IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කැකිරාවට රේස් බුකියක් එපා

කැකිරාව නගරයේ අශ්ව රේස් බුකියක් විවෘත කිරීමට යතියි විරෝධය පළ කරමින් මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයෝද වැසියෝද සිය ගණනක් අද උද්ඝෝෂණයක් ඇරැඹුහ.

ඔවුහු කැකිරාව ප්‍රාදේශිය ලේකම්ට හා  ප්‍රාදේශිය සභාපතිට සන්දේශයක් ද භාර දුන්හ.

 

 

 

 



අදහස් (0)

කැකිරාවට රේස් බුකියක් එපා

ලාල් Tuesday, 01 April 2014 08:28 AM

නමුත් කැකිරාව නගරය තුළ බුකි කීපයක්ම තිබෙනවා නේද? (නි)

:       0       0

සේන Monday, 31 March 2014 04:34 PM

රේස් බුකියක් දැමීම නරක දෙයක්. සියලු ආගමික නායකයන් එකමුතුව කරන්නේ හොද දෙයක්. මෙම ආගමික එකමුතුව රටේ සංවර්දනයටත් මේ විදිහටම යොදාගන්නවා නම් හොද දෙයක්.(නදී)

:       0       0

ලලිත් අෙපාන්සු Monday, 31 March 2014 04:48 PM

අැයි එතකොට කැසිනෝ.(නදී)

:       0       0

බෝකුන්දල Tuesday, 01 April 2014 09:15 AM

මේවට සීමා පැනවිය හැකි නේද? (ස)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Monday, 31 March 2014 04:55 PM

ඉරණම් විසඳුම සතෙකුට දෙනවා....තිරිසෙනෙකුට මිනිසෙකු පරදිනවා....දරුවන් බිරිඳත් ගිනි උහුලනවා....හීනෙන් නුඹ තව ගෙවල් හදනවා....(නදී)

:       0       0

ගිහාන් Wednesday, 02 April 2014 11:31 AM

ඇත්තෙන්ම අපේ පූජ්‍ය පක්ෂයේ නැඟිටීමක් අත්‍යවශ්‍යම කාලයක් මේක (නි)

:       0       0

විජේසිංහ Tuesday, 01 April 2014 09:36 AM

1986 පාර්ලිමේන්තු පනතක් වශයෙන් සම්මත කර ඇති නිසා රේස් බුකි ආරම්භ කිරීමට බාධාවක් නැහැ. (ස)

:       0       0

පිටිගල Monday, 31 March 2014 05:15 PM

යම් නරයෙක් (මිනිසෙක්) ස්ත්‍රීන්ටද, සුරාවටද, සූදුවටද, පමණ ඉක්මවා ලොල් වෙන්නේද ඔහු ටිකෙන් ටික පරිහානියට පත්වන්නේය. (බුදුන් වහන්සේ... පරාභව සූත්‍රයෙන් )....(නදී)

:       0       0

රණසිංහ Tuesday, 01 April 2014 10:04 AM

දැන් ලංකාවේ මිනිස්සු වැඩි දෙනෙක් රටේ තියෙන නිතිය ගැනවත් හරියට දන්නේ නැහැ. (ස)

:       0       0

කුමාර Monday, 31 March 2014 10:52 AM

අපෝ මේ විදියට රට දියුණු කරන්න බැහැ. මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්න හදනකොටම උද්ඝෝෂණ.(නදී)

:       0       0

සුරේන් Tuesday, 01 April 2014 10:35 AM

ඔය සංදේශය බාර දුන්නට වැඩක් නෑ අපේ හාමුදුරුවනේ. (ස)

:       0       0

දිනේෂ් Tuesday, 01 April 2014 11:53 AM

මේකෙන් මොන දේ සංවර්ධනය උනත්, තව පැත්තක විනාශයක්. මම අකමැති, මොකද මෙයට වඩා හොඳ දේවල් තියෙනවා රට සංවර්ධනය වෙන. (ස)

:       0       0

දිනේෂ් Tuesday, 01 April 2014 11:54 AM

රේස් බුකි දැමීමෙන් රට දියුණු වෙනවා ද? (ස)

