IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


කොරෝනා සමග දරුවන්ට වැළඳෙන අලුත් ලෙඩක්

(සුජිත් හේවාජුලිගේ )

බහු ඉන්ද්‍රීය ආසාදනය යනුවෙන් හැඳින්වෙන රෝගය වැළඳුණු දරුවන් 34 දෙනකු  මෙරටින්  වාර්තාවී ඇතැයි  කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ  ළමා රෝග පිළිබඳ  විශේෂඥ වෛද්‍ය නලීන්. සී. කිතුල්වත්ත මහතා පවසයි .

මේ රෝගය පැතිරෙන්නේ  කොරෝනා  වැළඳුණු දරුවන් අතරේ යැයිද  හෙතෙම සඳහන් කළේය.

මින්  දරුවන් 21 දෙනෙකුට  රිජ්වේ රෝහලෙන්  ප්‍රතිකාර ලබාදී ඇති බවත් දරුවන් පස් දෙනකු  රෝහලේ දැඩි  සත්කාර ඒකකයේ දැනට ප්‍රතිකාර ලබන බවත් ඔහු කීවේය .

මෙයට අමතරව  ගාල්ල කරාපිටිය රෝහලෙන් දරුවන් හයදෙනෙකුද මහනුවර රෝහලින් දරුවන් සිවු දෙනකුද  වාර්තා වී ඇතැයි කී කිතුල්වත්ත මහතා යාපනය ,දියතලාව කුරුණෑගල සහ බදුල්ල යන රෝහල්වලින්ද දරුවන් වාර්තා වී තිබෙන බව පැවසුවේය .

මෙම රෝගය කොරෝනා  රෝගයට සම්බන්ධ එකක් බවත් කොරෝනා රෝගය වැළඳී සති දෙකක් හයත් අතර කාලයකදී මේ රෝගය ඇතිවිය හැකි බවත් ඔහු සඳහන් කළේය .

මෙම රෝගය  ලෝකයේ  අලුතින් ඇතිවූ එකකැයිද  කිතුල්වත්ත මහතා පැවසුවේය .

බඩේ කැක්කුම ,සමේ දද, පාචනය සහ ඇස් රතු වීම  බහු ඉන්ද්‍රිය ආසාදනයේ ප්‍රධාන ලක්ෂණ බවත්  පවතින තත්වය යටතේ මවුපියන් මේ රෝගය ගැන දැඩි සැලකිල්ලෙන් පසුවීම වැදගත් බවත් නලින් කිතුල්වත්ත මහතා අවධාරණය කළේය .



 

 



අදහස් (1)

කොරෝනා සමග දරුවන්ට වැළඳෙන අලුත් ලෙඩක්

Sri Lanka Saturday, 17 July 2021 04:05 PM

හැම දේකටම කොරෝනා සම්බන්ධ කරන්න එපා. ඔය ලෙඩේ ඉස්සර ඉඳලා තිබුණා. හෙම්බිරිස්සාවට කොරෝනා කියනවා වගේ...

:       5       144

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආනයන සුදු සීනි බද්ද දීර්ඝ කරයි
2024 නොවැම්බර් මස 05 65 0

ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් තරුණිය මරුට
2024 නොවැම්බර් මස 05 910 0

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි


කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා
2024 නොවැම්බර් මස 05 481 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ


ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 480 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එයි
2024 නොවැම්බර් මස 05 634 0

විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .


ශාන්ත තෝමස් ‘ෆියුචර් X‘ ප්‍රදර්ශනයට දින වෙන් කරයි
2024 නොවැම්බර් මස 05 115 0

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 404 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1308 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site