ක්‍රමෝපාය සංවර්ධන පනතේ දෙවැනි තෙවැනි අති විශේෂ ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේදී අද සම්මත විය.
දෙවැනි ගැසට් පත්‍රය සඳහා පක්ෂව ඡන්ද 112 හා විපක්ෂව ඡන්ද 44 ලැබිණි.තෙවැනි ගැසට් පත්‍රයට පක්ෂව ඡන්ද 109 ක් ද විපක්ෂව ඡන්ද 44 ක් ද ලැබිණි. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය විපක්ෂව ඡන්දය දුන්හ.
රජයේ පාර්ශව කරුවන් වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය,විමල් වීරවංශ ඇමැතිගේ ජාතික නිදහස් පෙරමුණ ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටියේය.
රජයේ පාර්ශව කරුවකු වන ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි හා චමිපික රණවක ඇමැතිවරයා ඊට විරුද්ධව ඡන්දය දුන්හ.
පාඨලී චම්පික ඇමැතිවරයා පුවත්පත් සාකච්ඡාවකදී පැවසුයේ කැසිනෝ හා සූදූ යළි නොපවත්වන බවට සහතිකයක් නැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ II වැනි පරිචේදය ට අනුව " රජය බුධාගම ආරක්ෂා කිරීමටත්, පෝෂණය කරන්නා සේම අනෙකුත් ආගම්වල අයිතිය ආරක්ෂා කිරීමටත්" බැදී සිටින බව සදහන්ය. මේ පනත් තුනට අත එසවූ මන්ත්‍රී සහ ඇමත්තන්ලා සුදුපිරුවට හැඳගෙන බඩුත්, සොරුත් සමග හෙළුවෙන් රගන්නා වූ මේ බහු රූ කෝලම් ඡන්ද දායකයාට නම් වහකදුරු නොවන්නේද?(අ)
සාත්ත්රෙන් හරි සුත්තරෙන් හරි අනාගත පරපුර විනාස වෙනවා.(නදී)
පාටලී චම්පික රණවක ඇමති තුමනි අපගේ ප්‍රණාමය. (අ)
සල්ලිකාර සුද්දෙක් මෙහෙ ඇවිත් කැසිනෝ ගහන එක රටම ලොකුවට කට කරනවා. පාසල් ළමුන් මත්කුඩු වලට ඇබ්බැහිවෙන වෙන එක ගැන කවුරුත් කට වහගෙන ඉන්නවා. මේවා නවත්වන්න ඕන පාසෙලෙන්. (අ)
මට හිත ගන්න බැරි, අහිංසක දුප්පත් මිනිහ හුරගෙන කන සුරන ලොතරයියටයි රේස් බුකි වලටයි නැති විරෝධයක් මේකට විතරක් ඇයි කියලයි. මොකද කැසිනෝ වලින් විනාශ වෙන්නේ කෝටිපතියෝ කීප දෙනෙක්. ඒ කීපදෙනා බේරාගන්නද මේ ලොකු සද්දේ? (අ)
