IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘චැනල් ෆොර්‘ ඉතාලියටත් යයි

ඉතාලියේ රායි ස්ටෝරියා රාජ්‍ය රූපවාහිනී නාළිකාව බදාදා (19) රාත්‍රී 10.45 සිට ශ්‍රී ලංකාවට එරෙහි වැඩසටහන් ප්‍රචාර කීරීම අරඹා ඇතැයි එරට ලාංකිකයෝ කියති.

‘චැනල් ෆෝර්‘ වීඩියෝව පෙන්වමින් ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩන බව එම නාළිකාව විකාශය කළ වැඩසටහන නැවත සෙනසුරාදා ද ප්‍රචාරය කිරීමට නියමිතය.

ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති බෙනට් කුරේ මහතා පැවසුවේ එම වැඩසටහන්හි සත්‍ය අසත්‍යතාවය සොයා බලා නිසි පියවර ගැනීමට ඉතාලි රජයෙන් ඉල්ලීමක් කරන බවයි.

මේ අතර ඉතාලියේ පලෙර්මෝ ඇතුළු නගර කිහිපයක කොටි හිතවාදීහු ශ්‍රී ලංකාවට එරෙහිව උද්ඝෝෂණ කිහිපයක් පැවැත්වූහ.



අදහස් (0)

‘චැනල් ෆොර්‘ ඉතාලියටත් යයි

දොන් රොෂාන් ද සොයිසා Friday, 21 March 2014 02:56 AM

බල්ලෝ උඩ බිරුවට හඳ වැටෙයිද ? මට කොච්චර මරණ තර්ජන ආවද ඔය අයගෙන්.(නදී)

:       0       0

ව. වින්සන්ට් Friday, 21 March 2014 05:07 AM

මෙම වැඩසටහන සත්‍ය අසත්‍ය කරන ලද වැඩ සටහනකි. මහා පඩි වරයෙක් වසයෙන් පෙනීසිටින දයාන් ජයතිලක ඇතුළුව සිංහලයි කියන කුලීකරුවන් කිහිප දෙනෙක්ම අදහස් ප්‍රකාශ කළා.(නදී)

:       0       0

මලක Friday, 21 March 2014 05:58 AM

මේවා සංවිදනාත්මකව කරන වැඩ. රජය මෙයට සුදුසු වැඩ පිළිවෙලක් විදේශ අමාත්යංශය මගින් ක්‍රියාත්මක කල යුතුයි.(නධී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 21 March 2014 06:21 AM

මේ ක්‍රියාවලි නතර කරවන්න අමාරුයි. කලයුත්තේ ඔවුන්ගේ ක්‍රියාවලියන් සදහා එයට වඩා කීප ගුණයකින් වැඩි ප්‍රතිවිරුද්ද ප්‍රතිචාර දැක්වීමයි. වසර තිහක කොටි ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව බැට කාපු අයුරු කොටින්ගේ ම්ලේච්චත්වය එම කාලය තුල දෙමල ඩයස්පෝරාවගේ හැසිරීම කොටින්ගේ යුද අපරාධ වැලට ඔවුන් මුල්‍ය දායකත්වය සපයපු හැටි විශේෂයෙන් කොටි සංවිදානයේ දේශපාලන අංශය වන දෙමල සංවිදානයේ යුද්ධය අවසාන වීමට ප්‍රථම ක්‍රියාකාරකම් හා කොටින්ගේ අපරාධ ඔවුන් අනුමත කල අයුරු මෙන්ම අද දෙමල ජනතාව ජීවත් වන ආකාරය ඔවුන්ට ලැබී තිබෙන නිදහස රටේ සංවර්දනය සාමකාමිත්වය ගැන සවිස්තරව වාර්තා වැඩසටහන් නිපදවලා මුදල් ගෙවා හෝ පුර්ව ප්‍රචාර සහිතව මෙම නාලිකා වලම ප්‍රචාරය කරවිය යුතුයි .යුද්ධයකදී ඕනෑම දෙයක් සිදුවිය හැකි බව මානව හිමිකම් රැකගෙන යුද්ධ කරන්න බැරි බව අපිට වඩා හොදට මේ රටවල් වල මිනිස්සු දන්නවා. දෙමල ඡන්ද ටිකට ආත්මය පාවල දෙන දේශපාලකයෝ මොනවා කිව්වත් කලත් දෙමල ඩයස්පෝරාව බලවත් රටවල මිනිස්සු සත්‍යය වටහා ගනීවි. ඉක්මනින්න්ම ක්‍රමවත්ව මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කලොත්.මේ ප්‍රශ්නයට විසදුමක් ස්ථිරව ගන්නනම් දඩයක් කරුවාව දඩයම් කිරීම කල යුතුයි. මොන වියදම ගියත් එම ක්‍රියාවලිය ක්‍රියාත්මක කල යුතුයි.(නදී)

:       0       0

රොකී Saturday, 22 March 2014 07:38 AM

අමීන්, ඉතාලියේ ඉන්න ලක් දරුවන්ට මෙහෙ අපේ රටේ කෙරුවාවල් පෙන්නේ අමුතු කන්නාඩියක් තුලින්. මේ අය අපේ රටට කරන්නේ බලවත් වරදක්. රට කියන්නේ පවතින ආණ්ඩුවක ප්‍රතිපත්ති නොවෙයි. මෙහෙ කෙරෙන අවනීති, අසාධාරනකම්, පගා ගැහිලි, කොමිස් ගැහිලි, මාධ්‍ය මුකවාඩම්, මානව අයිතීන් කඩකිරීම්, වගේ දේවල් ඔක්කොම `ඉතාලි දරුවෝ` අනුමත කරනවා වගෙයි. අනේ දරුවනේ උඹලා ඉතාලියෙම හිටපල්ලා.(නදී)

