ඉතාලියේ රායි ස්ටෝරියා රාජ්‍ය රූපවාහිනී නාළිකාව බදාදා (19) රාත්‍රී 10.45 සිට ශ්‍රී ලංකාවට එරෙහි වැඩසටහන් ප්‍රචාර කීරීම අරඹා ඇතැයි එරට ලාංකිකයෝ කියති.
‘චැනල් ෆෝර්‘ වීඩියෝව පෙන්වමින් ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩන බව එම නාළිකාව විකාශය කළ වැඩසටහන නැවත සෙනසුරාදා ද ප්‍රචාරය කිරීමට නියමිතය.
ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති බෙනට් කුරේ මහතා පැවසුවේ එම වැඩසටහන්හි සත්‍ය අසත්‍යතාවය සොයා බලා නිසි පියවර ගැනීමට ඉතාලි රජයෙන් ඉල්ලීමක් කරන බවයි.
මේ අතර ඉතාලියේ පලෙර්මෝ ඇතුළු නගර කිහිපයක කොටි හිතවාදීහු ශ්‍රී ලංකාවට එරෙහිව උද්ඝෝෂණ කිහිපයක් පැවැත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොයිසා මහත්තයෝ, ඔයා මේ විෂය ගැන විසේශඥයෙක් වගේ නේ. ඒකද ඔහේ ගේ වෘත්තීය? නරකද මැක්රේට විරුද්ධව නඩුවක් දැම්මා නම්.? දයාන් ජයතිලක වගේ අය කතා කරන්නේ නිකමටම නොවෙයි. අපේ මිනිස්සු වුනත් වැරදි කරලා තියනවා නම් සාක්කි ඇතුව ඔප්පු කරනවා නම් අපිට පිලි ගන්න වෙනවා. ඕවා බොරු කියලා නිකං පච පච් ගාන එකේ තේරුමක් නැහැ. අසත්‍ය නම් ඒ බව ඔප්පු කරනවා මිසක්.(නදී)
අමීන්, ඉතාලියේ ඉන්න ලක් දරුවන්ට මෙහෙ අපේ රටේ කෙරුවාවල් පෙන්නේ අමුතු කන්නාඩියක් තුලින්. මේ අය අපේ රටට කරන්නේ බලවත් වරදක්. රට කියන්නේ පවතින ආණ්ඩුවක ප්‍රතිපත්ති නොවෙයි. මෙහෙ කෙරෙන අවනීති, අසාධාරනකම්, පගා ගැහිලි, කොමිස් ගැහිලි, මාධ්‍ය මුකවාඩම්, මානව අයිතීන් කඩකිරීම්, වගේ දේවල් ඔක්කොම `ඉතාලි දරුවෝ` අනුමත කරනවා වගෙයි. අනේ දරුවනේ උඹලා ඉතාලියෙම හිටපල්ලා.(නදී)
ඉතාලියෙ සිටින ලක්දරුවනි, ඔබගේ ශක්තියත් ඹ්වට පෙන්වන්න.(නදී)
බන්දුල මහත්තයා හරි. ඔය චිත්‍රපටිය මුළු යුරෝපයේම පෙන්නුවා. මාත් ගියා බලන්න. හමුදාවේ දර්ශන චැනල් 4 එකට දුන්නේ කවුද? සිංහලෙන් කථා කරනවා හොදට ඇහෙනවා. මොබයිල් වලින් වීඩියෝ කරල තියෙන්නෙ. අපෙන් වැරදි වෙලා තියෙනවා. යුද්ධය වෙලාවේ මිනිස්සු මැරෙන එක සාධාරණයි. අල්ලගත්ත අය මරපු එක වැරදියි. අර බන්දුල මහත්තයා කියපු දේවල් කරන්න අද ඔලුවක් තියෙන මිනිස්සු නැහැ.(නදී)
ලංකාවෙ ඉන්න කයිවාරු ගහන කට්ටඩියන්ට පුළුවන්නේ කැලන් මැක්රේට හුනියමක් කරන්න හරි පිල්ලියක් අරින්න හරි.(නදී)
වෙහෙර වටේ කෙරෙන්නේ පැරණි කාලේ තිබූ ගල් අල්ලන එකයි. විහාරාධිපති වහන්සේගේ කතාවේ ඒක කියනවා. එතනට ගිහිල්ලා තියෙන මිනිස්සුන්ට මේ වෙන්නේ මොකක්ද කියලා තේරෙනවා. සේරුවිල කොටින්ගෙන් බේරුනත් අපේම අය විනාස කරන්නද හදන්නේ.?මේකට ඉඩදීලා ඉන්න එපා.(නදී)
