කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ හිටපු විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා අද නියෝග කළේය.
මෙම විදුහලේ වෙනූෂා ඉන්දීවරී ශිෂ්‍යාව දිවි නසා ගැනීමේ සිද්ධියෙන් පසු ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටි සැකකරු සාක්කිකරුවනට තර්ජනය කළැයි පැමිණිල්ලෙන් කරුණු දැක්වීමෙන් පසු ඔහු රිමාන්ඩ් කැරිණි.
සාක්කිකරුවනට තර්ජනය නොකරණ ලෙස අධිකරණය දෙවතාවක්ම ඔහුට නියෝග කර තිබිණි.
හිටපු විදුහල්පති ඔහුගේ ජංගම දුරකතනයෙන් සාක්කිකරුවනට තර්ජනය කර ඇති බව දුරකතන සමාගමෙන් ලබා ගත් වාර්තා ද සමග පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කළේය.
හිටපු විදුහල්පති, දැරියගේ මවට ජංගම දුරකතනයෙන් තර්ජනය කිරීමට යොදා ගත් සිම් කාඩ්පත වෙනත් පාසලක සිසුවකුගේ හැඳුනුම්පත් අංකය භාවිත කරමින් ව්‍යාජ ලෙස ලබාගෙන ඇතැයි ද පැමිණිල්ල අධිකරණයට දැන්වීය.
සැකකරුගේ නීතීඥ කීර්ති පී දුණුසිංහ මහතා පැවසුවේ ඔහු සාක්කිකරුවනට හෝ වෙනත් කිසිවකුට තර්ජනය නොකළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතැන කාටවත් ඇගිල්ල දික් කරන්න බෑ.විදුහල් පති ,දෙමාපියෝ ,හදිසි තීරණයක් ගත්ත දරුවා මේ හැමෝම වැරදියි.පාසැල් දරුවෙකුට අවවාදයක් දෙන විදිහය,විශේෂෙන් ගැණු දරුවෙකුට විදුහල්පති එය නොදැන සිටීම වගේම තම බලය අයුතු ලෙස පාවිච්චි කිරීමෙන්ද,දෙමාපියන් දරුවන් අතර මනා බැදීමක් නොතිබීමද මෙයට තවත් හේතුවක් වෙනවා.අනෙක තමන් කල වැරැද්ද තේරුම් නොගෙන ප්‍රශ්නෙන් පලා යැමට සියදිවි හානි කර ගැනීම මන්නම් නිවැරිදියි කියන්නේ නැ. (දී)
කට වහන්න ඔක්කොම.. විදුහලේ කරුවල කාමර හදාගෙන ළමයින්ගේ නම් වලට සිම් අරන් තර්ජන කරන්න, හමුදා පාලනය ළමයින්ට දෙන්න.. ඒටික ඇති මෙයාව එල්ලන්න.. අහිංසක මල් කැකුලු තලනවා .(දී)
විදුහල් පති දේසපාලන බලයක් ඔලුවට අරන්. සාක්කි දෙන අයට තර්ජනය කල එකයි මෙතන වරද.(දී)
මේ හැම දෙයක් වගේම මට මොන චෝදනා එල්ල කලත් ලියන්න තව දෙයක් තියනවා.හෙට අනිද්දට රට පුරා අවුරුදු කුමාරියෝ තෝරයි.ආදර අම්මේ තාත්තේ,ඔබේ රුව ඇති දියණිවරුන්ට ආදරේ කරනවානම් ඔය රියලිටි වලටයි රුප ප්‍රදර්ශන වලටයි යවද්දී දෙසැරයක් හිතන්න.ඒ තුලින් ලැබෙන ප්‍රසිද්දිය ඔබේ දරුවාගේ අනාගතයට වෙස් වලා ගත් අවතාරයක් කර ගන්න එපා. (දී)
ඒ භීෂණ කාලේ ඉවරයි සමරනායක මහත්තයෝ, මේ ළමයා මැරිලා තියෙන්නේ භීෂණයක් හින්ද නෙමෙයි. විදුහල්පති බැන්න කියල සියදිවි හානි කරගෙන. මෙහි වරද එක්කෙනුකු මත පටවන්න බැරි බවයි මටනම් පේන්නේ...දෙමව්පියොත් ගොඩක්ම වැරදියි... මංජුල කියන විදියට අපේ කාලේ තිබ්බ විදුහල්පති බංගලාව ගැන වෙන්න ඇති මේ අය වැරදියට වටහාගෙන තියෙන්නේ. එකේ එක පැත්තක බංගලාව අනිත් පැත්තේ ඔෆිස් එක. (දී)
