හම්බන්තොට වරාය නැරඹීමට ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුනට හා මාධ්‍යවේදීනට එහි පරිපාලන ගොඩනැගිල්ල අසළ සිටි පිරිසක් අතින් පයින් හා බිත්තරවලින් පහර දුන්හ.
වරාය අසළ සිටි පොලිස් නිලධාරීහු මන්ත්‍රීන් බේරීමට කිසිත් නොකළ නිසා වරාය නැරඹීම පසෙක දමා මන්ත්‍රීවරු නවත කොළඹ බලා පිටත් වූහ.
පොලිස්පති හමුවී සිද්ධිය ගැන දැනුම් දෙන බවත්, අද රාත්‍රී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන බවත් මන්ත්‍රීහු කීහ.
හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු පිස්තෝලයක් අතැතිව සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය පිරිස ගෙදර යැවිය යුතුයි. (ත)
ප්‍රජාතන්ත්‍රවාදය මෙයද? (ත)
මොනවා කියන්නද? පින්තුර කතා කරන කොට. ලියන්න දෙයක් නැහැ. (ත)
මෙහෙම බලා සිටින ලොව එකම පොලිසිය මෙයද? (ත)
කවුරු කළත් ලජ්ජ විය යුතු කාරණයක් (ත)
පොලිසියෙන් කියයි පරීක්ෂණ පවත්වනවා කියා. (ත)
මේකද මේ ආශ්චර්යය? නිදහසේ චණ්ඩිකම් කරන්නද අපි ඡන්දේ දුන්නේ? (ත)
මේ හම්බන්තොට පිරිස ජිනීවා වලට තවත් කරුණු හොයල දෙනවා.(ත)
අනේ පව් වැඩේ. (ත)
කොහොම වුණත් මේක වරදි වැඩක්. දහස් ගණනක් මෙය බැලුවත් ඒ බව ලියන්න පිරිස් නෑ. (ත)
අපේ රටේ නීතියක් තියෙනවද? ලංකාවට දෙවියන්ගේම පිහිටයි. පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපතිත්වය දරණ රට නේද මේක? (ත)
ජනතාව මීට වඩා බුද්ධිමත් විය යුතුයි. (ත)
ඔය කට්ටිය ගියේ වරයෙවත්,ගුවන් තොටුපලෙත් ලස්සන බලන්ඩ නෙමෙයි. ඒවායේ තියෙන වැරදී පෙන්නලා ආණ්ඩුව අපහසුත්වයට පත් කරන්ට.(ත)
ජිනීවා වලට මේවා දුන්නම රටට ඒගොල්ලෝ සලකනවද හොඳින් ? එනිසා උඩ බලන් කෙල ගහන්න එපා (ත)
පොලිසියේ කොඳු කඩා තියෙන විදිය මේ පින්තූර බැලුවම තේරුම් ගන්න පුළුවන්. (ත).
අර පිස්තොලේ අරන් දුවන කෙනා අල්ලන්න පොලිසියට පන නැතිව ඇති නේද? (ත)
මාධ්‍යයට දැන් වැඩි වැඩියෙන් හිරිහැර වෙනවා. (ත)
ඉතින් ගුනේ එහම කියලා නීතිය අතට ගන්න අයිතියක් තියනවද ගහන්න ?මේ රටේ නීතියක් නැද්ද ? පොලේසියක් නැද්ද ?(දී)
මෙචර හොද සංවර්දන වැඩක් නම් මොකද මේක නරඹනවට බය (දී)
මේ අව්රුදු කාලේ .......... බිත්තර අල්ලමු රාලේ ...... (දී)
ලංකාවේ මාද්‍ය නිදහස තියනවලු ? මේකෙන්ම ඒ බව පේනවා ""මන්ත්‍රී කෙනෙකුට ආරක්ෂාව දෙන්න බැරි පොලිසිය මොකටද ...කොට්ටෙට හොදයි .. (දී)
අමුත්තන්ට නියමෙට සලකනවානේ අපේ රටේ මේ හොඳට සලකපු ආකාරය (දී)
අහෝ දුකකි අපි ශ්‍රී ලංකාවේ කියල කියන්නත් ලැජ්ජයි (දී)
මෙන්න ධර්මද්වීපයේ එහෙම නැත්නම්,ලෝකෙම් උතුම් රටේ මිනිසුන් හැසිරෙන ආකාරය. මෙවැනි දේවල් දැක්කම අපට නම් දැන් මහා අමුත්තකුත් නැහැ. මහා දවල් මෙවැනි දේවල් ඕන තරම් මිට කලිනුත් සිදුවෙලා තියන නිසා. මම නම් ප්‍රර්ථනා කරන්නේ සසර ඇති තුරාවට මෙවන් තිරිසන් ගති ඇති මිනිසුන් සිටින රටක යලි නොඉපදෙවා!! කියලයි. මෙවැනි අධම ක්‍රියා කරන මිනිසුන් පමණක් නොවේ, විශේෂයෙන් මෙවැනි අශිෂ්ඨ ක්‍රියා අනුමත කරන අමනයින් සිටින රටක, සසර වසන තුරාවට යලි නොඉපදෙවා!!! (දී)
මමනම් කියන්නේ යුධ අපරාද කෙසේ වෙතත් මෙවන් අපරාද පිලිබදව විදෙස් ඇසයොමුවිය යුතුයි (දී)
