IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ඉන්ධන පිරවුම්හල්හිමියෝ වර්ජනය අතහරිති

(යොහාන් භාසුර)

ඉන්ධන පිරවුම්හල්හිමියන් අද (3) පස්වරුවේ සිට ඉන්ධන තොග ඇනවුම් කිරීම යළි ආරම්භ කළ අතර අද සිට සාමාන්‍ය පරිදි පාරිභෝගිකයන්ට ඉන්ධන ලබාගත හැකි බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා මීට සුළු මොහොතකට පෙර  පැවසීය.

ඒ අනුව රටපුරා හිඟයකින් තොරව පිරවුම්හල්වලට ඉන්ධන ලැබෙනුඇති බව ද ඔහු කීවේය.

ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ලබාදෙන සියයට 3 ක වට්ටම්ම සම්බන්ධ ගැටලුවට රජය විසදුමක් ලබාදෙනු ඇතැයි තව දුරටත් සංගමය විශ්වාස කරන බව ද සන්දනායක මහතා කීය.  

ආණ්ඩුව තීරණය කර ඇති ක්‍රමයට මාසයක කාලයක් පිරවුම්හල් ක්‍රියාත්මක කර පසුව තීරණයක් ගන්නා බව ද ඔහු කීය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඛනිජ තෙගල් සංස්ථාවේ සභාපතිවරයා අවස්ථාවක් දී තිබීම නිසා ඒ පිළිබඳව අවදානය යොමුකර ඉන්ධ ඇනවුම් කිරීමට නැවත ආරම්භ කිරීමට තීරණය කළ බවත් එම රැස්වීමට වෙනත් සමාගම් යටතේ සිටින පිරවුම්හල්හිමියන්ට සභභාගිවීමට නොහැකි නම් ‘සිපෙට්කෝ’ පිරවුම්හල්හිමියන් සාකච්ඡාවට සහභාගි වී විසඳුමක් ලබාගනු ඇතැයි විශ්වාස කරන බවත් ඒ මහතා කීය.

මෙම ගැටලුව මේ වන විට ජාතික ප්‍රශ්නයක් බවට පත්ව තිබීම පිළිබඳව අවදානය යොමු කළ බවත් වර්තමාන ආණ්ඩුවට අත්දැකීම් නොමැතිවීම නිසා මෙවැනි තීරණයක් ගත්තේ යැයි විශ්වාස කරන බවත් සන්දනායක මහතා කීය.

ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස ලිපියක් භාරදී තිබීම නිසා ජනාධිපතිවරයා ඒ පිළිබඳව අවදානය යොමු කරනු ඇතැයි විශ්වාස කරන බව ද ඒ මහතා වර්තමාන ආණ්ඩුව පත්වීමට පෙර ඇතිවූ ගැටලුවකත් හේතුවෙන් ආණ්ඩුවට සාධාරණ කාලයක් ලැබිය යුතු යැයි විශ්වස කරන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ඉන්ධන ලීටරයක් සඳහා මෙතෙක් ගෙවූ සියයට 3 ක වට්ටම් මුදල පසුගිය 1 වැනිදා සිට අඩු කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තෛ්ය. එම තීරණයට විරෝධය දක්වමින් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පසුගිය 28 වැනිදා පස්වරුවේ සිට ඉන්ධන ඇනවුම් කිරීමෙන් ඉවත්විය.



අදහස් (9)

ඉන්ධන පිරවුම්හල්හිමියෝ වර්ජනය අතහරිති

Willows Drive Monday, 03 March 2025 08:31 PM

ජය ජය ජය ජයවේවා මාලිමාවට

:       24       19

බකල ජයා Monday, 03 March 2025 08:42 PM

3 අත ඇරි යැයි?

:       10       20

ජයනාත් Monday, 03 March 2025 08:43 PM

ඊයේ 2දා මිත්‍රයෙක් මෝටර් සයිකලේට කට පිරෙන්න තෙල් ගහලා ..පැත්තට ඇලවුන ගමන් මූඩියෙන් තෙල් යනවා.. මට කිව්වා ලීටර් 30 විතර ගෙදර තියෙනවා කියල. ඔන්න පෝලිමේ ඉඳලා කරපු දේ.