භීෂන කාලෙ හරි විදුහල දියුණුයිනෙ. ඒ භීෂන සමයේ ඇඹිලිපිටියෙ ගලප්පත්ති නම් විදුහල්පතිවරෙයක් කරපු සිසු ඝාතනත් මතක ඇති මම හිතන්නෙ. (දී)
විදුහල්පහ්ටිගේ ඔෆ්ෆිසේ එක තියෙන්නේ හිටපු විදුහල්පතිවරු හිටපු පරණ බංගලාවක.එකේ පරණ බඩු දාපු පාවිචි නොකරන කාමර තියනවා.එකෙයි මෙකෙයි තියන සම්බන්දෙ මොකක්ද.අන්තිමට උනේ පාසැල ගොඩ නගපු හොද විදුහල්පතිවරයෙකු පාසලට අහිමි වීම.මේ පාසැල තිබුන පිරිහීමෙන්ළමයින්ව ගොඩගත්තේ මේ විදුහල්පති.කව්රු හරි මේ කමෙන්ට් දාන අය කුරුනෑගල මේ පාසැල අසල කෙනෙක්ගෙන් අහල දැනගෙන කමෙන්ට් දාන්න නොදැන එකපර්ශිකව කමෙන්ට් දාන්න එපා (දී)
කොහොමද සිම් පත පාසලේ ළමයෙකුගේ හැඳුනුම් පතට ගත්තේ? (දී)
පරීක්ෂණයක් පවත්වා දඬුවම් ලබා දෙන්න (දී)
මේ රටේ පාසල් පද්දතියට දෙවියන්න්ගේම පිහිටයි. අම්ම තාත්ත දෙපැත්තක හිටියම ඔහොම තමයි. අපරාදේ විදුහල්පති තුමා. අපට හරි දුකයි.(නදී)
මම හිතනේ කුමාරි හරි . මේ ළමය ගේ දෙඅමුපියෝ 75% මේකේ වගකීම ගන්න ඕන . මේ ළමයට මෙපමණක් ප්‍රශ්න තිබුන කියල වැඩිහිටියෝ දන්නවනම් වෙන පාසලකට දන්නා තිබුන . දැන් හදන්නේ වරද වෙන කෙනකුට පවරලා හිත හදාගන්න .විදුහල්පති 25% වැරදි. (දී)
විදුහල් පතිවරුන් වෙන සියලු දෙනාටම ළමා මනස ගැන හොඳ අවබෝධයක් ලබා දිය යුතුයි (දී)
සමරනායක මහත්තයෝ, ඒ කාලේ (88-89) හිටපු විදුහල්පති ස්ට්‍රයික් කරපු ළමයින්ට පොල්පිත්තකින් ගැහුවා. එදා ඉදන් අපේ ස්කෝලෙට කිව්වේ පොල්පිති ස්කොලේ කියල. ඒ විදුහල්පතිම ස්ට්‍රයික් කරපු ළමයින්ට වෙඩි තිබ්බ. (අහසට, ළමයි බය කරන්න) ඒ කියන්නේ එයාට තුවක්කුවකුත් තිබ්බා කියන එකයි. එයාගේ බංගලාවත් තිබ්බේ ස්කොලේ ඇතුලේමයි. ඒකට කාටවත් යන්නත් බැහැ. (කාමරයක් විතරක් නෙමේ, බංගලාවක්) පස්සේ කාලෙක අපේ වාසනාවට එම විදුහල්පති පළාත් අධ්‍යාපන ඇමති වුණා. (දී)
විදුහල්පති/නියෝජ්‍ය විදුහල්පති තනතුරැ ලැබෙන කොට වැඩි දෙනෙකුගෙ මානසික තත්ත්වය වෙනස් වෙනව. දේශපාලකයො පස්සෙන් වැටුනාම ඔලුව තවත් නරක්කර ගන්නව. සාමාන්‍ය දෙමාපියන්ව ගනන්ගන්නෙ නැතුව යනව.යාන වාහන අත මිට සරැ අයට වැඩි සැලකුමී. සර්/මැඩමී කියල කට පුරෝල නොකිව්වොත් සුනේ සුං .මෙය භයානක රෝගයක්. අන්තිමට අවාසනාවන්ත සිදුවීමකින් සියල්ල අවසන්වෙනවා. (දී)
