වාහනයක හැපී මාතලේ පළාපත්වලදී මිය ගිය ගවයින් දෙදෙනකු දවසකට පසු මස් කැර විකීණි යැයි මාතලේ ප්‍රාදේශිය සභාවේ රියදුරකු ඇතුළු සිව් දෙනෙක් මස් කිලෝ 54 සමඟ මාතලේ පොලීසිය විසින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබුහ.
අනතුරින් පසු මළ කුණූ දෙක කුණු ගොඩකට දමා ඇතැයිද ප්‍රාදේශිය සභා ට්‍රැක්ටර් රියදුරා එය සෙසු අයගේද සහයෙන් මස් කැර විකුණා ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටිකක් කුණු කරවල කවන්න තිබුණේ. ඔය ගෙරි මස් කන උන්ට..මම නම් මගේ ප්‍රණාමය පුද කරනවා මේ මිනිස්සුන්ට.. (ස)
ඒකේ වැරැද්ද මොකක්ද??? දන්නැති නිසා අහන්නෙ. (ස)
අපේ රටේ අලුත් දේවල් මොනාද දැන් තියෙන්නේ? නරක් වෙච්ච පළතුරු, එතකොට කල් ඉකුත් වූ පරිප්පු, යෝගට්, අයිස්ක්‍රීම්, හාල් හැමදාම අහුවෙනවනේ. ඒවා කල් තියාගන්න රටේ නැති වසවිස දානවා. ඉතින් මෙහෙම ගියහම කවදාහරි ලෝකයේ වැඩියෙන්ම ලෙඩ්ඩු ඉන්න රට බවට අපේ රටත් කප් ගැහුවොත් පුදුම වෙන්න දෙයක් නෑ... (ස)
සමහර විට මේ අය මස් නොකනවා වෙන්න ඇති. සල්ලි ලැබෙනවා නම් ඕන කුණු වැඩක්., (ස)
රටේම මිනිසුන්ගේ හිත කුණු වෙලා. මොනා කරලා හරි සල්ලි හම්බ කරන ක්‍රමයක් ඇති වෙලා. (ස)
මස් කන්න ගිජු මිනිහා මස් කුණුවෙලා ගඳ ගැසුවත් කනවා .(දිල්)
ඕනෑම සතෙක් මැරුණු මොහොතේ සිටම කුණු වෙන්න පටන් ගන්නවා . එකට මිනිසා තිරිසනා කියල වෙනසක් නෑ. අපි ටිකක් කුණු වුණාම කමක් නෑ කියනවා. ගොඩක් කුණු වුණාම එපා කියනවා. (ස)
කොහොමත් ඔය මස් කන අය කන්නේ මළකුණු තමා. (නි)