රුපියල් කෝටි 36ක වීදි වටිනාකමක් ඇති හෙරොයින් මත් කුඩු කිලෝ 35ක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට සම්බන්ධ බව කියන පුද්ගලයකු වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයය රජයට කරුණු දැක්වීම ගැන බලධරයන් විමතිය පළකරන බව ඉන්දියාවේ හින්දු පත්‍රය කියයි.
මෙම පුද්ගලයා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයයේ නියෝජ්‍ය කොමසාරිස් පසුගිය අප්‍රේල් 03 වැනි දා පොලිස්පති හමු වී යැයි එම පුවත්පත කියයි.
ශ්‍රී ලංකා රේගුව ඔරුගොඩවත්තේ දී පසුගිය දා හෙරොයින් කිලෝ 35ක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සම්භවය ඇති ඉන්දියා පුරවැසියෙක්, පකිස්තාන ජාතිකයෙක් සහ ශ්‍රී ලාංකියෙක් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ .
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයය පොලිස්පතිට පවසා ඇත්තේ එම පුද්ගලයා ඉන්දියාවේ බ්‍රිතාන්‍ය නිලධරයන්ගේ ඔත්තුකරුවකු බවයි.
බ්‍රිතාන්‍යය නිදහස් කර ගැනීමට උත්සාහ කරනුයේ මේ තිදෙනාගෙන් කවුදැයි හින්දු පත්‍රය සඳහන් නොකරන නමුත් ඔහු කැනඩා පුරවැසියා බව ශ්‍රී ලංකා ආරංචි පවසයි.
මේ ගැන සාකච්ඡා කළ යුත්තේ පරීක්ෂණ අවසන්වීමෙන් බව පොලිස්පති බ්‍රිතාන්‍ය නියෝජිතයනට පැවසූ බව හින්දු පත්‍රය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු කාරයෝ ද ඔවුන්ගේ ඔත්තු කාරයෝ. සමහර විට පොලීසීයට, රජයට දැඩි යෝජනාවක් කරන්න හිතනවා ඇති රජය කුඩු විකීනීම කරනවා කියා සාක්‍ෂී හොයනවා විය හැකියි..? නීතිය අකුරට ඉටු කරන්න. මේ රටට අද මෙහෙම වෙලා තියෙන්නේ ඔය සුද්දෝ කළ අවැඩ නිසයි. මේ රටේ නීතියට පට හැනි නම් රැජින කීවත් නීතියට ගරු කර කරන්න. ජනපති තුමාට ආරාක්‍ෂාව වත් දුන්නේ නෑ. හොටෙල් එකෙන් බහින්න වත් ඉඩ දුන්නේ නෑ එදා කොටි.(නදී)
මේ ඔත්තුකරු යොදවා අපේ රජය උගුලකට පටලවන්න කරපු උප්පරවැට්ටියක්. නීතිප්‍රකාරව ඉහළම දඬුවම් දෙන්න ඕනෑ.ඉතාම විධිමත් පරීක්ෂණයක් කළ යුතුමයි. (නි)
කොටි බේරගන්න හැදුවෙත් ඔය විදියටමයි.ඉතිහාසය ගැන බලන්න. සුද්දා කපටියි. (නි)
එහෙම පහසුවෙන් නිදහස් කරන්නේ කොහොමද? (නි)
