IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


එජාප මන්ත්‍රීනට මත්තලදී හූ කියති

මත්තල ගුවන් තොටුපොළ බලන්නට අද එහි ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට එහි රැදී සිටි පිරිසක් හූ කියමින් කුණු හරුපයෙන් බැන වැදුණ නමුත් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට පොලීසිය හෝ ගුවන්තොටුපළ ආරක්ෂකයෝ නොපැමිණීයහ.

 එක්සත් ජාතික පක්ෂයේ අජිත් මාන්නප්පෙරුම,එරාන් වික්‍රමරත්න, අජිත් පෙරේරා, නලීන් ජයමහ හා ආර් යෝගරාජන් මහත්වරු මේ සිද්ධියට මුහුණ පෑහ.

ගුවන්තොටුපොළ නිලධාරීන් සමඟ ගුවන්තොටේ සැරිසරා තොරතුරු ලබා ගැනීමෙන් පසුව පිටත්ව යෑමට බසයට එද්දී එතැන සිටි පිරිසක් ඔවුනට බාධා කළහ.

ගුවන් තොටුපොළ ගැන බොරු ප්‍රචාර ලෝකයට නොදෙන ලෙස ඔවුහු කීහ.

එම පිරිසේ සිටි ඇතැමෙක් මන්ත්‍රීන්ගේ ඇඟට පවා අත තබනු දැක ගත හැකි විය.

මන්ත්‍රීන් ඔවුනට පැවසුවේ තමන් ආවේ රජයේ ආරාධනයක් අනුව බවයි.



අදහස් (0)

එජාප මන්ත්‍රීනට මත්තලදී හූ කියති

Tharindu Thursday, 17 April 2014 01:56 PM

මේවා හිනා යන වැඩ.අනේ කොහොමද පොලිසියේ මහත්වරු එතන නැති උනේ ඒ වෙලාවේම??? (මුදී)

:       0       0

රවිඳු Thursday, 17 April 2014 02:49 PM

ඔව් ඉතින් හු කියන නරි ඇරෙන්න ගුවන් යානා හෝ වෙන දෙයක් නැහැනේ එහෙ. (මුදී)

:       0       0

tabitha Thursday, 17 April 2014 02:55 PM

ඒ අයත් මේ රටේ පුරවැසියන් බව අමතක වුණාවත් ද?(මුදී)

:       0       0

ධම්ම Thursday, 17 April 2014 03:10 PM

හූ කියන්නේ නරිනේ. ඕක තමයි කැළෑවල ඕවා හදන්ට එපා කිව්වේ.(මුදී)

:       0       0

rama Thursday, 17 April 2014 03:35 PM

රජයේ අරාධනාවකට ගියා නම් කෝ රජයේ නියෝජිතයා? අැයි හොරෙන්ම ගියේ? (මුදී)

:       0       0

වාසනා Thursday, 17 April 2014 02:55 PM

මොණරු විතරක් නොවේ නරිත් ඉන්නවා (මුදී)

:       0       0

රුකා Thursday, 17 April 2014 03:05 PM

එයාලට ඕව ගැන හොයල බලන්න අයිතියක් නැද්ද.... කරන හැම දේම බලන් ඉන්න ඕනෙද අපි.(මුදී)

:       0       0

tabitha Thursday, 17 April 2014 03:10 PM

අනේ ඒ අයට හු නොකියා ජය වේවා කීවුවා නම්? (මුදී)

:       0       0

භානු Thursday, 17 April 2014 03:55 PM

සි සි ටී වී කැමරා තිබේ නම් හූ කියපු උදවිය අඳුනා ගන්න පුළුවන් නේද ? හැබැයි ඉතින් ඒ ගොල්ල පුරුද්දට , ගුවන් තොටුපලට ගොඩබහින මගියන්ට හූ කිව්වොත් සත්තු වත්ත තියෙන්නේ ගුවන් තුටුපලේම කියල සංචාරක ඇත්තෝ හිතා ගනී. (මුදී)