:       0       0

සිල්වා Monday, 31 March 2014 06:35 PM

කුමාර සහ සරත්,රේස් බුකි දැමීමෙන් රට දියුණු වෙනවා කියල ඉගැන්නුවේ ඔයාල ගිය පාසලේද? අනේ අපොයි දැනුමේ තරම! (නි)

:       0       0

සරත් Monday, 31 March 2014 11:32 AM

මේවට එන්නේ අහිංසක දුප්පත් සහ නුගත් මිනිස්සු. ඒවගෙන් බැට කන්නේ ඒ අයගේ පොඩි උන්. මේවා මගේ අත්දැකීම්. ඒවගෙන් ගොඩ යන්නේ අපි චන්දෙන් පත්කරන මිනිස්සු.(නදී)

:       0       0

සිරිසේන Monday, 31 March 2014 06:46 PM

අප්පේ කාලෙකින් අපේ කට්ටිය හොඳ වැඩකට අත ගහල (අ)

:       0       0

චානක Monday, 31 March 2014 11:57 AM

කැකිරාවට විතරක් මොකද්ද රටටම එපා (දී)

:       0       0

චමෝදි Monday, 31 March 2014 11:57 AM

බැරිද ඕක දීප ව්‍යාප්ත කරන්න , ලොකු පිනක් (දී)

:       0       0

සමගි Monday, 31 March 2014 12:02 PM

ඉතා හොද තීරණයක් (දී)

:       0       0

ගජ මැන් Monday, 31 March 2014 12:27 PM

රේස් බුකියක් තහනම් කලාම මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා නේද. මිනිස්සු කාලා බීලා. ගෙදර ඕන එපා කම් බලලා, කොටසක් ඉතුරු කරන්න. බැංකුවෙත් දාල, පිනට දීලා. අන්තිම කොටස තමයි රේස් දාන්න යොදන්නේ.ඉතින් රේස් බුකිය ට විරුද්ධ වෙන්නේ අධිරාජ්‍යවාදින් . ඔය වැඩෙන් වෙන්නේ මිනිස්සුන්ගේ මානුෂික අයිතිවාසිකම්, භෞමික අඛණ්ඩතාවය සහ (අනික් වචන සෙට් එක අමතකයි) මානසික ඒකාග්‍රතාවය කඩා බිඳ දැමීමක්. (දී)

:       0       0

මනෝජ් Monday, 31 March 2014 12:40 PM

මිනිස්සුන්ගේ අහිංසක විනෝදයට අකුල් හෙලන්න එපා (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 31 March 2014 08:50 PM

ඔය රේස් බුකි වලට එන්නේ එදා වෙලා සොයා ගන්න කුලියක් කරන අය.බාර් එකට කොටසක් දීලා අනිත් ටිකෙන් රේස් දමපුවම ගෙදර ගැණු දරුපැටව් කන්නේ මොනාද?ඔය සුදුවයි,සුරවයි,තමා රට විනාශ කරේ.(අ)

:       0       0

ඉන්දු Monday, 31 March 2014 12:51 PM

රේස් බුකියේ තියෙන වරද මොකද්ද (දී)

:       0       0

සුරන් Monday, 31 March 2014 12:59 PM

එහෙනම් සිගරට් විකුණන හැම කඩයක්ම වහන්න කියල උද්ඝෝෂණය කරන්න කියමු (දී)

:       0       0

ආරියසේන Monday, 31 March 2014 01:02 PM

සදාචාරමත් රටක් ගොඩ නගන්න හාමුදුරු වරු කැපවී සිටින එක නම් වටිනවා (දී)

:       0       0

අරෝෂා Monday, 31 March 2014 01:02 PM

මම නම් මේ වැඩේට විරුද්දයි (දී)

:       0       0

කමල් Monday, 31 March 2014 01:18 PM

මේ විදිහට මේ රටේ නිත්‍යානුකුලව වත් කිසිම ව්‍යාපාරයක් කරන්න බෑනේ. (දී)

:       0       0

ඉන්දික Monday, 31 March 2014 01:27 PM

සංවර්ධිත දියුණු රටවල නම් කවුරුවත් මේ වගේ අකුල් හෙලන්නේ නෑ. වැඩක් පටන් ගන්නකොට. මේ වගේ හණමිටි අදහස් තියාගෙන රට දියුණු කරනවා තියා මොන වැඩක් වත් කරන්න බෑ. (දී)

