IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


එපා කිව්වට අහන්නේ නෑ

කතරගම බුත්තල පාරේ වල් අලියනට කෑම නොදෙන ලෙස වනජීවී නිලධරයන් කොතරම් කීවත් පාරේ යන එන අය එය නොසලකා හරිති.

කෑමට පුරුදු වු අලින්ගෙන් කොයි වේලාවක හෝ අනතුරක් විය හැකි බව ඔවුන්ගේ අදහසයි.

 

 



අදහස් (0)

එපා කිව්වට අහන්නේ නෑ

රන්ජන් Saturday, 05 April 2014 12:41 PM

කතරගම- බුත්තල මාර්ගය ප්‍රසිද්ධ වෙන කිසි දෙයක් නිසා නෙමේයි මේ සුන්දර සත්තු හින්ද. වල් අලි නැති කතරගම බුත්තල පාරක් මොකටද? අපි නම් ඔය පරෙයන්නේ කොයි වෙලාවක හරි වල් අලියෙක් දකින අසාවෙන්, මුන්ට කෑම දෙන එක සතුටක්. ඒ සතුට අපිට දෙන්න. අලි වැටක් ගහන්න, සංචාරක ආකර්ෂණය ඇති පාරක් කලාපයක් ලෙස සලකා (දී)

:       0       0

රත්නසිරි Friday, 04 April 2014 07:02 PM

සතුනට කෑම දීම නීතියෙන් තහනම්. සතුටක් ලබනවා ඇති. ඔබ සතුනට ආදරේ නම් ආහාර දීමෙන් වළකින්න. වල් අලියකු පසුපස ගොස් කෙසෙල් ඇවරියක් දුන් හිමිනමක් මරා දැම්මා සති කීපයකට පෙර. මේ අලියා කුලප්පු වුණොත්...? මේ පුද්ගලයාට යතුරු පැදියේ වේගය වැඩි කරන්න අමතක වී යාවි. (නි)

:       0       0

සම්පත් Friday, 04 April 2014 08:18 PM

මෙයට වසර තුන කට හතර කට පෙර උඩවලවේ වයස දහයක විතර ළමයෙක් විදුලි වැටෙන් එහා හිටිය අලියෙකුට කෑම දෙන්න ගිහින් අලියා ළමයව මැරුවා. මේ අලියත් ලගදීම කරදරයක් නොකරයි කියලා කියන්න බැහැ.(නදී)

:       0       0

සුමේද රංගන Friday, 04 April 2014 08:44 PM

මෙතන තියන ලොකුම ගැටළුව තමයි මේ අලි පාරට එන්නේ කොහොමද කියන එක නේද?  අනිත් එක මේ අහිංසක අලින්ට ඇති වෙන්න කන්න තියෙනවා නම් මෙහෙම අපෙන් කෑම කන්නේ නැහැ.(නදී)

:       0       0

චන්දික Friday, 04 April 2014 09:01 PM

මිනිස්සු ඉල්ලගෙන තමයි අලින්ගෙන් පහර කන්නේ (දී)

:       0       0

සුකිරි Saturday, 05 April 2014 02:23 PM

මේවා මොලයක් නැති අයගේ වැඩ... මොකෝ හෝට න් තැන්නේ එපා කියද්දී කම දාල කපුටෝ ගෙන්නගන්නවා.ඒ එන කපුටෝ එහාට ප්‍රස්නයක්.පාරේ කෙල ගහන්ට එපා. පාරේ කුණු දාන්ට එපා.. හැමතැනින්ම පාර පනින්ට එපා.අපි උතුම් උතුම් කියල පුරාජේරු වැයුවට වැඩක් නැ ... වැඩ ඕන වැඩ..... (දී)

:       0       0

චන්ද්‍රා Friday, 04 April 2014 09:53 PM

පාර මැද්දෙම කැමටික දැමීම ඉතාමත්ම වැරදිය , කැලය පැත්තට දමනවා නම් සතා පාරෙන් මදකට හෝ අයින් වෙනවනේ, මේකෙන් සතා පාරේ මැදම ඉන්න පුරුදු වෙනවා, මෙහෙම ගියොත් කෑම පාරේ දමන අයව අල්ලන්න පොලිසිය යොදවන්න වෙනවා, මෙය තව ඉදරියට ලොකු ප්‍රශ්නයක් වෙනවා, (දී)

:       0       0

රණසිංහ Friday, 04 April 2014 10:29 PM

සත්තුන්ට තියෙන ආදරේ නොවෙයි ඔය (දී)