මේ විරෝධතා ඇත්තටම විකාරයක් .මේ සුපිරි හෝටල්වල කැසිනෝ ගහන්න ගමේ ගොඩේ තියා ඉහලම සමාජයේ කෙනෙකුටත් පහසු වෙන්නේ නැහැ.මේ හෝටල් ආශ්‍රිතව ගණිකා ව්‍යාපාර ඇති උනත් මොන දුරාචාර ඇති උනත් ඒවා සාමාන්‍ය මිනිස්සුන්ට අදාල නැහැ.සංචාරක ව්‍යාපාරයේ දියුණුවට සංචාරකයන් අද්දව ගන්න මෙවැනි වැඩපිළිවෙලවල් යම් සිමාවන් සහිතව ක්‍රියාත්මක විය යුතුයි.මේවට විරුද්ද වෙන කට්ටිය මේ කරන්නේ ටෙලි නාට්‍ය රග පෑමක් පමණයි.මේ රටේ ඉන්න ලොකුම සුදු කාරයෝ දෙන්න ජාතික ලොතරැයි මණ්ඩලයත් සංවර්දන ලොතරැයි මණ්ඩලයත් යන දෙක..එදා වේල හොයා ගන්න එකාගේ තුට්ටු දෙක හුරා ගෙන එකෙකුව කොටිපහියෙක් කරනවා.සාමාන්‍ය දවසේ අදායම 200ක් ගන්න එකා 100ක් වියදම් කරන්නේ ලොතරැයි ගන්න.මුලින්ම නතර කරවිය යුත්තේ සාමාන්‍ය මිනිස්සුන්ගේ සාක්කු හිස් කරන සාමාන්‍ය මිනිහට අදාල මේ මේ ලොතරැයි සුදුව.තෑගි මුදල් වැඩි කර කර මිනිස්සුන්ගේ පෙරේත කමත් කෑදර කමත් වැඩි කර කර මිනිස්සුන්ගේ සාක්කු වලට බහින ලොතරැයි මණ්ඩල වලට විරුද්දව පාරට බැසිය යුතු කාලයක් මේ එලබිලා තියෙන්නේ.කැසිනෝ අපිට අදාල නැත. ඒවා අදාළ සුපිරි පැලැන්තියට පමණි.(අ)
එජාපයයි ජවිපෙයි හැම දෙයටම විරුද්ධ වෙන නිසා ඒගොල්ලන්ගේ විදෝධතා වලට වටිනාකමක් නැහැ. බලන්න අධිවේගී මර්ගෙට බැන්නට ඒගොල්ලෝ එකේ යන්නේ නැද්ද කියල. එකපාරක් ඒ බැනපු මන්ත්‍රී කෙනෙක් හයි ස්පීඩ් ගිහිල්ල අල්ලලත් තිබුණා !! (අ)
"මේ හෝටල් ආශ්‍රිතව ගණිකා ව්‍යාපාර ඇති උනත් මොන දුරාචාර ඇති උනත් ඒවා සාමාන්‍ය මිනිස්සුන්ට අදාල නැහැ",ගණිකාවන් පිට රටින් ගෙන්වනවා නම්. හැබැයි ඉතින් එක වෙයිද කියලා හිතන්න අමාරුයි. (අ)
බන්දුල පෙරේරාගේ අදහස හරියට හරි. කැසිනෝ ගණිකා පැත්තකට දාන්න. අඩුම තරමේ රෑ කෑමකට යන්නේ කීයෙන් කීදෙනාද. (අ)
ගජේන්ද්‍ර ඔබේ අදහස හරියට හරි . මේකට කිසිම සාදරනීකරණයක් ඕනේ නැහැ. බුදුන් වහන්සේ සියල්ල සැක හැර දන ගත් උත්තමයෙක් . උන් වහන්සේ පැහැදිලිව දේශනා කොට වදාරලා තියනවා දුරාවේ අදීනව. මේක බෞද්ද අය බහුතරයකගේ රටක් . හැබැයි මේ රටට ආදරය කරන හොද සිංහල බෞද්ද පිරිස් තාමත් මේ රටේ ඉන්නවා. (අ)
බන්දුල, මොන ලොතරයියට විරුද්ද උනත් සංවර්දන ලොතරයියට නම් විරුද්ද වෙන්න එපා ..ඒ මොකද එකෙන් තමයි ජනාදිපති අරමුදල පවත්තගෙන යන්නේ...ඔහෙට මේ කපේදී ලංකාවට යන්න හම්බවෙන එකක් නැහැ.(නදී)