මත්තල ගුවතොටුපල,හම්බන්තොට වරාය ගැන වැරදි ප්‍රචාරයක් එයාලා රටට,ලෝකෙට දෙනවානම්,අරාධනයක් සමග පැමිණි ඔව්න්ව සාදරයෙන් පිළිගෙන ව්‍යාපෘති දෙකේ ප්‍රදාන තැන් ඔව්න්ට පෙන්වාදී එහි වටිනාකම පහදා දුන්නනම් අද රජයේ මහත්මා ගතිය රටට ඔප්පුවෙනවා.නමුත් කුණු බිත්තර වැදුනේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට නෙවෙයි රජයේ සියලුම දෙනාටයි. (දී)
පිස්තෝල ඇරැගෙන එන විදිහ අනුමත කළ නොහකියි . ඒත් එජාපය රටේ විපක්‍ෂයේ මන්ත්‍රීවරු වාරායට අධිවේගී මාර්ගවල හොදක් නම් කීවේ නෑ .වාරායේ තිබුන තඩි ගල්ගෙඩි ප්‍රශ්න ඉවරවුනා.. දැන් ඇමති. මේ අය ගියේ වැරදි හොයන්න නම් බිත්තර වලින් පිළිගැනීම වරදක් නෑ. (දී)
බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ රට බල්ලට ගිහිල්ල බල්ලා රට ගිහිල්ල (දී)
ගුණරත්න මහත්තයෝ විපක්ෂයෙන් සිදුවිය යුතු දෙය තමයි ඔබ ඔය ලියා තිබෙන්නේ. ඒ ක්‍රියාව විපක්ෂයෙන් සිදු නොවන විට කියනවා, විපක්ෂය පන නැහැ, නිදියගෙන ඉන්නවා කියල. වැරදි පෙන්වීම රජය අපහසු තාවයට පත්කිරීමක් නොවෙයි. ඒ ක්‍රියාවෙන් වෙන්නේ පොදු ජනයට වෙන අපහසු තාවයෙන් ජනතාවට ඒ අඩුපාඩුව හදාගන්න උදවු කිරීමක්. එය විපක්ෂයේ ප්‍රදාන කාර්යක්. අර නිල්පාට ලේන්සුව ඔයාගෙනම් ඉල්ලා ගෙන හෝදලා තියාගන්න. මොකද ආයිමත් කුලියට දෙන්න ඕනේ වෙයි.(දී)
වැඩේ වැරදි අන්තිමයි (දී)
කවුද මෙයාව නගරදිපති කෙරුවේ, බැලූ බැල්මටනම් පෙන්නේ පාතාල නායකයෙක් වගේ. (දී)
අද රටේ තත්වය මේකයි ...තව ටික කාලයක් යනවිට ..ඔය බිත්තර වලින් ගහන අයට තේරේවි...ඒ වගේ නුගත් ..අය තමයි අපේ රට තවත් අමාරුවට පත් කරන්නේ .....ඒ වගේ නුගත් පිරිසක් නේ අපේ දේශ පාලනයේ ඉන්නෙත් ..ඒ නිසා මේ කරන දේ වලට ..අපි පුදුම විය යුතු නැහැ ....එහෙම කරලා ..ඒ අයම කියනවා ජිනීවා ගැන .....රට යන තැන ..හොඳට හිතා ගන්න පුළුවන්..... (දී)
අනේ අපේ රටේ නීතියට ගිය කලක්.එක තැන ගල් ගැහිලා බලන් ඉන්නේ අපුරුවට අත් පස්සට බැදගෙන නිතිය ක්‍රියාත්මක කරන්න වෙන කව්රු හරි එනවා වගේ.මොකද මේ පොලිසියේ අයට වෙලා තියෙන්නේ.නිතිය කියන්නේ කාටත් එක හා සමානව ක්‍රියා කල යුතු දෙයක්.ප්‍රජතන්ත්‍රවාදය නමට විතරයි .මේ ඒවායේ නිදසුන් කාටත් දැනගන්න.
අර උඩම එක්කෙනා අව්රුදු උත්සවේක බිත්තර අල්ලනවාද? (දී)
සරම උස්සන් ඉන්න කෙනාව දැක්කනම් අපේ විපක්ෂයේ උදවිය???
හම්බන්තොට වාරයක් හැදුව කියල හැමතැනම බැණ බැණ ලජ්ජා නැතිව එතනට ගියාම වාසනාවට කුණු බිත්තර පාර දීල තියෙන්නේ , කොලබ නම් ගහන්නේ අර _ බාල්දි (ජරා බාල්දි ) එව්වා. (දී)
මේක හරියට ෆිල්ම් එකක කොටසක් වගේ හි හි හි (දී)
මීට වඩා කොච්චර ඔප්පු වෙන යන වැරදි කාරයොත් නිවැරදි කරලා තියෙනවාද? (දී)
මැරයෝ පොලෝසිය ඉස්සරහම පිස්තෝල අරගෙන දුවනවා .....කෝ ලංකාවේ මානව හිමිකම් ......... (දී)
මොන කෙහෙල් මලක්ද ? ජිනීවා මේවා ගණන් ගන්නේ නෑ. ලෝකේ මිට වඩා දරුණු දේවල් හැමදාම සිදු වෙනවා. (දී)
ගුණරතන , වරායේ අඩුපාඩු පෙන්නලා දෙන්න එපාද ?(දී)
රටේ නීතිය වල් වැදිලා කියන්න තවත් උදාහරණ එපා.....(දී)
ජනාදිපති තුමනි වහාම මේ ගැන ක්‍රියාත්මක නොව්නොත් ලොකු විපතක් අත ලඟයි (දී)