මේක මීට වඩා ගැඹුරින් විමර්ශනය කළ යුතු ගැටළුවක් බව තමයි මට නම් හැඟෙන්නේ. කොහොම වුණත් වරදට දඩුවම් දෙන්නම ඕනෑ.එයා ලාංකිකද,බ්‍රිතාන්‍ය ජාතිකද කියලා වැදගත් නැහැ.ඊට පස්සේ හොයමු වෙන කවුද මේකට සම්බන්ධ කියලා. රටවල් දෙකක් අතර රැඳි විශ්වාසය බිඳීම සම්බන්ධව බ්‍රිතාන්‍යය විසින් පිළිගෙන ලංකා රජය දැනුවත් කරන්න ඕනෑ.මෙහි පසුබිම සොයාගැනීම ඉතාම වැදගත්.ජාතියට උතුම් සේවයක් කළ ආගමන විගමන රේගු පරීක්ෂක නිලධාරීන්ට ජාතියේ ප්‍රණාමය! (නි)
"කැනඩා පුරවැසිබාවය තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම වාසි ඔහුට තමයි" ඒවා කොහෙද අපිත් එක්ක? ඒක එයාට අවාසියක්, කැනඩාව අපට කරපු දේවලට. (නි)
කෙලින්ම බ්‍රිතාන්‍ය කොමසාරිස්තුමාගෙන් මේ ගැන ඇහුවා නම් හරි (නි)
මෙවැනි දෙයක් බ්‍රිතාන්‍යය හෝ ඉන්දියාවේ හෝ කැනඩාවේ සිදුවී නම් ඔවුන්ගේ නීතිය කෙසේද? කුමක්ද? (නි)
ප්‍රභා බේරගන්න දැඟලුවෙ කවුද කියලත් අපි දැන් දන්නවා (නි)
අන්තිමට කවුරු හරි ජාත්‍යන්තර ජගතකුගේ අනුග්‍රහයෙන් හැමෝම නිදහස් වේවි. ඊට පස්සේ අර වැටලීම් කළ නිලධාරින් ටික විතරක් නරක මිනිස්සු වේවි. අන්තිමට සභා තොමෝ සතුටින් විසිර ගියාය. එහෙම වෙන්නේ නැද්ද බලන්න. (නි)
බලමු මොකක්ද ගන්න තීරණය කියලා (නි)
රත්නසිරිගේ කතාව හරි. එංගලන්තයේදී ඉතින් අපිත් හරියට අපේ නීති රීති ක්‍රියාත්මක කළ යුතුයි (නි)
බ්‍රිතාන්‍ය රජය, ලංකාව ආදර්ශයට ගන්නවත් හදනවද? (නි)
කවුරු කළත් වැරදි දේ වැරදියි. වැරැද්දක් කළා නම් දඬුවම් ලැබිය යුතුයි. (නි)
ඔව් මේ ගැන කේ.පී ටත් කියන්න. (නදී)
එතකොට ලෝකෙට කුඩු බෙදා හරින්නේ බ්‍රිතාන්‍ය ඔත්තුකාරයෝද? (නි)
කවුරු දඟලුවත් නැතත් ටික දවසකින් නිදහස් වෙයි. කුඩු නෙවෙයි ඒවා පාන් පිටි වෙයි. නඩුත් නැහැ බඩුත් නැතිවෙයි. (නි)
අපි බලාසිටිමු රජය මොන තීරණයක සිටිනවාද කියලා. (නි)
සිරියලතා නම් ඉතින් කියයි... (නි)
අපි දන්නේ නැති ඒවානේ හින්දු පත්තරේ දන්නේ (නි)
කැනඩා පුරවැසිබාවය තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම වාසි ඔහුට තමයි (නි)
එයාලා මොනවා කළත් ඉතින් නිවැරදියිනේ (නි)
බලවත් රටවල් මොන වැරැද්ද කළත් ඒක එයාලට හරි. අනේ මෙහෙමත් දේවල්! (නි)
කොළඹ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය කොමසාරිස් තුමනි, මේ බව පිල්ලේට සහ චැනල් 4 වලටත් කියල බලන්න. එතකොට හොද ප්‍රසිද්දියක් ලැබෙයි. (අ)
මමත් කියන්නේ වැරදිකරුට දඩුවම් දෙන්න කියලයි (නි)
දැන් මානව හිමිකම් වලට මේවා අයිතිද දන්නෙ නැහැ නේද? (නි)