බන්දුල නිකම් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක වගේ නේ බඩින් හිතන එක නවත්තල ඔලුවෙන් හිතන්න කියන්නේ මොනවද කියල. ඕනෑම ම්නිහෙකුට හදෘ සාක්ෂියක් කියල එකක් තියෙනවා. (අ)
ආණ්ඩුව කරන ඕන වැඩක් බන්දුලට හරි වැඩේ හොදටම අප්සෙට් නම් ජනාදිපති තුමාගේ අවදානය යොමු වේවා කියල දානවා මේ ඔක්කම පිළිගන්න තරම් අපි මෝඩයි කියල හිතනවා නම් ඔයාට ලොකු වැරදීමක් වෙලා තියෙන්නේ. වැරැද්ද නම් මොකා කලත් වැරදි මේවා මේ ආත්මෙදි නැත්නම් ලබන ආත්මෙදි හරි පලදෙනව (අ)
අපි මෙරටට ආදරෙයි අපි සමාජයේ වැරදි දේට වැරදි කියන්නත් හරි නම් හරි කියන්නත් ඕන එහෙම නැත්නම් අපේ දරුවෝ මෙරටේ තියන්නේ නැතිව උන්ට ඉන්න පුළුවන් රටක යවන්න ඕන කොහොම උනත් මේ ලොකු සමාජ පරිහානියක පැහැදිලි අර්ම්බයක් (අ)
වාසු,දිනේෂ් කොහොම ඇවිත් ද ඡන්දය දුන්නේ ? ඊලගට ගණිකා පනත් සකස් කරනවලු. (නදී)
ආණ්ඩුව ජනතාවගේ සුභ සිද්ධිය ගැන ගන්නා තිරණ තෙරුම් ගන්න මොලයක් නැති හැටි රටේ ජනතාවට මෙම කලාපයට ගිහින් සූදුව ගණිකා ව්‍යාපාරය වැනි දේවල් වල ආදිනව බලාගන්න පුලුවන් එකම වහලක් යට. මෙය සත්‍යය අවබෝධකරවීමේ ව්‍යාපෘතියක කොටසක් බව ජනතාව වටහා ගත යුතුයි (දී)
ගුණරත්න මහත්තයටවත් මටවත් ඔය හෝටල් දෙකට ගිහින් කැසිනෝ ගහන්නවත් ගණිකාවෝ ඇසුරු කරන්නවත් බැහැ.පෘතග්ජන හිත් වලට ආශාවන් ඇති උනත්. ඒ වුනාට අපි දෙන්නට ඕනනම් ඕනෑතරම් සුදු පොළවල් මේ රටේ තියෙනවා ඔය හෝටල් දෙකට පිටින් සුදු කෙලින්න නීතියෙන් සුදුව තහනම් උනත් ..ඕන තරම් ඇග විකුණන කට්ටිය ඉන්නවා ඔය හෝටල් දෙකෙන් පිට නීතියෙන් ඒ රස්සාව තහනම් උනත්.අපි අපේ දරුවන් ආරක්ෂා කර ගත යුත්තේ ඔය හෝටල් වලින් නෙමෙයි මහත්තයෝ.. ඊට පරිභාහිරව තියෙන අපි ජිවත් වෙන සමාජයෙන්. මේ විලාසිතාවකට විරෝදය දක්වන්නන්ගේ යටි හිත් අවුස්සන්න පුලුවන්නම් අසුචි ගොඩක් ඇවිස්සුවට වඩා ගද ගහන හිත් තමයි ඔය වැඩි ප්‍රතිශතයකට තියෙන්නේ. (දී)