මේවා දැක්කාම ඇතිවෙන්නේ පුදුම තරහක් හා පිළිකුලක් (දී)
ගුණරත්න, වැරදි පෙන්නලා දෙන එක කොච්චර හොඳ දෙයක්ද? පෙන්නලා දෙන මිනිහට ගහන්නේ නැතුව වැරදි හදාගන්න එක නේද කරන්න ඕනේ.(දී)
පොලිසිය බලන් ඉන්නේ නැතුව වෙන මොනවා කරන්නද. මත්තලත් මේ වගේම සිද්දියක් උන නේද? මත්තලයි,හම්බන්තොටයි, බලාගන්න කට්ටිය වෙන්න ඇති මේ චන්ඩි. පිස්තෝලයක් අරන් චන්ඩියෙක් යකා නටද්දීත් පොලිසිය කුඩුමිරිස් කාපු රිලව් වගේ බලා ඉන්නේ කරගන්න දෙයක් නැතිවයි. ඉහලම තැන් එක්ක හැප්පෙන්න ගියාම වෙන්නේ මොකද කියලා හිතාගන්න වත් බැහැනේ. .(දී)
අපේ රටේ මුළු ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් දැන් අවිචාර, නුගතුන් වෙලා අවසන්! (දී)
මේ උඩම පින්තුරේ ඉන්න මනුස්සයා අපේ ජාතික ඇදුමටත් නිගරු කරනවා (දී)
මෙන්න ලංකාවේ මානව හිමිකම්(දී)
මේවා දැක්කාම පුදුම විදිහට කල කිරෙනවා (දී)
මේ බඩුත් එක්ක හොරු ඉන්නේ (දී)
මේ වැඩ වෙන්නේ ලොකු ලොක්කන්ග අනුදැනුම ඇතිවනේ (දී)
හරිම ගෞරවාන්විත විදිහට පොලිසියෙන් බලා සිටි (දී)
ලංකාවත් හරියට තමිල්නාඩුවල දෙමල ෆිල්ම් එකක් වගේ . මේවා දැක්කහම වමනයට එනවා . හරිම අප්පිරියි .නුගත් පොලිසිය සහ මිනිස්සු .(දී)
ඉතාමත් නින්දිත පහත් ක්‍රියාවක් (දී)
එතකොට "ගුණරත්න-ඩුබායි" කියන්නේ වැඩේ නිවැරදියි කියල. මේ මිනිස්සු දන්නේ නැහැ වැරදි පෙන්නුවම තමයි හදාගන්න හැකි වෙන්නේ කියල. අනික කිසිම කෙනෙකුට ගහන්න අයිතියක් නැති බව. (දී)
මේවගේ අත් බදාගෙන බලා ගෙන ඉන්න පොලිසියේ අය ඉන්නේ අපේ රටේ විතරම වන්න ඇති (දී)
අර උඩම පින්තුරේ ඉන්න කෙනා බිත්තර වලින් ක්‍රිකට් ගහන්න පුරුදුවෙන කෙනෙක්. (දී)
එජාප මන්ත්‍රීලා මාධ්‍යවේදීන් එක්කලා ලොකු සේවයක් කරන්න හිතාගෙන මත්තල යන්න ඇති අනේ පවු !!!! (දී)
ලංකාවේ එදත් උනේ ඔකයි අදත් වෙන්නේ ඔකයි ඔය තුවක්කු අරන් ඉන්න අයට බැනල වැඩක් නැ. ඔය තුවක්කුව අරන් ඉන්න කෙනාට චන්දෙ දුන්න අපේ අහිංසක කිසිත් නොදන්නා නැවත නැවතත් චන්දෙ දෙන ජනතාවට මගේ ආචාරය ! (දී)
නියම විහිළුවක් (දී)
ලොක්කෝ නිදි මේක තමා අද රටට වෙලා තියෙන හෙනය (දී)
සිරිගේ කතාව හරි (දී)
තමාගේ ආරක්ෂාව තමන්ම සපයාගන්න කියල ජේ ආර් මහත්තයා නේද කිව්වේ (දී)
මෙන්න අද උත්සවයේ හොඳම විහිලුව (දී)
අපේ රජයට මඩ ගහන දේශද්‍රෝහින්ට මේවා හොඳ පාඩම්. (ස)
මෙයාලටනේ අපේ ජනතාව ජන්දේ දෙන්නේ කියන්න වචන නෑ (ස)
කටුනායක ගුවන් තොටුපල ළඟ හරි කොළඹ වරයා ළඟ හරි මෙහෙම දෙයක් වේවිද?? මේකෙන්ම පේනවා මේවා ඉතා වැදගත් ආර්ථික මර්මස්ථාන කියල (ස)
කතෘ තුමනි, මේ පින්තුර ටික දාපු එක ගැන මහේ ප්‍රණාමය.හෙට ඔබ තමාට කුමක් උනත් ඔබතුමා නර්භීත මාධ්‍යවේදියෙක්. සිරිලංකාව බිහිසුණු රටක් බව අනුන්ට කියන්න ඕනේ නැහැ, එක මොලේ තියෙන එවුන්ට තේරිලා ඉවරයි. (ස)
මේක ආණ්ඩුවේ කෙනෙකුට උනානම් අද පොලීසිය ඉවරයි.අනේ මෙහෙම ලෝකයක්(ස)
පොලිසේ ඉන්නේ සල්ලි කාරයෝ නැත්නම් ආණ්ඩුවේ දේශපාලකයෝ රක්කින විතරයි (ස)
ගහන්න ගහන්න දිගටම ගහන්න (ස)
මෙහෙම අයද රට පාලනය කරන්නේ (ස)
