IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කැනඩාව ආධාර කපයි

ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය  මණ්ඩලයේ සභාපති ධුරය දරන නිසා පොදු රාජ්‍ය මණ්ඩලයට දෙන වාර්ෂික ආධාර ඉදිරියේදි නැවැත්වීමට තීරණය කර ඇතැයි කැනඩාව අද (16) නිවේදනය   කළේය. 

පොදු රාජ්‍ය මණ්ඩලයේ අනෙකුත් ව්‍යාපෘති සඳහා ලබාදීමට තීරණය කර ඇති කැනඩා ඩොලර් මිලියන 20 මුදල (රුපියල් කෝටි 237ක් පමණ) ,වෙනත් යෝජනා ක්‍රම සඳහා ලබාදෙන බව ද කැනඩාව සඳහන් කරයි.

1983-2009 කාලයේ ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේදි සිදුවීයැයි කියන මානව හිමිකම්  චෝදනා ලංකාව ප්‍රතික්ෂේප කරන බවත්, ශ්‍රී ලංකාවේ සිදුවූ ජාත්‍යන්තර  මානව හිමිකම් නීති උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බවත්,   වගවීම් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට ලංකාව අපොහොසත් වීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බවත් කැනඩා විදේශ ඇමැති ජෝන් ඛෙයාර්ඩ් කීවේය.

ශ්‍රී ලංකාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය  නායක සමුළුව කැනඩා අගමැති වර්ජනය කළේය.

(ඒඑෆ්පී ඇසුරෙනි)

 



අදහස් (0)

කැනඩාව ආධාර කපයි

ජගත් Tuesday, 15 April 2014 04:07 PM

වැඩේ හරි. (ත)

:       0       0

කපිල Tuesday, 15 April 2014 04:12 PM

ඕකට ද දැගළුවේ? (ත)

:       0       0

රජින්ද Tuesday, 15 April 2014 04:38 PM

කැනඩාව ලස්සන රටක් උනත් එහෙ මිනිස්සු කරන තිරිසන් දේවල්වල හැටියට කොහොමත් ඔවුන්ගේ ආධාර-අනුබල අපේ රටවලට වැඩකුත් නැහැ ඒවා යාදෙන්නෙත් නැහැ. මේ කාලේ සීල් මත්සයින්ගේ පැටවුන් දහස් සංඛ්‍යාවක් අමු අමුවේ මරන්න පටන් අරන්. එම මස් පවා විකුනන් කන ජාතියක් තවත් එවැනිම මිලේච්ඡ ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටීම අරුමයක් නෙමෙයිනේ.(නදී)

:       0       0

භානු Tuesday, 15 April 2014 04:46 PM

කපන්න බැරි නම් කැමති දෙයක් කර ගත්තදෙන්. ඒ ගොල්ලන්ගෙන් ආධාර නැති වුනාට වෙනත් විචාර බුද්ධියෙන් යුතු රටවල සහය අපට තියනවා. (නදී)

:       0       0

සුනිල් මිලානෝ Tuesday, 15 April 2014 04:52 PM

අනේ කුද ගහ ගන්න කියන්න එයාල කරන වැඩ දන්නවා නම් බල්ලෝ බත් කන්නෙත් නැහැ .(නදී)

:       0       0

චන්දන ගමගේ Tuesday, 15 April 2014 06:21 PM

කැනඩාව ලංකාව පමණක් නොව, දේශ ගවේෂණය යැයි කියමින් රටවල් ආක්‍රමණය කළ ඔය මානව හිතවාදී සමහරු කතා කරන්නේ කොහොමදැයි නොතේරේ. (නි)

:       0       0

ධම්ම Tuesday, 15 April 2014 06:25 PM

සීනි නැතුව තේ බොන්නම්. හාල් නැතුව බත් කන්නම්. එහෙම වෙයිද? (නි)

:       0       0

සමන්ත Tuesday, 15 April 2014 06:40 PM

ඕක මොකක්ද? එය‍ාලා නැතුවට වෙන අය ඉන්නේ? (නි)