:       0       0

රොකී Friday, 21 March 2014 08:01 AM

සොයිසා මහත්තයෝ, ඔයා මේ විෂය ගැන විසේශඥයෙක් වගේ නේ. ඒකද ඔහේ ගේ වෘත්තීය? නරකද මැක්රේට විරුද්ධව නඩුවක් දැම්මා නම්.? දයාන් ජයතිලක වගේ අය කතා කරන්නේ නිකමටම නොවෙයි. අපේ මිනිස්සු වුනත් වැරදි කරලා තියනවා නම් සාක්කි ඇතුව ඔප්පු කරනවා නම් අපිට පිලි ගන්න වෙනවා. ඕවා බොරු කියලා නිකං පච පච් ගාන එකේ තේරුමක් නැහැ. අසත්‍ය නම් ඒ බව ඔප්පු කරනවා මිසක්.(නදී)

:       0       0

ලලිත්-එස්.එල් Friday, 21 March 2014 08:42 AM

බන්දුල පෙරේරා මහත්මයා ඔබට ස්තුතියි. පම්පෝරි ගසන කිසිම දේශපාලකයෙකුට එවැනි සුදුසු වැඩ පිළිවලක් කරන්න බැරි මොකද කියල තාම හිතා ගන්න බැරි ඇයි.(නදී)

:       0       0

චන්දි Friday, 21 March 2014 01:14 PM

බන්දුල සහෝදරයා කියපු දේ තමා කල යුතු හොදම දේ. ඒත් කවුද ඒවා කරන්නේ කියලනේ ප්‍රශ්නේ.(නදී)

:       0       0

දිල්කි පලෙර්මෝ Friday, 21 March 2014 03:53 PM

මෙවැනි අවස්ථාවලට තනිවමු මුහුණ දෙන්න බැහැ. සාර්ථක පිළිතුරක් දීමට නම් ශ්‍රී ලාංකිකයෝ සියළු දෙනා එක් විය යුතුයි.(නදී)

:       0       0

සුපුන් Friday, 21 March 2014 04:13 PM

වෙහෙර වටේ කෙරෙන්නේ පැරණි කාලේ තිබූ ගල් අල්ලන එකයි. විහාරාධිපති වහන්සේගේ කතාවේ ඒක කියනවා. එතනට ගිහිල්ලා තියෙන මිනිස්සුන්ට මේ වෙන්නේ මොකක්ද කියලා තේරෙනවා. සේරුවිල කොටින්ගෙන් බේරුනත් අපේම අය විනාස කරන්නද හදන්නේ.?මේකට ඉඩදීලා ඉන්න එපා.(නදී)

:       0       0

මදුශ Thursday, 20 March 2014 10:08 PM

කොහේ ගිහින් මොනවා කලත් අර දිය යට ඔබන්න හදන රබර් බොලේ වගේ ඇත්ත මතු වෙනවා (දී)

:       0       0

හේවාවිතරණ Friday, 21 March 2014 05:05 PM

ලංකාවෙ ඉන්න කයිවාරු ගහන කට්ටඩියන්ට පුළුවන්නේ කැලන් මැක්රේට හුනියමක් කරන්න හරි පිල්ලියක් අරින්න හරි.(නදී)

:       0       0

තිලාන් Thursday, 20 March 2014 10:08 PM

කොහේ ගිහින් මොනවා කලත් ඇත්ත තත්වය හැමෝම දන්නවා (දී)

:       0       0

ලලී Friday, 21 March 2014 05:31 PM

බන්දුල මහත්තයා හරි. ඔය චිත්‍රපටිය මුළු යුරෝපයේම පෙන්නුවා. මාත් ගියා බලන්න. හමුදාවේ දර්ශන චැනල් 4 එකට දුන්නේ කවුද? සිංහලෙන් කථා කරනවා හොදට ඇහෙනවා. මොබයිල් වලින් වීඩියෝ කරල තියෙන්නෙ. අපෙන් වැරදි වෙලා තියෙනවා. යුද්ධය වෙලාවේ මිනිස්සු මැරෙන එක සාධාරණයි. අල්ලගත්ත අය මරපු එක වැරදියි. අර බන්දුල මහත්තයා කියපු දේවල් කරන්න අද ඔලුවක් තියෙන මිනිස්සු නැහැ.(නදී)

:       0       0

අමිත් Friday, 21 March 2014 05:55 PM

ඉතාලියෙ සිටින ලක්දරුවනි, ඔබගේ ශක්තියත් ඹ්වට පෙන්වන්න.(නදී)

:       0       0

එදිරිසිංහ ඉන්දික Thursday, 20 March 2014 11:21 PM

කුරේ දැනුයි අවස්ථාව පෙන්නලා බලන්න ඔබේ වැඩ (අ)

:       0       0

සමන් Friday, 21 March 2014 12:30 AM

කුරේ මහත්තයට තානාපති කාර්යාලයේ ඉන්න පගා කාරයන්ට තාම මොකුත් කරන්ඩ පුළුවන් උනාද ?  ඉතින් මොන කතාද පව්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 127 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි


ඌව - සබරගමු ආණ්ඩුකාරවරුත් ඉල්ලා අස්වෙ
2024 සැප්තැම්බර් මස 23 72 0

ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 551 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 590 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 4686 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 1008 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21192 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20510 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site