IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කුඩුකාර ඔත්තුකරු බේරගන්න බ්‍රිතාන්‍යය වලිකයි

රුපියල් කෝටි 36ක වීදි වටිනාකමක් ඇති හෙරොයින් මත් කුඩු කිලෝ 35ක්   ශ්‍රී ලංකාවට ගෙන ඒමට සම්බන්ධ බව කියන පුද්ගලයකු වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයය රජයට කරුණු දැක්වීම ගැන බලධරයන් විමතිය පළකරන බව ඉන්දියාවේ හින්දු පත්‍රය කියයි.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයයේ නියෝජ්‍ය කොමසාරිස් පසුගිය අප්‍රේල් 03 වැනි දා පොලිස්පති හමු වී යැයි එම පුවත්පත කියයි.

ශ්‍රී ලංකා රේගුව ඔරුගොඩවත්තේ දී පසුගිය දා හෙරොයින් කිලෝ 35ක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සම්භවය ඇති ඉන්දියා පුරවැසියෙක්, පකිස්තාන ජාතිකයෙක් සහ ශ්‍රී ලාංකියෙක්   මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය  විසින් අත්අඩංගුවට ගනු ලැබූහ .

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයය පොලිස්පතිට පවසා ඇත්තේ එම පුද්ගලයා ඉන්දියාවේ බ්‍රිතාන්‍ය නිලධරයන්ගේ ඔත්තුකරුවකු බවයි.

බ්‍රිතාන්‍යය  නිදහස් කර ගැනීමට උත්සාහ කරනුයේ මේ තිදෙනාගෙන් කවුදැයි හින්දු පත්‍රය සඳහන් නොකරන නමුත් ඔහු කැනඩා පුරවැසියා බව ශ්‍රී ලංකා ආරංචි පවසයි.

මේ ගැන සාකච්ඡා කළ යුත්තේ පරීක්ෂණ අවසන්වීමෙන් බව පොලිස්පති බ්‍රිතාන්‍ය නියෝජිතයනට පැවසූ බව හින්දු පත්‍රය කියයි.



අදහස් (0)

කුඩුකාර ඔත්තුකරු බේරගන්න බ්‍රිතාන්‍යය වලිකයි

කුමාරි Thursday, 10 April 2014 06:54 PM

කවුරු කළත් වැරදි දේ වැරදියි. වැරැද්දක් කළා නම් දඬුවම් ලැබිය යුතුයි. (නි)

:       0       0

සේකර Thursday, 10 April 2014 07:13 PM

දැන් මානව හිමිකම් වලට මේවා අයිතිද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

ධම්ම Thursday, 10 April 2014 07:13 PM

මමත් කියන්නේ වැරදිකරුට දඩුවම් දෙන්න කියලයි (නි)

:       0       0

පාලිත Thursday, 10 April 2014 08:06 PM

කොළඹ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය කොමසාරිස් තුමනි, මේ බව පිල්ලේට සහ චැනල් 4 වලටත් කියල බලන්න. එතකොට හොද ප්‍රසිද්දියක් ලැබෙයි. (අ)

:       0       0

නුවන්ත Thursday, 10 April 2014 08:26 PM

බලවත් රටවල් මොන වැරැද්ද කළත් ඒක එයාලට හරි. අනේ මෙහෙමත් දේවල්! (නි)

:       0       0

පවන් Thursday, 10 April 2014 08:26 PM

එයාලා මොනවා කළත් ඉතින් නිවැරදියිනේ (නි)

:       0       0

සිරියලතා කෙන්යා Thursday, 10 April 2014 08:28 PM

කැනඩා පුරවැසිබාවය තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම වාසි ඔහුට තමයි (නි)

:       0       0

හිෂාන් Thursday, 10 April 2014 08:34 PM

අපි දන්නේ නැති ඒවානේ හින්දු පත්තරේ දන්නේ (නි)

:       0       0

සුලෝච් Thursday, 10 April 2014 08:45 PM

සිරියලතා නම් ඉතින් කියයි... (නි)

:       0       0

අල්විස් Thursday, 10 April 2014 08:48 PM

අපි බලාසිටිමු රජය මොන තීරණයක සිටිනවාද කියලා. (නි)

:       0       0

පිටිගල Thursday, 10 April 2014 09:07 PM

කවුරු දඟලුවත් නැතත් ටික දවසකින් නිදහස් වෙයි. කුඩු නෙවෙයි ඒවා පාන් පිටි වෙයි. නඩුත් නැහැ බඩුත් නැතිවෙයි. (නි)

:       0       0

සදුනි Thursday, 10 April 2014 09:19 PM

එතකොට ලෝකෙට කුඩු බෙදා හරින්නේ බ්‍රිතාන්‍ය ඔත්තුකාරයෝද? (නි)

:       0       0

අසෝක සිරිදේව Thursday, 10 April 2014 09:47 PM

ඔව් මේ ගැන කේ.පී ටත් කියන්න. (නදී)

