම හරිද වැරදිද කියන එක වෙන දෙයක්. ඒ මනුස්සය රටට එරෙහිව ඔට්ටු අල්ලපු නිසා මැරිච්ච එක හොඳයි කියන එක මෝඩ කමක්. (ස)

:       0       0

සේරම් Monday, 07 April 2014 03:44 PM

මියගිය එළාර රජුටත් මනුස්සකම් පෙන්නපු සිංහල මිනිස්සුන්ගේ සමහර අදහස් දැක්කම අපි දැන් කොතනද ඉන්නේ කියල හිතෙනවා. (ස)

:       0       0

ලක්ෂාන් දිලීප Monday, 07 April 2014 03:59 PM

හපොයි..මේක දැක්කම ඉන්දියාවෙ අය එයාගෙ ගෙදරටත් ගල් ගහයි.හැබැයි ඉන්දියා ටීම් එකට මේ වගේ හදවතින්ම ආදරේ කරන කෙනෙක් ලංකාවෙන් බිහිවීම ගැන නම් ඒ අයට ගොඩක් ආඩම්බර වෙන්න පුළුවන්. (ස)

:       0       0

මොහමඩ් Monday, 07 April 2014 04:28 PM

ලංකාවෙ ඉඳන් ඉන්දියාව දිනන්න ඔට්ටු අල්ලන අයගෙ පුරවැසිභාවය අහෝසි කර දැමිය යුතුයි. (ස)

:       0       0

ප්‍රියා Monday, 07 April 2014 04:30 PM

මෙ වගේ ඔට්ටු අල්ලන අය කරන්නේ මුදල් පෙරේත කමට මිසක්, ඉන්දියාවට ආදරයට වත් ලංකාවෙ ටීම් එකට ආදරයට වත් නෙවෙයි. (ස)

:       0       0

නන්ද Monday, 07 April 2014 04:37 PM

ජය-පරාජය ඉවසන්න බැරිකම කෙනකුට තිබෙන ලොකුම දුර්වල කමක්. (ස)

:       0       0

අසාද් Monday, 07 April 2014 05:16 PM

මම නම් කියන්නේ හොඳ වැඩේ කියලා මෙයාට. (නි)

:       0       0

මර්වින් Monday, 07 April 2014 05:19 PM

ඉන්දියාව දිනනවා කියන අය නම් මැරුණත්, නැවතත් මරනවා මම හිටියා නම් (නි)

:       0       0

කින් බෙනට් Monday, 07 April 2014 05:19 PM

ඔට්ටු අල්ලන්න ඕනෑ පැරදුනත් ඉවසන්න පුළුවන් මිනිස්සු. දැන් ඉතින් අලුතෙන් ගිය තැනවත් ඔට්ටු අල්ලන්නේ නැතුව හිටියොත් හොඳයි (නි)

:       0       0

අන්ස්ලාම් Monday, 07 April 2014 05:41 PM

ඔට්ටුව අල්ලපු එක්කෙනත් සිය දිවි හානි කරගත්තා නම් දිනපු සල්ලි ඉල්ලගන්න තිබුනා (නි)

:       0       0

සිරියලතා, කෙන්යා Monday, 07 April 2014 05:56 PM

මම නම් යූරෝ 272ක් දිනුම් (නි)

:       0       0

මිහිර Monday, 07 April 2014 06:23 PM

රණතුංග හා ප්‍රියාට මේ ගැන යම් අදහසක් තිබෙනවා.මේකට හේතුව මුදල් අහිමිවීමයි. බොහෝ දෙනෙකුට රටට වඩා මුදල් වැදගත්. මේ රටේ ඉන්න ඔය දේශප්‍රේමී යැයි කියාගන්න අයට හෙට ඇමරිකාවේ හෝ වෙනත් බටහිර රටක රැකියාව සමග පුරවැසිකම දෙනවා කිව්වොත් මොකද ක‍රන්නේ? මුළු ජීවිතේටම දැකලා නැති පෝලිම් බලාගන්න පුළුවන් වේවි තානාපති කාර්යාල ඉදිරියේ. අඩු ගණනේ මගේ ළමයෙක් හරි යවන්න ඕනෑ කියලයි බොහොමයක් දෙනා හිතන්නේ. (නි)

:       0       0

ගුණේ Monday, 07 April 2014 06:26 PM

ඉක්මනට අවසන් කටයුතු කරන්න. නැත්නම් ඉන්දියානු ක්‍රිකට් ලෝලියෝ (යුවරාජ් සිංගේ ගෙදරට ගල් ගහපු අය) ඇවිල්ලා මළ ගෙදරට ගල් ගහයි. (නි)

:       0       0

අශාන් ලංකා හේවාගම Monday, 07 April 2014 06:56 PM

රට වෙනුවෙන් හැඟීමක් නැති අය. මොවුන් තමයි රට පාවලා දෙන්නේ. දෙමවුපියන් විකුණලා වුණත් සල්ලි හොයන්නේ මේ වගේ අයයි. (නි)

:       0       0

ලලිත් Monday, 07 April 2014 07:10 PM

අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු! (නි)

:       0       0

කසුන් Monday, 07 April 2014 07:26 PM

මෙවැනි පුද්ගලයින් උල තිබ්බත් මදි (නි)

:       0       0

රුවන් Monday, 07 April 2014 07:37 PM

අපිට නම් හීනෙන්වත් හිතෙන්නේ නැහැ ඉන්දියාව දිනන්න කියලා. (නි)

:       0       0

සලීම් Monday, 07 April 2014 07:42 PM

අනේ මන්දා! මොන හිතකින්ද මෙහෙම හිතන්නේ කියලා (නි)

:       0       0

සිල්වා Monday, 07 April 2014 08:02 PM

මට නම් ඔට්ටු අල්ලනවා තියා හිතන්නවත් බැහැ ඉන්දියාව දිනයි කියලා. සමහර මිනිස්සු හරිම පුදුම අය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 727 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4673 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2798 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 257 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1372 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1478 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28037 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site