ඉසුරු සොයා ඉතාලි සොයා ගිය ලාංකිකයන්ගෙන් ඇතැමෙක් අනවශ්‍ය දේට පැටැලී සිටිති. හිරේ විලංගුවේ වැටෙන තරමට මේ ගැටුම් දුර දිග ගොස් ඇත.ඇතැමෙක් හිරේ විලංගුවේය. ඇතැමෙක් නිවාස අඩස්සීයේය. මිල්ල (දැන් යුරෝ) උපයා සැපවත් ජිවිතයක් ගත කිරීමට ගොස් අමාරුවේ වැටී සිටින අය බොහෝ විට මේ තත්ත්වයට පත්ව සිටිනුයේ ශ්‍රී ලංකාවේම අය නිසාය.ඔවුන්ගේ බොරු පැමිණිලි නිසාය.තරහා කාරයා අමාරුවේ දැමීම සඳහා මාලයක් කඩා ගත්තාය, සල්ලි උඳුරාගත්තාය වැනි පැමිණිළි නිසා ඔවුහු අමාරුවේ වැටී සිටිති. මේ වෛරී පැමිණිලි නිසා ලංකාවේ පිරිසක් ඉබේම ඉතාලි පාතාලයට තල්ලු කරනු ලැබ සිටිති.
‘ඉතාලියේ මෙස්සිනා නගරයෙ දිනෙන් දින සිදු වන අපරාධ වැඩි වීමට හේතුව වන්නේ ගැටුමට මුල් වන පිරිස් හා ගැටුමට මැදි වු ශ්‍රී ලාංකික පිරිස් ගැටුමෙන් අනතුරුව පොලිසියට ගොස් මෙසේ පට්ටපල් බොරු කීම නිසාය. ‘
මෙස්සිනා එක්සත් ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති රොෂාන් රූපසිංහ මහතා එසේ කියයි.
2011 වර්ෂයේදී පැවැති එල්ලේ තරගාවලියකදී ඇති වු ගැටුමකින් පසුව කණ්ඩායම් දෙකක් අතර ඇති වු ගැටුමක් නිසා දිගින් දිගටම මෙවැනි ඛේදජනක සිදුවීමි ඇති වු බවත් මේ හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් පිළිබඳව වැරැදි ආකල්පයකින් ඉතාලි වැසියන් කටයුතු කිරීම නිසා ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථාව හෝ ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වනු ඇති ඔහු කියයි.
එසේම පසු ගිය දිනෙක ඉතාලියේ සිටින ලක් පාතාලයින් අත්අඩංගුවට ගත් බවට විවිධ මාධ්‍ය පළ වු ප්‍රවෘත්තියේ ද කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ඔවුන් අට දෙනාගෙන් හතර දෙනකුට පැහැර ගැනීමේ සිද්ධියකට අදාල නඩුවක් හැරුණු විට ඔවුන් අපරාධකරුවන් ලෙස කිසිදු පොලීසියකින් හෝ අධිකරණයකින් ඔප්පු වී නැති බවත්,සුළු සුළු වැරැදි සම්බන්ධයෙන් අත්අඩංගුට ගත් ඔවුන් වැරැදි කරුවන්ද නැද්ද යන්න පිළිබඳව ඉතාලි පොලීසිය වැඩි දුර පරීක්ෂණ සිදු කිරීමට මෙස්සිනා අධිකරණයේ සහාය පතා ඇතැයි ද ඔහු පවසයි.
එසේම ඉතාලියේ වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයකු ඉතාලි වැසියනට හානි වන අයුරින් කිසිදු ක්‍රියාවක් සිදු කර නැතැයිද ලාංකිකයන් අතරම විවිධ අවස්ථාවන් හි ඇති වන ගැටුම් නිසාත් මෙවැනි තත්ත්වයක් ඇතැයිද ඔහු සඳහන් කරයි.
