IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


උප සභාපතිට ඇප

හෝමාගම ලෙනගල බත් දන්සලකට කඩා වැදී පසුගිය 13 වැනිදා  ටී පනස් හයේ ගිනි අවියකින් පුද්ගලයකුට පහර දුන්නැයි  අත්අඩංගුවට ගත් හෝමාගම ප්‍රාදේශිය සභාවේ උප සභාපති  ඉන්දික කෝරළගේ  රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදා හරින්නැයි හෝමාගම මහේස්ත්‍රාත් වයි ආර් බී නෙළුම්දෙණිය මහතා නියෝග කළේය.

 

 

 

 



අදහස් (0)

උප සභාපතිට ඇප

උපාලි Wednesday, 18 June 2014 02:05 PM

මේ අය ගැන කතා කිරීමත් අපට ලැජ්ජාවකි. (නදී)

:       0       0

ප්‍රියංකර Wednesday, 18 June 2014 02:54 PM

රටේ ප්‍රදානියා මේ ගැන මිට වැඩිය හොයන්න ඕනේ. මේ වගේ මිනිස්සු අයින් කරන්න ඕනේ (නදී)

:       0       0

ලලීන්ද්‍ර Wednesday, 18 June 2014 11:13 AM

අනේ අපේ රටට වෙලා තියන වින්නැහියක්. දේශපාලනේ අැඟේ ගාගත්ත හැම කෙනාම හිතන්නේ නීතියට උඩින් ඉන්නවා කියල. මේවා රටේ මහ තැන්වලින් දුන්න ආදර්ශ. මෙහෙම වෙද්දී වත් මහතැන් ඒවා නිවැරදි කරන්නේ නැ. උදාහරණයක් විදිහට තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිට මිනීමැරුම් ස්ත්‍රී දුෂණ නඩු තියනවා. එත් තාම සභාපති . (ස)

:       0       0

ඇසළ Wednesday, 18 June 2014 11:14 AM

සාමාන්‍ය පුද්ගලයෙක් ගිනි අවියකින් පහර දුන්න නෙමෙයි තියාගත්තා නම් ඇප තියා මෙලහකට ගුටිකාලම ඇවිද ගන්න වත් බැහැ. දේශ පාලුවන්ට, පලා බබ්බුන්ට වෙනම නීතියක්ද.? දැන් ඉතින් ඇප ලැබුන නිසා හෙන්චයියෝ ටික දාල දන්සල් දුන්න මනුස්සයාගේ දත් ටිකත් ගලවයි. (ස)

:       0       0

ගොවිඳු Wednesday, 18 June 2014 11:25 AM

ගුටිකාපු එක්කෙනා කියයි කවුරුවත් ගැහුවෙ නෑ මමමයි ගහ ගත්තෙ කියලා. සමහර විට මට ගහපු කෙනා මතක නැහැ කියලත් කියයි. (නදී)

:       0       0

ලලිත් -එස්.එල් Wednesday, 18 June 2014 11:45 AM

මේවගේ උන්මන්තකයන්ට මොනා හරි ස්වභාව ධර්මයෙන් හරි වෙන්න ඕනා.(නදී)

:       0       0

දසුන් Wednesday, 18 June 2014 11:53 AM

ගිනි අවිය රහත් වුනාද? නැත්නම් කොහොමද ඇප දෙන්නේ ? (නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 18 June 2014 11:59 AM

තමන්ගේ වෘත්තියට ගැළපෙන භාණ්ඩයක් ඕනෑම කෙනෙකුට තියෙනවානේ. දොස්තරලට නලාවක්, මේසන් බාස් කෙනෙකුට බදාම හැන්දක්, ලේඛකයෙකුට පෑනක් වගේ දේවල්. දේශපාලකයන්ට ඒ වගේ තියෙන්නේ ටී 56 අවියක්. රට දියුණු වෙලා තියෙන තරමක්. (නි)

:       0       0

රංග Wednesday, 18 June 2014 12:01 PM

දන්සල දුන් මනුස්සයා සමහරවිට මෙයාට ඡන්දෙත් දෙන්න ඇති (නි)

:       0       0

රාසික් කටාර් Wednesday, 18 June 2014 04:45 PM

කලබල වෙන්න එපා සහෝදරවරුනි. අසා නැද්ද 'අවිගත්තෝ අවියෙන්ම නසිති' කියලා. (නි)

:       0       0

ප්‍රසංක Wednesday, 18 June 2014 12:07 PM

ගිනි අවියට මොකද වුණේ? (නි)

:       0       0

විමල් Wednesday, 18 June 2014 12:09 PM

මේක සෙල්ලම් ටී 56 ක් වෙන්න බැයිද? හොඳ පුර්වාදර්ශයක් මේක. ඔන්න පස්සේ කෑ ගහන්න එපා. (නි)

:       0       0

සුමේධ Wednesday, 18 June 2014 12:24 PM

ගිනි අවිය කෝ එතකොට? (නි)

:       0       0

නිලූ විදානගේ Wednesday, 18 June 2014 05:05 PM

බොහෝ දේශපාලකයින් ළඟ ලැජ්ජාව,බය නැහැනේ. ඊළඟ වාරයේත් අමතක නොකර වැඩි ඡන්දයෙන් පත්කර ගන්න.දැන් පාර්ලිමේන්තු යන්නත් සුදුසුකම් හරිනේ (නි)

