වල් කරපිංචා බව කියමින් කළුවර ලී කැබලී කිලෝ 100ක් මට්ටක්කුලියේ ව්‍යාපාරිකයකුට විකිණීමට ගිය සිවු දෙනෙක් රඹෑවේදි සහ පණ්ඩුකාභයපුරදි අද (5) මිහින්තලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. කිලෝවක් රුපියල් 300ක බැගින් අලෙවි කිරීමට සූදානම් කර තිබුණු බව පොලිසිය කියයි.
වල්ලාපට්ටා කිලෝ 15ක් විකිනීමට ගිය සැකකරුවකුගෙන් ලැබුණු තොරතුරක් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවේ කරපිංචා වලට වඩා කළුවර ලී ගැන වැඩියි කියල. අනේ මන්ද දැන් වෙන දේවල් වලට උතුර දකුණ විතරක් නෙමෙයි සේරම මාරුවෙනවා වගේ...! (දී)
රට තිබෙන තැන ඕක තමයි (නි)
තව ඉස්සරහට මිනිස්සු මොනවා කරයිද? (නි)
කලුවර වලට වඩා වල් කරපිංචා ගණන් වැඩිද? (නි)
ඔව් , වල් කරපිංචා වලින් තෙල් වර්ගයක් ගන්න ගෙනියනවලු වල්ලපට්ට වලින් වගේ.. ඔය වගේම සමාජේ ජාවාරම් කාරයෝ හොයනවා තනිකරම කළු පුසන්ව, කිබුල් හූනන්ව, මේවා මන් හිතේ වටිනා දේවල්. ලොකු මහත්තුරු මේවා ගෙන හොයල බලන්න. (ස)
අශෝකා,කපිල,මටත් මේ විස්තරය කියවද්දී හිතුනෙත් ඕකම තමා.දන්නා කෙනෙක් කියලා දෙන්නකෝ.වල් කරපිංචාද, කළුවරද වැඩිය වටින්නේ? (නි)