:       0       0

රොහාන් Tuesday, 15 April 2014 07:07 PM

හරි වැඩේ. අපිට දැන් මොනවා වෙයිද? (නි)

:       0       0

මුතුනායක Tuesday, 15 April 2014 07:19 PM

නුඹලාට කළ හැක්කේ ඔය ටික පමණි. (නි)

:       0       0

පෙරේරා Tuesday, 15 April 2014 07:25 PM

ඒ කියන්නේ අපේ හතුරෙක්. කොටින්ට උදවු කරන අය වහාම ඉවත් කරන්න (නි)

:       0       0

අන්ස්ලාම් Tuesday, 15 April 2014 07:47 PM

පුලුවන් තරම් කොටි පෝෂණය කළ අය දැන් කිඹුල් කඳුලු හෙළනවා.මෙච්චර අපිට කෙනෙහිලිකම් කරද්දී තානාපති සබඳතා තවදුරටත් පවත්වාගෙන යා යුතුද? (නි)

:       0       0

රේණුක Tuesday, 15 April 2014 08:09 PM

අපිට ඔහේලාගේ මුදල් අවශ්‍ය නැහැ. අපේ මුතුන් මිත්තෝ පිනට කාපු උත්තමයෝ නොවෙයි.අපිට අපේ රටේ ඕනෑ තරම් දේවල් තිබෙනවා, කුස පුරවාගන්න.... (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Tuesday, 15 April 2014 08:11 PM

පාඩුව ගම්වල ඉන්න දුප්පත් ජනතාවට තමයි.භාණ්ඩ මිළ වැඩිවේවි, රෝහල් වල බේත් හිඟවේවි. තව ප්‍රශ්න ඇති වේවි. නමුත් පාලකයෝ කියාවි අපිට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. (නි)

:       0       0

තරිඳු Tuesday, 15 April 2014 08:29 PM

මොලේ කල්පනා කරලා වැඩ කරන්ඩ ඕන (අ)

:       0       0

ජගත් Tuesday, 15 April 2014 08:31 PM

අපිට කිසිම පාඩුවක් නැහැ ඔය සල්ලි නැතුවට. කොටින්ටම ඒ ටික දුන්නම හරි.(නදී)

:       0       0

ද සිල්වා Tuesday, 15 April 2014 08:48 PM

කොටි සංවිධානය නගා සිටුවන්න උදව් කරනවා කියන්නේ ඉදිරියේදී සිංහලයන්ටත් ජීවිතය බේරා ගැනීම සදහා කැනඩාවේ සහ යුරෝපයේ දේශපාලන රැකවරණ පැතීමට සිදුවිමයි. අපේ ආණ්ඩුවේ දේශපාලකයන්ගේ , තානාපති අංශයේ දුර්වලකම නිසා තමයි මේ ප්‍රශ්න විසදා ගත නොහැකි වී තිබෙන්නේ.(නදී)

:       0       0

කපිල Tuesday, 15 April 2014 08:56 PM

අනේ අපේ ආධාර කපන්න එපා එහෙම කරොත් කොහොමද අපි රේස් පදින්නේ? (නදී)

:       0       0

සතයයා Tuesday, 15 April 2014 09:06 PM

කාල වරෙල්ලකෝ! දැන් ඉතින් දඬු කදේ තමයි.(නදී)

:       0       0

සතයයා Tuesday, 15 April 2014 09:24 PM

ආණ්ඩුවක් විසින් කළ යුතු දේ දේශපාලන වාසි තකා නොකර සිටීමේ හේතුවෙන් මේ තත්වය දිනෙන් දින උග්‍ර වෙනවා. ආණ්ඩුවට නියපොත්තෙන් කපන්න තිබුන ගස් මෙහි බලෙන් පදිංචි වූ මිනිසුන් විසින් රජයේත් අනුමැතිය ඇතිව බුල්ඩෝසර් යොදා බිම පෙරලා තියෙනවා. රටකට ගිය කල.(නදී)

:       0       0

චානක. Tuesday, 15 April 2014 09:35 PM

බරපතල කාරනාවක්.(නදී)

