(උපාලි ආනන්ද සහ අනුරාධපුර බී.ජී. චතුරංග)
අධිකරණ නියෝගයකින් අනුරාධපුර 'යෙහෙළිය' ළමා නිවාසය රඳවා සිටි වයස අවුරුදු 18 ට අඩු දැරියක අනුරාධපුර 'අවන්තිදේවී' ළමා නිවාසයට, නීති විරෝධී ලෙස රැගෙන විත් අරක්කැමි සේවයේ යොදවා කෲරත්වයට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උතුරු මැද පළාත් හිටපු පරිවාස සහ ළමා ආරක්ෂක සේවා කොමසාරිස් වත්මන් රාජාංගනය ප්‍රාදේශීය ලේකම්වරයා සහ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරීවරි වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීරයක් දෙකක් මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.
නීතිපතිවරයාගේ උපදෙස් මත අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළේ වත්මන් රාජාංගනය ප්‍රාදේශීය ලේකම් උපාලි රාජපක්ෂ සහ උතුරු මැද පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනී අමරා ශ්‍රීයානි යන සැකකරුවන්ය.
(ඡායා උපුල් හේරත්)
අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව
දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.
හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස
සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම
බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ
මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
උතුරු මැද හිටපු පරිවාස කොමසාරිස්, ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිට ඇප
Sk Thursday, 27 February 2025 06:52 PM
පුදුම රජයේ නිලධාරින්..!
Lalla Thursday, 27 February 2025 09:11 PM
ඔය තරම් වරදකට චෝදනාවලට ලක්වූ රාජ්‍ය නිලධාරියා උසස් වීමක් ලැබූයේ කෙසේද? රාජ්‍ය පරිපාලන සේවය හෑල්ලුවට ලක්කිරීම සාධාරණීකරනය කළ හැකිද? කළ වරද නොසලකා උසස් වීම් දෙන්න පරිපාලන සේවයට හැකිද?
ශාන් Friday, 28 February 2025 05:58 AM
වැටත් නියරත් ගොයම කා නම් කාට පවසම් ඒ අමාරුව. මේ නිළධාරීන්ව නේද මේ ළමයින්ව බලාගන්න හදාවඩා ගන්න වගකිය යුතු අය. මේ වගේ අඩන්තේට්ටම් වලින් ළමයින් බේරගන්න ඉන්නේ?
Nimal 1 Friday, 28 February 2025 12:36 PM
මෙච්චර හපන්කමක් කරලා මුහුණ පෙන්නන්න ලැජ්ජයිද?
Ananda Weearasingha Friday, 28 February 2025 02:30 PM
ජ්‍යේෂ්ඨ පරිවාස නිලධාරින් කියන්නේ ලූලා නැති වලට පණ්ඩිතයා වෙන අයනේ පරිවාස නිලධාරි පත්වීමක් ගන්නවා. කාලය ගෙවී යන්නේ මුල්ම පුහුණුවෙන් පස්සේ... කිසිම පුහුණුවක් නැතුවාම තමයි. අන්තිමේ මුලින් හිටපුකෙනා විශ්‍රාම ගියාම එතැන්සිට එයා තමයි ජ්‍යේෂ්ඨ නිලධාරි වෙන්නේ කිසිම විභාගයක් ලියන්නෙත් නැහැ. එහෙම අය දෙන ලණු ගිලින ආයතන සංග්‍රහ, රෙගුලාසි හා සම්බන්ධ චක්‍රලේඛ මුදල් රෙගුලාසි හා ඒවාට සම්බන්ධ චක්‍රලේඛ ගැන අවබෝධයක් නැති නිලධාරි නොදන්නා කමට අමාරුවේ වැටෙනවා. වර්තමානයේ සමහරක් උසස් නිලධාරින් අනුන්ගෙන් උපදෙස් ගන්න මැලිකමත් මෙහෙම වෙන්න හේතුවක් වෙනවා. කොටින්ම කිව්වොත් නුසුදුසු කෙනෙකුට නුසුදුසු තනතුරක් දීලා එයාගේ උපදෙස් මත කටයුතු කිරීමෙන් කොමසාරිස් අමාරුවේ වැටිලාද කියලා හිතෙනවා...