මම කවදාවත් වෙනුෂට වරදක් කියන නැහැ.මම දොස් කියන්නේ එයා මෙලොවට බිහි කල කෙනාට.විදුහල්පති හරිද වැරදිද කියන්න මම දන් නැහැ.නමුත් මේ ළමය ජිවත් උන කාලේ වැඩිහිටියන් දරුවාගේ ජිවිතේ සත 5කත ගණන් ගත්තේ නැහැ.දන් විදුහල්පති එල්ලුම් ගස් යැවුවත් වෙනුෂ ආපහු එනවද?මේ පාසලේ මෙහෙම මේ විදුහල්පති බනින්න ඇත්තේ වෙනුෂට විතරමද?ඒ ඔක්කොම එල්ලී මැරෙන්න ඕනද?තරුණ දරුවන්ට වෙනුෂගෙන් ලැබුන ආදර්ශය ගැන ඔයාල මොනවද හිතන්නේ?හෙට දවස දරුවෙකුට අවවාදයක් කරන්න බැරි සමාජයක් බිහි වෙනකොට අනාගත පර පුර කොහොම වෙයිද? ඉස්සර කාලේ වැඩිහිටියෝ කිවේ [තල තලා හදන දරුවත්,හැදී ගගා හදන හොද්දත් කියල]කට කහනවටද?දන් ඔය මුහුණු පොතුයි එවයි මේවයි නිසා අම්ම කියන අම්ම විශේෂයෙන් ගැහැණු දරුවාගේ ඇස මානයේම ඉන්න ඕන.ඒවගෙන් වෙන වින්නැහි ළමයට ආදරෙන් කියල දෙන්න අම්ම තරම් වෙන සුදුසු කෙනෙක් නැහැ. (දී)
කුමාරි ,මේ දරුවා මැරෙන්න පෙර ලියපු ලියුමේ තියෙනවා තමන්ගේ දෙමව්පියන්ටත් මේ විදුහල්පති ලව්වා නොකළ වරදකට බැනුම් අස්සවන්න බැරි නිසා දිවි නසන්නේ කියල .පවුල් වල ප්‍රශ්න තිබුනත් පාසලේදී ලැබෙන්න ඕන නින්දා අපහාස නෙවෙයි මේ ආදිශිෂ්‍ය කියන කෙනා කියන විදියේ දේවලුත් වෙනවා .එත් මේ සිද්ධිය සිද්ධිමලවකින් එකක් විතරයි (දී)
ආදී ශිෂ්‍යයෙක් කියලා කමෙන්ට් එකක් දාපු කෙනාගෙන් මේ අහන්නෙ. ඒ කාලෙත් ඔය විදුහලේ රහස් කලුවර කාමරයක් තිබුණද විදුහල්පතිගේ කාර්යාලය තුල ? (දී)
ළමාරක්ෂක අධිකාරියෙන් මුලින්ම අත් අඩංගුවට ගන්න ඕනෑ නඩු පවරන්න ඕනෑ මේ ළමයාගේ දෙමවුපියන්ට.මේ ළමයාගේ නර්තනයක් තියෙනවා රුපවාහිනී නාලිකාවක එස් එම් එස් ගායකයෙකුගේ සිංදුවකට.ඒක දැක්කම පුදුම හිතෙනවා මේ විදියට නර්තනවල යෙදෙන්න පාසල් යන ළමයෙකුට ඉඩක් ලැබුනේ අවසරයක් ලැබුනේ කොහොමද කියලා.අධිවේගී ගමනක අවසානයත් අධිවේගී තමයි.පාසලක විනයක් තිබිය යුතුයි.පාසල් සිසුන් ළඟ විනයක් තිබිය යුතුයි.මේ විදුහල්පතිට බනින කට්ටිය තමන්ගේ දුවට පුතාට ලැප්ටොප් අරන් දීලා අන්තර්ජාලය රිසිසේ පාවිච්චි කරන්න දීලා, එස් එම එස් ගායකයන්ගේ සින්දු වලට නටන්න යවන්න.එතකොට ළමයා අධිවේගී ගමනක් යයි. අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මේ අදහස් දැක්කම සතුටු වෙන්න තියෙන එකම දේ අපේ රටේ හොඳ ආකල්ප ගති පැවතුම් තියෙන මිනිස්සු ඉන්නවා කියන එකයි. මතවාද විවිද වෙන්න පුළුවන් , ඒත් ඒවා මේ විදියට පළකරමින් සාකච්ඡා වෙන එක හොඳ දෙයක්. තව කෙනෙක් වෙනුවෙන් කාලය ගන්න එක කොයිතරම් හොදයිද. අදහස් එකතු වුනාම වටිනා ප්‍රතිපලයක් ලැබෙනවා ලංකාදීපයට ස්තුතියි.(නදී)
කුමාරි,සෞදි අරාබියට ගිහින් ජීවත් වෙන්න. (නි)
මම පාසල් යන කාලයේ අපේ ගුරුවරු අපිට බැනපු විදියට අපි 100 සැරයක් දිවිනසාගෙන. අද කවුරු මොනවා කිවුවත් ගණන් නොගෙන හැමදේටම මුහුණ දෙන්න ශක්තියක් තිබෙනවා (නි)
