
(අංජුල මහික වීරරත්න)
ඉන්දීය සහ ශ්‍රී ලාංකික ධීවරයන් අතර දීර්ඝ කාලයක සිට පවතින ධීවර ගැටලුවට ස්ථිර විසඳුමක් සෙවීමේ අරමුණින්, දෙරටේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා වටයක් 2027 ජනවාරි 22 වැනිදා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිත බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය.
ඉන්දීය සහ ශ්‍රී ලාංකික ධීවරයන් අතර දීර්ඝ කාලයක සිට පවතින මෙම ගැටලුවට ස්ථිර හා ප්‍රායෝගික විසඳුමක් ලබාදීම සඳහා රජය කැපවීමෙන් කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මෙන්ම නිලධාරී මට්ටමින් ද විවිධ අදියර යටතේ සාකච්ඡා පැවැත්වීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා කීය. ඒ අනුව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායමක් ඉන්දියාව බලා පිටත්ව ගොස්, එරට ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු අදාළ ඉහළ පෙළේ බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd