දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගිය වසරේ ජූනි මාසයට වඩා සියයට සියයකින් පමණ ඉහළ ගොස් ඇත.
එළවළු වගා කරන පෙදෙස්හි නියඟය ද ගංවතුර ද මීට හේතුව බව ව්‍යාපාරිකයෝ කියති.
දඹුල්ලට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට 60ක් 70ක් අඩුවී ඇතැයි මධ්‍යස්ථාන කලමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා කියයි.
වර්ගය 2014 ජුනි 2013 ජුනි
ගෝවා රු.110 රු.35
බෝංචි 140 70
ලීක්ස් 50 30
කැරට් 180 75
තක්කාලි 150 15
මාළුමිරිස් 180 70
රාබු 50 10
නෝකෝල් 110 30
වැටකොළ 90 30
බණ්ඩක්කා 70 20
පතෝල 80 15
කරවිල 150 40
වට්ටක්කා 75 15
බටු 55 15
දඹල 120 70
මෑකරල් 90 25

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ඔක්කොම බඩු පිටරටින්ම ගෙන්වා ගත්තා නම් තමයි හොඳ මෙහෙම වෙනවා නම් (නි)
එහෙනම් ඒකත් එහෙමයි? (නි)
අපි නම් කැමති මුදලාලිට සෙතක් වෙනවාට. අපි ඇමති තුමා කියන විදිහට 2500න් කොහම හරි කාල ඇඳලා ඉන්නවා. (අ)
මම නම් පරිප්පුයි බතුයි කනවා පරිප්පු එම මිලමයි (අ)
ඔහොම ගිහිල්ලා මදි (අ)
කොහොමද අස්චාර්ය? (අ)
විසි කරපුවා මතක නැහැ වගේ (නදී)
ඔය මිල ගණන් සබරගමුවට නම් දමන්න බැහැ මේ දිනවල පොලොස්,කොස් ,දෙල් ,අඹ, කොහිල ගජරාමෙට. ගෙවතුවල අලුකෙසෙල්,පලා වර්ග,එළවලු වවාගෙන.පොලට එන අමු මිරිස් සැර නැති නිසා දැන් නයි මිරිස් (සිනි මිරිස් )වවාගෙන.රසායනික පොහොර දැමු කඩෙන් එළවළුවක් ගෙනාපු කාලයක් මතක නැහැ අනේ !!. (අ)
සියල්ලටම දඩුවම් විඳින්නේ අහිංසක ජනතාව
පහුගිය කාලේ මොනතරම් එළවළු, පළතුරු විසිකළාද?දැන් ඒවා විඳවනවා (නි)
මොනවා කරන්නද? (නි)
විදේශ රටවල බීජ, පොහොර බොහෝවිට ගොවියාට නොමිලයේ ලබාදෙනවා. යන්ත්‍රසුත්‍ර නාමික මිලක් යටතේ කුලියට ලබා දෙනවා. මේ නිසා ගොවියාට හොද ලාබයක් ලබන ගමන් ඉතා සහනදායී මිලට පාරිභෝගිකයාට එළවළු ලබා දීමේ හැකියාව ඇති වෙනවා. (නි)
ලංකාවේ එහෙම බැනේ බන්දුල මහත්තයෝ , වෙන වැඩ තියනවනේ.(දී)
2013 ජුනි මිල ගණන් අඩු වුණත් ඒ මිල ගොවියාට සාධාරන නැහැ. නමුත් මේ වියදම් කරන සල්ලි රට තුළ සංසරණය වෙනවා (නි)