:       0       0

රත්නසිරි Thursday, 10 April 2014 10:06 PM

කුඩු කාරයෝ ද ඔවුන්ගේ ඔත්තු කාරයෝ. සමහර විට පොලීසීයට, රජයට දැඩි යෝජනාවක් කරන්න හිතනවා ඇති රජය කුඩු විකීනීම කරනවා කියා සාක්‍ෂී හොයනවා විය හැකියි..? නීතිය අකුරට ඉටු කරන්න. මේ රටට අද මෙහෙම වෙලා තියෙන්නේ ඔය සුද්දෝ කළ අවැඩ නිසයි. මේ රටේ නීතියට පට හැනි නම් රැජින කීවත් නීතියට ගරු කර කරන්න. ජනපති තුමාට ආරාක්‍ෂාව වත් දුන්නේ නෑ. හොටෙල් එකෙන් බහින්න වත් ඉඩ දුන්නේ නෑ එදා කොටි.(නදී)

:       0       0

උපුල් Thursday, 10 April 2014 10:51 PM

බ්‍රිතාන්‍ය රජය, ලංකාව ආදර්ශයට ගන්නවත් හදනවද? (නි)

:       0       0

ගුණවර්ධන Thursday, 10 April 2014 11:02 PM

රත්නසිරිගේ කතාව හරි. එංගලන්තයේදී ඉතින් අපිත් හරියට අපේ නීති රීති ක්‍රියාත්මක කළ යුතුයි (නි)

:       0       0

භානුක Friday, 11 April 2014 12:27 AM

බලමු මොකක්ද ගන්න තීරණය කියලා (නි)

:       0       0

භානු Friday, 11 April 2014 12:27 AM

අන්තිමට කවුරු හරි ජාත්‍යන්තර ජගතකුගේ අනුග්‍රහයෙන් හැමෝම නිදහස් වේවි. ඊට පස්සේ අර වැටලීම් කළ නිලධාරින් ටික විතරක් නරක මිනිස්සු වේවි. අන්තිමට සභා තොමෝ සතුටින් විසිර ගියාය. එහෙම වෙන්නේ නැද්ද බලන්න. (නි)

:       0       0

ඩී.උපුල් Friday, 11 April 2014 12:39 AM

ප්‍රභා බේරගන්න දැඟලුවෙ කවුද කියලත් අපි දැන් දන්නවා (නි)

:       0       0

රොෂාන් Friday, 11 April 2014 02:00 AM

මෙවැනි දෙයක් බ්‍රිතාන්‍යය හෝ ඉන්දියාවේ හෝ කැනඩාවේ සිදුවී නම් ඔවුන්ගේ නීතිය කෙසේද? කුමක්ද? (නි)

:       0       0

සීල Friday, 11 April 2014 02:50 AM

කෙලින්ම බ්‍රිතාන්‍ය කොමසාරිස්තුමාගෙන් මේ ගැන ඇහුවා නම් හරි (නි)

:       0       0

බමුණු Friday, 11 April 2014 04:58 AM

"කැනඩා පුරවැසිබාවය තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම වාසි ඔහුට තමයි" ඒවා කොහෙද අපිත් එක්ක? ඒක එයාට අවාසියක්, කැනඩාව අපට කරපු දේවලට. (නි)

:       0       0

චන්දන Friday, 11 April 2014 05:53 AM

මේක මීට වඩා ගැඹුරින් විමර්ශනය කළ යුතු ගැටළුවක් බව තමයි මට නම් හැඟෙන්නේ. කොහොම වුණත් වරදට දඩුවම් දෙන්නම ඕනෑ.එයා ලාංකිකද,බ්‍රිතාන්‍ය ජාතිකද කියලා වැදගත් නැහැ.ඊට පස්සේ හොයමු වෙන කවුද මේකට සම්බන්ධ කියලා. රටවල් දෙකක් අතර රැඳි විශ්වාසය බිඳීම සම්බන්ධව බ්‍රිතාන්‍යය විසින් පිළිගෙන ලංකා රජය දැනුවත් කරන්න ඕනෑ.මෙහි පසුබිම සොයාගැනීම ඉතාම වැදගත්.ජාතියට උතුම් සේවයක් කළ ආගමන විගමන රේගු පරීක්ෂක නිලධාරීන්ට ජාතියේ ප්‍රණාමය! (නි)

:       0       0

රාළ Friday, 11 April 2014 06:14 AM

එහෙම පහසුවෙන් නිදහස් කරන්නේ කොහොමද? (නි)

:       0       0

නඩරාජා Friday, 11 April 2014 07:21 AM

කොටි බේරගන්න හැදුවෙත් ඔය විදියටමයි.ඉතිහාසය ගැන බලන්න. සුද්දා කපටියි. (නි)

:       0       0

හේමන්ත Friday, 11 April 2014 07:45 AM

මේ ඔත්තුකරු යොදවා අපේ රජය උගුලකට පටලවන්න කරපු උප්පරවැට්ටියක්. නීතිප්‍රකාරව ඉහළම දඬුවම් දෙන්න ඕනෑ.ඉතාම විධිමත් පරීක්ෂණයක් කළ යුතුමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1075 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6660 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3652 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 307 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1533 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1641 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28680 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23609 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site