IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ඉන්ධන බෙදුම්කරුවන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය දිගටම

(යොහාන් භාසුර)

ඉන්ධන පිරවුන්හල් හිමියන්ගේ සියයට 3 ක කොමිස් මුදල කප්පාදු කිරීමට විරෝධය දක්වමින් ක්‍රියාත්මක කරන ඉන්ධන ඇනවුම් නොකිරීමේ ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් අද (2) පස්වරුවේ පැවසීය.

ඉන්ධන පිරවුම්හල් සතුව තිබූ ඉන්ධන තොග තවදුරටත් ජනතාවට බෙදාහරින බවත් එම තොග අවසන් වූ පසු හෙට (3) පෙරවරුව වන විට බොහෝ ඉන්ධන පිරවුම්හල්වල තොග අවසන්වනු ඇති බවත් එම නිලධාරියා කීය.

එම ක්‍රියාමාර්ගයට සමගාමීව රට පුරා සියලුම ඉන්ධන පිරවුම්හල් රාත්‍රීය 8.00 ට වසා දමන බව ද කී එම නිලධාරියා රට පුරා ඉන්ධන පිරවුම්හල් බොහෝමයක් මීට පෙර පැය 24 සේවා කාලයක් ඉන්ධන සැපයූ බව ද සඳහන් කළේය.

ඉන්ධන පිරවුම්හල්වලට සෙනසුරාදා දිනයේ ද ඇනවුම් කර තිබූ තොග ලැබුණු අද දිනයේ ඇණවුම් කර නොමැති බවත් එම නිලධාරියා කීය.

ඉන්ධන පිරවුම්හල් හිමියන් ද ව්‍යාපාරයක් කරන බැවින් ආණ්ඩුව ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව කී එම නිලධාරියා බලධාරීන් මෙම ගැටළුවට විසඳුම් දීම සඳහා හැකි ඉක්මණින් සාකච්ඡාවක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.


 

 



අදහස් (12)

ඉන්ධන බෙදුම්කරුවන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය දිගටම

Asela Sunday, 02 March 2025 02:44 PM

බෙදුම් කරුවන්ට දෙන්න ඕනේ කමිෂන් එක උසාවි නියෝගයකින් පවා තහවුරු කරලා තියන නිසා, මෙහෙම එකට විරුද්ධව තර්ජනය කරන අයව වහාම අත්අඩංගුවට ගන්න...

:       9       86

ජයනාත් Sunday, 02 March 2025 02:59 PM

ඉන්ධන පිරවුම් හල් අයිතිකාරයින්ට ඕනෑ විදියට උසාවි අවසර දෙනවාද..? උසාවියට අපහාස කළාට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්න. මේ ඉල්ලීමට යට වෙන්න එපා.

:       5       70

මැක්ස් Sunday, 02 March 2025 03:08 PM

කොයි දේටත් වර්ජන කරන තැනට ජන මනස හදපු, කාබසිනියාකර ජවිපෙයයි වර්තමානයේ රට ආණ්ඩු කරන්නේ. ඔවුන් වැපිරූ දෙය ඔවුන්ට පාරා වළල්ලක් වීම ඔවුන්ට යස පාඩමක් වූවාට රටට අයහපත්ය...

:       77       44

Pankumburage Sunday, 02 March 2025 03:19 PM

ඉන්ධන ලීටර් එකකට රුපියල් 4.86 ක්‌ ලැබෙනවා මදිද? තණ්හාය ජායති සෝකෝ....

:       6       65

යෝගා Sunday, 02 March 2025 03:26 PM

ව්‍යාපාරිකයෙක් ලබන ලාභයට ඉරිසියා කිරීම ජෙප්පන්ගේ උපන් ගතියක්. ආණ්ඩුවේ උද්ධච්චකම නිසා තෙල් පෝලිම් දිග්ගැස්සුනොත් සංචාරක ව්‍යාපාරය විනාශයි. එතකොට, කොමිස් එක කපලා ඉතුරු කරගන්න සොච්චම වගේ දහස් ගණනක පාඩුවක් වෙයි.

:       76       28

RjSunday, 02 March 2025 07:58 PM

නොදන්න දේවල් කියන්න එපා.. උසාවි තීන්දුව ක්‍රියාත්මක කරන්න.

:       2       29

Perere Sunday, 02 March 2025 03:58 PM

ජනාධිපතිතුමනි,තෙල් බෙදාහැරීම් නොකරන ඉන්ධන පිරවුම්හල් හිමියන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරවන්න. තෙල් බෙදා හැරීම අත්‍යාවශ්‍ය සේවාවක් කරලා, ඒ කටයුත්ත කරන්න හමුදාවට බාර දෙන්න.

:       8       61

AlgamSunday, 02 March 2025 06:33 PM

සුපිරියි...

:       9       4

ජය Sunday, 02 March 2025 11:39 PM

ව්‍යාපාරිකයාට ලාභ අවශ්‍යයයි හැබැයි සාධාරණ ලාභයක්. උසාවි තීරණයකට ගරු නොකරනවා නම් ???? බය කරලා, පාරිභෝගිකයා අපහසුතාවයන්ට පත්කරලා. මංකොල්ලයක් වගේනේ.

:       0       1

Rohana Monday, 03 March 2025 06:26 AM

ඉන්ධනහල් හිමියන්ට ලාභ ලැබෙනවද නැද්ද කියන එක ජනතාවට අදාළ නැහැ. ඉන්ධන හිඟ වීමෙන් ඉන්ධන පෝලිම් වල ජනතාව රස්තියාදු කිරීම කිසිසේත් යුක්ති සහගත නැත. ඒ නිසා මේවගේ පටු වැඩ නොකර ජනතාව පෝලිම් ගැසීම වහාම නතර කරන්න. නැත්නම් මේ ආණ්ඩුවට වෙන්නෙත් ඔක්කොම අකුලගෙන ගෙදර යාමටයි.

:       1       1

රුවන් Monday, 03 March 2025 07:45 AM

සිංගප්පූරුවේ ඉන්න මගේ හොදම යාළුවා කිව්වේ සිංගප්පූරුවේ ඔහොම වුනා නම් ඉන්ධන බෙදුම්කරුවන්ගේ බලපත්‍රය අහොසි කරනවා වගේම රටේ ආර්ථිකයට වගේම ජනතාව පීඩාවට පත් කරා කියලා අවුරුදු 25-30කට හිරේ දානවා ලු. එකයි ලු සිංගප්පූරුවේ වර්ජන නැත්තේ. මේ රජය දැඩි වෙන්න ඕනේ සිංගප්පූරුවේ වගේ.

:       1       9

Athula Monday, 03 March 2025 12:57 PM

දාන්න හමුදාව ඕකුන්ට දෙන්න එපා ජනතාව සුරාකන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 1066 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 459 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 669 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 1640 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 952 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 5277 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 601 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site