රුපියල් පන් ලක්ෂ තිස් දහසක් වටිනා මැණික් ගල් තම කකුලේ පිටිපතුලේ අලවාගෙන සිංගප්පූරුව බල යාමට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු බේරුවල ප‍්‍රදේශයේ පදිංචි හතලිස් හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ෙඅත්අඩංගුවට ගනු ලැබූ මැණික් අතර නිල් මැණික්, රතු මැණික් සහ පුෂ්ප රාග තිබූ බවත් එහි කැරට් 102 ක් තිබූ බවත් රේගුව කියයි.
ඔහු ඊයේ සිංගප්පූරුව බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී සහකාර රේගු අධිකාරී එච්.එන්.සී ශ්‍යාමාල් මහතාට ඇති වූ සැකයක් මත පරික්ෂා කිරීමේදී පැකට් 04 කට දමා පාද වල අලවාගෙන තිබූ මෙම මැණික් ගල් සොයාගෙන ඇත. සැකකරු මෙම මැනික් ගල්පැක්ට් පාදයේ උඩුපැත්තේ අලවා ඊට උඩින් මේස් පැළඳ සිටි බව රේගුව කියයි.
මේ පිළිඳව රේගු පරික්ෂනය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සුනිල් පේ‍්‍රමරත්න මහතා විසින් මැණික් ගල් තොගය රාජසන්තක කර සැකකරුට රුපියල් ලක්ෂයක් දඩ නියම කළේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධිකාරී එම්.ඒ.සී.එන් රසිඳු මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරී එච්.එන්.සී ශ්‍යාමාල් යන නිලධාරීහු සිදු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට හැරෙනකොට කියන්න පුළුවන්. (නි)
එයාගේ මැනික් එයා ගෙනිචා (අ)
ජානි .....මනුස්සයෝ කියන්නේ රත්තරන්..මැණික් වලටත් වඩා වටිනා ජීවින් කොටසක්...අපි අපේ වටිනාකම නොදන්නා කම තමා ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ..... (ස)
මාව නම් කවදාවත් අහුවෙලා නැහැ. (නි)
මමත් මැණික් ගල් තුනක් අරන් ගියා.මාව නම් අහුවුණේ නැහැ. (නි)
මේ ළඟදිත් කෙනෙක්ගේ පස්සා පැත්තෙන් මැණික් හමුවුනා නේද? දැන් කකුල් වලිනුත් මතු වෙලා.බලාගෙන යනකොට ඇඟ පුරාම මැණික් ඉල්ලම් නේ. (නි)
රහස් තොරතුරක් නැතුවද ඇල්ලුවේ? (නි)
'බඩුත් එක්ක හොරු" ඕක පරණ චිත්‍රපටයක්. (නි)
පිටින් පෙනෙන්න පොඩි බිස්නස් කරනවා.ජාවාරම් හොරෙන් කරනවා.උදා: බුන්දි විකුනනවා කියල බුන්දි අස්සේ කුඩු තියෙන්නේ. (නි)
හොරට ජාති බේදයක් නැහැ (නි)
දැන් තේරෙනවනේ කොහොමද සල්ලි හොයන්නේ කියලා. (නි)
කකුල් දෙක කොච්චර වටිනවද දන්නේ නැහැ (නි)
අනිවාර්යෙන්ම තොප්පි කාරයෙක්.(අ)
පන්සිල් පද පහ රකින්ත බැරි අය... අනේ පව් ! (නි)
අපරාදේ! (නි)
මොනවද දෙන්න ඕනෑ උපරිම දඩුවම්? ගමන් බලපත්‍රය අහෝසි කළයුතුයි,හොරෙන් ගෙනියන බඩුවල වටිනාකම මෙන් පස්ගුණයක් දඩ ගැසිය යුතුයි,බරපතල වැඩ ඇතුව වසරකට හිරේ දැමිය යුතුයි, රජයෙන් දෙන සහනාදාරයක් ඇත්නම් එය අවලංගු කළ යුතුයි. (නි)
දර්ශනී, ඔයා කොහොමහරි හොරෙන් අරන් යන්නේ ඔය කියන කෙනාවද? (නි)
සහෝදරවරුනි, අනිත් අය උපාසක පුසොද? (නි)
මම හිටියා නම් කොහොමහරි හොරෙන් අරගෙන යනවා (නි)
අම්මපා! මෙයාගේ අත් දෙකත් කපලා බැලුවා නම් තවත් තිස් දහසක් වටිනා මැණික් ගල් අහුලා ගන්න තිබුනා (නි)
මට ආරංචි විදිහට මේ වගේ බිස්නස් කරන තොප්පි කාරයන්ව අල්ලනවලු,අපේ එකෙක් නම් අල්ලන්නේ නැහයිලු.පුංචිබණ්ඩා නම් ගියා මොහමඩ් නම් ඇල්ලුවා තමා .(අ)
මෝරලා - ඔය වගේ දේවල කරන්නේ තොප්පි කාරයොනේ ඉතින් (අ)
ඇයි අසංග තොප්පිකාරයෝ විතරද මේවගේ වැඩවල් කරන්නේ මෙයා කවුරු උනත් ඔය වැඩේ ජාති බේදයෙන් තොරව කරන රස්සාවක්, කුරු කරත් කමක් නැහැ උපරිම දඩුවම දෙන්ඩ ඕනේ (අ)