පසුගිය 15 වැනි දා අලුත්ගම, බේරුවල හා ධර්ගා නගරයේ ගැටුමෙන් නිවාස හා කඩසාප්පුවලට සිදුවූ හානි පිළිසකර කිරීමට ත්‍රිවිධ හමුදාවේ 780 දෙනෙක් එහි ගොස් සිටිති.
ඔවුන් සිකුරාදා (27) වැඩ ඇරැඹීමට නියමිතය.
ඒ සඳහා රජය රුපියල් විසි කෝටියක් වෙන් කැර ඇතැයි නැවත පදිංචි කිරීමේ ඇමැති ගුණරත්න වීරකෝන් මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල් නොයවා පටන් ගැන්ම ඉතාම හොද වැඩක්. (අ)
දෙපැත්තේ කැඩිච්ච සිත් හදන්න පුළුවන් වේවිද මෙයාලට. (දී)
වැඩේ නම් බොහොම හොඳයි. නමුත් මිට වඩා හොඳයි මෙහෙම විනාසයක් වෙන්න ඉඩ නොදී මුලින්ම පොලිසිය සහ හමුදාව විසින් මේ විනාසය වෙන්න ඉඩ නොතිබ්බානම්. ආරක්සක හමුදාවක වගකීම සහ රාජකාරිය විනාශ උනාට පසු ගෙවල් හදාදීම නොවේ, නමුත් දැන් හරි ඒ අයගේ අතපසුවිම උඩ සිදු උන විනාසයට මෙහෙම දායකවෙලා මේ කටයුත්තට සහබාගිවිම අගේ කරනවා. සිංහල වේවා මුස්ලිම් වේවා අහිංසක මිනිසුන්ගේ දේපොළ විනාස වෙන්ඩ නොදී රැකගැනීම ආරක්ෂක හමුදාවේ වගකීමක්. ප්‍රශ්නයක් තිබේ නම් ඒවා සාකච්චාවෙන් විසදාගැනීමට ඉඩ සලස්වා දීම හමුදාවේ සහ පොලිසියේ වගකීම. ඒ මිනිස්සුත් අපේ රටේ පුරවැසියෝ. ශ්‍රී ලාංකිකයෝ. අපි එහෙම හිතමු. (ස)
පෙරටුගාමි අය හිටියොත් කියාවි අළුත්ගම,දර්ගා ටවුම බේරුවල මිල්ටරීකරනය කරන්න හදනවා කියලා. එතකොට තමයි අහිංසක දෙමල මිනිස්සු විකුනගෙන ඩයස්පෝරව හම්බකරන සල්ලි කොටසක් එයාලට දෙන්නෙ. රුහුණ සරසවිය ඉස්සරහ රෝහන විද්‍යාලය මේ දවස්වල මිල්ටරීකරනය කරනවා. ගුරු තුමෙක් නැහැ වගේ ඒකට විරුද්ද වෙලා කොටි සල්ලි වලින් ගෙයක් හදාගන්න. (නදී)
ආගමික සහජීවනය අවශ්‍යයි (දී)
උතුම් කටයුත්තක් අපේ රටේ සමගිය වෙනුවෙන් ගත්ත හොද තීරණයක්.(දී)
කාලෝචිත වැඩක් (දී)
ලෝකේ ජිවත් වෙන්නේ අහිංසක මිනිස්සු (දී)
අසරණ උන මිනිස්සුත් ලාංකිකයෝ අමතක කරන්න එපා (දී)
මොනවා වුණත් හොඳ වැඩක් (නි)
කොච්චර දෙයක්ද අහිංසක සාමාන්‍ය ජනයාට ඉක්මනින් තම නිවෙස් ලබාදීම? (නි)
කොච්චර උතුම් කටයුත්තක්ද? (නි)
එත් මිනිස්සුනේ (දී)
අර තමුන්ම ගිනිතියගත්ත කඩ කාමරත් හදල දෙනවද අපේ බදු සල්ලි වලින්?(දී)
හමුදාව ඉන්නේ මේවා කරන්නද ?.(අ)
අර රියදුරාට කරදර නොකර යන්න දුන්නනම් මෙච්චර කරදර වෙන්න ඕනේ නැනේ ... දැන්වත් සමගියෙන් ඉන්නවනම් හොදයි නේද ? (අ)
අනේ මගේ රටේ හමුදා නිලදාරීන් ?(අ)
කච්චර කාලෙකටද? (දී)
හමුදා මහත්තරු මේ වැඩේ බාරගත්ත නිසා කොමිස් ගහන කට්ටියට බඩේ පාර වදින්න ඇති..(දී)
මොනවා උනත් හොඳ වැඩක් (දී)
එතකොට කඩාගත්ත ඒවා(දී)
කැඩුණු අනිත් දේවල් (දී)
අපිට අවසානයේ පිහිට වෙන්නේ අපේ රණ විරුවෝ තමා (දී)
කඩා ගත්තාම හදලා දෙනවා කියලා ඇහුවාමයි (දී)
අනේ අපේ රණවිරුවන්ට ගිය කල නේද ?(දී)