මම දන්නා නිළියක් ඉන්නවා. ඇය පාසල් කාලයේ පොඩි චරිතයක රඟපෑවා කියා ඇයව කොන්වට් එකන් අස්කළා. එයා වෙන පාසලකට ගියා. දැන් හොඳ විවාහ ජිවිතයක් ගතකරන ඉතා ප්‍රසිද්ධ කෙනෙක්. එයාගේ මව එයාට හැම දෙයටම උදව් කළා. (නි)
බන්දුල මහත්තයෝ බීරි අලින්ට වීණා ගැයුවට ඇහෙන්නෙ නැහැ. ළමය මරුණ නිසා ඒ අය හිතන්නේ විදුහල්පති තමා වැරදි කියල. අඩුම ගානේ ළමය ලියපු ලිවුමවත් එයාල බලල නැහැ. මට පේන විදියට අම්ම කෙනෙක් තමන්ගේ කුසින් වදාපු දරුවා එක්ක කතා නොකර අත් හැරලා දැම්මම [වයස 14,15] ඒ ළමය කොච්චර අනාරක්ෂිතද? විදුහල්පතිගේ කරුමෙට මෙහෙම වුණා. මැරුණ ළමයට අපහාස කරන්න මම කැමති නැහැ. (ස)
විදුහල්පතිතුමා නිර්දෝෂී භාවය ඔප්පු කරන්න හදන විදිහ නම් මරු.. බ්‍රිගේඩියර් පට්ටම් වෙනුවට, ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට ළමා මනෝ වෛද්‍ය විද්‍යාව ගැන ඉගැන්නුවනම් මේ වගේ දේවල් වලක්වගන්න තිබ්බා. (ස)
ඔය ළමයා කරපු වැරදිවලට වඩා ලොකු වැරදි අපි පාසල් යන කාලේ කරලා තියනවා. හැබැයි ඔය වගේ විදුහල්පතිවරු හැසිරුනේ නෑ.. පහුවදාම දෙමාපියන් පාසලට කැඳවනවා. ඊට පසුව තමයි දඩුවම තීරණය වෙන්නේ.... හැබැයි ඔය පාඩම් වැඩ නොකර ගියාම නම් පන්තියෙදී දඩුවම් දෙනවා...ඔය වගේ දඩුවම් හමුදාවේ තමයි දෙන්නේ.. (ස)
බන්දුල පෙරේරා මහත්තයෝ, ළමා රක්ෂක අධිකාරියෙන් කටයුතු කිරීමට නම් හිංසනයකට පත් ළමයෙක් සිටිය යුතුය. දැන් එහෙම ළමයෙක් නැත. ඔබතුමා හරියටම කතාව දන්නවද? විදුහල්පතිතුමා දරුවට අවවාද කරන කොට ඔබතුමා එතන හිටියද? වාර්තා වන හැටියට විදුහල්පතිතුමා පරුෂ වචනයෙන් එම දරුවාට බැන වැදී ඇත. මෙය සත්‍ය නම් එවැනි ආකාරයට ඔබේ දරුවකුට විදුහල්පතිවරයෙක් අමතන කොට ඔබ කැමතිද? කෙසේ නමුත් දැන් අධිකරණයෙන් විදුහල්පතිවරයා රිමාන්ඩ් බන්ධනාගාර කර ඇත. (ස)
හරි හරි සත්‍යපාල මහත්තයෝ,ඔයා හරි.ඔයාගේ දරුවන්ටත් ලැප්ටොප් එකක් අරන් දීලා පැය 24 අන්තර්ජාල පහසුකම් අරන් දෙන්න.මුහුණු පොතත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න.ඕනෑ දෙයක් කරගන්න දීලා අහක බලාගෙන ඉන්න.ගුරුවරයෙක් මොනවා හරි අවවාදයක් කළොත් පොලිසි යන්න. නැත්නම් දෙකේ දෙකේ පොල්ලක් අරන් පාසලට යන්න. ගිහින් ළමයාගේ මානව හිමිකම් රකින්න.වැඩි දවසක් යන්නේ නැතුව ළමයා අනිවාර්යයෙන් ඉහළම තැනකට යයි.එතනට තමයි වෙනුෂත් ගියේ.අපි දෙන්න ඕකට මරාගෙන වැඩක් නැහැ. (නි)
සියලු දෙනාගේම අදහස් හරි වැදගත්. නඩුවේදී ඔයාලාව ගෙන්වන්නත් පුළුවන්. හැබැයි රණ්ඩු වුණොත් ගුටි හොඳේ (නි)
කුමාරි,මව පියා නැති දරුවට , හරි විදුහල්පති කෙනෙකුට නම් ඒ දෙන්නම වෙන්න පුළුවන්. (නි)