:       0       0

කුමාරි Friday, 04 April 2014 10:48 PM

ඔහොම කෑම දෙන අයම එකතුවෙලා කෙනෙක් මියගියදාට ආරක්ෂාව නැහැ කියල‍ා උද්ඝෝෂණය කරාවි. මිනිස්සුන්ට වඩා සතුන්ට හොඳට මොළය තිබෙනවා දැන්. (නි)

:       0       0

සුමුදු Friday, 04 April 2014 10:56 PM

කවුද ගොන් අලියා (ස)

:       0       0

චන්න Saturday, 05 April 2014 12:14 AM

ඔය අලියට මමත් කෙසෙල් ඇවරියක් දීලා තිබෙනවා. එයා කරදර කරන්නේ නැහැ (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 05 April 2014 12:30 AM

සුමේද, රංගන, මෙම ඡායාරූප වල පෙනෙන කැළය තුළ අලින්ට කන්න ඇතිවෙන්න කොළ නැත කියන කතාව අනුව ඔබේ නුවණ පෙනෙනවා.ඔබ වගේම රසට කන්න අලිත් කැමතියි.මිනිසුන් දෙන රස පලතුරු වලට පුරුදු වුණහම අලි ඔහොම එනවා. වල් අලි ගම්වැද ගෙවල් කඩන්නේ ලුණු සහ වී කෑමට බව ඔබ දන්නවාද? (නි)

:       0       0

භානු Saturday, 05 April 2014 01:11 AM

සත්ත්ව කරුණාව දක්වන්න ඕනෑ තමන්ගේ ආරක්ෂාවත් සිහියට අරගෙන. ගිරවෙකුට පළතුරු දෙන්න ගිය මගේ අසල්වැසි දියණියකට ගිරවා මුහුණට කොටලා යන්තම් ඇස බේරිලා තිබුනේ. (නි)

:       0       0

රොෂාන් Saturday, 05 April 2014 01:52 AM

ඕවා සුලු දේවල්‍... (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Saturday, 05 April 2014 02:28 AM

මිනිස්සු තමන්ගේ අතේ මොනවා හරි මිට මොළවාගෙන යන්නේ, අලින්ට තිබෙන ආදරේට නෙවෙයි. තමන්ගේ ජීවිතේට මොකක් හරි තර්ජනයක් ඒ සතුන්ගෙන් එයි කියලා. කෑම ටික විසිකළහම සත්තු ඒකට අවධානය යොමු කරනවා, එතකොට හීන් සීරුවෙ මාරු වෙනවා. ආත්මාරක්ෂාවට කෑම දෙන එකද මේ කරන්න එපා කියලා කියන්නෙ? තව පුළුවන් තරම් කැළෑ ටික එළිකරන්න දීලා බලාගෙන ඉන්න. (නි)

:       0       0

කින් බෙනට් Saturday, 05 April 2014 08:49 PM

මට නම් පෙන්නේ මෙයා පාරට වෙලා කප්පම් ඉල්ලන බවකුයි ..(දී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 05 April 2014 06:06 AM

කතරගම බුත්තල මාර්ගය දෙපස කෙසෙල් ගස් හිටවමුද? එතකොට දෙපැත්තේම ඉන්න අලි ඇවිල්ලා කෙසෙල් කාලා පාරත් මාරු නොවී නැවත යාවි. මොකද කියන්නේ? (නි)

:       0       0

කෝසල Saturday, 05 April 2014 06:11 AM

කෑම නොදුන්නොත් යන්න දෙන්නෙ නැහැ කිවුවට එහෙම බවක් නම් පෙනෙන්න නැහැ (නි)

:       0       0

සමන්ති Saturday, 05 April 2014 06:26 AM

අලි පළතුරු කෑමට කැමතියි.දැන් කෑම කෑමට පුරුදු වී ඇති බැවින් ඔවුන් පාරට පැමිණේ.කාලයක් නොදී හිටියොත් මෙය වෙනස් කළ හැක. දැන් දැන් අලි පැටවූ අල්ලා ගැනීම වැඩියෙන් සිදුවේ.කරුණාකර අපේ ඇතිවන ආදර සිතිවිලි ඔවුන්ටත් ඇතිවන බව සිතන්න.ඔවුන්ගේ නිදහස නිදහසේ විඳින්න ඉඩදෙන්න. වනජීවී දෙපාර්තමේන්තුව වන ජීවීන්ගේ ආරක්ෂාව ගැන සිතන්න. (නි)

