අත් අඩංගුවට ගත් ඒ. ආරියසේන නම් තරුණයෙකු දින 38 ක් අත් අඩංගුවේ රදවාගත් බව කියන ගිරිඋල්ල පොලිසියේ පස් දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.
පොලිස් ස්ථානාධිපති ධර්මසිරි වීරසිංහ, අපරාධ අංශයේ ස්ථානාධිපති උඩුවරගේ ආරියසිරි සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් මොවුහුය.
අත් අඩංගුවට ගත් ඒ. ආරියසේන නම් තරුණයෙකු දින 38 ක් අත් අඩංගුවේ රදවාගත් බව කියන ගිරිඋල්ල පොලිසියේ පස් දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.
පොලිස් ස්ථානාධිපති ධර්මසිරි වීරසිංහ, අපරාධ අංශයේ ස්ථානාධිපති උඩුවරගේ ආරියසිරි සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් මොවුහුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලිත් මෙතන නඩුව අහල පොලිසිය නිදහස් කරලත් ඉවරයි. ඒ මිනිහ හොරෙක් උනත් කරපු හොරකමක් අල්ලලා නැහැනේද? ගෝරියක් වෙලා නේද අල්ලලා තියෙන්නේ. කොහොම උනත් අත් අඩංගුවට ගත්ත මිනිහෙකුට ඔහොම කරන්න නීතියේ ඉඩක් නැහැ. නීතිය හරි විදිහට ක්‍රියාත්මක කරලා නැති නිසයි පොලිසියේ මහත්වරුන්ගේ වැඩ තහනම් කරලා තියෙන්නේ. නමගිය හොරෙක් නම් පොලිසියට තිබුනනේ ඒ හොරකම් අල්ලලා ඒ නමගිය හොරාට දඬුවම් කරන්න. පොලිසිය කරලා තියෙන්නේ එක නොවෙයි. හොරාට පහර දීල අල්ලගත්ත හොරකම් මොනවද කියලා පෙන්නන්න තිබුනනේ?වැඩ තහනම් කරන්න කලින්..(අ)
රොකි සමාවෙන්න! මම කිව්වේ වෙන්න ඕනැ දේ. ලංකාවේ වෙන දේ නොවෙයි.(නදී)
සනත් විතාරණ ,මම නම් ඒ මනුස්සයව මරපු විස්තරයක් දැනගෙන හිටියේ නැහැ. දැන් ෂොපින් ගිය කට්ටිය මොකද දන්නේ නැහැ කියන්නේ.(නදී)
ඔය කමෙන්ට් දාන අය දන්නවද ? ඔය දින 38ක් තියා ගත් මනුස්සයා මරපු විත්තිය.(නදී)
මේක නම් නියම කමෙන්ට් ලිවිල්ලක්. වෙන රටවල්වල කමෙන්ට් ලියන්නේ ප්‍රවුර්තිය ගැන. නමුත් මෙහෙ ලියන්නේ කමෙන්ට් ලියපු අය ගැන. අනේ අනිච්චන්.(නධී)
මේ මනුස්සයා හොරෙක්,චන්ඩියෙක් වෙන්න ඇති. නමුත් දින 38ක් කුඩුවේ තියාගෙන හිටපු එක ,හොදට ඇගපත රිදෙන්න සලකපු එක සාධාරනකරනීය කරන්න යන්න එපා. ඒ වගේම මල්ල උස්සගෙන කඩේ යන්නත් එපා.(නදී)
ලලිත්ගේ ගම තුන්පනේද ? (නදී)
සඳන්, ඔබ ඉන්නේ ලංකාවෙද? වෙනත් රටවල කොහෙම වුනත් ලංකාවේ පොලිසිය දේශපාලනයට යටයි.(නදී)
නුවන් , අතගාල බලන්න දෙයක් නැහැ. අං ඇවිල්ල තිබුනේ. නමුත් පසුගියකා ලේ එව්වා හැලුනා. ඒ හැලුන අං ගිලපු බුරුව තමයි හොය හොයා ඉන්නේ.(නදී)