:       0       0

සුදේශ් Tuesday, 15 April 2014 09:52 PM

කොටින්ට සල්ලි එකතු කරනකොට නම් මානව හිමිකම් මොනවත් බැලුවේ නැහැ. මේවා චඡද ගන්න කරන වැඩ.(නදී)

:       0       0

කුලතුංග Tuesday, 15 April 2014 10:47 PM

කරුණාකරලා ඔයටිකත් කොටින්ට ම (ස)

:       0       0

ගුණසේකර Tuesday, 15 April 2014 10:53 PM

රටේ දේශපාලකයෝ හා රාජ්‍ය නිලදාරීන් හොරකම් නොකර කොමිස් නොගෙන සැම පුරවැසියකුම තමන්ට අයිති වැඩ කොටස අවංකව ඉටු කරනවානම් අපට ඔය ආධාර නැති වුනාට කමක් නැහැ. (ස)

:       0       0

පැට්රික් ද සිල්වා Wednesday, 16 April 2014 12:23 AM

කොටියට දෙන්න වන්න ඇති (ස)

:       0       0

ගන්දර සයිමොන් Wednesday, 16 April 2014 12:37 AM

කැනඩාවේ ආධාර නැතුවට කමක් නැහැ අපේ ජනාධිපතිට සල්ලි තියෙනවා. ඒ සල්ලි වලින් රට සංවර්දනය කරන්න පුළුවන් , අපිට කාගෙවත් ආධාර ඕනේ නැහැ.(නදී)

:       0       0

ශාන් සෞදි Wednesday, 16 April 2014 01:29 AM

කැනඩාව හිතාගෙන ඇති කොටි හිතවාදින් උන්ගේ පස්සේ ගිහින් හිගා කෑවට සිංහල අපිත් ඒ වගේ කියල. (නධී)

:       0       0

ප්‍රදීප් Wednesday, 16 April 2014 02:04 AM

කොටි ගොතන බොරු වලට මේ මිනිස්සු රැවටිලා. චන්ද ටික නැතිවෙයි කියල බය ඇති. කොහෙත් ඉතින් චන්ද වලට කරන ප්‍රෝඩාව.(නදී)

:       0       0

රොස්චින්ද සොයිසා Wednesday, 16 April 2014 02:11 AM

කැනඩා ආදාර අරගෙන උන්ට ඕන ඕන විදියට නටන්න අපේ ජනාදිපතිතුමා ලැස්ති නැති නිසා උන්ගේ ආදාර දෙන්නැ රුපියලක් දීලා රුපියල් පහාක් ගන්න බලන හිගන්නෝ.(නදී)

:       0       0

තාරක Wednesday, 16 April 2014 03:10 AM

අපිට ආදාර ඕනෑ නැ. අපිට ඕනෑ තරම් සල්ලි තියෙනවා. අපිට චිනෙන් නය ගන්න පුළුවන්. (නදී)

:       0       0

ද සිල්වා Wednesday, 16 April 2014 04:26 AM

ඔය ආධාර ලැබුනත් අපිට වැඩක් නැහැ ජනතාවට සෙතක් නැහැ.(නදී)

:       0       0

සෑම් Wednesday, 16 April 2014 05:25 AM

කැනඩාවට, කැනඩාව කියන්ඩ එපා. ශ්‍රීලංකන් ඊළාම් කියන්න. ලගදීම කැනඩාවෙත් ඊලමක් ඉල්ලුවහම තමයි මෝඩ කැනේඩුවන්ට තේරන්නේ කොටින්ගේ තරම.(නදී)

:       0       0

තාරක Wednesday, 16 April 2014 05:28 AM

බල්ලෝ බුරති සඳ බැබලෙති .(නදී)

:       0       0

අජිත් කරුණාරත්න ලියනගේ Wednesday, 16 April 2014 06:57 AM

අපි නම් බය වෙයි ඕවට. අපිට චීනය ඉන්නවා. (නි)

:       0       0

පද්මසිරි Wednesday, 16 April 2014 07:51 AM

ආධාර නැති තරමට හොඳයි. (නි)

