මැදවච්චියෙන් මිලට ගත් ලොතරැයි ටිකටි පතකට රුපියල් දස දහසක් ඇදී ඇතැයි ටිකටි විකුණනකු මැදවච්චියේ ගැමියකුට කියද්දී එතැන සිටි තවත් පුද්ගලයකු ටිකට්පත හිමියාට පවසා ඇත්තේ එම ටිකට්පතට රුපියල් දස ලක්ෂයක් හිමිව ඇති බවයි .
නම හෙළි නොකළ එම පුද්ගලයා ටිකට් හිමියාට පවසා ඇත්තේ ජයග්‍රාහි ටිකට්ටුව පරිසම් කැර ගෙන ගෙදර යන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නදී, මෝඩ කතා කියන්න එපා.එංගලන්තය කියන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය රටක්.ඒ රටවල් එදා ඉඳලම දියුණුයි.ලංකාවෙන් සහ ඉන්දියාවෙන් එංගලන්තයට ගෙනිච්චේ කුළුබඩු වර්ග කපු රෙදි වර්ග. (නි)
රජ කපටි තමයි ලංකාවේ ඉන්නේ (නි)
ඒකතමයි හැමදාම ටීවි එකේ කියන්නේ ලොතරැයි දිනුමක් ලද විගස ටිකට්පතේ පිටුපස තමන්ගේ නම ලිපිනය ලියන්න කියලා (නි)
මේ වගේ හොර ස්වීප් විකුණන කී දෙනෙක් ඉන්නවා ඇද්ද. මේක අහුවුණා නිසා පත්තරේ දැම්මා. මේ වගේ අහු නොවුන ඒවා කොච්චර තියෙන්න ඇද්ද? හැබැයි ඉතින් මේවා පඩිසන් දෙනවා. (නි)
සියළුම ලොතරැයි අලෙවිකරුවන් ලියපදිංචි කොට බලපත්‍රයක් ලබාදිය යුතුයි. එවිට මෙවැනි අක්‍රමිකතා, වංචාවන්ට හසුවන අයගේ බලපත්‍රය අහෝසි කළ හැක (නි)
මේ සල්ලි කවදාවත් රැදෙන්නේ නැහැ. මේක සුදුවකින් දිනපු සල්ලියක් නේ. (නි)
වරුණ නම් මේ ලෝකේ නෙවෙයි ඉන්නේ..යටත් විජිතවාදය ගැන දැනුම බින්දුවටත් පල්ලෙහා... යටත් විජිත සොයාගෙන ස්පාඤ්ඤය/බ්‍රිතාන්‍ය/ප්‍රංශය වගේ රටවල් අනිත් රටවල් යටත් කර ගත්තේ මේ කුළුබඩු වර්ග කපු රෙදි වර්ග අරන් යන්න නෙවෙයි..ඒවා සල්ලි වලට ගන්න එක ලාබයි.. යටත් විජිතයක් කර කර මේවා නිකං මෙහේ වගා කර කර ඉන්නවට වැඩිය... එංගලන්තය දියුණුයි එදා ඉඳලම කිව්ව එකේ ඇත්ත තියෙන්නේ 10%යි... ඔය යක්දෙස්සියෝ කිය කියා ගෑණු පුලුස්සලා මැරුවා ඔය දියුණු රටේ ලඟක් වෙනකම්ම... හා හා හාහා.... (ස)
සාධාරණ කෙනා අමාරුවෙ වැටෙන්න යන තැනකදී, දෙවියෙක් වගේ කෙනෙක් පිහිටට එනවා. (ස)
නදී, කුමාර කියන ඒවා ගණන් ගන්න එපා. එයා ලෝක ඉතිහාස පොතේ අන්තිම පිටුව විතරයි කියවලා තියෙන්නේ. (නි)
කොහොමද අපේ අයියලා.(නදී)
කොහොමද කපටි කම, කර්මෙන්ම පඩිසන් දෙයි ළඟදීම.(නදී)
අනුන්ගේ දේවල් අරන් හරියන්නේ නැති නම් හොදා තමා , එත් එහෙම වෙනවා අඩුයි. ජනතාවගේ මුදල්ගසා කන දේශපාලකයෝ , බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු රටවල් වලින් කොල්ල කාපු දේවල්, ඒ රටට ගෙන ගිහිල්ලා බ්‍රිතාන්‍ය දියුණු කරගත් ආකාරය මේවාට උදාහරණ.(අ)
මෙය ඇත්තක් වෙන්න පුළුවන්, මොකද මගේ අම්මත් අධ්‍යාපනයක් නොලැබූ ගැමි කාන්තාවක්. අම්මටත් මේ විදිහටම ලොතරැයි වෙළෙන්දා කියා තිබෙනවා රු.1000ක් තිබෙනවා, ඒ දිනුම මම ගෙවන්නම් කියලා. ඉගෙනගෙන නැති උනාට අපේ අම්මා හරිම බුද්ධිමත්. හෙට දරුවෙකුත් එක්ක එන්නම් කියලා අම්මා ගෙදර ඇවිත්. පහුවදා අය්යා එක්ක වෙන කෙනෙක් ලඟට ගිහින් බලනකොට ලක්ෂයක් ඇදිලා තියෙන්නේ. (එතකොට මම කුඩායි) අපේ අධ්‍යාපනයට වියදම් කලේ ඒ මුදල තමයි.(අ)
වාසනාව දොර ඇරලා බලනවා (අ)
සුරාවට පසුව සුදුව..... (දී)
මල පොතේ අකුරු බෑ කිවූ මිනිහා ඉංගිරීසි පත්තරයක් මුල ඉදලා අගට බලනවා. මම නම් මේක විස්වාස කරන්නේ නෑ. (දී)
අනුන්ගේ දේ හොරකම් කරලා ,වංචා කරලා ගත්තට කවදාවත් හරියන්නේ නැ. ගත්තත් මැරෙන කම්ම සිය දහස් වාරයක් ඕකට මානසිකව විදවනවා. හැබැයි මෙතැන කවුරු හරිද වැරදිද කියන්ට බැහැ.(නදී)
දැක්කද බල්ලන්ටත් අන්ත දෙපාවෙකු හිටපු තැන දෙවිකෙනෙක් වගේ මිනිසෙකුත් ඉදලා.(නදී)
සිංහරාජ අඩවිය මායිමේ ගමක ආච්චි කෙනෙකුට ඇදිච්ච දස ලක්සෙකුත් මේ වගේම රුපියල් 1000 කට අරගත්ත කපටියෙක් දැන් කඩයක් හෙම අර ගෙන ඉන්නවා. අර ආච්චි ඒ කඩෙන් නයට බඩු ගන්නවා.(නදී)