බන්දුල මේක බුරු ගහල කැසිනෝ ගහල හම්බකරන්න කන්න ඕන රටක් නෙවෙයි. ඔය කැසිනෝ පිටිපස්සේ තියන කොමිස් ගනුදෙනු ඔයා දන්නේ නැත්තනම් මේ ගැන කතා නොකර ඉන්න. ඔයාල වගේ අය තමයි කුඩු ගෙනාවත් ස්ත්‍රී දුෂන කලත් ඒවා හොදයි කියන්න සැදී පැහැදී ඉන්න අය. මේ රට සංවර්දනෙට කැසිනෝ නැතිව වෙන මගක් ඇත්තෙම නැද්ද? ඇයි මෙතරම් මහජන විරෝධයක් මැද කැසිනෝ ගේන්නේ ? අපිට ආදරේටද ? ඇයි ආණ්ඩුවේම ඉන්න සමහරු මේකට ව්රුද්ද වෙන්නේ? බඩ කට පුරවා ගන්න හෘද සාක්ෂිය පාවාදෙන්න එපා. ඔයා මොන ආගම ඇදහුවත් බුදුරජාණන් වහන්සේ නබි නායක තුමා ජෙසුස් වහන්සේ යන සියලුම ආගමික නායකයන්ට අනුවත් මේක වැරදි දෙයක්. වැරැද්ද වැරදියි කියන්න බයවෙන්න එපා. ලෝකේ මොන රටක් මේවයින් හම්බ කරන් කැවත් අපිට මේවා එපා. සුදු පිටිත්, ගණිකා මඩම් කුඩු ගේන එක එතනෝල් ගේන එකත් වැරදි තමා ඒත් ඒවත් තියෙන රටේ මේ මොකක්ද කියල සාදාරනිකරන කරන්නේ ඇයි ? (නදී)
බන්දුල මහතයෝ ඔයාට යන්න බැරි ද පුලුවන්ද කියා මම දන්නේ නැහැ. නමුත් මම ඕකට විරුද්ද මට වත් මගේ දරුවන්ටවත් යන්න බැරි නිසා නෙමෙයි. අපි දැනට ලෝකේ ඕන තැනක ටිකක් ආඩම්බරෙන් කියන්නේ අපේ රට තේ නිෂ්පාදනය කරන ලස්සන රටක් කියල. මම කැමති නෑ අපේ රට විදෙසීකයනට කැසිනෝ ගහන්න ගණිකා පහස ලබන්න පුළුවන් රටක් කියල ලෝකේ ප්‍රසිද්ද වෙනවට. කන්න ඕන උනාම කබර ගොයත් තලගොයා කරගෙන කන එක වැරදි නේද මහත්තයෝ . (නදී)
බන්දුල ඔයත් බන්දුල මමත් බන්දුල. බනුදුල නමට අපහස නොකර කඩේ යන එක නවත්වන්න බන්දුල මල්ලියෝ. ඔයා හැමදාම අනා ගන්නවා. (නදී)
පනත සම්මතයි, ඔය විරෝධතාව තව සුමාන දෙකයි, ඡනදයක් කිට්ටුවෙන කොට පක්ෂ විපක්ෂ කවුරුත් ගයන්නෙ ‘‘අමතක කරනෙමු පැරණි කතා, එක්වෙමු හැමගමෙ සුවය පතා‘‘ ගීතයනෙ, ඉතිං මොකට බය වෙන්න ද? දැක්ක නේද බස්නාහිර ඡන්දෙදිත්....(ස)
අනීවාර්යෙන්ම ගණිකා පනතත් ළඟදීම එවි (ස)
රටට යහපතක් වේවා (දී)
බන්දුල පෙරේරා හරි. (දී)
අවසානයේ මොකාක් වෙයිද (දී)
මට නම් තියෙන්නේ වෙන්නේ මොකද්ද කියලා බලන් ඉන්න එක විතරයි (දී)
බන්දුල වගේ බඩ ගැන හිතලා කතාකරන මිනිසුන් නිසා තමා රාවණ රජතුමාත් ඉන්දියාවට යටත් උනේ. මේවගේ මිනිසු ඉන්න නිසා තමයි මේ රටට හෙන ගහලා තියෙන්නේ. රට බල්ලා ට ගියත් බන්දුලගේ බඩ පිරෙනවනම් ඊට වැඩ දෙයක් නැ. (දී)
බන්දුල ගේ අදහස් වලට සමාන අදහස් තියෙන රටේ බහුතරයකගේ හාස්‍යට ලක් වී ඇති රුපවාහිනී චැනල් ලංකාවේ තියෙනවා. (දී)
ජිනීව ඡන්ද වගේ නේද? (නදී).
