සොරබොර, ගුරුමඩ, ගඟේ යායට සිකුරාදා රාත්‍රියේ පැමිණි වල් අලි හත් දෙනෙක් ගමේ රැය පහන් කළහ.
කපා තිබු ගඩොල් ගොඩක් උඩින් කුඹුරට ගිය අලි රංචුවේ රසවත් ආහාරය එහි විය.
නියඟයෙන්ද රැකගත් ගොයම් එක රැයින් ගොවියාට අහිමි විය.
විදුලි වැටක් ඇතැත් වසර හතරක පහක සිට අලි ගම් වතියි ගැමියෝ කියති.
.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසන්ති, ඔයාගේ අදහස ක්‍රියාත්මක කිරීම සඳහා වගකිවයුත්තන් වෙත යොමුකරමු. (නි)
ගාමිණී, වැඩකට ඇති වචන කියන්න (නි)
පව් දෙවියනේ අසරණ සත්තු ටික! කාගෙන් කියලා ඉල්ලන්නද? අලි ගම් වදින්නේ නිකන් නෙමෙයිනේ. ඒ අහිංසක සතුන්ටත් බඩගින්න දැනෙනවනේ. අනික ඔය භුමිය සැබෑවටම අයිතිත් මේ සතුන්ටමනේ (නි)
ඇස් පෙනෙන, කන් ඇසෙන, හදවතක් තිබෙන පාලකයින් අපිට නැති එකේ පාඩුව. (නි)
අලි මැරෙන වේගෙට මෙම ප්‍රශ්නය ඉක්මනින් විසඳේවි (නදී)
දෙගොල්ලොම පවු. (නදී)
වගකිවයුත්තන් අලි-මිනිස් ගැටුම කියලා හදුන්වන්නේ මේකට තමයි.මේකෙදි මිනිසුන් වගේම අලිත් අසරණයි.දැන් මේ ප්‍රශ්නය ඔඩු දුවපු තුවාලයක් වගෙයි.ඉස්සරත් මේ ප්‍රශ්නය තිබුණා. නමුත් මේතරම් තිබුණෙ නැහැ.වර්තමානයේ පවතින තත්වයට අනුව දෙපාර්ශවයටම සාධාරණ විදියට වඩාත් සුදුසු ක්‍රමවේදයකට මෙම ගැටලුවට විසඳුම් ලබාදීමට වගකිවයුත්තන්ගේ අවධානය කඩිනමින් යොමුවිය යුතුයි. (නි)
අනේ දුක් මහන්සියෙන් හැදු ගඩොල් ටික තලා දමා තිබෙන හැටි බලන් ඉන්න ළමයා දැක මට හරිම දුකක් දැනුනා. මගේ දුවටත් මම ඒ පින්තුරය පෙන්නලා කිව්වා, මෙන්න බලන්න ඔයාලට කියලා තවම අපි ගෙදර වැඩක් වත් කරවා ගන්නේ නැහැ . මේ අයියා ගඩොල් කපලා තමයි ඉස්කෝලේ යන්නේ කියලා. නගරයේ ඉන්න අපේ දරුවන් දුෂ්කර ගම් වල කර්කශ ජීවිතය කෙරේ කුඩා කල ඉඳලම දැනුවත් කලේ නැතිනම් අපේ ළමයින් අනුන්ගේ දුකේදී සංවේදී නොවන අනෙත් අයගේ දුෂ්කරතා ගැන නොතකන පිරිසක් වෙනවා. මම ඒකට කැමති නැහැ. (නදී)
මෙවන් අසරණ මිනිසුන්ට දෙවියන්ගේ පිහිට පමණි! (නි)
මේ ගැමියන් කොච්ච්චර දුක් මහන්සියෙන් ජීවත් වෙන අයද? මෙහෙම විපතක් වෙලා ආදායම නැති වුණාම කොහොම ජීවත්වෙන්නද කියලා මට හිතාගන්නවත් බැහැ. (නි)
බලධාරීන් කියන්නේ නම් ඉතින් "අදාල නිලධාරීන්ට උපදෙස් දී ඇත" කියලනේ... (නි)
අහිංසකයටම තමයි හැමදාම හැම පැත්තෙන්ම කරදර. මේ අහිංසක මිනිසුන්ට වන්දියක් වත් ගෙවන්න බැරිද ටිකක් ගොඩ එන්න කාර් රේස් හරි ක්‍රිකට් ගහන සල්ලි වලින්. (නදී)
පවු අහිංසක මිනිස්සු! (නි)
අලින්ට ඔවුන්ගේ නිජබිම නැවත දෙන්න (නදී)
මෙවන් පරිසරයක් ලෝකයේ කොහේ දකින්න ද ? අනේ මෙය ආරක්ෂා කර දෙන්ඩ බලධරයිනි. අලි හොරකම් කරපු අයට සාප වේවා. මේ දුප්පත් මිනිසුන්ට විකල්ප ජීවන මාර්ගයක් සහ විකල්ප නිවාස නගර අශ්‍රිතව ලබා දෙමු. වන ජීවිය ගොවීන්ට වන්දි ගෙවිය යුතුයි (නදී)
කරුණාකර මේ ගොවීන්ට වන ජීවි එකෙන් වන්දි ගෙවන්ඩ ඕනා. ඒ එක්කම මේ මිනිසුන්ව කැලෑ ප්‍රදේශ වලින් නගර අාශ්‍රයට ගෙනවිත්, වෙනත් ජීවන මාර්ගයකට යොමු කල යුතුයි. සෑම නගරයක් ආශ්‍රීතවම මුලික වටයේ තට්ටු නිවාස 5000 බැගින් ඉදි කරමු. මගේ ඡන්දය අායිත් මම දෙන්නේ මේ ස්වභාව දර්මයා ආරක්ෂා කරන, දුප්පත් මිනිසුන්ට විකල්ප ජීවන ක්‍රම හදා දෙන පක්ෂයකට පමණයි.(නදී)
නියඟය නිසා අලින් ගැනත්, ගොවිතැන් පාළුව නිසා ගොවියා ගැනත් දුකයි. අපි මොනවා කරන්නද, මොනවා කියන්නද? ගඩොල් නම් ඉංජිනේරු ගලුත් නෙවෙයි, මෝඩ ගඩොලුත් නෙවෙයි. සයිස් එක අනුව මේ ගඩොල්වලට භාවිතා කරන නම කුමක්ද ? යන්න දන්නා කෙනෙක් කීවොත් අගනේය. (නදී)
පවු මේ මිනිස්සු. අලියත් මහ නරක වැඩක් කරලා තියෙන්නේ (නදී)
පව් අහිංසක මිනිස්සු (නදී)
හැම පැත්තෙන්ම දුප්පතාගේ බඩටමයි වදින්නේ (නදී)
මේ දුප්පත් මිනිසුන්ට සහනයක් දෙන්න බලධාරීන් කටයුතු කරනවා නම් හොදයි (නදී)