අත් අඩංගුවට ගත් ඒ. ආරියසේන නම් තරුණයෙකු දින 38 ක් අත් අඩංගුවේ රදවාගත් බව කියන ගිරිඋල්ල පොලිසියේ පස් දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.
පොලිස් ස්ථානාධිපති ධර්මසිරි වීරසිංහ, අපරාධ අංශයේ ස්ථානාධිපති උඩුවරගේ ආරියසිරි සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් මොවුහුය.
ශ්රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි
ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.
මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී
නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය
සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගිරිඋල්ල ඕ.අයි.සී ගෙත් වැඩ තහනම්
සඳුන් Saturday, 22 March 2014 05:04 PM
සඳරුවන්, ඕ. අයි. සී. මහත්තයා හොඳ ඇති. හැබැයි රටේ නීතිය එහෙම දන්නවද? ලංකාවේ පොලිසියේ ප්‍රධාන කාර්යයක් නීතිය ආරක්ෂා කිරීම. මිනිස්සුන්ට ගහන එක නොවෙයි.(නදී)
රණතුංග Sunday, 23 March 2014 08:05 AM
සනත් විතාරණ ,මම නම් ඒ මනුස්සයව මරපු විස්තරයක් දැනගෙන හිටියේ නැහැ. දැන් ෂොපින් ගිය කට්ටිය මොකද දන්නේ නැහැ කියන්නේ.(නදී)
සරත් විමලසිරි Saturday, 22 March 2014 05:46 PM
මෙතන අදහස් දාන අය ගිරිඋල්ල පොලිස් වසමේ වත්තේගෙදර ගමට ඇවිත් බලන්න ඔය අත් අඩංගුවට ගත්තු මිනිහා අදික ලෙස බිමත්ව මෝටර් බයිසිකලයකින් යනගමන් පාරෙ ගිය අහින්සක දරුවෙකුගේ ඔලුවට යකඩ පොල්ලකින් ගහගෙන ගියා. දැන් මස 4ක් වෙනවා ඒ දරුවා ට තාම සිහිය ඇවිත් නැහැ. ඒ දරුවගේ මානව අයිතිවාසිකම් ගැන කව්ද කතාකරන්නේ. (නදී)
සඳුන් Sunday, 23 March 2014 08:10 AM
රොකි සමාවෙන්න! මම කිව්වේ වෙන්න ඕනැ දේ. ලංකාවේ වෙන දේ නොවෙයි.(නදී)
ලලිත් Saturday, 22 March 2014 06:29 PM
නුවන් , අතගාල බලන්න දෙයක් නැහැ. අං ඇවිල්ල තිබුනේ. නමුත් පසුගියකා ලේ එව්වා හැලුනා. ඒ හැලුන අං ගිලපු බුරුව තමයි හොය හොයා ඉන්නේ.(නදී)
රොකි Saturday, 22 March 2014 06:40 PM
සඳන්, ඔබ ඉන්නේ ලංකාවෙද? වෙනත් රටවල කොහෙම වුනත් ලංකාවේ පොලිසිය දේශපාලනයට යටයි.(නදී)
ඇනට් ප්‍රනාන්දු Saturday, 22 March 2014 07:10 AM
මට නම් දවසේ හොදම ප්‍රවෘත්තිය. (නදී)
සරත් පර්ත් Saturday, 22 March 2014 07:21 AM