අතුරලියේ රතන හිමිට හා චමිපික රණවක ඇමැතිවරයාට සැසිවාරය මග නොහැර විරුද්ධව අත ඉස්වීමට කොන්ද පණ තිබීම ගැන ප්‍රණාමය පලකරමු (අ)
ජාතික හෙළ උරුමයට අපේ ආචාරය (අ)
රැව්ලයි කැඳයි දෙකම ඕන අයත් පාර්ලිමේන්තුවේ ඉන්නවා නේද?(දී)
. රටේ අනාගතය ගැන හිතල මේ වගේ පනත් සම්මත කල යුතුය . පොඩි මිනිහ අසරණ කරන ලොතරැයි මණ්ඩලය සහ රේස් බුකි තහනම් කල යුතුයි. (අ)
අනිත් ඔහොමවත් කොන්ද පන ලැබීම ගැන තුති.(අ)
මේ අයට මොනවා වෙයිද (අ)
බුදුරජානන්වානසේ ගමන් මාර්ග දෙකක් පෙන්වාදුන් සේක හොද සහා නරක තමන් කැමති මගයන්න මවුභූමිය තුල මොනදේ තිබුනත් නරකදේට අකමැති මිනිසා එය නොකරයි (අ)
විමල් සහ හකීම් ඇමතිවරුන්ගේ කතාව දෝලාවෙන් ගමන පයින් (අ)
සුදු රෙදි ඇදගෙන පන්සල් යන මන්ත්‍රී වරුන්ට සුරා මේරය ගාථාව අමතක වෙලා ඇති. (දී)
ඉතාම හොද පනතක්. ලංකාවේ සංවර්දනයට රුකුලක් වගේම ලංකාවේ සංවර්දනයේ පැවැත්මට සාදකයක්. කැසිනො කාරයෙක් හෝටලයක් හැදුවට කැසිනෝ කරන්න දෙන අනුබලයක් නොවෙයි මෙය. චන්දය දුන්නේ නැති අය එසේ කරන්න ඇත්තේ පටු අරමුණින් බව පැහැදිලිය. (දී)
කොහොම හරි රටට සෙතක් උනේ (දී)
ඒ කියන්නේ මේ පනත එච්චරම හොද එකක් නෙමෙයි වගේ (දී)
විමල් ඇමැතිතුමාට පාර්ළිමේන්තුවට එන්ට බැරි උන නිසා යාන්තම් පනත ගොඩගියා. මෙතුමා සහභාගී වුණා නම් බලාගන්න තිබුණා. පොඩි හෙම්බිරිස්සාවක් හැදුනානේ වෙලාවලටම !!! (දී)
වි....... ඇමති තුමෝ මේ පනතට විරුද්දව උපවාසයක් කරමුද? උපාසක අම්මලාව දැනුවත් කල යුතුයි (දී).
ක්‍රමෝපාය කිව්වත් ගණිකා වෘත්තීය කිව්වත් ඊට කැසිනෝ කියල කියන එක හරි නැහැ. මොකද මෙතන කරන්න යන්නේ හෝටල් හදන එක. ඒ හෝටල් ඇතුලේ වෙන්නේ මොනවාද කියල දැනගන්න ආණ්ඩුවේ බුද්ධි අංශ මහන්සි වෙන්න ඕනේ නැහැ. මොකද හෝටල් සේවකයෝ දන්නවා හංගපු කැමරා වලින් ඒවා නරඹන හැටි. පවුලේ එක සාමාජිකයෙක් ඕකට විරුද්ධ උනාට අනික් අය නෑවිල්ල ප්‍රකාශ කලේ අපි ඕකට විරුද්ධ නැහැ කියන එකනේ. ඒ ක්‍රමොපායත් මෙතනට හොඳට ගැළපෙනවා.(නදී)
කැසිනෝ විතරයි අඩු දැන් ඒකත් හරි. ලංකාවේ ඉන්න අයට මේවා හොද නම් අපිට මොකෝ. මට දුක මේ වැරදි වලට විරුද්දව හැමදාම හඩ නගන ජවිපෙ සහෝදරයන් ගැන පමණි. මොකද එයාල දැනගෙන විදවනවා අනිත් අය මෝඩකමට විදවනවා.(නදී)