වරදක් කළ විට දරුවකුට දඬුවම් කළ යුතුය. නමුත්, දඬුවම් කළ යුතු ආකාරයක් ඇත. මේ පිළිබඳව අධිකරණයේ නඩුවක් තිබෙන බැවින් හරියටම සිදුවුනේ කුමක්දැයි අනාවරණය වෙතැයි බලාපොරොත්තු වෙමි. කිසිම චූදිතයකුට පැමිණිල්ලේ සාක්කිකරුවන්ට තර්ජනය කිරීමේ අයිතියක් නැත. මෙම කැත පුරුද්ද ඇති කළේ රටේ දේශපාලන මහත්වරුන් සහ ඔවුන්ගේ මැරයන් විසිනි. මුල සිටම රටේ නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක කළා නම් මෙවැනි ප්‍රශ්න පැන නඟින්නේ නැත. (නි)
කට නිසා ජීවිතයක් නැතිවුණා. දැන් ඊළඟට කට නිසා තමාවම නැතිකර ගන්නවා. (නි)
මෙතන කට්ටියක් සිද්ධිය පටලවාගෙන ඉන්නේ. ළමයි කියන්නේ වැරදි කරන අය තමයි. අපි පොඩි කාලේ සමරු පොත් තිබුනා. සමරු පොත් වල හොඳ සමරු සටහන් වගේම නරක සටහනුත් සඳහන් වුණා. මගේ සමරු පොතේ එවැනි නරක සටහනක් යමෙක් කර තිබෙනු දුටු මගේ ගුරුතුමා එතන තිබුන අනිත් පිටුවේම එය වැරදි බව පෙනෙන්න හොඳ යහපත් සටහනක් තියා මට කරුණාවෙන් අවවාද කළා. මට එවැනි සටහන් වෙනත් කෙනෙකුගේ සමරු පොත් වල නොයොදන්න කියලා. එතුමා අද නැතත් මම එතුමට සිතින් වඳිනවා, මට අනිත් අය ඉදිරියේ අපහාස කළේ නැහැ. දැන් ඒ වෙනුවට මුහුණු පොත් අන්තර්ජාලය තිබෙනවා. හොඳ දේ වගේ නරක දේවලුත් තිබෙනවා. මෙහිදී මේ දරුවාගේ මුහුණු පොත් අඩවියේ පිරිමි ළමයෙක් දාපු ඡායාරූපයක් දැකලා නේද කැත වචන කියලා මේ දරුවට අපහාස කරලා තියෙන්නේ. දරුවාගේ ජීවිතේ නැති වුණාට පස්සේ ඒ දරුවා විත්තිකාරයා කරන්න එපා. ඉදිරියටත් ළමයි වැරදි කරනවා. අවවාද කරන විදිය තමයි බලපාන්නේ. හොඳින් කියලා ඇහුවේ නැත්නම් දෙමව්පියන් ගෙන්වා අවවාද කරන්න තිබුනා. දැන් මොහුට ළමයට කෘරත්වයෙන් සැළකූ චෝදනාව තමයි තියෙන්නේ. ඉතින් ඒ චෝදනාව වැරදියි කියලා කාටවත් කියන්න පුලුවන්ද. (නි)
කෙනෙක්ව මානසිකව වට්ටල දාන එක තරම් තුච්ච දෙයක් තවත් තියෙනවද? (නදී)
මැක්ස්, ඔයා ඔක්කොම ටික දැකලා වගේනේ අදහස් දාලා තියෙන්නේ. මිනිහෙක්ව එල්ලන්න එයා මිනී මැරුමක් වගේ දරුණු අපරාධයක් කරන්න ඕනෑ. (නි)
මේ යන ක්‍රමේ මේ විදියට ගියොත් තව ටික දවසකින් ගුරුවරු විදුහල්පතිවරු ඔක්කොම අර වෙලක ඉන්දල තියෙන පඹයන්ටත් අන්ත වෙනවා.දරුවෙකුට දඩුවමක් දෙන්න බැරි නම්, දරුවෙකුට සැරවර කරන්න බැරි නම්, එහෙම කළාම දෙමව්පියෝ පොලිසි යනවා නම්, ළමයි බෙල්ලේ වැල දාගන්නවා නම්, බෙල්ලේ වැල දා ගත්තම ගුරුවරයාට මිනීමැරුම් චෝදනා එනවා නම් තව ටික දවසකින් මේ ෆේස් බුක් පරම්පරාව ගුරුවරුන්ව දනගස්සල වේවැල් කසාය දෙවි අර දෙකේ දෙකේ පොල්ලකින් විදුහල්පතිතුමාට එකෙක් පත බැව වගේ....කුමාරි නංගී.. ඔයා කියන දේම තමයි මටත් කියන්න තියෙන්නේ... (ස)