මේක පෞද්ගලික පොලිසියක් වෙන්න ඇති. දින 38ක් යනතෙක් ඉහල නිළදාරීන්ට දැන ගැනීමට පරීක්ෂා කිරීමට නොහැකිවූයේ ඒ නිසා යයි සිතමි.(නදී)
ලක්ෂාන් Saturday, 22 March 2014 07:55 AM
ඉතාම කණගාටුදායකයි. දකින්න මේ තත්ත්වය. අපේ පොලිසියේ ඇති බහුතරයක්ම ඔවුන්ගේ රාජකාරිය මොකක්ද කියල හරියට දන්නේ නැහැ වගේම තමන් ලඟට එන මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන දන්නෙත් නැහැ. පොලිසියේ කීයෙන් කීදෙනාද මිනිහෙකුට මනුස්සයකු හැටියට අඩුතරමින් කතාකන්නේ? අපේ මුළු පොලිස් සේවයම ප්‍රතිසංස්කරණයකට ලක්කරලා එය නියාමනය කරන්න බලගතු අධිකාරියක් හැදිය යුතුයි කියල මට හිතෙනවා.(නදී)
රණතුංග Saturday, 22 March 2014 08:11 AM
පොලිසියේ අය හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලන්ට ලංකාවේ කරන්න බැරි එක දෙයයි කියලයි. ඒ තමයි ගැහැනියෙක් පිරිමියෙක් කරන්න බැරි එකයි, පිරිමියෙක් ගැහැනියෙක් කරන්න බැරි එකයි කියලයි. මානව හිමිකම් කොමිසමේ නඩු දාන්න තියෙන්නේ කාලා වරෙන් කියලා අනිත් අයටත් පාඩමක් ඉගෙන ගන්නත් එක්ක. මින් මතුවටවත් ඔවැනි චන්ඩි වැඩ නොකරන්න.(නදී)
සාගරිකා Saturday, 22 March 2014 08:18 AM
නීතිය ක්‍රියාත්මක වෙලා.(නදී)
චානුක රණවීර Saturday, 22 March 2014 08:19 AM
අත් අඩංගුවට ගත් හේතුව ?(නදී)
ලොයිඩ් Saturday, 22 March 2014 08:21 PM
ලලිත්ගේ ගම තුන්පනේද ? (නදී)
නුවන් Saturday, 22 March 2014 09:03 AM
මේවා ඡන්දෙ කාලේ කරන මිනිස්සු රවට්ටන විප්‍රයෝග.(නදී)
සෑම් Saturday, 22 March 2014 09:06 AM
මේ පොලිස්කාරයෝ ටික අර "පාරට කැපූ ගස්" ඉවත් කරන්න ගෙනියන්න ඕනා.(නධී)
ලලිත් Saturday, 22 March 2014 09:07 AM
මේ කියන පුද්ගලයා නමගිය හොරෙක්. පොලිසිය ඒ මිනිහව අල්ලලා ප්‍රශ්න කරද්දී වූ සුළු පහර දීමකින් තුවලවෙලා. ඒකට පොලිසිය ප්‍රතිකාර කරමින් ඉඳල තිබෙනවා. මොකද තුවාල පිටින් උසාවියට ඉදිරිපත් කරන්න බැරි නිසා. මේ අතර මේ හොරා අහල පහල තිබුණු ගල්හෙන් කන්ද කියන කැලෑවට පැනල එතනින් මාරුවෙලා තියෙනවා. ගමට ගිහින් තමන්ගේ ඥාතියෙකු ලවා පොලිසියෙන් මිනිහා මැරූ බවට පැමිණිලි කරලයි ඔය නිලධාරීන් වැඩතහනමට ලක් වුනේ. හොරාට තුවාල සිදුකල එක වරදක් තමයි. නමුත් එසේ පහර නොදෙන්න හොරාගේ වැඩ එලිවෙන්නෙත් නැහැ. කොහොම උනත් හොරාගේ උගුලේ මේ නිලධාරීන් අහු උනා. දෙන්ඩ තියෙන්නේ එක අවවාදයයි. වල කටෙන් වැටුන නම් වල කටෙන්ම ගොඩ එන්න ඕනේ. ඒකට මුළු පොලිස් හමුදාවම දාලා හරි පැනල ගිය හොර අල්ලන්න වෙනවා. ඒ වගේම මින් පස්සසේ වත් ප්‍රශ්න කිරීම් වලදී ටිකක් ඥානාන්විතව කටයුතු කල යුතු වෙනවා.(නදී)
