දකුණු කොරියාවේදී මාස කිහිපයකට පෙර මිය ගිය අරවින්ද විමලසිරි නම් අනුරාධපුර තලාවේ වැසියාගේ ග්‍රෑම් 60 රන් මාලය හෙට්ටිවීදියට විකිණු බව කියන විදේශ අමාත්‍යංශ තැපැල් අංශයේ කාර්යාල කාර්යාල සේවකයෙක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී රිමාන්ඩ් කරනු ලැබීය.
සමන්ත ජයලත් එම පුද්ගලයාය. පසු ගිය ජුනී දෙවැනි දා දකුණු කොරියාවේ සිට විදේශ අමාත්‍යංශය මගින් ශ්‍රී ලංකාවට එවන ලද මාලය විමලසිරිගේ බිරියට නොලැබිණි.
සැකකරු ව්‍යාජ අත්සන් යොදා එම මාලය ලබාගෙන රුපියල් එක්ලක්ෂ අනුහයදහසකට හෙට්ටිවීදියේ රන්බඩු කඩයකට විකුණා ඇත.
රන්බඩු සාප්පුව එම මාලය උණු කැර ඇතැයි ද සැකකරු ළග තිබී රුපියල් එක්ලක්ෂ හෑත්තෑඑක්දහසක් සොයාගෙන ඇතැයි ද පොලීසිය කියයි.
එම මාලය අස්ථාන ගතවීමෙන් පසු විදේශ අමාත්‍යංශයේ තිදෙනකුගේ වැඩ තහනම් කැර අති බවද උසාවියේදී කියැවිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හොරකම වෙලා තියෙන්නේ විදේශ අමාත්‍යංශයේ තැපැල් සේවය තුලදී. මම නම් වසර 20 ක සිට යැවූ පාර්සල්, ලිපි කිසිදාක නැතිවෙලා නැහැ ලංකාවේ තැපැල් දෙපාර්තමේන්තුවෙන්. (නදී)
කෙටියෙන් ලියා ඉල්ලන්නෙ , බලදරින්ගෙන් , මොහු හට උපරිම දඬුවම් ලබාදී . රන් මාලයේ වටිකමත් ලබා ගෙන හිමි කරුවන්ට ලබා දෙන්න (දී)
මම ලාකාවට ආ දිනක ( දැනට වසර 3 කකට කලින් ) අලුත්ගමදී පින්තුර තැපැල් පත් 17ක් මුද්දර ගසා විදේශ තැපැල් පෙට්ටියටයි දැම්මේ . ඒ තැපැල් පත් මේ වන තෙක් ඒ සෙට් එකම කිසි කෙනෙකුට ලැබී නැහැ. (දී)
අනේ මගේ නම් මොකුත් යවපුව නැතිවෙලා නෑ. අපේ අයියලාගේ වැඩ ගැන දන්නා නිසා මම කවදාවත් තැපෑලෙන් ලංකාවට මොකුත් යවල නෑ. දන්නා කෙනෙක් අතේ හරි පරක්කු උනත් මම ලංකාවට යනකොට අරන් යන්න තියාගන්නවා. නැතිවෙනවට වඩා ප්‍රමාද වෙන එක හොදයිනේ. (නදී)
ලීලානන්ද මහතා කියන දේ දේ හරි. අපේ නංගි කෙනෙකුට යැවූ පාර්සලයක් තැපැල් කන්තෝරුවෙන් භාරගන්න ඇවිල්ලා තියෙන්නේ වෙන කවුදෝ මැදිවියේ ගැහැණු කෙනෙක්. (නි)
හොරකම් කරපු මිනිහට තව දෙකක් දීපුවහම තව ගොඩක් දේවල් හෙලිවෙයි. මිනිහට තනිවම ඔය වැඩේ කරන්න බැහැ (නදී)
අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු! (නි)
මේ විදියට ලංකාවට එවන බඩු කොච්චර නැතිවෙනවා ඇද්ද.....? (නි)
මීට කලකට පෙර ගුවන් තොටුපොලෙන් ගුවන් මලු ගෙන වාහනයෙන් බඩු හොරකන් කරන සේවකයෝ රහස් පොලිසියෙන් අතටම අල්ලාගෙන නඩු දැම්මා. ලැබුණු දඩුවම් ගැන පුවත් පත් වල පල උනේ නැහැ (නදී)
මෙම සිද්ධිය ගැන විමර්ශනය කිරීමේදී වලිගය පාගාගෙන ඇතිබව පෙනේ. තැපැල් දෙපාර්තමේන්තුවේ විදේශ අංශය මිසක් විදේශ අමාත්‍යංශයේ තැපැල් සේවයක් නම් මම නම් කිසි දිනක අහලා නොමැත. සියලුම විදේශ තානාපති කාර්යාල මගින් ලංකාවට එවනු ලබන රාජකාරී ලිපි හෝ පාර්සල් සතියකට වරක් මේල් බැගයක් මගින් ගුවනින් එවන්නේ විදේශ අමාත්‍යංශයට. පෞද්ගලික ලිපි හෝ පාර්සල් මෙහි අඩංගු නොවේ. කොරියාවේදී මියගිය අරවින්දගේ මාලය තානාපති කාර්යාලය මගින් එවා අන්තර්ධාන උනානම් වගකීම විදේශ අමාත්‍යාංශය සතුයි (නදී)
ඔන්න පේනවනේ ඉතින් වැඩ? (නි)
මෙවන් හොරු ඉක්මනින්ම ඉවත් කළයුතු වෙනවා (නි)
අපේ අක්කගේ පුතාගේ අත්‍යාවශ්‍ය වෛද්‍ය වාර්තාවක් ඇමෙරිකාවට එව්වා. එ්ක ඇතුලේ බැලූන් 5 කුත් එක්ක යැව්වේ. එයාලට ලැබිලා තියෙන්නේ කවරය විතරයි (නදී)
අපේ පුංචි ලංකාවේ වැඩියෙන්ම හා අංක එකේ හොරු ඉන්නේ කොහේද කියලා අදනේ මම දන්නේ (නි)
මම මෙහෙන් මගේ ගෙදරට පොඩි බඩු වගයක් දැම්මා. ඒක කවුදෝ අරගෙන දෙයියෝ තමයි දන්නේ (නදී)
මගේ නංගී ලංකාවේ සිට කැවුම් එව්වා. වටිනා ඔරලෝසුවක් එව්වා. කැලෙන්ඩර් එකක් එව්වා. මට ලැබුනේ ලියුම් කවර විතරයි (නදී)
දයාල්,අමිල,සෑම්,සුමුදු,චන්දන,නෙලුම් සහ ශසි, මටත් ඔවැනි අත් දැකීම් කිහිපයක්ම තියෙනවා. ඔයාලගේ අදහස් දුටු පසු මට ඒවා මතක් වී නැවත අතීතයට ගියා විතරක් නොවේ ටිකක් කේන්තිත් ආවා. මොනවා කරන්නද ? (නදී)
මෙයාල බොහෝ අයගේ ගෙවල් වල පෙනුම හරියට රේගු නිලධාරීන්ගේ ගෙවල් වගේ. උපයන පඩියට ඔහොම ගෙවල් හදා ගන්නේ කොහොමද මන්දා. (නදී)
අපේ ගෙදර 3 දෙනෙක් රට ඉතාලිය, ජර්මනිය යන රටවල හැබැයි ලියුම් එව්වට කවදාවත් ලැබෙන්නේ නැහැ. (නදී)