මොහුව නඩුව අවසන් වනතුරු හිරේ තියන්න ඕනේ. සමාවක් දීමට සුදුසු පද්ගලයකු නොවේ. (ස)
කුමාරි, ඔයාව කවුරු හරි දැඩි අපහසුතාවයකට ලක් කරලා ඔයා සියදිවි හානි කර ගත්තොත්, වරදකරුවා ඔයාගේ දෙමාපියන් ද ? (ස)
බන්දුල මත්තයාගේ මල්ල දැන් පරණ වෙලා වගේ අප්පා. මහත්තයෝ අලුත් මල්ලක් අරගත්තොත් මොකද??? (ස)
විදුහල්පති කෙනෙක් තීරණ ගන්න ඕන විදිය මේකද? ළමුන්ට දොස් පවරන විදිය දඬුවම් කරන විදිය මේකද? පාසල් ළමුන් මීට පෙරත් දිවි නසා ගත්තා.ඒත් විදුහල්පතිවරු ක්‍රියා කරන අන්දම වෙනස් වෙලා නැහැ. කවුද වෙනස් විය යුත්තේ. (ස)
ඔක්කොම හොරු. (ස)
මේ ප්‍රශ්නයෙන් විදුහල්පතිලාටත් දෙමව්පියන්ටත් ඉගෙන ගතහැකි දේවල් බොහොමයක් තිබුනා. නමුත් අපේ ලාංකිකයෝ බොහෝදෙනා කවදාවත් පාඩම් ඉගෙන ගන්න උදවිය නෙමෙයි. ආවේගශීලී හා හිතුවක්කාර විදිහට තමයි ළමයි ගැන තීරණ ගන්නේ. අපි කවදා හැදෙයිද?(නදී)
ඔහුගේ අදුරදර්ශී ගති සහිතව දැඩි මානසික පීඩනයක් ඇතිවන ආකාරයට තම දියණියකට හා සමාන ශිෂ්‍යාවකට දිවි නසා ගන්න තරමට ඔහුගේ වාග් ප්‍රහාර සහ දෝෂාරෝපනය දරුණු වී ඇතැයි මට හැඟේ. මට මතකයි එදා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කලා ඔහුගේ හෙන්චයියලා හමුවේ උසාවියෙන් මේගැන විභාග කරලා තීන්දුවක් දෙනකන් ඉමු කියලා. සුපුරුදු විදියට ඉස්කෝලේ ක්‍රීඩා උත්සවය පැවත්වෙනවයි කියලා. එහෙමනම් මොන කෙහෙල්මකටද සාක්ෂිකරුවන්ට තර්ජනය කරන්ට යන්නේ. මොහුව පළමුව මනෝ වෛද්‍ය වරයෙකු වෙත යොමු කල යුතුයි, නැතිනම් පාසල් දරුවන් පමණක් නොවෙයි ගුරුවර/ගුරුවරියන් පවා දිවිනසා ගනීවි.(නදී)
දැරිය මරුනා කියලා විදුහල්පති මොනා කරන්නද? ඒකට කාටවත් දොස් කියලා වැඩක් නැහැ. මැරුන කෙනාට ඕන නඩු දමන්න සියදිවි හානි කරගැනීම සම්බන්දව. (නදී)
කවුද කියන්නේ සාක්ෂිකරුවන්ට තර්ජනය කරන්න කතා කරා කියලා ?සැප සනීප කොහොමද ? අවුරුදු කොහොමද? ජයද ? කියලා අහන්නයි කතා කරලා තියෙන්නේ. (ස)
කුමාරි විදුහල්පතිගේ හිතවතෙක් වගේ. (ස)
අද වෙනතුරු මේ පාසලට විදුහල්පති කෙනෙක් නෑ. සිසුන් 5000 විතර ඉන්න පාසලේ අනාගතය කොයිබටද ? ? (ස)
විදුහලක් කියන්නේ හමුදා කඳවුරක් නොවේ. මල් කැකුළු වලට දයාව දක්වන නායකයන් විදුහල්පති විය යුතුය. මෑත යුගයේ හමුදා තරු පැළඳ පාසල්වලට සම්බන්ධ කළ ගුරුවරු ....තව කාලයකින් ළමයින් විසින් ඔවුන්ව පාලනය කරවී (ස)
දැන් නම් මටත් හිතෙනවා විදුහල්පති මේකට සම්බන්ධ ඇති කියලා. (ස)
කුමාරිට දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි. (ස)