:       0       0

දනුෂ්ක Monday, 31 March 2014 01:31 PM

රේස් බුකි නැවැත්තුවා කියලා සදාචාරය රකින්න බැහැ (දී)

:       0       0

රෝහණ Thursday, 03 April 2014 10:46 AM

හොඳයි රේස් බුකි වැහුව කියමුකෝ එතකොට ආණ්ඩුවට බදු නැති වුනහම අපි කන බොන ආහාර ද්‍රව්‍ය වලින් නේ ඒ නැතිවුන බදු අල්ලන්නේ. දැනටමත් ඒ වලින් බදු ගන්න එකේ තව තුන් හතර ගුණයකින් බදු වැඩි වුනාම අපි ජීවත් වෙන්නේ කොහොමද? අපේ රටේ මිනිස්සුන්ට මේ ටික තේරෙන්නේ නෑනෙ.(නදී)

:       0       0

සුජිත් Monday, 31 March 2014 01:35 PM

මේ රේස් බුකි නැවත්තුවොත් සමාජය මිට වඩා පිරි හෙන්න පුළුවන්, මිනිස්සුන්ගේ ආතතිය තවත් වැඩි වෙනවා (දී) (දී)

:       0       0

දර්ශන Monday, 31 March 2014 01:39 PM

සංවර්ධන ක්‍රියාවලියේදී මෙතෙක් කිසිම සංවර්ධනයක් නොවුන එකම නගරය කැකිරාවයි. මොකද අවුරුදු 15කින් විතර පාර්ලිමේන්තු නියෝජනයක් කැකිරාවේ නෑ. කැකිරාව හරහා A 9 පාර හදලා විවෘත කරලා ඉවරයි. එත් කැකිරාව නගරය/පාර හදලා නෑ. අනුරාධපුර "දැයට කිරුල" තිබුණා. අනුරාධපුරයට පසුව තිබෙන ප්‍රධාන නගරයක් වෙලත් කිසිම සංවර්ධන වැඩක් නෑ. හැබැයි මේ වගේ දේවල් වලින්ද සංවර්ධනය කරන්නේ. (දී)

:       0       0

රත්නසිරි Tuesday, 01 April 2014 12:01 AM

ස්වාමීන් වහන්සේලාට හොඳ නැහැ නේද මෙහෙම කරන එක? සමාවෙන්න මම එහෙම ලිවුවාට. අද විශ්ව විද්‍යාල දරුවන්ගේ අසාධාරණය වෙනුවෙන් පෙනීසිටින හිමිවරුන්ට සැග වී සිටීමට සිදු වී තිබෙනවා.අද විල්පත්තුව වනසනවා.කූරගල,මුහුදු මහා විහාරය වනසනවා. කැකිරාව කියන්නේ අහිංසක මිනිසුන් සිටින පැත්තක්. ගම සංවර්ධනයට ඔය වැඩ කැතයි. සහභාගි වූ සැම‍ට සමඟිය බලයෙන් ජය. (නි)

:       0       0

ඉන්දික Monday, 31 March 2014 01:54 PM

දර්ශන, සංවර්ධනයට ඔය කියන පාරවල්, අනිකුත් දේවල් වගේම මේවත් ඕනා.(නදී)

:       0       0

ශාන් Monday, 31 March 2014 02:00 PM

දර්ශනගේ කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත. ඇත්තටම පාර්ලිමේන්තු නියෝජනක් නැති හින්දද දන්නේ නැ කැකිරාවේ විතරක් මේ සංවර්දනය නැත්තේ ? (දී)

:       0       0

ඇන්ටන් Tuesday, 01 April 2014 05:42 PM

මිනිසෙකු පිට නැඟි අසරුවෙකි... ඒ බර ගෙයි වහළට බරකි.... පාන්දරින් පැරදුන ඒ මිනිහා හැන්දවේත් අසුපිටට නඟී.... (නි)

:       0       0

ටෝනි Tuesday, 01 April 2014 05:42 PM

රේස් බුකියකින් වන හානිය එච්චරටම වැඩිද? (නි)