මෙතන අදහස් දාන අය ගිරිඋල්ල පොලිස් වසමේ වත්තේගෙදර ගමට ඇවිත් බලන්න ඔය අත් අඩංගුවට ගත්තු මිනිහා අදික ලෙස බිමත්ව මෝටර් බයිසිකලයකින් යනගමන් පාරෙ ගිය අහින්සක දරුවෙකුගේ ඔලුවට යකඩ පොල්ලකින් ගහගෙන ගියා. දැන් මස 4ක් වෙනවා ඒ දරුවා ට තාම සිහිය ඇවිත් නැහැ. ඒ දරුවගේ මානව අයිතිවාසිකම් ගැන කව්ද කතාකරන්නේ. (නදී)
සඳරුවන්, ඕ. අයි. සී. මහත්තයා හොඳ ඇති. හැබැයි රටේ නීතිය එහෙම දන්නවද? ලංකාවේ පොලිසියේ ප්‍රධාන කාර්යයක් නීතිය ආරක්ෂා කිරීම. මිනිස්සුන්ට ගහන එක නොවෙයි.(නදී)
මේකේ ඕ.අයි.සී මහත්තය නම් ගොඩක් හොද කෙනෙක්. මෙයා දේශපාලකයින්ට නම් නැවෙන කෙනෙක් නෙවේ. මිනිස්සුනම් එක එක කතා කියනව. ඔය අත්අඩංගුවට ගත්ත පුද්ගලයා පහර දුන්නේ කාටද? අන්න එතනයි මේකේ ප්‍රශ්නය තියෙන්නේ..(අ)
ඔය සිදු වීම ගැන අද ජාතික පුවත්පතක 2 පිටුවේ තියනවා විස්තරයක්. තුවාල ලැබූ පුද්ගලයා අසාද්‍ය තත්වයේ කියලා. ඒකත් කියවලම දෙපැත්තට තර්ක කරන මහත්වරු කොමෙන්ට් දැම්මා නම් හොදයි නේද? (නදී)
පළාත භාර පොලිස් ලොක්කට ප්‍රස්නයක් නැද්ද? (නදී)
අපේ පොලිසිය හොඳයි. ලොක්කන්ටත් නීතිය ක්‍රියාත්මක කරනවා නම්. මීගමුව ප්‍රදේශයේ සහ අවට පොලිසියක් තියනවද මන්ද. (අ)
ඉන්දික.ලලිත්.ඔබ දෙපොල ගොඩක් ලංකාවටත් පොලිසියටත් ආදරේ කරන දෙපොළක්.පොඩි හොරු එල්ලා හම ගසා මරා අතුරුදහන් කරමු.ලොකු හොරු අපි සැමදෙනාගේම ආශීර්වාදයෙන් ලොකු තැන්වලට යවමු (අ).
මට නම් දවසේ හොදම ප්‍රවෘත්තිය. (නදී)
ලලිත් ඔලුව පොඩ්ඩක් අතගාල බලන්න අං එනවද කියල! (අ)
නීතිය තවමත් අපේ රටේ ක්‍රියාත්මක බව පෙන්නා දීම ගැන අදාළ සියලුම දෙනාටම මගේ භක්ති ප්‍රණාමය! (අ)
මිනිසුන්ට එල්ලා පහර දෙන ලෝකයේ එකම පොලිසිය අපේ පොලිසියයි. ඔවුන් මෙය කරන්නේ මත් වතුර අරගෙන නිසා පහර කන පුද්ගලයයෝ කොතෙකුත් මිය ගොස් තිබෙනවා. බටහිර රටවල පොලිසියකට කුමන තරාතිරමේ පුද්ගලයෙකු ගියත් එම පොලිසිය ඔවුන්ගේ තරාතිරම නොසලකා ඔවුන්ව පිළිගන්නේ හලෝ වෙල් කම් හව් කැන් අයි හෙල්ප් යු කියලා. අපේ පොලිසි බලවතෙක් ආවොත් ඔහුට මුළු සර්වාන්ගේම දෙකට නවා පිළිගන්න අතර සාමාන්‍ය කෙනෙක් ආවොත් පහත් ලෙස සලකන ප්‍රති පත්තියක් පවතින්නේ. එම නිසා අපේ ජනයාට පොලිසිය පිළිබඳව සුභ ආකල්පයක් නොමැත.(නදී)
ලලිත් මහත්තයෝ, ඔබ සියල්ලක් දැනගෙන මෙතක් හෙලි නොකර සිටීම ගැන වැරදියි.(නදී)
ලලිත් නිවරදිව උත්තර දීල තියනවා. අපේ ගම් වලත් ඉන්නවා මේවගේ හොරු. කසිප්පු කාරයෝ, නිකන් ඉදන් අනුන්න්ගේ දේවල් හොරකන් කරල කන්න බලන් ඉන්න. මුන් දවස් 14 පොලිසි වල ඉදල හෝ දවස් 30 - 90 හිරේ ඉදල හරි ඇවිල්ල ආයෙත් පටන් ගන්නවා. මුන් ආයුද පෙන්නන ගෙනියන්න ඕනා. අපිට පොලිසි වල, උසාවි ගානේ රස්තියාදු වෙන්න වෙලාවක් නැහැ. අනේ පව් අර පොලිස් මහත්වරු ටික. පොලිසි වල ඔක්කොම වැරදි කරන්නේ නැහැ. මේකේ ප්‍රතිචාර දානකොට පොඩ්ඩක් හිතල බලන්න.(නදී)