අපේ අම්ම සිංහල අලුත් අවුරුද්දට ලංකාවෙන් මට එවපු පාර්සලයේ තිබුන සමහර ඇඳුම් මදිවාට කජු ටිකත් උස්සලා. කවදාවත් මම ඉන්න රටේ තැපැල් සහ කුරියර් වැඩ කරන අයට ඔය වගේ වැඩ කරන්න බැහැ. මෙහෙ නීති හරියට අකුරටම. (නදී)
මම අපේ මල්ලිගේ පුතාට යවපු සෙල්ලම් බඩු ඇතුලත් පාර්සලය ඔස්ට්‍ර්ලියාවෙන් ලංකාවට ගිහිල්ලා. එතනින් එහාට කවුදෝ වෙනත් කෙනෙක් බොහොම ආදරෙන් ඒ පාර්සලය භාර අරගෙන. (නදී)
මගේ අක්කගේ දුවගේ වැදගත් අවස්තාවක් වෙනුවෙන් මම ඕස්ට්‍රේලියාවේ ඉඳලා එවපු තෑගී පාර්සලයත් බහිරවයා ගිලලා. (නදී)
මගේ අම්ම මට එවපු පාර්සල් එකක් වත් හම්බුනේ නැහැ. ලංකාවෙන් කියනවා එ්ක මෙහෙට එව්වලු. මෙහෙන් කියනවා එහෙම එකක් අාවේ නැහැ කියලා (නදී)
ලංකාවේ ලොකුම තැන ඉඳල පොඩි තැනටම හොර වැඩ. මේ පවුලේ අයට සල්ලි නෙමෙයි ඕනා තමන්ගේ දරුවා පාවිච්චි කරපු මාලේ. හැදුනුම්පතවත් බලන්නේ නැතුවද මේවා දුන්නේ ? (නදී)
දයාල්, අපි යවන කැවුම් ටිකත් හොරකන් කරන් කන බඩජාරියෝ තමයි ඔය දෙපාර්තමේන්තුවේ ඉන්නේ. (නදී)
ලංකාවේ තැපැල් සේවයේ තත්වය නම් අන්තිමයි. ඒක අද ඊයේ ඇතිවූ තත්වයක් නොවේ. ඉස්සර දැන් වගේ ටෙලිපෝන් පහසුකම් නැති කාලේ මම ලංකාවට යවපු නොයෙකුත් වටිනා දේවල් ලංකාවේදී හොරකම් කරලා තිබුනා. ඒ වගේම කිසිම කෙනෙකුට කිසිම වටිනාකමක් නැති ඩොකියුමන්ට්ස් දෙතුන් පාරක් නොලැබී ගිහින් තියනවා. තවත් සමහර අවස්ථා වල ලියුම් කවරේ ටිකක් බර නම් පැත්තෙන් බ්ලේඩ් එකකින් කපා ඇතුලේ තියන දේවල් චෙක් කරලා තිබුනා. පසුගිය දිනවල අර විදේශ තැපැල් හුවමාරුවෙන් හොරකම් කරපු බෝතලයක් බීලා කෙනෙක් මලා කීවාමත් අනේ අපොයි කියන්න හිත දුන්නේ නැහැ. (නදී)
පිටරට සිට ලංකාවට එවන පාර්සල් බොහොමයකට මේ වැඩේ සිද්ධ වෙනවා. මගේ මල්ලිගේ අලුත උපන් දරුවාට මම පිටරටින් එවපු තෑගී පාර්සලය ආගිය අතක් නැහැ. අත්සනක් යොදලා කවුදෝ මේ විදියටම අරගෙන. (නදී)
දැන් ඒ පවුලේ අයට සිදුවුණු පාඩුව හොරාගෙන් අයකර දෙනවද? ස්වර්ණාභරණ වෙළඳසැල් හිමියා බිලක් නැති අයිතිකරු තහවුරු නොවුණු භාණ්ඩයක් මිලදී ගැනීම වරදක් නෙවෙයිද? නොදන්නා නිසයි අහන්නේ? (නදී)
තැපැල් දෙපාර්තමේන්තුව ගැනයි,විදේශ අමාත්‍යංශය ගැනයි කතා කරලා වැඩක් නැහැ. (නදී)