පොලිස් අධිකාරීවරු 14 දෙනෙක් පෙබරවාරි 01 වැනි දා සිට රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට පත් කරනු ලැබුහයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
ඒ අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ කේ.වි.ඩී.ඒ.ජේ. කරවිට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පී.කේ.ඩී. ප්‍රියන්ත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩී.පි. චන්ද්‍රසිරි, මාන්කුලමේ පී.අයි.ඩී.ආර්. විජේසිංහ, බණ්ඩාවෙල ,පී.එම්.එච්.බී. සිරිවර්ධන, මහනුවර , යු.පී.ඒ.ඩී.කේ.පී. කරුණානායක, එස්.ඩබ්ලිව්. සේනාරත්න, රජ්‍ය බුද්ධි සේවයේ එම්.එන්. සිසිර කුමාර, තංගල්ලේ එම්.එන්. සිසිර කුමාර, විශේෂ කාර්යාංශයේ ටී.සි.ඒ ධනපාල,පොළොන්රුවේ පී.ඒ.එන්.එල්. විජේසේන, විශේෂ කාර්ය බළකායේ ඩබ්ලිව්.එස්.ඊ. ජයසුන්දර, මාතලේ ඒ.පී.ජේ. චන්ද්‍රකුමාර සහ කන්කසන්තුරේ එච්.එන්.කේ.ඩී. විජයසිරි ඔවුහුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම බලාපොරොත්තු වුණ කෙනාගේ නම මෙතන නැහැනේ. (නි)
රට ජාතිය ගැන ඇති කැක්කුමෙන් වැඩ කරන්න (දී)
සියලු දෙනාට සුබ පතනවා.ඔබගෙන් අවංක සේවයක් රටේ ජනතාවට සිදුවෙයි කියා සිතනවා.දේශපාලනය ගාවා නොගෙන සාධාරන සේවයක් කරන්න. (නි)
බලමු ඔවුන් මහජනයා වෙනුවෙන් මොන වගේ සේවයක් ඉටු කරයිද කියලා (නි)
කරවිට අසංග අයියේ සුභපැතුම් .නීති පීටයේ ඉගෙන ගන්න කොට තිබුන වටිනා බලපොරෝතුතුව රටේ අපරාධ මැඩලීම ,දැන් අවස්ථාව ලැබී තිබේ (අ)
කව්ද මේ සිසිර කුමාරලා (අ)
සැමට පොදුවේ සුබ පතමි, පහුගිය දිනයක් දමා උසස්වීම් දීමේ තේරුම කුමක්ද? අද සිට හෝ ඉදිරි දිනක සිට නො කියා , (දී)
පොලිසියට හොද කලක් යාවි මේ උසස් වීම නිසා සියලු දෙනා හොද නිලදාරීන් (දී)
සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුමය. එය එසේ නොවුණහොත් ඕනෑම අායතනයක පැවැත්මක් නැතුව යනවා. උණුසුම් සුභ පැතුම්! (නි)
අපේ ගමේ කතාවක් තියෙනවා " කොන්ඩේ කැපුවත් ජුවානිසා ජුවනිසා මයි" කියලා. මම හිතන්නේ ඒ කතාව මෙතෙනට ගැලපේවි. (නදී)
කොතරම් තරු පටි ලැබුණත් විධායක යට වෙන්න සිදුවෙනවා. (අ)
ගොඩක් අයට ලොකු තනතුරකට ආවම අතීතය අමතක වෙනවා. එහෙම නොවී රාජකාරිය අකුරට ඉටු කරන්න. සැමට ජය වේවා! තෙරුවන් සරණයි! (ස)