මේ විදුහල්පති වැරැද්දක් කළාද කියලා අපි හරියට දන්නෙ නැහැ. එහෙත් මම නම් ඇඟිල්ල දික් කරන්නේ මේ වෙනුෂාගේ භාරකරුවන්ටයි. කාට විරුද්ධව නඩු කිවුවත් එයාලා දන්නවා දරුවා නැති වුණේ කාගේ වරදින්ද කියලා.ඒ හෘද ශාක්ෂියෙන් මැරෙනතුරු ගැලවීමක් නැහැ.තව ලියන්න දේවල් තිබුණත් ඒවා නොලියා නවතිමි. (නි)
ඔහු මේ විදියට හැසිරෙනවා යැයි කියන්නේ දැරියගේ මරණයට ඔහුගේ සම්බන්ධයක් ඇති නිසාද? (නි)
ළමා මානසිකත්වය ගැන ඉගෙනගෙන තිබෙන විදුහල්පති කෙනෙක් නම් දෙමව්පියන් ඉදිරියේදී ඔවූන්ගේ දරුවන්ට සත්තුන්ගේ නම් කියා බනින්නෙ නැහැ. ළමයි ඉදිරියේ දෙමවුපියන්ට නොගැළපෙන වචන පාවිචිචි කරන්නෙත් නැහැ මේවා අතීතයේදී සිදුවුණ දේවල්. හැබැයි ඔහුට විරුද්ධව කවුරුවත් කතා කරන්න බය වෙලා හිටියේ. (නි)
ඇත්තෙන්ම විදුහල්පතිතුමාගේ වැරැද්දක් ඇද්ද? (නි)
මේක දේශපාලන ප්‍රශ්නයක් කියන්නේ කවුද? මමත් ඔය පාසලේ හෝඩියේ ඉඳලා උ.පෙළ අවසන් වෙනතුරු අකුරු කළේ. මීට වඩා සැර විදුහල්පතිවරු ගුරුවරුන් අපේ පාසලේ හිටියා. මගේ යහළුවෙක් එක ගුරුවරයෙක්ගෙන් සිසුන් දෙනෝදාහක් ඉන්න රැස්වීමකදී ගුටි කෑවා. ඒත් එයා තමන්ගේ වැරැද්ද හදාගෙන එම ගුරුවරයාගේ හොදම ශිෂ්‍යා බවට පත්වෙලා ඉගෙනීමත් ඉහළින්ම කරලා අද ඉංජිනේරුවෙක් වෙලා ඉන්නවා පිටරටක. ළමුන්ට ගුරුවරුන්ගෙන් බැනුමක් අහන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා නම් මේ සමාජ ක්‍රමයේ වැරැද්දක් තියෙනවා කියලයි මට හිතෙන්නේ. (නි)
සත්‍යපාල. මේ තුන්දෙනා එයාගේ යාලුවොද කොහෙද? (නි)
කුමාරි ,ඔයා මේගැන යමක් දන්නවා වගේ තේරෙන්නේ .අපේ හිතේ විදුහල්පති කෙරේ තද වෛරයක් තිබෙනවා. ඒක නැතිකරන්න ඔයාට පුලුවන්නම් මේවට උත්තර දෙන්න. 1) ළමයිට ප්‍රසිද්දියේ බැනල දඩුවම්කරට එක හරිද? 2) පාසලේ කරුවල කාමරේ ඇදක් තිබුනද? එකට ළමයි දානවද? විදුහල්පති එක නොදන්නවාද? 3) විදුහල්පතිට කැප්ටන් උෂ්ණය ඇත්තටම නැද්ද.? 4) විදුහල්පතිලට සතිපතා රැස්වීම් තියල කියන්නේ මෙයාලට කිසිම විනයක් නැති නිසාද?(එක්කෙනෙක් කරනදේට හාත් පසින්ම වෙනත්දෙයක් අනෙක කරනවා) 5) මෙය දෙමාපියන් කීපාරක් දැනූවත්කලද? 6) මානසික උපදෙශිකාවගේ සටහන දැම්මේ මැරුණට පස්සෙද? (දී)
මේ වතාවෙනම් බඩුත් එක්ක හොරු අහුවෙලා වගේ (දී)
කුමාරි, බන්දුල දෙදෙොටම නොතේරෙන දේ තමයි කාලය අනුව දේවල් වෙනස්වන බව. ළමයින්ගේ පෞරුෂත්වයට හානි කරන්නේ නැතුව කරුණු පහදා දීම තමයි වැදගත් වෙන්නේ. ම්ලේච්ඡ දඩුවම් දීමේ ක්‍රමය දැන් යල් පැන ගිහිල්ලා. (නි)
බන්දුල පෙරේරා, ඔබ කියන විදිහට ගුරුවරු, විදුහල්පතිවරු, රාජ්‍ය නිලධාරීන් වැරදි කළොත් අදාල අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් ඔවුන්ට වේවැලකින් ගහලා කාර්යාලය ඉස්සරහා දණ ගස්සලා තියනවාද ඔවුන්ගේ වැරදි හදන්න කියලා? එහෙම නොකළොත් ඒ ඉහළ නිලධාරීන් පඹයෝද? එහෙමද? එහෙම දඬුවම් විඳින පහළ නිලධාරීන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්න එකත් වැරදිද? (නි)