ප්‍රමේෂිකා Saturday, 22 March 2014 09:08 AM
ලක්ෂණ, මිනිස්සුන්ට හොඳින් කතා කලොත් හැම පොඩි ප්‍රස්නේටම මිනිස්සු පොලීසි එන්න පටන් ගන්නවා.(නදී)
චමින්ද Saturday, 22 March 2014 09:32 AM
ලලිත් මහත්තයෝ කොහොමද ඔය විස්තර ඔබතුමා මාධ්‍ය වේදියෙකුටවත් වැඩිය හොදට දන්නේ ? ඔබතුමා වැඩ කරන්නේත් ගිරිඋල්ල පොලිසියේද ? (නධී)
චමින්ද Saturday, 22 March 2014 08:59 PM
මේ මනුස්සයා හොරෙක්,චන්ඩියෙක් වෙන්න ඇති. නමුත් දින 38ක් කුඩුවේ තියාගෙන හිටපු එක ,හොදට ඇගපත රිදෙන්න සලකපු එක සාධාරනකරනීය කරන්න යන්න එපා. ඒ වගේම මල්ල උස්සගෙන කඩේ යන්නත් එපා.(නදී)
ඉන්දික Saturday, 22 March 2014 09:38 AM
ලලිත් නිවරදිව උත්තර දීල තියනවා. අපේ ගම් වලත් ඉන්නවා මේවගේ හොරු. කසිප්පු කාරයෝ, නිකන් ඉදන් අනුන්න්ගේ දේවල් හොරකන් කරල කන්න බලන් ඉන්න. මුන් දවස් 14 පොලිසි වල ඉදල හෝ දවස් 30 - 90 හිරේ ඉදල හරි ඇවිල්ල ආයෙත් පටන් ගන්නවා. මුන් ආයුද පෙන්නන ගෙනියන්න ඕනා. අපිට පොලිසි වල, උසාවි ගානේ රස්තියාදු වෙන්න වෙලාවක් නැහැ. අනේ පව් අර පොලිස් මහත්වරු ටික. පොලිසි වල ඔක්කොම වැරදි කරන්නේ නැහැ. මේකේ ප්‍රතිචාර දානකොට පොඩ්ඩක් හිතල බලන්න.(නදී)
දයා අලහාකෝන් Saturday, 22 March 2014 09:43 AM
ලලිත් මහත්තයෝ, ඔබ සියල්ලක් දැනගෙන මෙතක් හෙලි නොකර සිටීම ගැන වැරදියි.(නදී)
චානක. Saturday, 22 March 2014 10:07 AM
මිනිසුන්ට එල්ලා පහර දෙන ලෝකයේ එකම පොලිසිය අපේ පොලිසියයි. ඔවුන් මෙය කරන්නේ මත් වතුර අරගෙන නිසා පහර කන පුද්ගලයයෝ කොතෙකුත් මිය ගොස් තිබෙනවා. බටහිර රටවල පොලිසියකට කුමන තරාතිරමේ පුද්ගලයෙකු ගියත් එම පොලිසිය ඔවුන්ගේ තරාතිරම නොසලකා ඔවුන්ව පිළිගන්නේ හලෝ වෙල් කම් හව් කැන් අයි හෙල්ප් යු කියලා. අපේ පොලිසි බලවතෙක් ආවොත් ඔහුට මුළු සර්වාන්ගේම දෙකට නවා පිළිගන්න අතර සාමාන්‍ය කෙනෙක් ආවොත් පහත් ලෙස සලකන ප්‍රති පත්තියක් පවතින්නේ. එම නිසා අපේ ජනයාට පොලිසිය පිළිබඳව සුභ ආකල්පයක් නොමැත.(නදී)
ෂෙහාන් Saturday, 22 March 2014 10:08 PM