‘ලාංකිකයින් වෙනුවෙන්ම මෙස්සිනා නගරයේ කතෝලික දේවස්ථානයක්,පන්සලක් හා පාසලක් ඉදි කැර තිබෙනවා .ඒ ඔවුන්ගේ යහපත උදෙසායි.ඔවුන්ට තියෙන ගැටළු නිරාකරණය කර ගන්න අපි එවැනි ස්ථානවල විශේෂ පහසුකමක් සලසා දී තිබෙනවා.ඒ වගේ තැන්වලට ඇවිත් ගැටළු නිරාකරණය කරගන්න.එහෙම වුනොත් පහුගිය කාලයේදී මෙස්සිනා නගරයේදී සිදු වු සියදිවි නසා ගැනීම් වැනි අවාසනාවන්ත දේ සිදු වන්නේ නැහැ.
මාසයක් වැනි කාලයකදී ලාංකිකයින් පස් දෙනකුම සිය දිවි නසා ගෙන තිබෙනවා.සිය දිවි නසා ගත් කෙනකුගේ සිරුර ලංකාවට එවන නිසා ඔවුන් සිය දිවි නසා ගන්නවාද දන්නේ නෑ.සිය දිවි නසා ගන්න අයගේ සිරුරු මින් පසු ලංකාවට එවන්නේ නෑ. සිරුරක් එවන්න රුපියල් ලක්ෂ හතරකට පහකට වැඩිය යනවා.
ඒ වගේම මෙස්සිනා එක්සත් ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති වශයෙන් මා ඉල්ලා සිටිනවා මෙස්සිනා හි සිදු වන ඕනෑම දෙයක් පිළිබඳව නිවැරැදි තොරතුරක් ලබා ගැනීමට නම් අපෙන් අහන්න.නිවැරදි තොරතුරු දෙන්න අපි සුදානමින් ඉන්නවා.එහෙම නැතිව අසත්‍ය පුවත් පළ කරන්නවත් ප්‍රචාර ගෙන යන්නවත් එපා. ශ්‍රී ලාංකිකයන් විදියට අපි දැඩි අපහසුතාවට පත් වෙනවා .ඒ වගේම අපරාධකරුවා ලෙස සැක කරන පුද්ගලයාගේ පවුලේ පිරිස් දැඩි ලෙස අසරණ වෙනවා.’
[email protected] විද්‍යුත් ලිපිනය මෙස්සිනා එක්සත් ශ්‍රී ලංකා සංවිධානය ඇමැතිය හැක.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොෂාන් ඔයා හරි. ඉතාලියේ පාතාලයක් නැහැ. වැරදි කරපු අය ඉතාලියේ ඉන්න බව ඇත්ත නමුත් ඒ අය තමන්ගේ පාඩුවේ ඉන්නවා. ඉතිහාසය ගැන කතා කලොත් අංගුලිමාල වැනි දරුණු දාමරිකයන් හොද පුද්ගලයන් බවට උන බවට අප කවුරුත් දන්නවා . (නදී)
අපේ ආච්චිලා කියනවා කෝවේ දාලා මකලා ගත්තත් මෙයාව හදන්න බහ කියලා (දී)
මේවා නිසා තමයි නීති වැඩි කරන්නේ විදේශිකයින්ට (දී)
රුවන් වැලි සැය වගේ බත් එකක් කාල අරක්කු ටික බීලා තමන්ගේ පවුලටත් ගහලා වත්ත වටේම වන කරලා අහල පහල අයටත් ගඳ ගස්සලා පුරාජේරු කිව්වා නම් හරි ඉතිහාසේ ගැන. ඒ අතරේ කප්පමක් කාල හොරකනුත් කරලා මිනියකුත් මරල පෙළපාලි ගිහින් උද්ඝෝෂණත් කරනවා. හරි ශෝක්....(නදී)