අපේ රටේ තමා ලෝකේ හොදම තීක්ෂණ පොලිසිය ඉන්නේ. දරු පවුල නඩත්තු කරන දුප්පත් රස්සාව නැති කරගන්නේ මොකටද මේ අව නිතිය රජ කරන රටේ? පොලිසියට මගේ උපහාරය!! ඉදිරියේදීත් මේ ලෙසින්ම කටයුතු සිදු වේවා!!! (ස)
විපක්ෂයට ඔහොම වෙන්ට ඕන(ස)
පහුගිය දවස්වල ඡන්දෙ ඉල්ලන කාලේ පෝස්ටරේක ඉන්න ඇති දත් විලිස්සාගෙන, අත්දෙක වැඳගෙන අවංක, එඩිතර, පිරිසිදු, පාලනයක් සඳහා වැඩි මනාපෙන් දිනවමු කියල. (ස)
නීතියක් නැති රටක්''මානව හිමිකම් තියන රටක් කියලා කියන්න.පුළුවන්ද දන්නෑ..(ස)
ඒ වුනාට මේවා නන් මහා අසික්කිත වැඩ...ඔය ගහපු එවුන් නං පට්ටම මෝඩයෝ....අපේ වගේ පාවෙන චන්ද ගැලවිලා ආණ්ඩු වට්ටන වැඩ මේවා. (ස)
අද රටේ තත්වය මේකයි ...තව ටික කාලයක් යනවිට ..ඔය බිත්තර වලින් ගහන අයට තේරේවි...ඒ වගේ අය තමයි අපේ රට තවත් අමාරුවට පත් කරන්නේ (ස)
ලංකාවේ දේසපාලනේ කුණු වෙලා කියන එකට හොදම උදාහරණයක් (ස)
ඒ ජා ප මන්ත්‍රීන් ඉල්ලන් කා ඇති බවයි පෙන්නේ. (ස)
බොහොම සන්තෝෂයි මගේ අදහස් වලට දාලා තියෙන ප්‍රතිචාර වලට. (නි)
මෙවන් දේවල් නිසා තමයි ජනතාවට රජයත් එපා වෙන්නෙ. බලය තිබුණාට අනිසි ලෙස එය පාවිච්චි කරන්න එපා (නි)
දැන් තේරෙනවා නේද ලැජ්ජා වෙන්න ඕනෑ කව්ද කියලා? මේ වගේ අයව දේශපාලනයට ගෙනෙන්න ඡන්දෙ දුන් කට්ටිය සහ මොවුන්ට පාවඩ එලන විජ්ජාකරුවන් රැල තමයි නියම විදියට ලැජ්ජා විය යුත්තේ (නි)
අපේ රට ගමන් කරන අවාසනාවන්ත දිශාව මෙවැනි ඛේදනීය අවස්ථා වලින් අපට මනාව පැහැදිලි වෙනවා.අනාගතයේදීවත් ඔබගේ වටිනා ඡන්දය යහපත් ගුණවත් අය වෙනුවෙන් ප්‍රයෝජනට ගන්න සිහිතබා ගන්න (නි)
මෙයාලට බුදු සරණයි! (නි)
හොඳට සළකළා වගෙයි (නි)
මේ වගේ දේවල් වලින් යස අගේට පේනවා ලංකාවේ දේශපාලනය කොයිතරම් බංකොලොත්ද කියලා. (නි)
උඩම පින්තුරේ ඉන්න කෙනා අපේ ක්‍රිකට් ටීම් එකට ගන්න තියෙන්නේ! (නි)
මොනවද මේ සිද්ධ වෙන්නේ? (නි)
පොලිසිය ඇයි එහෙම කළේ? (නි)
රත්නසිරි, හරි හෝ වැරදි වේවා, ආණ්ඩුව කරන කියන හැම දෙයටම එහෙයි එහෙයි කියන්න ඕනෑ නම් විපක්ෂයක් අවශ්‍ය නැහැනේ. ඔබ කියනවා නම් මේ කළ වැඩේ හොඳයි කියලා ඔබ නම් ප්‍රජාතන්ත්‍රවාදී රටක වෙසෙන කෙනෙක් නෙමෙයි. විවේචන ඉවසන්න බැහැ කියන්නේ දුර්වලකමක්. (නි)
මේක හරි කියලා කියන්න අයත් ඉන්නවානේ. (නි)
දැන් ඉතින් මේවා ජිනීවා වලට ගියාම, බනින්න දේශද්‍රෝහී බලවේග ක්‍රියාත්මක වෙනවා කියලා. තමන්ගේ රටේ ජනතාව ගුවන් තොටුපොල බලන්න ගියාම මෙහෙම නම් ලැජ්ජා නැතුව අපි කොහොමද පිටරට වල මිනිස්සුන්ට මෙතන ඇවිල්ලා ගොඩ බහින්න කියන්නේ. විවේචන කරන්න හරි යන්න දීලා ඊට පස්සසේ කියන දේට ප්‍රතිචාර දක්වන්න බැරිද? මට නම් මේ වගේ රටක ඉපදුන එකත් ලැජ්ජාවක්! (නි)
දැන් ඉතින් රටට හරිම කීර්තියක්නේ මේ අත්කරලා දීලා තියෙන්නේ. මේ වගේ වැඩ දකින්නද අපි දේශපාලකයන්ට ඡන්දෙ දෙන්නේ. මේ පෙනෙන්නේ දකුණු පළාතේ මිනිස්සු හැසිරෙන විදිය තමා. කිවුවට තරහ වෙන්න එපා. (නි)
මේක හොඳට සංවිධානය කරලා කළ වැඩක් කියලයි මට නම් හිතෙන්නේ. රටට හරිම නින්දාවක්. මේ දේවල් දැකපු සංචාරකයෝ තම තමන්ගේ රට වලට ගිහිල්ලා හොඳ වාර්තාවක් දෙයි. ඊට පස්සේ කියන්නකෝ අපේ රටට විරුද්ධව විදේශ බලවේග ක්‍රියාත්මක වෙනවා කියලා. (නි)