:       0       0

අල්විස් Wednesday, 16 April 2014 08:08 AM

අපේ රටේ මානව හිමිකම් කඩවීම සිදුවුණාද නැද්ද යන්න සහ ඒ කොයි පාර්ශවයෙන්ද යන්න ගැන හරියට දන්නේ අපේ රටේ ඉන්න මධ්‍යස්ථ පුරවැසියන් මිස අපේ රට ගැන අමුතු කැක්කුමක් අලුතින් ඇතිකරගත්, කොටින්ට කිරිපොවා පෝෂණය කරන රටවල් නොවෙයි. අපේ රටට දුන් ජී.එස්.පී. ආධාරය යුරෝපා හවුල විසින් කැපුවා කියා අපි වැටුනේ නැහැ. අපේ රටත් හැකි ශක්තියෙන් ලෝකයේ අනෙක් රටවල් සමඟ සහයෝගයෙන් සාර්ථක විදේශ ප්‍රතිපත්තියක් මත ගමන් කළ යුතුයි. ලෝකයේ සමාජවාදී රටවල් තිබෙන තාක්කල් අපි වගේ දුප්පත් රටවලට බියක් ඇති කර ගත යුතු නැහැ. ජාති ආගම් භේද වලින් තොරව අපේ රට රැක ගැනීමට සියල්ලන්ම එකතු විය යුතුයි. අපි අපේම වීම වැදගත් වෙනවා. (නි)

:       0       0

ගුණසේකර Wednesday, 16 April 2014 08:36 AM

මේ අලුත් අවුරුද්දේ මගේ පළවැනි ප්‍රතිචාරයයි. තවත් අාධාර මත යැපෙන ජාතියක් නොවී අපි දෙපයින් හිටගන්න තීරණය කරලා ඉවරයි. තව වසර කීපයකින් ඕනෑ නම් අපි කැනඩාවටත් ආධාර කරන්නම්. හැබැයි ඊළම නම් සිහිනයක්ම පමණයි (නි)

:       0       0

කැනඩා දිසා Wednesday, 16 April 2014 08:53 AM

මේ හැම දෙයකටම මුල හරි විදේශ ප්‍රතිපත්තියක් නැති කමයි ,එවෙනි පළපුරුදු ඇමති,සහ නිලදාරීන් නැති කමයි.(නදී)

:       0       0

දුම්මලසූරිය... Wednesday, 16 April 2014 09:58 AM

ඔය කොටි අවතාර. ඔය හොල්මන් කිරිල්ල තව කාලයක් යනකම් නවතින එකක් නැහැ. අපි නොබියව ඔලුව කෙලින් තියන් කල්පනාවෙන් වැඩ කරමු.(නදී)

:       0       0

චන්දන Wednesday, 16 April 2014 10:04 AM

මානව හිමිකම් කියන්නේ ඔව්ව විතරක් නෙමෙයි. මමත් කැනඩාවේ අවුරුදු ගානක් ඉඳල ද්විත්ව පුරවැසි කම ගන්න හදනකොට මේ ආණ්ඩුව ඒක නැවැත්තුවා. අපේ ටැක්ස් කපන සල්ලි තමයි කැනඩා ආණ්ඩුව මෙහෙම රටවලට දෙන්නේ. මම අවුරුදු ගණනක් බලන් ඉන්නවා ලංකා පුරවැසි කම ගන්න. මේ පනත අද ගේනවා හෙට ගේනවා කියකිය ඉන්නවා තාමත් නෑ. අපේ අම්මල තාත්තල වයසයි දැන්. ලංකාවට එන්න විදියක් නෑ වීස ගන්නේ නැතුව. (නදී)

:       0       0

නිල් Wednesday, 16 April 2014 10:18 AM

අපිටනම් කොහොමත් කාගෙවත් ආදාර අවශ්‍ය නැහැ. හොරා කන එක නැවත්තුවොත් ඇති.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 255 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 69 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1322 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 9019 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 4351 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 350 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 29466 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23634 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 133 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 412 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site