විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටින කාලයේ පක්ෂය මෙහෙයවීම නායකත්ව මණ්ඩලය නායක කරු ජයසූරිය මහතාටත්, සම්ප්‍රදාය අනුව විපක්ෂ නායක ධුරයේ වැඩ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතාටත් පවරා ඇතැයි එක්සත් ජාතික පක්ෂය කියයි.
වික්‍රමසිංහ මහතා ඇමෙරිකාවේ මැසචුසෙට් තාක්ෂණික ආයතනයේ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ රොබර්ට් ඊ විල්හෙල්මි අධි සාමාජිකත්වය ලැබ එහි දේශන සහ සාකච්ඡා සඳහා සහභාගීවිමට අද (6) පිටත්ව ගියේය.
ඔහු මාසයක් පමණ රටින් බැහැරව සිටිතියි පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහේ අයටත් දේශන පවත්වනවා ඇති " සදා කල් විපක්ෂ නායක ධුරයේ රැදී සිටීමේ ක්‍රම සහ විධි " පිළිබද මාතෘකාව යටතේ. (ස)
නොදන්නාකම පෙනන්න එපා. රනිල් ජන්ද පැරදුනාට හොඳ මොලයක් තියෙන උගතෙක්. එක නිසා හිනාවෙන්න එපා. ලංකාවේ අයට ලොකු බේබද්දෝ, බදු කාරයෝ, කට වචාලයෝ, කුඩු කාරයෝ. (ස)
එතකොට පක්ෂයට වැඩක් කල හැකි සජිත් ප්‍රේමදාසට කුමක්ද ? (ස)
අනේ රනිල් හැමදාම ඇමෙරිකාවට වෙලා ඉන්න .එක ශ්‍රී ලංකාවේ ජනතාවට කරන ලොකුම උදවුවක් .ඒ පිනේනෙන් ඔබ නිවන් දකිනවා. (ස)
අපේ හාමුදුරුවනේ සජිත් රටට කරපු එක වැඩක් ඔබ වහන්සේට කියන්න පුලුවන්ද? (ස)
ආ! නියම සුදුස්සන්ව පත් කරලා.... (නි)
සේන මහතාණනි, සජිත්ට රටට වැඩ කරන්න බලවත් රජයක් පිහිටුවා ගන්න නොහැකි වුණා තවම. එහෙත් ඔහුගේ ආසනයේ බොහෝ වැඩ කටයුතු කරනවා. ඔහු පක්ෂයටත් විශාල සේවයක් කරනවා. නමුත් ඔහුගෙන් අවම සේවයක් වන්නේ පක්ෂයට. මා කියා තිබෙන්නේ ඔහු පක්ෂයට වැඩක් කළ බවයි. හොඳින් කියවන්න ප්‍රතිචාරය... (නි)
කොහොමටත් කරු ගැළපෙන්නෙ ඒ කාර්යටනේ (නි)
රනිල් එදා කිව්වා අපි මොඩ් ගොවියෙක් හදනවා කියලා.අපේ අය ඒකට එදා හිනාවුණා.අද වුණත් තරුණ ළමයි ක්‍රිකට් තරඟ බලලා පහුවෙනිදාට අමුඩේ ගහගෙන කුඹුරට යන්න කැමති නැහැනේ.එයා අදහස් කළේ අපේ ගොවිකමත් චීනයේ,ජපානයේ වගේ තැනකට ගෙනියනවා කියලයි.උගත් බුද්ධිමත් පුද්ගලයන් දිහා පාට කණ්ණාඩි වලින් බලන්න එපා. (නි)
ඔයාලා ඔහොම යමු. (නි)
පක්ෂ පාට භේද කුමක් වුවත් අපේ රටේ කෙනෙකුට ඇමරිකාවේ සරසවියක දේශන පැවැත්වීමට ආරාධනා කිරීම අපේ රටට ලොකු ගෞරවයක් (නි)
සමහරු නම් හිතකින් ගිය ගමනක් නොවෙයි වගේ (නි)
දැන්නම් රටට මීට වැඩිය ප්‍රබල විපක්ෂයක් ඕනෑ.ආණ්ඩුව යන්නේ වැරදි පාරේ.මෙහෙම ගියොත් රට ඉවරයි. (නි)
රනිල් මහත්තය මෙහෙම ගිය වෙලාවක තමයි කරු මහත්තය 17 ක් එක්ක අනිත් පැත්තට පැන්නේ. මට නම් මේ දෙන්නම ෂුවර් නැහැ. කෝකටත් ඇහැ ගහගෙන ඉන්න එක පක්ෂෙට හොඳයි වගේ. (නදී)
සේන, එතුමා විසින් දුප්පතුන් උදෙසා කරන සමාජ සත්කාර වැඩසහටන් ගැන සොයා බලන්න. සජිත් ප්‍රේමදාස මැතිතුමා රටට මොනවද කරලා තියෙන්නේ කියලා තේරෙයි එතකොට ඔයාට. (ස)
වැඩේ දෙල් වෙයිද? (ස)