නඩරාජාට වැරදිලා. හම්බන්තොට , මත්තල කියන්නේ මේ රටේ දේපලක් මිසක් කාගේවත් පෞද්ගලික බුදලයක් නෙමෙයි. ඕවා ගොඩ නගන්න වූ ණය ගෙවන්න නුපන් දරුවොත් ලක්ෂ ගණනින් ණය වෙලා තියෙන්නේ. අනික මේ රටේ ඕනෑම තැනකට ඕනෑම කෙනෙකුට නිදහසේ ගමන් කරන්න අයිතියක් තියෙනවා. එය නැති කරනවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි (නි)
මම නම් මත්තල ගුවන් තොටුපලට හීනෙන්වත් යන්නෙත් නැහැ, ගොඩ බහින්නේත් නැහැ. නිකන් අත පය කඩා ගන්නේ මොකටද? (නි)
දැන් රටට ලොකු කීර්ති නාමයක් එයි නේද? මෙහෙමත් රටක අපි ඉපදුනා නේ? (නි)
නිවැරදි තොරතුරු අපිට බලාගන්න පුළුවන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් තමයි නේද? (නි)
කොහොමත් නිල්වලා ගඟෙන් එහා ඉන්න පලා බබාලාට ,නගර බබාලට රාජ ඌෂ්ණය වගේ, ඌෂ්ණයක් ඉහට ගහලා තියෙන්නේ. ඒ වගේම උණක් හැදිලා තියෙනවා කහ උණටත් වඩා දරුණු. (නි)
මෙතන අදහස් දක්වා ඇති අය වගේ අය තමා හම්බන්තොට ගොඩක් ඉන්නේ. (නි)
ලංකාවේ මිනිස්සු දේශපාලනේ කරන්න යන්නෙ අනුන්ගෙන් පළිගන්න. මහත්මා ගති ඇති දේශපාලතයෝ අද නැහැ. (නි)
නගරාධිපතිවරයෙකුගේ කාර්ය භාරය විය යුත්තේ නගර සභාවට අනුබද්ධ කාර්ය කිරීම නොවේද? (නි)
ඔය යන්න ඇත්තේ ජනතාවට ආදරේටද? (නි)
මුල් පින්තූරයේ ඉන්න කෙනා බිත්තරයක් අතේ තියාගෙන ඉන්නේ හරියට , බේස්බෝල් ක්‍රීඩකයෙක් පන්දුව යවන්න සූදානම් වෙනවා වගෙයි. (නි)
හරියට ඉන්දියාව වගේ. මෙවැනි දේවල් වලින් අපකීර්තියට පත්වන්නේ පවතින රජය හා නීතියයි. කොපමණ සංවර්ධන කටයුතු කළත් මෙවැනි දේට මහජනතාවගේ අවධානය යොමු වෙනවා. කිසිම වෙලාවක හෝ ස්ථානයක මැර දේශපාලනය අවශ්‍ය නැහැ. (නි)
"ලංකාවේ පොලිසිය" (නි)
ජයවේවා පුතේ! ඔහොම යමු (නි)
අර බිත්තර ගහන මනුස්සයා යස අගේට හරිම ගෞරවාන්විත විදිහට ඒක කරනවානේ... (නි)
1977 පස්සේ බෝකළ (ස)
කෝ මේ විචාරක කුහක බන්දුල (ස)
මේ රටේ ඉන්නේ නුගත් මිනිසුන්! (ස)
සමහර උඩින්ම තියෙන ඡායාරූප ගැන නම් හිතාගන්නත් අමාරුයි (නි)
අපිනම් අහුවෙයි ඕවට, මේවා බට් කරපු ෆොටෝනේ (ස)
මේවා හදපු ෆොටෝස් නෙයෙි ද ? (ස)
මේකයි අපේ රටේ යතාර්ථය. අර මහා උනන්දුවෙන් පලවෙනි පොටෝඑකේ බිත්තරේ ගහන දුප්පත් මනුස්සයා ඒ වෙලාවේ තමන්ගේ ගෙවත්තේ මිරිස් පැලයක් හිටෙව්වා නම්. (ස)
දයාරත්න , 1977 න පස්සේ බෝ කල ඒවා , වෙනස් කරන්න බලය ගත්ත අය 1994 ඉඳල පැල වෙලා (ස)
ශිරානි - ඔයා හිතන්නෙ එයා මේවා නොදන්නවා කියලද? (ස)
රටේ ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට යන හැටි. පොලිසිය, උසාවිය, මාද්‍ය නිහඬ කල රටක ජනතා හඬ ඉස්මතු කරවීමට කරන උත්සාහය (ස)
වැඩේ නම් පරණ විදියට මයි. වෙනසකට තියෙන්නේ ඒකාලේ ආණ්ඩුව කොලපාටයි දැන් ආණ්ඩුව නිල්පාටයි. (ස)
අපි මීට කලින් මෙවැනි සිදුවීම් දැක්කේ හිංදි චිත්‍රපටි වල විතරයි. දැන් ඒවා සැබැවින් දකින්න තරමි අපේ දෑස් අවාසනාවන්ත වෙලා.කිසි නෙනෙක් අනුමත නොකරන පිළිකුල් සහගත ක්‍රියාවක් බව පේනවා.(ස)
මේක පුදුම මිනිස්සු ඉන්න රටක්, නැත්නම් ඉතින් මේ වගේ අයට ඡන්දය දෙයිද? (නි)
ජීනිවා යෝජනාව හරි බවද මේ ඔප්පුකොට තිබෙන්නේ? (නි)