මේක නම් නියම කමෙන්ට් ලිවිල්ලක්. වෙන රටවල්වල කමෙන්ට් ලියන්නේ ප්‍රවුර්තිය ගැන. නමුත් මෙහෙ ලියන්නේ කමෙන්ට් ලියපු අය ගැන. අනේ අනිච්චන්.(නධී)
පිටිගල Saturday, 22 March 2014 10:19 AM
නීතිය තවමත් අපේ රටේ ක්‍රියාත්මක බව පෙන්නා දීම ගැන අදාළ සියලුම දෙනාටම මගේ භක්ති ප්‍රණාමය! (අ)
නුවන් Saturday, 22 March 2014 10:27 AM
ලලිත් ඔලුව පොඩ්ඩක් අතගාල බලන්න අං එනවද කියල! (අ)
පිටිගල Saturday, 22 March 2014 10:38 AM
ලලිත් මෙතන නඩුව අහල පොලිසිය නිදහස් කරලත් ඉවරයි. ඒ මිනිහ හොරෙක් උනත් කරපු හොරකමක් අල්ලලා නැහැනේද? ගෝරියක් වෙලා නේද අල්ලලා තියෙන්නේ. කොහොම උනත් අත් අඩංගුවට ගත්ත මිනිහෙකුට ඔහොම කරන්න නීතියේ ඉඩක් නැහැ. නීතිය හරි විදිහට ක්‍රියාත්මක කරලා නැති නිසයි පොලිසියේ මහත්වරුන්ගේ වැඩ තහනම් කරලා තියෙන්නේ. නමගිය හොරෙක් නම් පොලිසියට තිබුනනේ ඒ හොරකම් අල්ලලා ඒ නමගිය හොරාට දඬුවම් කරන්න. පොලිසිය කරලා තියෙන්නේ එක නොවෙයි. හොරාට පහර දීල අල්ලගත්ත හොරකම් මොනවද කියලා පෙන්නන්න තිබුනනේ?වැඩ තහනම් කරන්න කලින්..(අ)
නිමල් රණසින්ග්හේ Saturday, 22 March 2014 12:26 PM
ඉන්දික.ලලිත්.ඔබ දෙපොල ගොඩක් ලංකාවටත් පොලිසියටත් ආදරේ කරන දෙපොළක්.පොඩි හොරු එල්ලා හම ගසා මරා අතුරුදහන් කරමු.ලොකු හොරු අපි සැමදෙනාගේම ආශීර්වාදයෙන් ලොකු තැන්වලට යවමු (අ).
වාස Saturday, 22 March 2014 01:10 PM
අපේ පොලිසිය හොඳයි. ලොක්කන්ටත් නීතිය ක්‍රියාත්මක කරනවා නම්. මීගමුව ප්‍රදේශයේ සහ අවට පොලිසියක් තියනවද මන්ද. (අ)
චන්ද්‍රා Saturday, 22 March 2014 03:09 PM
පළාත භාර පොලිස් ලොක්කට ප්‍රස්නයක් නැද්ද? (නදී)
ප්‍රභාත් Saturday, 22 March 2014 03:16 PM
ඔය සිදු වීම ගැන අද ජාතික පුවත්පතක 2 පිටුවේ තියනවා විස්තරයක්. තුවාල ලැබූ පුද්ගලයා අසාද්‍ය තත්වයේ කියලා. ඒකත් කියවලම දෙපැත්තට තර්ක කරන මහත්වරු කොමෙන්ට් දැම්මා නම් හොදයි නේද? (නදී)
සනත් විතාරණ Sunday, 23 March 2014 06:55 AM
ඔය කමෙන්ට් දාන අය දන්නවද ? ඔය දින 38ක් තියා ගත් මනුස්සයා මරපු විත්තිය.(නදී)
සඳරුවන් Saturday, 22 March 2014 04:53 PM
මේකේ ඕ.අයි.සී මහත්තය නම් ගොඩක් හොද කෙනෙක්. මෙයා දේශපාලකයින්ට නම් නැවෙන කෙනෙක් නෙවේ. මිනිස්සුනම් එක එක කතා කියනව. ඔය අත්අඩංගුවට ගත්ත පුද්ගලයා පහර දුන්නේ කාටද? අන්න එතනයි මේකේ ප්‍රශ්නය තියෙන්නේ..(අ)