මිනිස්සු මේ හැමදේම කරන්නේ නැතිබැරිකමට. (නි)
"සිය දිවි නසා ගත් කෙනකුගේ සිරුර ලංකාවට එවන නිසා ඔවුන් සිය දිවි නසා ගන්නවාද දන්නේ නෑ" කොහොමද ටිකිරි මොලේ තරම.(නදී)
'අපරාධකරුවා ලෙස සැකකරන පුද්ගලයාගේ පවුලේ පිරිස් දැඩි ලෙස අසරණ වෙනවා.’ කියලා දන්නවා නම් ඒ වගේ වැඩ නොකර ඉන්න ඕනෑ නේද? හැම කෙනෙක්ම රටවල් වලට ඇවිල්ලා ඉන්නේ කීයක් හරි හොයාගෙන ලංකාවේ සැපවත් ජීවිතයක් ගත කරන්න. ඒ දේ ඔය අපරාධ කරන අය තේරුම් ගතයුතුයි (නි)
කවුරුත් කැමතියි යස ඉසුරින් පිරි ජීවිතයක් ගත කරන්න. (නි)
ඉතාලිය විනාශ වෙලා ඉවරයි.සමාවෙන්න... ඉතාලිය විනාශ කරලා ඉවරයි. (නි)
ඉසුරු ලැබෙනවා නම් කවුද අකමැති? (නි)
රොෂාන් මහත්තයෝ ඔබ කොහොමද කියන්නේ ලංකාවේ සමහරක් අය වැරදි වැඩ කරන්නේ නැහැ කියා. මම දන්නා එක අක්ක කෙනෙක් ඉන්නවා වෙරෝනා වල. එයාගේ නෑදෑයෝ කිහිප දෙනෙක් ඉතාලියට ගෙනත් දෙන්නම් කියල අපේ රටේ කෙනෙක් සල්ලි ගත්තා. මෙයට ඉතාලි ජාතිකයෙක් සම්බන්ද කරගෙන හිටියා වතු වීසා තමා හදනවා කිව්වේ. පසුව හොරට හදපු කොළ වගයක් දීල තිබුන .ඒක අහු උනේ ලංකාවේ තානාපති කාර්යාලයෙන්. පසුව සල්ලි ගත්ත ලංකිකයා ලංකාවට පැන්නා. ඉතාලි ජාතිකයාව හිරේට දැම්මා. ඒ අක්ක කොළ හදන්න ගත්ත සල්ලි අවුරුදු ගානක් රක්ෂාවක් කර ණය ගෙවල ඉවරකලේ මේ ළගදි. මේ සම්බන්දයෙන් නඩු කියන්නත් සල්ලි වියදම් කළා. මේ දේවල් මම කියන්නේ හොරුන් ගෙන් ලංකාවේ අය බේරගන්න ඕන නිසා බව ඒ අක්ක මා සමග කිව්වා.(නදී)
ජිනීවා වල වෙසෙන සිංහල මිනිසුන් ආදර්ශයට ගන්න (දී)
මෙස්සිනා නගරයේ පසු ගිය කාලයේ සමාජගත වැරදි බොහොමයක් ලාංකිකයන් අතින් සිදු වුන බව අපි කවුරුත් දන්නවා. ඒවා පත්තර මගින් සුදු හුණු ගාලා මකන්න බැරිබවත්, සබාපති නොදන්නවා උනාට අපි නම් දන්නවා. එමගින් වෙන්නේ අහිංසක ලාංකිකයනට රැකියා හොයා ගැනීමේ බරපතල ගැටළුවක්. සබාපති කරන මේ සුදු හුණු ගෑම නිසා වෙන්නේ, සමාජ විරෝධී ක්‍රියා තවත් වර්දනය වෙන එක. පන්සල් පල්ලි එකතු කරගෙන, ඔය කට්ටියට ළමා පාසලක ඉගෙනගන්න දාන එක තමා දැන් කරන්න තියෙන එකම පිළියම. (නදී)
ඉතාලියේ ජීවත් වන අය, මෙයට අදහස් දැක්වීම අරඹන්න.(නදී)