ලලිත් මහත්තයෝ කොහොමද ඔය විස්තර ඔබතුමා මාධ්‍ය වේදියෙකුටවත් වැඩිය හොදට දන්නේ ? ඔබතුමා වැඩ කරන්නේත් ගිරිඋල්ල පොලිසියේද ? (නධී)
ලක්ෂණ, මිනිස්සුන්ට හොඳින් කතා කලොත් හැම පොඩි ප්‍රස්නේටම මිනිස්සු පොලීසි එන්න පටන් ගන්නවා.(නදී)
මේ කියන පුද්ගලයා නමගිය හොරෙක්. පොලිසිය ඒ මිනිහව අල්ලලා ප්‍රශ්න කරද්දී වූ සුළු පහර දීමකින් තුවලවෙලා. ඒකට පොලිසිය ප්‍රතිකාර කරමින් ඉඳල තිබෙනවා. මොකද තුවාල පිටින් උසාවියට ඉදිරිපත් කරන්න බැරි නිසා. මේ අතර මේ හොරා අහල පහල තිබුණු ගල්හෙන් කන්ද කියන කැලෑවට පැනල එතනින් මාරුවෙලා තියෙනවා. ගමට ගිහින් තමන්ගේ ඥාතියෙකු ලවා පොලිසියෙන් මිනිහා මැරූ බවට පැමිණිලි කරලයි ඔය නිලධාරීන් වැඩතහනමට ලක් වුනේ. හොරාට තුවාල සිදුකල එක වරදක් තමයි. නමුත් එසේ පහර නොදෙන්න හොරාගේ වැඩ එලිවෙන්නෙත් නැහැ. කොහොම උනත් හොරාගේ උගුලේ මේ නිලධාරීන් අහු උනා. දෙන්ඩ තියෙන්නේ එක අවවාදයයි. වල කටෙන් වැටුන නම් වල කටෙන්ම ගොඩ එන්න ඕනේ. ඒකට මුළු පොලිස් හමුදාවම දාලා හරි පැනල ගිය හොර අල්ලන්න වෙනවා. ඒ වගේම මින් පස්සසේ වත් ප්‍රශ්න කිරීම් වලදී ටිකක් ඥානාන්විතව කටයුතු කල යුතු වෙනවා.(නදී)
මේ පොලිස්කාරයෝ ටික අර "පාරට කැපූ ගස්" ඉවත් කරන්න ගෙනියන්න ඕනා.(නධී)
මේවා ඡන්දෙ කාලේ කරන මිනිස්සු රවට්ටන විප්‍රයෝග.(නදී)
අත් අඩංගුවට ගත් හේතුව ?(නදී)
නීතිය ක්‍රියාත්මක වෙලා.(නදී)
පොලිසියේ අය හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලන්ට ලංකාවේ කරන්න බැරි එක දෙයයි කියලයි. ඒ තමයි ගැහැනියෙක් පිරිමියෙක් කරන්න බැරි එකයි, පිරිමියෙක් ගැහැනියෙක් කරන්න බැරි එකයි කියලයි. මානව හිමිකම් කොමිසමේ නඩු දාන්න තියෙන්නේ කාලා වරෙන් කියලා අනිත් අයටත් පාඩමක් ඉගෙන ගන්නත් එක්ක. මින් මතුවටවත් ඔවැනි චන්ඩි වැඩ නොකරන්න.(නදී)
ඉතාම කණගාටුදායකයි. දකින්න මේ තත්ත්වය. අපේ පොලිසියේ ඇති බහුතරයක්ම ඔවුන්ගේ රාජකාරිය මොකක්ද කියල හරියට දන්නේ නැහැ වගේම තමන් ලඟට එන මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන දන්නෙත් නැහැ. පොලිසියේ කීයෙන් කීදෙනාද මිනිහෙකුට මනුස්සයකු හැටියට අඩුතරමින් කතාකන්නේ? අපේ මුළු පොලිස් සේවයම ප්‍රතිසංස්කරණයකට ලක්කරලා එය නියාමනය කරන්න බලගතු අධිකාරියක් හැදිය යුතුයි කියල මට හිතෙනවා.(නදී)
මේක පෞද්ගලික පොලිසියක් වෙන්න ඇති. දින 38ක් යනතෙක් ඉහල නිළදාරීන්ට දැන ගැනීමට පරීක්ෂා කිරීමට නොහැකිවූයේ ඒ නිසා යයි සිතමි.(නදී)