කුමාරිලා,බන්දුල පෙරේරලා වගේ අය ඉන්න තාක්කල් මේ රටට හරියන්නේ නැහැ.බන්දුලට තමන් ඉන්න දේශපාලන පක්ෂයේ අය තමන්ගේ කාට මොනවා කරලා ගියත් පක්ෂය නිසා හරි.විපක්ෂයේ කෙනෙක්ගේ දරුවෙක් බුදු වුණත් එයා දේවදත්ත.කුමාරිලා වගේ අය අර දරුවාගේ ලස්සනට ඊර්ෂ්‍යා නිසා දරුවට අපහාස කරනවා.බොහෝ විට තමන් විරූපී නිසා හෝ පෞරුෂයක් නැති නිසා අර ළමයාගේ පෞරුෂය ගැන ඊර්ෂ්‍යාවෙන් ඉන්නවා.කුමාරි කණ්ණාඩියක් ඉදිරියට ගිහින් අහලා බලන්න තමන් අවංකද කියලා තමන්ගෙන්ම. ඉන්පසු මෙයට පිළිතුරු ලියන්න. (නි)
දැන් එයත් බන්ධනාගාර රෝහලේ නවතීද දන්නෙ නැහැ නේද? දන්නේ නැති නිසයි අහන්නේ (නි)
කුමාරි, ඔයා ඔය කියන හේතු (ප්‍රශ්න) දරුවට තියෙන නිසාම තමා ගුරුවරු, විදුහල්පති බොහෝම ප්‍රවේසමෙන් වැඩ කළ යුතුව තිබුණේ. ළමා මානසිකත්වය ගැන ඉගෙන ගෙන තියෙන විදුහල්පති වැන්නන් මේ සිදුවීමේ දී හැසිරී ඇති ආකාරය වැරදියි. (ස)
අනේ කුමාරි, ඔයා පාසල් ගියේ කෝපි කාලේ. ඒ කාලේ මුහුණු පොත තිබුනද ඉන්ටර්නෙට් තිබුනද? (ස)
පාසල් දරුවන්ට අවශ්‍ය තම දෙමව්පියන් වැනිම වූ ගුරු මෑණිවරුන් හා පියවරුන්. එහෙම නැතිව හමුදා පාලකයන් නොවේ. මේ විදුහල්පතිවරයා සැබෑ ගුරු පියෙකු ලෙස කටයුතු කර නැති බැවි පෙනෙන්නේ. ඔහු සාක්ෂිකරුවන්ට තර්ජනය කර ඇත්තේ එක්තරා ලොක්කෙකුගේ රැකවරණය ලැබෙන නිසා කියා වාර්තා වෙනවා. (ස)
විදුහල්පති තුමාට තිබ්බා පළමුව දෙමාපියෝ දැනුවත් කරන්න.පාසලකට හමුදා නිතිය හරියන්නේ නෑ. අම්මලටත් තිබ්බා දුව ගැන හොයල බලන්න. අපි කාටත් මේවා හොඳ පාඩම්. (ස)
වෙනූෂගේ ගෙදර අය පාසලට ගියාම එළව ගත්තා කියල තිබුණා මතක නේ. (ස)
කුමාරි ඔයා නම් මාරයි අනේ .. ඔය කන්නේ බත්ද දන්නේ නැහැ නේද? (ස)
තුෂාර,සෙයිලනිකස්, මම කියන දේ ඔයාලට නොතේරෙන්නේ මට පැහැදිලිව මේ පිටුවේ අදහස් දැමිය හැකි සීමාවක් තියන නිසා.අඩුම මේ දරුවට විදුහල්පති අමානුෂිකව බැන්නම කියමු.ඒක කියන්න ඒ වෙලාවේ දරුවට අම්ම කෙනෙක් හිටියේ නැහැ. මේ දැන් නඩු කියන අම්මා මල ගෙදර වෙලාවේ හැසිරුණ විදිය හැකියාවක් තියේ නම් තෝරයායට ගිහින් හොයලා බලන්න.අපේ දරුවන්ගේ දුක දුර උන්නත් අපි බෙදා ගන්නවා.මගේ දරුවා කවදාවත් ඔය තකතීරු වැඩේ කරන්නෙ නැහැ.එයා හොඳට සමාජෙ ගැන දැනුවත්.අපි ඉස්කෝලේ ගිය කාලේ අපේ ගුරුවරු දඬුවම් දුන්නෙ නැද්ද? ගැහැණු දරුවෙක්ට අම්මෙක්, යෙහෙලියක්, සොයුරියක් වීම අම්ම කෙනෙකුගේ වගකීමක්.ඒක හරියට වුණා නම් අදත් වෙනුෂ ඉන්නවා. (ස)