මෙවැනි අවස්ථාවලට තනිවමු මුහුණ දෙන්න බැහැ. සාර්ථක පිළිතුරක් දීමට නම් ශ්‍රී ලාංකිකයෝ සියළු දෙනා එක් විය යුතුයි.(නදී)
බන්දුල සහෝදරයා කියපු දේ තමා කල යුතු හොදම දේ. ඒත් කවුද ඒවා කරන්නේ කියලනේ ප්‍රශ්නේ.(නදී)
බන්දුල පෙරේරා මහත්මයා ඔබට ස්තුතියි. පම්පෝරි ගසන කිසිම දේශපාලකයෙකුට එවැනි සුදුසු වැඩ පිළිවලක් කරන්න බැරි මොකද කියල තාම හිතා ගන්න බැරි ඇයි.(නදී)
කොහේ ගිහින් මොනවා කලත් අර දිය යට ඔබන්න හදන රබර් බොලේ වගේ ඇත්ත මතු වෙනවා (දී)
මේ ක්‍රියාවලි නතර කරවන්න අමාරුයි. කලයුත්තේ ඔවුන්ගේ ක්‍රියාවලියන් සදහා එයට වඩා කීප ගුණයකින් වැඩි ප්‍රතිවිරුද්ද ප්‍රතිචාර දැක්වීමයි. වසර තිහක කොටි ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව බැට කාපු අයුරු කොටින්ගේ ම්ලේච්චත්වය එම කාලය තුල දෙමල ඩයස්පෝරාවගේ හැසිරීම කොටින්ගේ යුද අපරාධ වැලට ඔවුන් මුල්‍ය දායකත්වය සපයපු හැටි විශේෂයෙන් කොටි සංවිදානයේ දේශපාලන අංශය වන දෙමල සංවිදානයේ යුද්ධය අවසාන වීමට ප්‍රථම ක්‍රියාකාරකම් හා කොටින්ගේ අපරාධ ඔවුන් අනුමත කල අයුරු මෙන්ම අද දෙමල ජනතාව ජීවත් වන ආකාරය ඔවුන්ට ලැබී තිබෙන නිදහස රටේ සංවර්දනය සාමකාමිත්වය ගැන සවිස්තරව වාර්තා වැඩසටහන් නිපදවලා මුදල් ගෙවා හෝ පුර්ව ප්‍රචාර සහිතව මෙම නාලිකා වලම ප්‍රචාරය කරවිය යුතුයි .යුද්ධයකදී ඕනෑම දෙයක් සිදුවිය හැකි බව මානව හිමිකම් රැකගෙන යුද්ධ කරන්න බැරි බව අපිට වඩා හොදට මේ රටවල් වල මිනිස්සු දන්නවා. දෙමල ඡන්ද ටිකට ආත්මය පාවල දෙන දේශපාලකයෝ මොනවා කිව්වත් කලත් දෙමල ඩයස්පෝරාව බලවත් රටවල මිනිස්සු සත්‍යය වටහා ගනීවි. ඉක්මනින්න්ම ක්‍රමවත්ව මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කලොත්.මේ ප්‍රශ්නයට විසදුමක් ස්ථිරව ගන්නනම් දඩයක් කරුවාව දඩයම් කිරීම කල යුතුයි. මොන වියදම ගියත් එම ක්‍රියාවලිය ක්‍රියාත්මක කල යුතුයි.(නදී)
මේවා සංවිදනාත්මකව කරන වැඩ. රජය මෙයට සුදුසු වැඩ පිළිවෙලක් විදේශ අමාත්යංශය මගින් ක්‍රියාත්මක කල යුතුයි.(නධී)
මෙම වැඩසටහන සත්‍ය අසත්‍ය කරන ලද වැඩ සටහනකි. මහා පඩි වරයෙක් වසයෙන් පෙනීසිටින දයාන් ජයතිලක ඇතුළුව සිංහලයි කියන කුලීකරුවන් කිහිප දෙනෙක්ම අදහස් ප්‍රකාශ කළා.(නදී)
බල්ලෝ උඩ බිරුවට හඳ වැටෙයිද ? මට කොච්චර මරණ තර්ජන ආවද ඔය අයගෙන්.(නදී)
කුරේ මහත්තයට තානාපති කාර්යාලයේ ඉන්න පගා කාරයන්ට තාම මොකුත් කරන්ඩ පුළුවන් උනාද ? ඉතින් මොන කතාද පව්.(නදී)
කුරේ දැනුයි අවස්ථාව පෙන්නලා බලන්න ඔබේ වැඩ (අ)
කොහේ ගිහින් මොනවා කලත් ඇත්ත තත්වය හැමෝම දන්නවා (දී)