දකුණු පලාත් එක්සත් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ උප සභාපති මාධ්‍යවේදී අම්බලන්ගොඩ හේමන්ත ද සිල්වාට මහතාට දකුණේ නමගිය පාතාලයකු මරණිය තර්ජන කළැයි කියන පැමිණිල්ලක් මත පරිකෂණ ආරම්භ කළ බව ඇල්පිටිය කෝට්ඨාශයේ පොලිස් අධිකාරි අතුල විරසිංහ මහතා පැවසීය.
කොස්ගොඩ ඇරෝරා ගමේදී ඉකුත් අට වැන දින සවස 5.30 ට පමණ ත්‍රීරෝද රථ දෙකකින් සහ යතුරු පැදියකින් පැමිණි නව දෙනකුගෙන් පමණ යුත් කණ්ඩායමක ප්‍රධානියා ලෙස පැමිණි පාතාල සාමාජිකයා මෙම මාධ්‍යවේදියාට තර්ජනය කළ බව කොස්ගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලේ සදහන්වේ.
අපි කවුද කියලා උඹ දන්නවා නේද ? අපි ගැන මිටපස්සේ පත්තර වල ලියාල අහුවෙන්න එපා. අපි කොස්ගොඩ. ඒක උඹ හොඳට මතක තියාගනින්.‘ යැයි තර්ජනය කරද්දී ඔහු සමග පැමිණි තවත් දෙදෙනෙකු තමන්ට පහරදීමට තැත් කළබවද හේමන්ත ද සිල්වා මහතා කොස්ගොඩ පොලිසියට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන්වේ’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුසාවාද වේරමණී හේමන්ත නදුන් ඇරුනම කොස්ගොඩ පාතාලයක් නැහැ ගැනිත් දාල ගිහින් තියන්න දැන් ඔය කියන්න බොරු බව සහතිකයි (අ)
කොස්ගොඩ පාතාලයෝ නැති වුණාට මැරයෝ ඉන්න බව කවුරුත් දන්නවා. (අ)
පාතාලේ කියලා ඔය ඉන්නේ ජාතියක් ජන්මයක් නැති අය නේද...? ඔය ගොල්ලන්ට මැරෙන්න වෙන්නේ කොහොමද දන්නවද....?වැහිනැති අකුණු ඔලුවේ පුපුරලා. (නි)
කොස්ගොඩ පැත්තේ විශේෂ කාර්ය බලකාය නැද්ද? (නි)
කොස්ගොඩට විශේෂ කාර්ය බලකාය අරින්න (නි)
බය වෙන්න එපා ඔය කොස්ගොඩ අයගේ කට විතරයි වැඩ නෑ (අ)
කොස්ගොඩ ඔය නදුන් බැඳපු පවුලට අවුරුදු 50කට වඩා මිනීමරු ඉතිහාසයක් තියෙනවා. ඒ පවුලේ දැන් ඉතිරි වෙලා ඉන්නේ ආමි එකේ හිටපු කොල්ලෝ හතරදෙනෙක් විතරයි. නදුන් පිටින් ආපු එකෙක් කොස්ගොඩට. ඒ පවුල නැත්තන් නදුන්ට ඔච්චර හයියක් ගන්න බෑ කොස්ගොඩ. ඒක නිසා කොස්ගොඩ පාතාලේ ඉන්නේ නදුන් විතරයි කියල කියන්නේ කොස්ගොඩ බලපිටිය පැත්ත ගැන දන්නේ නැති අය. බලපිටියේ ඉන්න ගොඩක් පාතාලයෝ නදුන්ට සපෝට් කරන අය.(නදී)
මොහොමඩ්.....? අපි මේ දවස්වල ගොඩක් බිසී ..මාලිගාවත්තේ . ගැහැණු පිරිමි වෙන් කරනවා ...? එනිසා ලබන සතියේ මෙහෙට කට්ටියක් යනවා...? (අ)
මාධ්‍ය මිතුරා රැක ගන්න කඩිනමින් වැඩ පිළිවෙලක් අවශ්‍යයයි. (නි)
කොස්ගොඩ නදුන් හිට්ය මොරටු සමන් ගව ඔකා බයයි දුවනවා (අ)