මෙම ලිපිය කියවද්දී තේරෙන්නේ කාට හරි විරුද්දව ලියපු එකක් කියලා. සබාපතිම කියනවා ලංකාවේ කට්ටිය වැරදි වැඩ කර නිසා පොලිසිය අත්අඩංගුවට ගත්තා කියලා, ඊට පස්සේ කියනවා බොරු කියන්න එපා කියලා. එක කණ්ඩායමක් කරපු බොරු චෝදනා නිසා එහෙම උනා කියලා, ඊට පස්සේ කියනවා පන්සල්, පල්ලි තියෙනවා උදව් කරන්න කියලා, සභාපති මහත්තයෝ එහෙනම් ඔබ මුලික වෙලා බොරුවට චෝදනා දමපු අයව එතනට එක්කන් ගිහින් වැරද්ද කියලා දෙනවද. (නදී)
මෙයාල එළියේ සිටියොත් සාමාන්‍ය මිනිස්සුන්ට ගොඩක් කරදර කරනවා. මොකද මේ ඇතුලට ගිය අය ලක් පාතාලයට සම්බන්දකම් තියෙනවා.(නදී) ,
මෙයාල අමාරුවෙන් එතනට ගියාට එකේ කිසිම වටිනා කමක් නැහැ (දී)
මෙස්සිනා සබාපති මහත්තයෝ ඔබ ලංකාවේ පත්තරවල ලිපි දාල වැඩක් නැහැ. ඉතාලි පත්තර දැනුවත් කරන්න බොරු දන්නා එපා කියලා. මොකද ඔය කියන විදියට බොරු දාන්නේ ඉතාලි පත්තර නේ. ඉතාලි පොලිසිය බොරුවට ලංකාවේ අයව අල්ලාගෙන යන්නේ. මේක ඔයාගේ දැනුම කියලා අපට හිතෙන්නේ. මොකද පොලිසිය කියනවා මේවා අල්ලගන්නේ දීර්ඝ පරික්ෂනකින් පසුව කියලා. අනේ මන්දා පොලිසියනේ බොරු කරන්නේ නේද මහත්තයෝ.(නදී)
මෙසිනා නගරයේ වෙන දේවල් වලින් ඉතාලියේ වාසය කරන සියලුම ශ්‍රී ලාංන්කිකයන් වග කිවයුතු නොවේ රෝමයේ අපේ කෙනෙක් එල්ලිලා හෝ මොනයම් කාරනයකින් මිය ගියත් මිය ගිය පුද්ගලයාගේ දේහය ලංකාවට හෝ ඉතාලියේ මිහිදන් කිරීම අප සැම දෙනාම සහයෝගයෙන් කරනවා. ලෝකයේ හැම රටකම දුස්ඨයන්, කුඩුකාරයන් මිනීමරුවන් බේබද්දන් සිටිනා බව අමතක කරන්න එපා.(නදී)
ආශා මට ඔබගේ පවුල ගැන දුකයි. ඔයාලමයි වරද කරගත්තේ. දැන් පසුතැවෙන්න එපා. හිරේ ගිහින් දැන් එලියට ඇවිත් ඉන්න එක්කෙනා ගාව දැන් සල්ලි ටිකක් තියෙනවා. එයාගේ සල්ලි ඉවරවෙච්ච ගමන් එයා එයාගේ නරක පුරුද්දට යොමු වෙනවා. ඒක ස්ථිරයි. ඒ නිසා ඔයා පොලිසියට කියන්න එයාගේ නම. එයාට තනියෙන් රස්සාවක් කරලා ජීවත් වෙන්න තේරෙන්නේ නැහැ. පොඩි කාලේ ඉදල අනුන්ගේ සල්ලි අරගෙන කප්පන් කාල තමයි ජීවත් උනේ. ඒක නිසා කලබල නොවී ආරක්ෂක අංශයට කියන්න. එයා මිලාන් වල ඉඳගෙන චන්ඩි කම් කරාට ලංකාවේ ඇවිත් චන්ඩිකම් කරන්න බෑ. ඔව් මටත් හිතෙනවා