රටට විදේශ විනිමය ගේනවා කියන කැසිනෝ රජාලගෙන් සමාජ රෝග විනිමයත් ගෙනත් දේවි. බැංකොක් රට අද මේ තත්වයට මුහුණ දීලා.(නදී)
අපගේ අමා මහ බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ පරිදි සුදු පොළවල් ඇරීම නොකළ යුතු පාප සහගත කර්මාන්ත 5 න් එකක් . ලාංකිකයන් වේවා විදේශිකයන් වේවා සුදුවට පෙලඹවීම හෝ ඊට ඉඩකඩ සපයා දෙමින් අනුබල දීම අපාගත වන මහා පාපතර ක්‍රියාවකි. දර්මදීපය නමින් එදා ලක්දිව ලොව පතල වුයේ බුරුමය ,තායිලන්තය වැනි රටවලට බුදු දහම බෙදු දර්ම මධයස්ථානයක් නිසාවෙනි. මේ ඇරෙන සුදු පොළවල් ඉන් මිදී දර්මය බෙදන දර්ම ශාලා ,දර්ම මණ්ඩප බවට පත්වේවා !(නදී)
අර සංවිධන වලට මේවා නොපෙනේද? (නදී)
කෝ මේ සංවිධාන.(නදී)
බුදු හාමුදුරුවෝ තහනම් කළ වෙළදාම් ගජරාමෙට කරන්න හොඳයි නම් බුදුහාමුදුවන්ගේ රූපේ ඇඟේ යන්තම් පෙනෙන්න තිබුනොත් වැරදි මොකද? (නි)
කැසිනෝ නොවේ ගැටළුව? අපේ ගමේ බේබද්දෝ බීල අසා සිටීමට අපහසු වචන වලින් බැනගෙන සන්ඩුවීමයි ගැටලුව. අපි වගේ මාස් පඩිකාරයන්ගේ මාසික වැටුප ඔය හෝටලයක දිනක් සුදුවට කොහොමත් මදිනේ මල කෝලන්.(නදී)
ඉරිසියාව මුල් වූ මත ප්‍රකාශ කරන බොහෝ දෙනෙක් කන්නාඩිය ඉදිරිපිට ගිහින් මුහුණු බලනවා නම් හොඳයි කියා මට සිතේ. (නදී)
තම හදවතට එකඟව, රට-දැය-සමය ගැන හිතා මෙම කැසිනෝ පනතට එරෙහිව තම ඡන්දය පාවිච්චි කළ (විශේෂයෙන් ආණ්ඩු පක්ෂයේ ) මැති ඇමැතිවරුනට කාගේත් ප්‍රණාමය හිමි විය යුතුයි. අපට පුදුමය මෙම පනත ශ්‍රී ලංකා අමරපුර නිකායේ ලොකු තනතුරක් දරන ලක්ෂ්මන් යාපා ඇමතිවරයා විසින් ඉදිරි පත් කිරීමට සිදු වීම. රතන හිමියන් මෙන්ම චම්පික ඇමතිවරයාත් හොඳ උගතුන් දේපලක්. ඒ දෙපලගේ විරෝධය රජයේ කැසිනෝ සැලැස්මට බලවත් ඇතුල් පහරක්. දැන් පැහැදිලියි මේ පනත ගෙන එන්නේ ඇයි කියලා.(නදී)
අර සංවිධාන මේ සංවිධන නම් ඕනා තරම් තියෙනවා. ඒ අය මේවා අනුමත කරනවද? (නදී)
කණ්ඩලම වැවු තාවුල්ලේ හෝටල හදන කොට මිනිස්සු විරුද්ධ උනාට හැදුවායින් පස්සේ ඒවායේ ප්‍රයෝජන ගන්නවා. බලන්න තව කලක් යනකොට මඩ සෝදාගත් ගොවියා ටයි කෝට් ගහලා කැසිනෝ ගහන්න එන හැටි. (නදී)