දැන් ඉතින් කියන්න අපි මානව හිමිකම් ගැන අභියෝග කරන ජාත්‍යන්තර බලවේග වලට බය නැහැ කියලා. මොන සංවර්ධනයෙනුත් වැඩක් තිබෙනවද රටේ මානව සම්පත සංවර්ධනය කරගන්න බැරි නම්? (නි)
යුනිෆෝර්ම් එකකුත් ඇඳගෙන නේද මේ බලා ඉන්නේ? (නි)
අනේ අපේ ලංකාවට ගිය කලක්! තනිකර රටේ නීතිය චණ්ඩි පාලනය කරන රටක් වෙලා. මිනිස්සුන්ට නිදහසක් නැහැ. පොලිසිය උඩ බලාගෙන අහක බලාගෙන යනවා. ඉතා දරුණු ලෙස රට විනාශ වෙලා (නි)
කලබල විය යුතු නැහැ. අපේ අහවලා මේ ගැන හොඳ කතාවක් කියාවි. (නි)
මේවා දකිනකොට ජිනීවා චෝදනා ඉබේම ඔප්පු වෙනවා කියලා දේශපාලකයන්ට තේරුම් ගන්න බැරිද? අපේ රට ලෝකයා ඉදිරියේ අන්තිම පහත් තත්ත්වයට වැටිලා නේද ? (නි)
මේවා දැක්කහම සංචාරකයෝ බය වෙනවා. මත්තලට එන එකක් නැහැ (නි)
මිනිසුන්මද මේ...? (නි)
ජනතාව මීට වඩා බුද්ධිමත් විය යුතුයි (නි)
මේ අපේ අහිංසක දේශපාලයින්ව අපසුතාවයට පත් කරන්න කරපු කුමන්ත්‍රණයක්. විදේශ බලවේග තමයි මේවට වගකියන්න ඕනෑ (නි)
පාට පක්ෂ මොනවා වුණත් ගුවන් තොටුපල, වරාය වැනි තැන් වල ප්‍රසිද්ධියේ මේ වගේ මැර ක්‍රියා වෙනවා කියලා වෙන රටවලත් ප්‍රචාරය වීම රටක් හැටියට අපිට හානියක්. (අපි වුණත් වෙන රටකට යනකොට ඒ රටේ යම් ගුවන් තොටුපලක් භයානක තැනක් කියලා දන්නවා නම් අපි එතන මඟහැරලා වෙන ගුවන් තොටුපලකට යනවා නේ ) (නි)
අපි ඡන්දෙ දුන්නේ මේ වගේ සංදර්ශන බලන්න නෙමෙයි. ලැජ්ජයි. ඇයි මේවාට බලධාරීන් වගකියන්නේ නැත්තේ? (නි)
මෙන්න රටක ප්‍රජාතන්ත්‍රවාදය! (නි)
මේ හම්බන්තොට පිරිස ජිනීවා වලට තවත් කරුණු හොයලා දෙනවා. වෙනසකට තියෙන්නේ ඒ කාලේ ආණ්ඩුව කොළ පාටයි. දැන් ආණ්ඩුව නිල් පාටයි.මේක හරි කියලා කියන්න අයත් ඉන්නවානේ (නි)
මේ ආශ්චර්යයේ පෙරගමන්කරුවෝ (නි)
අර කවුදත් කියලා තිබුණනේ ඔය ව්‍යාපෘති වලින් වැඩක් නැහැ,වැව් ටික හැදුවා නම් හොඳයි කියලා (නි)
මෙන්න සාක්ෂි අල්ලනවා නම්.... (නි)
ලාල්, මේ තමයි අපේ අයගේ බුද්ධිය. (නි)
මේක ජාත්‍යයන්තර කුමන්ත්‍රණයක් (නි)
මම නම් හිතන්නේ හම්බන්තොට වරායේ සහ මත්තල නියම තත්ත්වය මේ කට්ටිය දැකලා මේ ගැන රටට හෙළි කරලා දෙයි කියන බය නිසා තමා මෙහෙම හැසිරුනේ. (නි)
පොලිසියේ නිවටකමත්, බත් බැලයන්ගේ පහත් ගතියත් හොඳට පේනවා. (නි)
අලුත්ම නාටකය දැන් පෙන්වනවා, මත්තල සහ හම්බන්තොටදී... (නි)
ඔය වරාය හා ගුවන් තොටුපල හදන්න යටකරපු මහා ධනස්කන්දය සියල්ල එයාලගේ ගෙවල් වලින් ගෙනා දේ නෙමෙයි.අපි හැමෝම මතු පරම්පරා හතකුත් ඇතුළුව ඔය මුදල් සහ පොළිය ගෙවිය යුතුයි.අපි මන්ත්‍රීවරුන්ව පාර්ලිමේන්තුවට යවන්නේ ඕවා ගැන සොයාබලා ජනතාවට දැනුවත් කරන්න තමයි.රටේ මොන ආණ්ඩුව තිබුනත් මේක පොදු ජනතා අයිතියක්.දැන් එතකොට අපි දුක්විඳලා හම්බකරලා යවන විදේශ විනිමයට සිදුවන දේ දැනගන්නටවත් අපිට අයිතියක් නැද්ද? මේකද ප්‍රජාතන්ත්‍රවාදය? (නි)
හිතාගන්න බැහැ හම්බන්තොට මිනිස්සු මෙහෙම හැසිරුනේ කාගේ බලයක් ඇතුවද කියලා? (නි)
එයාලටම ගහගෙන බොරු චෝදනා කරනවාද දන්නෙත් නැහැනේ. පොලිසියේ මහත්වරු හිනාවෙවී දෙන ආරක්ෂාව අගය කළ යුතුයි. කැකිල්ලේ රජුරුවන්ගේ තීන්දුව මේකයි. (නි)
සිංහල, හින්දු අලුත් අවුරුද්දෙන් පසුව රට පෙරට යාමේ තවත් අදියරක් සුභ මොහොතින් හම්බන්තොටින් ආරම්භ වූ වගයි. (නි)