:       20       6

Lalla Monday, 03 March 2025 09:43 PM

පොහොට්ටුවට කඩේ යන්න ගිහිල්ල අමාරුවේ වැටෙන්න ඕන නෑ නේද කියල හිතිල වගේ.

:       19       17

Podi NImal Monday, 03 March 2025 09:50 PM

අන්න එහෙම තමා ඉන්ඩ ඕන. හේතු සාධක මත පදනම් වෙලා නන් තීරණේ ගත්තේ, කවුරු කෑ ගැහුවත් වෙනස් කරන්ඩ ඕනේ නැහැ.

:       18       15

ජිල්බු Monday, 03 March 2025 10:20 PM

තුන හම්බෙලා නෑ, ඒ වුනාට මේ නිවේදනය නම් තනිකරම ලැජ්ජාවෙන් ගැලවෙන්න නිකුත්කරපු එකක්. දැන් ගෙදර යන්න වෙන්නෙ කඩුගන්නාවෙ මෝටර් සයිකල්කාරයා වගේ.

:       22       13

ලූට මූස් Monday, 03 March 2025 10:32 PM

අනේ කෝ මේ අපේ යෝගා….. විලිලැජ්ජයි නේ…හ්!

:       13       4

Mora Monday, 03 March 2025 11:01 PM

ජාතික ප්‍රශ්නයක් උනේ කොහොමද ?

:       13       7

Rasi Tuesday, 04 March 2025 06:41 AM

දැන් මුන් ඔක්කොම හිතාන ඉන්නේ, අත්දැකීම් කියන්නේ, කරපු විදිහටම උන්ට ජනතාවගේ සල්ලි කාගෙන ඉන්න දෙන එක කියල. එහෙම කරලා රට හදන්න කියල තමයි හැම එකාම කියන්නේ. මන් දැක්ක දොස්තරයෝ ටිකත් එහෙම කරන්න කියල වැඩ වර්ජනයකට යනවා කියල තියනවා. ලංකාව වගේ රටකට හරියන්නේ, චාමරය, සජීය, නාමලය, කෙහෙළිය වගේ එවුන් තමයි. උනුත් කාල, අනිත් එවුන්ටත් කන්න ඉඩ හැරලා ඇහ කණ පියාගෙන හිටිය නම් හොදයි. මුන් ඔක්කොටම ඕන, උන්ගේ බඩ වඩාගෙන, අනිත් එවුන්ට බැටේ දෙනවා බලාගෙන ඉන්න.

:       18       21

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

රැඳවියෝ 250 ක් බාරවෙති
2025 අප්‍රේල් මස 23 87 0

මාතර බන්ධනාගාරයේ කළහකාරී ලෙස හැසිරෙමින් ගැවසුණු රැඳවියන් 250 දෙනකු මේ වන විට සිය කැමැත්තෙන්ම බාර වී ඇතිබව බන්ධනාගාර පාලනාධිකාරිය පවසයි.


වැඩ බලන විගණකාධිපතිට සේවා දිගුවක්
2025 අප්‍රේල් මස 23 80 0

වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල මහතාට තවත් දින තිහක සේවා දිගුවක් ලබාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (22) අනුමැතිය ලබාදී ඇත.


කාදිනල් තුමෝ ඉතාලියට
2025 අප්‍රේල් මස 23 370 0

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද උදෑසන , ඉතාලිය බලා පිටත්ව ගියහ.


මහවැස්ස හලාවත පාසලක් වහයි
2025 අප්‍රේල් මස 23 395 0

පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.


බොරැල්ලේදී ගසක් කඩා වැටී වාහන 7කට හානි
2025 අප්‍රේල් මස 23 878 0

බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.


ජනපතිගෙන් ඇමතිවරුන්ට අභියෝගයක්
2025 අප්‍රේල් මස 23 1153 1

එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 620 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 318 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site