:       0       0

චානි Saturday, 05 April 2014 07:12 AM

රොෂාන් , සුළු දේවල් යන්නෙන් ඔබ අදහස් කලේ මොකද්ද? අලියන් නිසා පැමිණෙන අලි කරදර ද ? මොකක් වුනත් අනතුරක් නම් නුලෙන් බේරුනා වුනත් සුළු කොට තකන්න නොහැකි බව තමා මම නම් දකින්නේ . (ස)

:       0       0

රණතුංග Saturday, 05 April 2014 08:05 AM

" එපා කිව්වට අහන්නේ නෑ " දැන් කියලා වැඩක් නැහැ.අලි ඒවාට පුරුදු වෙලා ඉවරයි.අලි මහා මාර්ගයට නොඑන්න වැඩ පිළිවලක් යොදන්න.(ස)

:       0       0

වාසනා Friday, 04 April 2014 04:30 PM

සිංහලයන් සතුන්ට ආහාර දීමට කැමතියි.(නදී)

:       0       0

ජීවන්ත Saturday, 05 April 2014 09:34 AM

දෙන්න දෙන්න තව දෙන්න අලියා ගැහුවහම අලියා මරන්න (දී)

:       0       0

ඉසුරු වීරසිංහ Saturday, 05 April 2014 09:39 AM

සත්තුට කෑම දෙන එක පිනක් තමයි . ඒ උනට මේවාට කියන්ඩ තියන්නේ පින්කන් නෙවේ මෝඩ කම කියලා. (දී)

:       0       0

සිරියලතා කෙන්යා Friday, 04 April 2014 04:52 PM

මොනවා වුණත් හොඳ හිතින් දෙන දෙයක්නේ (නි)

:       0       0

රංගන Friday, 04 April 2014 05:05 PM

කෑම නොදී මෙයා මෙතනින් යන්න දෙන්නෙ නැහැ. පාරේ භාගයක්ම වහගෙන ඉන්නේ. (නි)

:       0       0

පද්මිණි Friday, 04 April 2014 05:08 PM

මම හිතන්නේ නැහැ මේ සතුන්ගෙන් හිරිහැරයක් වෙයි කියලා. අපි සතුන්ට ආදරය පෙන්වන්නේ කන්න දීලා. පාරට සේන්දු නොවෙන්න අලි වැටක් ගහන්න. (නි)

:       0       0

තිස්ස Friday, 04 April 2014 05:10 PM

අලියට මොළය තිබුනට නරයට ඒක නැහැනේ (නි)

:       0       0

ලලිත්-SL Saturday, 05 April 2014 11:09 AM

රණතුංග හරි. උන දේ උනා නේ. (දී)

:       0       0

සිරී Friday, 04 April 2014 05:27 PM

වනාන්තර ආශ්‍රිතව ඇති ලොකු කුඩා සියලුම මාර්ග දෙපස නිසි පරිදි පවත්වාගෙන යන විදුලි වැට පද්ධතියක් සවිකිරීම සහ ඒවා නිසි අයුරින් නඩත්තු කිරීම තමා අලි හෝ වෙනත් වන සතුන් සහ අධි දුෂ්කරතා මැද්දේ දිවි ගැටගසාගන්නට උත්සාහ දරන දුප්පත් ගැමියන් අතර ඇති ගැටලුව විසඳීමට ඇති හොඳම සහ එකම පිළිතුර. මෙය මහා ලොකු ව්‍යාපෘතියක් නොවේ. අප්‍රිකාවේ අපට වඩා දුප්පත් රටවල මෙය ඉතා හොඳින් ක්‍රියාත්මකවෙයි. අපට අවශ්‍ය ඒ ගැන උවමනාවක් ඇතිකර ගැනීම පමණකි. විදුලි වැට සවිකල කෙනාගේ පින්තුර සහ ඒ පිලිබඳ පම්පෝරිය වැට දිගටම අලවා ගැනීමට ඉඩදී හෝ මෙය ඉක්මනින් ක්‍රියාත්මක කල යුතු දෙයකි.(නදී)

:       0       0

දිමුතු Saturday, 05 April 2014 11:21 AM

අලින් මරණ එකයි, අලි පැටවුන් හොරකම් කරන එකයි නවත්වන්ඩ ඕන. (දී)

:       0       0

රොෂාන් Sunday, 06 April 2014 02:41 AM

ඔබ හරි චානි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 489 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 547 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 1142 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 2363 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 1853 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 276 1

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 413 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 455 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1418 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site