මේවට තමයි ආශ්චර්යය කියන්නේ (නි)
පිල්ලේ නෝනා කියන කතා හරි නේ බලනකොට.අපේ රටේ කෝ නීතිය සහ සාමය ආරක්ෂා කරන පොලිසිය? (නි)
පොලිසියේ ලොකු මහත්වරු ගැන දැන් නම් හරි කණගාටුයි (නි)
සදාචාරයක් නැති රටක්.කණගාටු මේ දේවල් වෙද්දී වගකියන අය ගොළුවන් සේ සිටීමයි (නි)
අර උඩම ඉන්න කෙනා අයි.පී.එල්. යවන්න ඕනෑ. මාලිංගගේ වාර්තාවත් කඩනවා ෂුවර් (නි)
අයියෝ! (නි)
බලමුකෝ ආණ්ඩුවේ උදවියගේ ප්‍රතිචාරය? (ත)
මේකද ජනතාව බලාපොරොත්තු වුණේ? (ත)
මේ පොලිසියේ අයත් ආවුද පෙන්වන්න එක්කන් යන්න ඕන කට්ටියක් වගේ. (ත)
මෙහෙම අය තවත් කොහෙද ඉන්නේ? (ත)
රටේ නීතිය වල් වැදිලද? (ත)
ලංකාව ම්ලේච්ඡයෝ ඉන්න රටක් ද? (ත)
ජනමාධ්‍යවේදීන් ඝාතනය කළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන රාජ්‍යයන් සම්බන්ධයෙන් වන ලෝක දර්ශකය තුළ ශ්‍රී ලංකාවට සිව්වැනි ස්ථානය හිමිව ඇති බව මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර කමිටුව කියයි. (ත)
මාධ්‍යවේදීන් මර්ධනය කර මරා දමා කිසිම පරීක්ෂණයක් අවසන් නොකරපු පොලිසියක් මේක. බලයට කෑදර සිහලයෝ තරම් වෙන ජාතියක් නැත. (1948 පසුව ) (මුදී)
කොහොමද පළමුවෙනි පින්තූරේ නිල් ජටා කාරයා සහ දෙවෙනි පින්තූරේ චන්ඩියා රෙද්ද උස්සාගෙන එන හැටි. මුන් එක්ක හැප්පෙන්න මන්ත්‍රීවරුන් සතු චන්ඩිකම මදි වෙන්න ඇති. ඇයි මන්ත්‍රී කෙනෙක් කියන්නෙත් එක්තරා විදිහක චන්ඩියෙක් නේ! (මුදී)
තව ටිකක් ඡන්දේ දීල තමන්ටම ගහනකන් බලා ඉඳපල්ලා. (මුදී)
මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු.(මුදී)
අපරාදෙ බිත්තර (මුදී)
පින්තූර දැක්කම හිතෙනවා මේ වෙනත් රටක් ද කියලා. (ත)
මේවා කරන එකයි, වචනෙකින් හරි උදව් කරන එකයි ලොකු වැරැද්දක්. (ත)
ලෝකෙන් උතුම් රට ලංකාව නේද? (ත)
වගකිවයුත්තන්ගේ අවදානය යොමු වේවා . (ත)
අපි ඇත්ත කතා කරන්නේ අත්තටම ලංකාවට අදරේ හින්ද මිසක් බඩ කට පුරෝ ගන්න නෙමෙයි . නමුත් දැන් නම් හිතෙනවා රට හදනවට වඩා හොදයි හොද රටකට අපි යනඑක.(ත)
මේවට කාටවත් බැනල වැඩක් නෑ. මෙවැනි තත්වයක් රට තුල නිර්මාණය කිරීමට අපි හැමෝම අඩු වැඩි වසයෙන් දායක වෙලා තියෙනවා. (ත)
මේ රජය වඩාත් ප්‍රවේශම් විය යුත්තේ අභ්‍යන්තර සතුරන්ගෙන්..මිතුරු වෙසින් පෙනී සිටින ඔවුන්ගේ ක්‍රියාදාමයන් විපක්ෂයේ ක්‍රියාදාමයන්ට වඩා සිය දහස් ගුණයකින් රජයට හානි කරයි..(ත)
මහජනයාගෙන් තේරී පත්වුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොලිසිය බලා සිටිය දී මෙහෙම නම් අපි වගේ අහිංසක පොදු ජනයාගේ ඉරණම කුමක්ද? (ත)
යම් දිනක ජනතාව ව්සින්ම මෙවට පිළිතුරු සපයාගනිවි. (ත)
අපේ රටේ මනුස්ස කම නැව් නැංගා. ඒ වෙනුවට ආවේ පිස්තෝල සහ මැරවරයන්.(ත)
මේක එක සිදුවීමක් විතරයි. තව ටිකකින් කියයි මේක රජය පෙරලීමට කරපු විජාතික කුමන්ත්‍රණයක් කියලා (ත)
මේ අදහස් දක්වපු කාටවත් තේරෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ පොලිසියේ වැරැද්දක් නොවේ. පවතින දේශපාලන ක්‍රමයේ වැරද්දක්.හැම දෙයක්ම දේශපාලනය වෙලා තියෙන්නේ.(නදී)
හොදම වැඩේ (අ)
අර යෝදයා අරගෙන ඉන්නේ සෙල්ලම් පිස්තොලයක්ලු. මේවා කියන්නේ අපි නැට්ට නැති හරක් කියල හිතාගෙන වෙන්න ඇති. (නදී)