මිලාන් පොලිසියේ ඉන්නේ බබ්බුද කියලා. ඔය මිනිහා මුළු ලෝකෙටම කරදරයක් වෙච්ච කෙනෙක්. බොරුවට පන්සල් වලට ගිහින් බුද්ධාගමේ වැඩ කරනවා කියල පෙන්වන්නේ. නමුත් කරන්නේ ඔක්කොම හොර වැඩ. හක්කේ බුදුරැස් නමුත් එයාගේ බොක්කේ දඩ මස්. මම නම් කවදාවත් අනුන්ගේ සල්ලි අරගෙන සැප විදින්නේ නැ. ඒක අපේ අම්ම තාත්තටත් අවනම්බුවක්. අපි කාටහරි වරදක් කරොත් අනිවාර්යෙන්ම දඩුවම් විදින්න වෙනවා. ඒක තමයි නියම ධර්මය. ඡන්ද ප්‍රතිපල වලට ගොඩක් ස්තුතියි.(නදී)
මෙස්සිනා සමිතියේ සභාපතිට දුක හිතිලා වගේ. ඔයා මේකෙන් අදහස් කරන්නේ ඔයාලට වාසි වෙන දේවල් විතරද පල කරන්න ඕනේ කියලා. ඇත්ත කවුරු ලිව්වත් ඒක ඇත්ත තමා. ඔයා කොහොමද කියන්නේ මැරුණු කෙනෙකු ලංකාවට යවන්නේ නැහැ කියලා. ඔයාද මෙස්සිනා පාලනය කරන්නේ. (නදී)
ඔව් ඔව් ඉතාලියේ මිලානෝ ඉදල හිරේ ගිහින් දැන් එලියට ඇවිත් කියල ආරංචියි. එයා හිරේ යන්න ඉස්සෙල්ල අපිට ගොඩක් කරදර කරා. මම ලියන්නේ ඇහුන්ගල්ලෙන්. අපේ තිබිච්ච සල්ලි ඔක්කොම එයාල ගත්තා. දැන් අපිට වැලේ වැල් නෑ. අපි දැන් කොහොමහරි නැගිටින්න වැල්ලට යනවා රෙදි විකුනන්න. (නදී)
ඉතාලි පොලිසියේ ඉන්නේ බබ්බුද? (නදී)
සාමාන්‍යයෙන් ඉතාලියේ මෙවැනි වැරදි දේවල් ගොඩක් සිදුවෙනවා. ඒවා ගොඩක් ඉතාලි පත්තර වල පල වෙනවා. ඒවා සිංහලට පලකලාම තමා ගොඩක් අයට ප්‍රශ්න ඇති වෙන්නේ. මෙස්සිනා නගරයේ මෙවැනි දේවල් සිදු උණු බව මෙස්ස්සිනා පොලිසියේ වෙබ් එකෙන් බලාගන්න පුළුවන්.(නදී)
ලංකාවේ අයියලා කොහේ ගියත් ලංකාවේ නම තියලයි එන්නේ.(නදී)
ගොඩක් හොද ලිපියක්. නමුත් අපිටත් හරියට ප්‍රශ්න තියෙනවා ඉතාලියේ ඉන්න සමහර ලංකාවේ අය නිසා. ලංකාවේ මිනිමැරුම් ගනානවකට සම්බන්ධ පාතාලයෙක් ඉතාලියේ ඉන්නවා. එයා ලගදී හිරේ ගිහින් ආයෙත් නිදහස් වෙලා ඇවිත්. එයා අපිට ලොකුම ලොකු කරදරයක්. මේ ලගදිත් අපේ ලංකාවේ ගෙදරකට කෝල් කරලා කප්පන් ඉල්ලලා. නැත්නම් ඉතාලියේ ඉන්න අපේ මල්ලිටයි මස්සිනාටයි රස්සාව කරගෙන යන්න ඉඩදෙන්නේ නැහැ කියලා. එයා ලංකාවට කෝල් කරන්නේ හොර නම්බර් එකකින්. ඒක වැටෙන්නේ නෑ. අනේ අපිට උදව් කරන්න. අපි හරි බයෙන් ඉන්නේ. ඔබ සියලු දෙනාට පින්සිද්ද වේවි. (නදී)