රිදීමාලියද්දේ යල්වෙල උල්ගිරිය ඔය රක්ෂිතයේ වසර ගණනක් පැරණි විශාල කුඹුක් ගස් හතක් කපාගෙන ගොස් ඇතැයි වනජීවී ආරංචි මාර්ග කියයි.
දේශපාලනඥයන්ගේ හා ඇතැම් නිලධාරීන්ගේ සහාය ඊට ලැබෙන බව ප්‍රදේශවාසීහු කියති.
අඩවි වන නිලධාරී රොෂාන් වීරසුන්දර මහතා පැවසුවේ එවැනි සිද්ධියක් වාර්තා වුවත් ගස් කැපූ ස්ථානය සොයා ගත නොහැකි වූ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගස් ටික කපල තියෙන්නේ පොරවෙන් නොවන බව පෙනෙනවා. "සයිලන්සර්" හයිකරපු විදුලි කියත් යන්ත්‍ර තියෙනවාද කියල මම නම් අහලා නැහැ. මේවා කපද්දී කාටවත් සද්දේ ඇහුනේ නැද්ද? මේකට දේශපාලනේ විතරක් නොවෙයි "වනජිවියොත්" සම්බන්ධ බව පේනවා. රොෂාන් විජේසුන්දර ගස් කපපු තැන හොයන්න ඇත්තේ වත්තේ නෙවෙයි....! (නදී)
දඩුවම ගහකට කෝටි 5 බැගින් හෝ ගෙවාගන්න බැරි නම් දේපල රජ සන්තක කලා නම් ඉතිරි ගස් ටික බේර ගන්න පුළුවන්. වන ජීවී එක බබා වෙන්න එපා. සත්තු මරණ සැනින් අල්ලන ඔබලා මොකද මේ දැන් මෙහෙම හැසිරුනේ? මිනිස්සුන්ට මොලය තියනවා, සන්තෝසම් ගන්න වට වඩා රස්සාව දේවකාරිය ලෙස සලකා වඩා වැඩ කරන්න. එවිට දරු පවුල රැකගෙන සතුටින් විශ්‍රාම යන්න පුළුවන්. (නදී)
වන ජීවී එක තියෙන්නේ , ගස් කපලා කියල කියන්නද? ගස් කපන්න නොදී ආරක්ෂා කරන්නද? කපපු ගස්ටික එම අයටම බාරදෙන්න, නැතිනම් අපරාදේ ඒවා දිරාවී, (අ)
වන අඩවි නිලධරයින් නෙවේ මෙයාල අඩක් වනවූ නිලදාරීන් එකයි මේවා පෙනෙන්නේ නැත්තේ (අ)
මේ අඩවි වන නිලධාරීතුමා වන සංරක්ෂණ ඇමති කමට සුදුසුයි . (අ)
මේ අවුරුදු හත ඉවර වෙනකල් ඒ සේරම අයිති ඒ ගොල්ලන්ට. බද්ද මාරු වෙන්න කලින් කපා ගන්න ඕනා. ඕව දැන් නවත්තන්න බැහැ (නදී)
පොඩි පහේ හොරකමක් නම් කරන්නේ ගමේ වෙසෙන සාමාන්‍ය මනුස්සයෙක්. මේ වගේ මහා පරිමාණයේ හොරකම් නම් කරන්නේ මුළු රටම හොඳින් හඳුනන නීතිය අතටගත් අයයි. රටට මේ කරන අපරාධ වලට හොඳක් නම් වෙන්න එපා (නි)
මේ මහත්තයත් කාට හරි කඩේ යන කෙනෙක් වගේ පෙන්නේ.(නදී)
වන අඩවි නිලධරයින්ගේ සාක්කු ටික බැලුවා නම් කොට ටිකයි කපපු තැනයි බලාගන්න තිබුනා (නදී)
අඩවි වන නිලධාරී රොෂාන් වීරසුන්දර මහතාට දිර්ඝායු. ග්‍රහ අපල දුරු වී මොළය පෑදේවා (නදී)
වන ආරක්ෂක නිලදාරින්ට ගස් කපා තිබුන තැන සොයා ගන්න බැරිවෙලා. පව්, අපේ හමුරුවනට සහ ගමේ මිනිසුන්ට හොයා ගන්න පුළුවන් වෙලා කොට ටිකත් ඇදල ඉවර උනා නම් හරි.(නදී)
අනේ පව් අඩවි වන නිලධාරී මහතා. මුකුත්ම පේන්නේ නැතුව ඇති (නදී) .
මාධ්‍ය අද හැම තනතුරටම සුදුසුයි (නදී)
ඒ මහත්තයට කන්නාඩි දාගන්න කියන්න. පව් අහිංසකයට ඇස් පේන්නේ නැහැ වගේ. (නදී)
නිළධාරීන්ට වැඩිය අද මාධ්‍ය දියුනුයි (නදී)
මිනිසුන් විසින් නිල් වනයම කපනු ඇත... වන සතුනුන් මරා සව්දිය පුරනු ඇත... උන් බේරාගන්න මැතිවරු සිටිනු ඇත.... එහෙත් අපට ධර්මද්වීපයක් ඇත... (නි)
ඇස් පෙනෙන කෙනෙක්ට මේ තනතුර දෙන්න (නදී)
අඩවි වන නිලධාරී මහතා බබානේ. (ස)
අඩවි වන නිලධාරී රොෂාන් වීරසුන්දර මහතා හට සොයාගත නොහැකි වූ ස්ථානය ද මේ ෆොටෝ වල තියෙන්නේ...(නදී)