දකුණේ ජනතාවගේ මොකක්ද? (නදී)
අර පලවෙනි රූපේ ඉන්න අයගේ ගෙදර උන්දැටයි දරුවන්ටයි හරි ආඩම්බර ඇති. (නදී)
පලවෙනි රූපේ බිත්තර ගහපු කෙනා 4 සහ 5 පොටෝවල පොලිස් රාළහාමිගේ පිටිපස්සෙන් ඉන්නවා. ඒ උනාට රාළහාමිට දොස් කියන්න එපා. උන්නැහේගේ පස්ස පැත්තේ ඇස් නැහැනේ. (නදී)
නින්දිත, අදම, පහත් ක්‍රියාවක්. (නදී)
කැමරාව තව ටිකක් පහලින් ඇල්ලුවා නම් අනිත් එක්කෙනාගේ පිස්තෝලෙත් එළියේ. (නදී)
ඇමති කෙනෙක් කියන්නේ මේ ප්‍රහාරය කලේ ජනතාවයි කියලා. එක ආණ්ඩුවේ ගිණුමට බැර කරන්න හදනවා කියල. ඒ කාළේ යු.ඇන.පී. ආණ්ඩුව තියෙද්දිත් මාධ්‍යවෙදීන්ට, විපක්ෂයට පහරදෙන්න චන්ඩි යොදවලා ගැහුවේ මහා ජනතාව කියල රජයෙන් ලජ්ජා නැතිව නිවේදනයක් නිකුත් කරනවා. කිහිප වතාවක්ම මේ දේ සිදු උනා. දැන් ඉතින් එකම මේ රජයත් කරනවා. ඒ කියන්නේ කාගේ , කාගේ කිල්ලොටා වලත් හුණු තියෙනවා කියන එක නේද? (අ)
හොද ප්‍රවෘත්තියක් ලෝකෙටම. නියම ප්‍රජාතන්ත්‍රවාදය. සියළු පොලිස් නිලධාරීන්ට මගේ ගෞරවය.(නදී)
මෙය ආස්චර්යයි.(නදී)
අනේ අපේ මන්ත්‍රී තුමා සෙල්ලම් පිස්තොලෙකුත් අරන් හොරා පොලිස් සෙල්ලම් කරනකොට අර පටි ගහපු පොලිස් ඇත්තා ඉනට අත් දෙක තියාගෙන පොඩි එවුන්ට සෙල්ලම් කරන්න දීල බලාගෙන ඉන්නවා. ෆොටෝස් ඇස් ඉස්සරහ තියෙද්දී මාධ්‍ය ප්‍රකාශක තුමා මොකුත් උනේ නැහැ කියලා කියනවා. රටේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට මෙහෙම නම් අහිංසක අපිව මැරයන් ඇවිත් මරලා ගියත් අහක බලාගෙන ඉදියි මේ පොලිස් මහත්තුරු. ජනතාවට මේ රට අත් ඇරලා වෙන රටකට යන්න වෙනවා ආරක්ෂාව පතලා.(නදී)
පොලිසියට නීතිය උගන්න්වන්න වෙලා (දිල්)
මේ දාලා තියෙන අදහස් බැලුවම මේ දේ කිව යුතුයි කියලා හිතෙනවා. බලය ඇති කෙනා කවදත් කවුරු වුණත් එම බලය පාවිච්චි කරනවා. බලය නැති කෙනා බලය ලැබෙනකම් ගුටි කනවා.මේක මේ දේශපාලනයේ විතරක් නෙමෙයි ලෝක ස්වභාවයේත් යථාර්තයයි.මේ රටේ නුපදින්න පතන කුසුම්ලට ඉතින් ඉපදෙන්න වෙන ග්‍රහ ලෝකයක් හොයා ගන්න වේවි.මේ යථාර්තයට යටත් නැති රටවල් මේ ලෝකයේ නැහැ.කුණු බිත්තර ප්‍රහාර දියුණු ධනවාදී රටවලත් බහුලව විරෝධතාවන් සදහා භාවිත වන ක්‍රමයක්.මේ සංචාරයෙන් බලාපොරොත්තු වුණ දේ ඕනෑවටත් වඩා මේ මන්ත්‍රීලා ටිකට ලැබුනා.මේ අයගෙන් කවුරුත් ඔය සිදුවීම ගැන දුක් වෙන්නේ නැහැ.යම් අනුවණයන් පිරිසක් විසින් කට්ටියට හොඳ අවුරුදු තෑග්ගක් දුන්නා.ඒක එච්චරයි. (නි)
හොඳයි බන්දුල මහත්තයෝ, එහෙනම් කියමුකෝ බලන්න එක ධනවාදී කියන රටක්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් නිරීක්ෂණ කටයුතු සඳහා ගියවිට පිස්තෝල අරගෙන, කුණු බිත්තර ගහලා එලවපු? (නි)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක මොකද කියන්නේ.(නදි)
රකිත මහත්තය කොහෙද ඉන්නේ. ජපානයේ පාර්ලිමේන්තුව ඇතුලෙදි මන්ත්‍රීලට බිමදා ගෙන නෙළුවා අපි නම් පහු ගිය කාලේ රුපවාහිනියේ දැක්කා. තව උදාහරණ ඕනෑ තරම් දෙන්න පුළුවන්.(නදී)
බන්දුල මහත්තයෝ, යන්නේ කොහෙද කියලා ඇහුවම මල්ලේ පොල් වගේනේ. යළිත් එම ප්‍රශ්නය අසමි. පාර්ලිමේන්තුව ඇතුළත සිදුවීමක් ගැන මා ඇසුවේ නැත. (නි)