:       0       0

සදුන් Tuesday, 01 April 2014 05:47 PM

රේස් කියන්නේ කුඩු ගහනවා වගේ නොවෙයි. ඒකට මිනිස්සු බලෙන් ඇදගෙන යන්නෙත් නැහැ. මෙතරම් අන්තවාදී වෙන එකනම් හොඳ නැහැ. හාමුදුරුවරු ගිහියන්ට ධර්ම දේශනා කරන්න ඒවාට යන්න එපා කියලා. රේස් බූකිකාරයින්ගේ දානය ගන්නේ නැතුව ඉන්න. එතකොට නිකන්ම ඒවාට තිබෙන ඉල්ලුම නැති වෙනවා. (නි)

:       0       0

කුමාර Monday, 31 March 2014 02:12 PM

බොහොම හොඳ උද්ඝෝෂණයක්. ගම රට උවදුරකින් ගලවා ගැනීමක්.(නදී)

:       0       0

අනිල් Monday, 31 March 2014 02:19 PM

අපේ හාමුදුරුවනේ, ඔන්න ඔය වගේ බාර් ටිකයි, සිගරට් විකුණන කඩවල් ටිකයි ඔක්කොම වහල දාන්න. අපේ ෆුල් සපෝර්ට් එක දෙන්නම්.(නදී)

:       0       0

සොහාන් Monday, 31 March 2014 02:27 PM

මස් මාළු,සිගරට්,අරක්කු, රේස් බුකි මේවා ඔක්කොම තහනම් කරන්න ඕන හරි නම්.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 31 March 2014 02:28 PM

අනිල් , එතකොට රජයට බදු ගෙවන්නේ ඔයාගේ ආච්චිද ? (නදී)

:       0       0

දොන් රොෂාන් ඩී සොයිසා Tuesday, 01 April 2014 02:08 AM

අඩුව තිබුනේ රේස් බුකි පමනයිද ? ඊට වඩා හොදයි පීහිනුම් තටාකයක් ලංකාවේ දියේ ගිලී මැරෙණ ගණනය ඉහල ගොස් ඇත. (දී)

:       0       0

කපිල Monday, 31 March 2014 02:34 PM

රේස් බුකි, බාර්, මස් මාලු කඩ, සිගරට් විකුණන කඩ ඔක්කොම තහනම් කරලා දැහැමි රටක් ගොඩ නගමු.(නදී)

:       0       0

සංජය Friday, 04 April 2014 01:08 AM

මිනිසාගේ නිදහසට බාධා කිරීමක් නොවෙද මෙතන වෙන්නේ? ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ඕනෑ කෙනෙකුට රේස් දාන්නත්, නොදා ඉන්නත් රේස් බුකියක් දාන්නත් නිදහස අයිතිය තිබෙනවා නේද? (නි)

:       0       0

සලීම් Tuesday, 01 April 2014 07:03 AM

මහා සංඝරත්නය අනෙකුත් ආගමික නාකකයින් සහ ජනතාව සමඟ එකතු වී සුදුවට සහ මතට තිත තැබීමේ සටන අවසානයක් දක්වා කළයුතුයි. (නි)

:       0       0

නිලන්ත උපුල් නවරත්න Monday, 31 March 2014 03:13 PM

රට ආස්චර්‍ය කරා යන ගමන මේ උද්ඝෝෂණ නිසා නවතිනවා නේද කියල හිතන්න. අනික මේ රේස් බයි රේස් කාගෙද? (නදී)

:       0       0

ෂෙරිෆ් Monday, 31 March 2014 03:16 PM

රේස් බුකියයි අපේ රටේ තියෙන ජාතික ලොතරැයි මණ්ඩලයයි දෙකම එකයි. දෙකෙන්ම කෙරෙන්නේ සුදුව.(නදී)

:       0       0

ෂෙරිෆ් Monday, 31 March 2014 03:22 PM

බුදුන් දෙසු පන්සිල් පද පහට පටහැනිව අපේ රටේ ජනයා උදේ හවස යස අගේට ක්‍රියාත්මක වෙනවා, මංකොල්ල කෑම්, සුදු පොළවල්, මිනීමැරුම්, ගණිකා මඩම්, සුරා පොළවල්, ඉතින් කියනවා රට පෙරට කියලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 358 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 94 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 870 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 959 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2721 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1739 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25322 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23402 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 388 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site