:       0       0

සෑම් Thursday, 17 April 2014 04:05 PM

මේ ගුවන්තොටුපොළ සාර්ථක ව්‍යාපෘතියක් නම් ඒකේ අමුතුවෙන් පෙන්නන්න දෙයක් නැහැ. මේක රටේ ආර්ථිකයට තවත් බරක්. ගුවන්තොට ඉදිකිරීමට ගත් ණය සහ පොලිය, නඩත්තුවට යන අතිමහත් වියදම , රේගුව, ගුවන්තොටුපොළ සේවකයන්ගේ වැටුප් ආදිය ගෙවන්නේ මේකෙන් ලැබෙන ආදායමෙන් නොවේ. ඒ සඳහාත් තවත් ණය ලබාගන්නා බව කනගාටුවෙන් උනත් කිව යුතුයි.රටේ දියණුවට අපි ඊර්ෂ්‍යා නොකළ යුතුයි. නමුත් මේවා දියුණුව සඳහා කරපු දේවල් නොවේ.(දී)

:       0       0

ගජ මන් Thursday, 17 April 2014 03:24 PM

මත්තල මොනරුන්ට වෙඩි තියන්න වෙනම කට්ටියක් පත් කරලා කියල පහුගිය කලේ මන්ත්‍රී කෙනෙක් ප්‍රකාස කරලා තිබුන. ඒ වගේ හූ කියන්නත් කට්ටියක් පත් කලාද දන්නේ නැහැ.(දී)

:       0       0

නන්ද Thursday, 17 April 2014 04:19 PM

හූ හඬවල් ඇහෙන කොට නරියෝ කවුද කියල හඳුනා ගන්න බැරි වුණද.? (ත)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 17 April 2014 04:24 PM

මොරටුවේ කට්ටියක් එක්ක ගියානම් බිත්තියට තියලා පහර දෙයි. (ත)

:       0       0

ලෙස්ලි එච් විජේසිංහ Thursday, 17 April 2014 04:24 PM

දැන් මේ රට හදනවා බොරු. (ත)

:       0       0

මංජුල අබුඩාබි සිට Thursday, 17 April 2014 03:44 PM

එජාප රජයක් යටතේ මත්තල කටු ගෙයක් කරනවා කියල මහලේකම් තුමා පාරම්බැවා. දැන් මේ පිරිස ගියේ ඒකට සක්‍යතා අධ්‍යනයක් කරන්න වෙන්න ඇති. (ත)

:       0       0

ලියනගේ Thursday, 17 April 2014 03:59 PM

මේ වගේ දේවල් අහනකොට ලංකාවේ ඉන්න මිනිස්සු ගැන ලොකු කණගාටුවක් හා වේදනාවක් ඇති වෙනවා. (ත)

:       0       0

සංජීව Thursday, 17 April 2014 04:21 PM

වරායට ගියේ නැද්ද? (ත)

:       0       0

නිහාල් Thursday, 17 April 2014 05:07 PM

පුදුම පොලිසියක්නේ. (ත)

:       0       0

ජයන්ත Thursday, 17 April 2014 04:37 PM

අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවගේ දේට තමයි. (ත)

:       0       0

සමන් Thursday, 17 April 2014 05:27 PM

ඒ අය හොරෙන් ගියේ නැහැ. ඒ අය යන බව අපි නම් පුවත් පත් වලින් කලින්ම දැක්කා. අනිත් එක ගුවන්තොටුපොළකට හොරෙන් යන්නේ කොහොමද? (ත)

:       0       0

තරංග Thursday, 17 April 2014 04:57 PM

මේ අය යනවා කිව්ව වෙලේම මට හිතුනා මේ ටික වෙයි කියලා. (ත)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 17 April 2014 06:21 PM

මෙම සිදුවීම ගැන මමනම් කනගාටුවෙනවා. නමුත් විරුද්ධ පක්ෂයේ උදවියට ආණ්ඩුවේ වැරද්දක් දකින සෑම අවස්ථාවකම එයට විරුද්දධව නැගී සිටීම ඔවුන්ගේ වගකීමය. නමුත් සමහර ප්‍රකාශයන් යහපත් දේවල් හෑල්ලුවට ලක්කරන සුළුය. එවැනි දේවල් නිසා සිදුවෙන විපාක තම මේවා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 401 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 95 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1344 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 9281 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 4416 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 357 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 29549 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23640 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 133 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 412 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site