:       0       0

බුද්ධික Wednesday, 18 June 2014 12:28 PM

මෙය ඉතාම බරපතළ වැරැද්දක්. ඇයි මොවුන් මෙලෙස හැසිරෙන්නේ? (නි)

:       0       0

චානක. Wednesday, 18 June 2014 12:31 PM

මේ වගේ අවනීතිය රජකරන රටට නිවාඩුවකට වත් එන්න හිත දෙන්නේ නැහැ (නදී)

:       0       0

මෙවන් Wednesday, 18 June 2014 12:43 PM

මෙහෙමත් නඩුකාර හාමුදුරුවරු, (ස)

:       0       0

සුනිල් Wednesday, 18 June 2014 12:44 PM

මේගොල්ලෝ චන්දෙ ඉල්ලන වෙලාවෙත් කිව්වද අපි මෙහෙම කරනවා කියල, මෙහෙම හැසිරෙනවා කියල. මිනිස්සුන්ට වැඳගෙන බොහොම සුදනෝ වගේ තාප්පයක් තාප්පයක්, කණුවක් කණුවක් ගැනේ පොස්ටර් වල හිටිය. හිරෙන් නිදහස් වෙලා හිනාවේගෙන ඡායාරූප වලට පෙනී ඉන්න එකත් මෙයාලට අද සුදුසු කමක් වෙලා. මෙයාලා ටී 56ක් අතේ තියාගෙන ඒ පෝස්ටර් වල හිටියා නම් කොච්චර ගැලපෙනවද? (ස)

:       0       0

භානු Wednesday, 18 June 2014 01:10 PM

හිනා වෙලා එන හැටියෙන්ම පේනවා අනාගත තීන්දුව ! හරියට "මාව කොහෙද මට්ටු කරන්නේ " වගේ. (නදී)

:       0       0

ගිහාන් Wednesday, 18 June 2014 01:22 PM

විලි ලැජ්ජාවක් නැතිව හිනා වේවි යනහැටි ! මහා හපන් කමක් කරලා වගේ (නදී)

:       0       0

කසුන් Wednesday, 18 June 2014 01:26 PM

මෙයාගේ වාසගම නිසා හිතාගෙන හිටියාද දන්නේ නැහැ , මුවන් පැලස්සේ කෝරලේ මහත්තය ට වගේ වැයික්කියේ හැමෝටම තඩි බාලා දඬුකඳේ ගහන්න ලයිසොන් එකක් ලැබිලා තියනවා කියලා. (ස)

:       0       0

කුසුම් Wednesday, 18 June 2014 01:28 PM

ෆොටෝ එක දකිද්දී නම් මට හිතුනේ, මෙයාල සිනමා ශාලාවකට ගොඩ වැදිලා විකට චිත්‍රපටියක් බලල ආපසු එනවා වගේ කියලයි. එතකොට අර ටි පනස් හයේ ගිනි අවිය ප්‍රාදේශීය සභා උප සභාපතිගේ පෞද්ගලික ආරක්ෂාවට රජයෙන් සපයා දුන් එකක්ද? එහෙම නැතිනම්, නීත්‍යනුකූල නොවන එකක්ද? එහෙම නොවන එකක් නම්, මෙයාල ඊළඟට නරඹන්න යන විකට චිත්‍රපටිය මොකක්ද කියලත් අපට හිතාගන්න පුළුවන්. (ස)

:       0       0

ජෙහාන් Wednesday, 18 June 2014 01:30 PM

හෝමාගම පැත්තේ බවලතුන් හැමෝටම ගෙදර පස්සා දොර හොඳට වහලා බත් මුට්ටිය බලා ගන්න වේවි . දන්සැලට වුන දේ අහල පහල ගෙවල් වලට සිද්ධ වෙන්නත් පුළුවන් නේ ! (ස)

:       0       0

ගයනි Wednesday, 18 June 2014 01:33 PM

ප්‍රාදේශීය සභාපතිලාට කොහෙද ගිහාන් විලි ලැජ්ජාවක්. එහෙම දෙයක් නැති නිසානේ ඔය තනතුරු වලට සුදුසු වුනේ ! (නදී)

:       0       0

තරිඳු Wednesday, 18 June 2014 01:49 PM

බෞද්ධයෙකුට දන්සලක් වත් තියන්න දෙන්නේ නැති මේවැන්නන්ට නැවත ගමේ මිනිස්සු ඡන්දෙ දෙයිද? අනික සභාපති කියලා පෝලිමෙන් පිට ගිහින් ආහාර ඉල්ලන්නේ ලැජ්ජාවක් නැද්ද? (නදී)

:       0       0

අසංක Wednesday, 18 June 2014 01:56 PM

ගිහාන් ඔබ හරි. සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා. (නදී)

:       0       0

ප්‍රියංකා Wednesday, 18 June 2014 02:01 PM

විලි ලැජ්ජාවක් නැතුව හිනා වෙලා එන ලස්සන බලන්නකෝ. මේ අයට රජ කාලේ දඩුවම් දෙන්න ඕනා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2126 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1374 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2195 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 539 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3105 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37177 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24486 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 626 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site